නුවර දළදා වහන්සේගේ සැබෑ ඉතිහාසය මෙන්න…



මේ මුලු හෙළ බිමටම ලංකාව කියා අද හැඳින්වූවත් අතීතයේ ලංකාදීප කියා හැඳින්වූයේ එක් කොටසකට පමණයි කියා ඔබ දන්නවා ඇති.. සූර්ය වංශික රණබා රාවන රජුගේ හා සොයුරන්ගෙන් බිහිවූ යක්ක, නාග, කුම්භණ්ඩ ආදී ජන පරපුරකුයි එහි සිටියේ. සූර්ය වන්දනාව හා තම මීමුත්තන් ඇදහිම ඔවුන්ගේ ලක්ෂණයක් වුනා. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාපුර කොටසට අප හෙළයේ දඹදිව කොටසේ පිහිටි රජගහ නුවර සිට වැඩියා. එසේ වැඩම කොට රාජ්ය අනුග්‍රහය සහිතව බුදුදහම හඳුන්වා දී ආගමක් සේ පිහිටවූ පසු එම ලක්දිව දේශපාලන, සාමාජික, සංස්කෘතික ඉතිහාසයේ මහත් පෙරළියක් හා අභිවර්ධනයක් ඇතිවූවා.
එසේම අද අප වැඳුම් පිදුම් කරන නුවර සිරි දළදා වහන්සේ එම ලක්දිව රාජ්‍යට වැඩම වීමෙනුත් පසු විශාල වෙනසක් එහි සිදුවූවා යැයි කීවොත් නිවැරදියි. දළදා වහන්සේ ලක්දිවට වැඩමවූයේ ක‍්‍රි.ව. 310 වැන්නේ අනුරපුර කිත්සිරිමෙවන් රජු දවසය. එනම් බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 850කට පමණ පසුවයි. මේ වන විට හෙළයේ දඹදිව කොටසේ පිහිටි අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන්ට වඩා ලංකා රාජ්‍ය බලවත්ය. 

දැන් අප බලමු මේ දළදා ධාතු ඉතිහාසය දෙස.. දන්ත ධාතුන් වහන්සේගේ ආගමනය මහාවංශය, දාඨාවංශය, දළදා සිරිත වැනි මූලාශ‍්‍ර වල සඳහන් වේ.
අප බුදුරජාණන් වහන්සේ හෙළදිව පිහිටි කුසිනාරා නුවරදී පිරිනිවන් පෑමෙන් පසු එම ප්‍රවෘත්තිය දඹදිව පමණක්‌ නොව මුළු දිවයින පුරාම එදා පැතිර ගියේය. ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ධාතු කොටස් බෙදා ගැනීම සඳහා දේව හෙළ වැසියන්ද, බ්‍රහ්මචාරීන්ද, ශාක්‍යයන්, ක්‍ෂත්‍රියන්, කෝලීයන්, මල්ලවයන්, ලිච්ඡවීන් ආදීන්ද අතර ගැටුමක් ඇති වූහ. ඇත්තටම මීට හේතුව කුමක්ද?
 මුළු දිවයිනටම රජුන් වන සක්විති රජකෙනෙකුගේ හෝ බුදුවරයෙකුගේ භෂ්මාවශේෂ තබා ගන්නා ප්‍රාදේශීය රාජ්‍යයන් ප්‍රබලත්වයට පත්වන බව හෙළයන්ගේ විශ්වාසයකි. හෙළයේ භේදවී වෙන්වී තිබූ සියලු කුල ගොත් එක්සේසත් කල අප සීහළ වංශික නායකවූ ගෝතම නර සීහයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා ගන්නා රාජ්‍යයන් ප්‍රබල රාජ්‍යයක් වන බව ඔවුන් සියල්ලන්ම පිළිගත් නිසාත්, ධාතූන් ලඟ තබා ගැනීමෙන් එතුලින් විශේෂ විශ්ව කිරණ ශක්තියක් ලැබෙන බව දන්නා නිසාත්ය මෙම ධාතු බෙදා ගැනීමේ ගැටුමට හේතුව වූයේ.
කෙසේ හෝ මෙම ගැටුම සමනය වූයේ ද්‍රෝණ බමුණාගේ මැදිහත් වීමෙනි. ද්‍රෝණ බමුණා එම සිරි භෂ්මාවශේෂ නැලි අටකට සමානව බෙදා දීමෙන් පසු ගැටුම විසඳුණි.
 මෙසේ ශාරීරික ධාතු බෙදා දීමෙන් පසුව ඉතිරි වූ දන්ත සතරක්‌ බෙදා ගත් අයුරු මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්‌වේ. එක්‌ දළදාවක්‌ දේව හෙළයන් වෙතද, තවත් දළදාවක්‌ ගන්ධාර පුරයටද, තව දළදාවක්‌ නාග ගොත් රජවරු වෙතටද අනෙක කාලිංග රජුටද ලබාදී ඇත. අද අප නුවරදී වැඳුම් පිදුම් කරමින් වාර්ෂිකව දළදා පෙරහැර පවත්වමින් ගෞරවාහාර දක්‌වන්නේ එම කාලිංග රජු ලබාගත් දන්තධාතූන් වහන්සේටය.  

මහසෙන් රජු (274-301 ක්‍රි.ව) දවස කාලිංග පුරයේ ගුහසීව රජු සමග පැවතියේ දැඩි මිත්‍රත්වයෙකි. එකල කාලිංග පුරයේ පැවති මුස්‌ලිම් ආක්‍රමණ නිසා ගුහසීව රජ සිටියේ සතුරු සේනා කවර වේලාවක හෝ තම රාජ්‍යය ආක්‍රමණය කරාවිදෝ යන සැකයෙනි.
මේ අතර පාඨලීපුත්‍ර නගරයේ සිට පණ්‌ඩු නම් රජු ඇවෑමෙන් රජ වූ ඛීරධාර රජුගේ බෑණනුවන් කෙනෙකු විසින් ශී‍්‍ර දළදා වහන්සේ ඉල්ලා යළිත් වරක් යුධ අරඹන ලදී. ඛීරධාර නම් රජහුගේ ඇවෑමෙන් බලයට පත් ඔහුගේ බෑණ කුමරුවන් කළිගු පුරය වෙත පැමිණ කඳවුරු බැඳ දළදා වහන්සේ පාවා දෙන ලෙස හෝ යුධ පිණිස එන ලෙස හෝ දන්වා ගුහසීව රජු වෙත හසුන්පත් එවූහ. මේ නොකන්කලූ පුවත ඇසූ ගුහසීව රජු මාගේ දිවි තිබෙනතුරු අන් කෙනෙකුට දළදා වහන්සේ නොදෙමැයි කියා සේනා සමග යුධ පෙරමුණට යන්නට තීරණය කලා.

මෙම තත්ත්වය සිය අමාත්‍ය මණ්‌ඩලය ද සමග සාකච්ඡා කළ රජු සියලු දෙනාගේම අනුමැතිය ඇතිව දළදාව ආරක්‌ෂාව සඳහා ලංකා පුරයට යැවිය යුතු යෑයි තීරණය කළේය. නමුත් දළදාව ලංකාපුරයට යවන්නේ කෙසේද, එහි ආරක්‌ෂාව සපයන්නේ කෙසේද, කවුරුන් භාරයේ යවන්නේද, එයට සුදුසු අය කවුරුන්ද යන ප්‍රශ්න රාශියකට රජතුමාට පිළිතුරු සැපයීමට සිදු විය. රජතුමා ඒ සඳහා සුදුසු යැයි හැඟුණු පිරිසක්‌ මාලිගයට කැඳවා ඒ අතරින් මෞරිය වංශික කුමාරයෙකු තෝරා ගන්නා ලදුව ඔහුට තම දූ කුමරිය පාවා දුන්නාය.
පසුව ඇඟිල්ලක තරම වූ මඳක්‌ වක්‍රාකාර රන් කරඬුවක්‌ සාදවා දන්ත ධාතුව එය තුළට දමා ආරක්‌ෂිතව වසා දැමුවේය. ඉන්පසුව තම දුවගේ කේශ කලාපයෙහි කරඬුව ඔතා සඟවා තබා අනතුරක්‌ නොවන පරිදි තහවුරු කොටගෙන ගමනෙහි යෙදෙන පිරිස නැවකට නංවා හැරීමට කටයුතු කලා.. යුධ බිමේදී තම පියාණන් වන ගුහසීව රජු මියගිය පුවත ඇසූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙස් ගෙන ලක්දිව බලා ගමන් ඇරඹූහ.

මහරගිරාම (ත්‍රීකුණාමක) වරායෙන් පිටත්වූ මෙම පිරිස රැගත් රුවල් නැව රුහුණේ එකල තිබූ විශාල වරායක්‌ වූ වාලුකාතීර්ථ නම් වරායට ගොඩ වැදුණේය.
එම පිරිස මෙම ස්‌ථානයේ වූ චමත්කාර දර්ශනීය පරිසරයෙහි සිරි විඳ ගැනීම පිණිස එම තොටුපළින් වැල්ලට ගොඩ බැස ඇත. මෙම ස්‌ථානයට කීරවාලුකා යෑයි නම් කළේය. කුමාරිය සහ කුමරා සමඟ පැමිණි පිරිස මෙහි වාසය කර ඇත. පසුව මෙම ප්‍රදේශය වැලිතර හා බ්‍රහ්මණවත්ත විය. දළදාව සමඟ පැමිණි බ්‍රාහ්මණ පිරිස පදිංචි වූ ස්‌ථානය බ්‍රාහ්මණවත්තය.
දිය නෑමට ද සිත් වී කුමරියගේ කේශ කලාපයෙහි සඟවා තිබූ ධාතු කරඬුව එහි ඕවිටි බිමක සඟවා තබා දිය නෑමට වන්හ. දිය නෑමෙන් පසු ගොඩට පැමිණි පිරිසට සඟවා තැබූ ධාතු කරඬුව එම ස්‌ථානයෙහි නැති බව පෙනී ගියේය. මහත් ශබ්ද නගමින් හඬමින් වැල්ලේ එහෙ මෙහ දුවන පිරිස දුටු දේව හෙළයෙක් එහි පැමිණ කරුණු විමසුවා. එහිදී මහත් සමාධි බලැති මහතෙරුන් වහන්සේ නමක්‌ එතැනට කැඳවීය. එම මහතෙරුන් වහන්සේ විසින් ධාතු කරඬුව නැවත සොයාදෙන ලදී. 

මෙම ධාතූන් සැඟවූ වැල්ලට මරදන්වැල්ල යෑයි කියති. දන්තධාතු කරඬුවට වූයේ කුමක්‌ද? මෙම ස්‌ථානයට කිට්‌ටුව ඇති දූපතක සිටි නාග ගෝත්‍රිකයෙකු විසින් දළදාව සඟවන ලදී. එම පෙදෙසෙහි ශ්‍රී මහා බෝධි අංකුරයක්‌ද ඇත. මෙම දූවෙහිදී දන්තධාතුවට නැවත අනතුරක්‌ වේ යෑයි සිතා කොතක්‌ ඉදිකර කරඬුව එහි තබන ලදී. එම දූව එතැන් පටන් කොත්දූව විය. ධාතු කරඬුව වැලලූ ඕවිට වැලිඕවිට යෑයි කියා පසුව වැලලූ කෝරළය විය. අද වැලලූවිට කෝරළය වල්ලාවිට කෝරළය නමින් ප්‍රසිද්ධය. මෙසේ ක්‍රි.ව. 305 දී කිත්සිරිමෙවන් රජුට භාර දෙන තෙක්‌ දළදාව මෙම කොත්දූවෙහි තිබී ඇත. දළදාව හේමමාලි හා දන්ත කුමරු ඇතුළු දූත පිරිස සමඟ ලංකා පටුනට ගෙනෙන ලද්දේ මින් පසුවය. සියලූ උවදුරින් මිදී එක්තරා බමුණකුගෙන් මගතොට විමසා දැන ආගන්තුක සංග‍්‍රහ විඳ දළදා වැඩමවා අනුරපුර ආසන්නයේ මේඝ ගිරි නම් විහාරයට ඔවුහු පැමිණියහ.
මහසෙන් රජතුමා වෛතුල්‍යවාදය වැළඳගෙන බෞද්ධ සිද්ධස්‌ථානවලට හා මහා සංඝයා වහන්සේට නොයෙක්‌ හිංසා පීඩා කරමින් සිට මියගිය බැවින් මේ වන විට ලංකාවේ රජ කළේ එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ කිත්සිරි මෙවන්ය. කිත්සිරිමෙවන් රජතුමා ධාතු කරඬුව වාර්ෂිකව අභයගිරි විහාරයට වඩමවා නව ලක්‌ෂයක්‌ ධනය වියදම් කරවා පෙරහැර පැවැත්වූ බව වංශකතාවල සඳහන්ය. රජතුමා විසින් ඇරැඹි දළදා පෙරහැර අද දක්‌වාම අවුරුදු දහස්‌ ගණනක්‌ නොකඩවා කරගෙන යනු ලැබේ. 

කිත්සිරි මෙවන් රජතුමා හා දළදාවෙහි බැඳීම කොපමණද යත් දළදාවේ භාරකරු රටේ රජු වශයෙන් පිළිගැනීමට ලක්‌විය. පස්‌වන මහින්ද (ක්‍රි.ව. 982-1029) සමයෙහි චෝලයන් කළ මෙරට ආක්‍රමණයකදී මහින්දගේ දෑස්‌ද ගලවා දමා දළදාව රුහුණට පැහැරගෙන යන ලදී. දළදාවේ භාරකාරත්වය නොදැරූ කිසිවෙකු රටේ රජ වශයෙන් පිළිනොගැනිණි. අනුරාධපුර රාජධානි සමයෙහි එහි තිබූ දළදාව පොළොන්නරු රාජධානිය ඇරැඹූ පසු පොළොන්නරුවට ගෙන යන ලදී. මහා පරාක්‍රමබාහු යුගයේදී එහි තිබූ දළදාව රැගෙන සුගලා දේවිය පලා ගියෙන් ඇය නූතන මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඇතිමලේදී අල්ලා ගන්නා ලදුව දළදාව ද ආපසු රැගෙන පොළොන්නරුවේ දළදා මාලිගයක නැවත තැන්පත් කරන ලදී. පොළොන්නරුව රාජ්‍යය බිඳ වැටෙන විට දළදාව රහසිගතව තැන්පත් කර තැබුයේ කොත්මලේ සුපුල්පිටිය විහාරයේය. 

තුන්වන විජයබාහු දඹදෙනි රාජ්‍ය ආරම්භ කළ පසු සුපුල්පිටියේ විහාරයේ තිබූ දළදාව බෙලිගල මාලිගයක තැන්පත් කර පසුව උත්සවශ්‍රීයෙන් දඹදෙණිය කරා ගෙන යන ලදී. එතැනින් පළමුවන බුවනෙකබාහු යාපහුවටද පසුව දඹදෙණිය සුන්දරගිරි විහාරයේද දළදාව තබා තිබුණේය. දෙවන බුවනෙකබාහු දළදාව කුරුණෑගල දළදා මාලිගයෙහි එය තැන්පත් කළේය. විජයබාහුගේ සොයුරු හතරවෙනි බුවනෙකබාහු දළදාව ගම්පොල විගුලවත්ත විහාරයට ගෙන ගියේය.
වන්නිබුවනෙකබාහු නොහොත් තුන්වන බුවනෙකබාහුගේ නමින්ද හඳුන්වන දුම්බර මැණික්‌තිලක වන්නි උන්නැහේගේ මුණුබුරා වූ වීර අලකේශ්වර කෝට්‌ටේ රාජධානිය පවුරු පදනම් ශක්‌තිමත් කොටගෙන සිය යටතට ගත්තේය. කෝට්‌ටේ රජ කළ හත්වෙනි බුවනෙකබාහු රජ දක්‌වා දළදාව කෝට්‌ටේ දළදා මාලිගයක තබා තිබිණි. එවිට බුවනෙකබාහු රජු දුටු සිහිනයකින් කියවී ඇත්තේ "කෝට්‌ටේ කළාලෙ ඉල්ලේ දත මැද ගන් මහරජ" යන්නයි. මේ පිළිබඳ විමසූ විට රජතුමාට දැනගත හැකි වූයේ කෝට්‌ටේ දන්තධාතුව අනතුරේ, එබැවින් එය රට මැදට ගන්න යෑයි අවවාදයක්‌ බවයි.

 රජතුමා ධර්මපාල රජුගේ පියා වූ වීදිය බණ්‌ඩාරට මේ බව දැනුම් දී දළදාව ඉවතට ගෙන යන ලෙස අණ කළත් රජතුමා සිය මාලිගය තුළදීම ඊතලයකින් විද මරා දැමූ බැවින් මෙම විධානය ඉටු නොවීය. වීදියබණ්‌ඩාර ධාතු කරඬුව සිය බඳ පටියේ සඟවා තබාගෙන සිටියේය. වර්ෂ 1552 දී වීදිය බණ්‌ඩාර පෘතුගීසීන් විසින් අල්ලා හිරකර තබන ලදී. වීදිය බණ්‌ඩාරගේ බිසව සමුද්‍රදේවිය 1553 දී සිරගෙය කඩා වීදියබණ්‌ඩාර එළියට ගන්නා විටත් දන්තධාතුව ඔහු සන්තකයේ තිබිණි. වීදිය බණ්‌ඩාර කෝට්‌ටේ සිට මාතර දක්‌වා කතෝලික පල්ලි ගිනි තබා පූජකවරුන් මරා දැමීමේ ක්‍රියාන්විතයට එළඹීමට පෙර තමා සතුව තිබූ දළදාව ඉහත කී කොත්දූවෙහි තබා ගියේය.
 රටේ පැවති මෙම අවුල් සහගත තත්ත්වයේදී දළදා වහන්සේ සබරගමුවේ දෙල්ගමු විහාරයේ ඇඹරුම් ගලක්‌ යට සඟවා තැබුයේ ගලඋඩ තෙරුන්නාන්සේ හා හිරිපිටියේ දිවානරාලය. මෙසේ දෙනගමුව විහාරය තෝරාගෙන ඇත්තේ එහි ඇති චෛත්‍යය මලියදේව මහරහතන් වහන්සේගේද ධාතු නිදන් කොට ඇති බැවින් හා තවද මලියදේව රහතන් වහන්සේගේ ඥතීන් එම ප්‍රදේශයේ බැවිනි.

සබරගමුවේ තිබූ ධාතූන් වහන්සේ විමලධර්මසූරිය රජු විසින් සෙංකඩගලට වඩමවා ගෙන එන ලදී. විටින් විට පැමිණි සතුරු ආක්‍රමණයන් නිසා දළදාව මුල්ගිරිගල, රිදී විහාරය, දෙනගමුව, කිවුල්ගම, කිතුල්පෙ, හඟුරන්කෙත, මැද මහනුවර ආදී ස්‌ථානවලද තබා ඇත. දළදාව නිසා අපේ භාෂා සාහිත්‍යය පෝෂණය වූයේ ඒ පිළිබඳව ලියවී ඇති විවිධ ග්‍රන්ථ නිසාය. ධාතුවංශ, දළදා සිරිත, දළදා පූජාවලිය, දළදා වංශය, දළදා වතුර, දළදා හටන ඉන් සමහරක්‌ ය. දාඨා ධාතු චරිත්ත නම් දළදා වැඳීමේදී අනුගමනය කළ යුතු චාරිත්‍ර තිස්‌ අටක්‌ ඇතුළු පාලි ග්‍රන්ථයක්‌ හතරවන පරාක්‍රමබාහු විසින් ලියා ඇත.
දළදාව නිසා අපේ වාස්‌තු විද්‍යාවටද අමුතු ගොඩනැඟිලි ක්‍රමවේද එක්‌ව ඇත. වටදාගේ අටදාගේ හැටදාගේ යාපහුව දළදා මාළිගය ආදී වාස්‌තු විද්‍යාත්මක ඉදිකරීම් එවැනි ගණයට අයත්ය. අලුත් සහල් මංගල්‍ය, නේත්‍ර මංගල්‍ය ආදී චාරිත්‍ර වාරිත්‍ර විධි අපේ සමාජයට හුරු විය. දළදාව තැනින් තැනට ගෙන යැමේදී එම ප්‍රදේශවලටද මෙම විවිධ චාරිත්‍ර හා වාරිත්‍ර ද ව්‍යාප්ත විය. මෙපමණක්‌ නොව අපේ කලා ශිල්ප කෙරෙහි ද අති විශාල බලපෑමක්‌ ඇති විය. බෙර දවුල් තම්මැට්‌ටම් ආදී තූර්ය භාණ්‌ඩ ද අපේ සංස්‌කෘතිය හා කලා මංගල්‍යවලට එක්‌ විය. 

මෙම චාරිත්‍රය සිරිමා බෝ අනුර පුරට ගෙන ආ දවස පටන්ම ලක් සංස්‌කෘතියට එක්‌ විය. එය ජනවංශය පොතෙහි මෙසේ සඳහන් වේ. "ජය මහ බෝධීන් වහ්නසේ සමඟ ආතොඡ්ජවාද්‍ය කුල ජ්‍යෙෂ්ඨයෙකු නිල කොට තොපි මේ වාද්‍යයන් සමග ලක්‌දිවට ගොස්‌ ජයමහ බෝධියට තුන් වේලේ වාද්‍යකර හෙවත් හේවිසි කරුවයි, භේරීවාද්‍ය අමාත්‍යයෙකු සමග ලක්‌ දිවට එවා" ආදි වශයෙනි. මෙම සිරි දළදාව නිසා සිංහල රටේ භාෂාවට සාහිත්‍යයට සංස්‌කෘතිය ආදියට සිදුව ඇති මෙහෙය අති විශාලය..

ඉන්දියාවේ ධාතූන් වහන්සේලා නොමැති අතර මේ සත්‍ය නොදත් අප රටවැසි බොහෝ බෞද්ධ පිරිසක් ඔවුන්ට මුලාවී එරට ධාතු වන්දනාවක් කරයි. මෙවැනි තත්වයන් නිසා තමයි බුදුරදුන්ගේ නියම සත්‍ය ඉතිහාසය දැනගත යුතුයි කියා අප නිරන්තරයෙන්ම බෞද්ධයින්ව දැනුවත් කලයුතු වන්නේ.. නොමැතිනම් ඔවුන්ගේ මුදලුත් පිණත් දෙකම අහක යන්නට ඉඩ ඇත.. බෞද්ධයා නම් බුද්ධිමත් විය යුතුය. සියලු බෞද්ධයෝ බුද්ධිය යොමා බලත්වා..
අනේ වගකිව යුත්තනේ..අනේ හාමුදුරුවරුනේ.. අනේ මහත්තුරුනේ.. අපේ මේ අහිංසක උපාසක අම්මලාටයි, උපාසක මහත්තුරුන්ටයි ඉන්දියාවේ බුදුන්ගේ ධාතු කියා බොරු දේවල් පෙන්නා ඔවුන්ව රවට්ටා ඒවාට වන්දවන්න එපා.. පිං සිද්ධවෙයි අපේ බුදුහාමුදුරුවන්ට නිගා කරන්නට එපා.. නැවත නැවතත් ඉතිහාසය හරියට හොයල බලලා සත්‍ය මතු කර පෙන්වත්වා...
 බුදුරජුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා හෙළදිව වැඩ හිඳිනා ස්ථාන.
මහනුවර - වම් දන්ත ධාතුව,  සෝමාවතිය - දකුණු දන්ත ධාතුව
තිරියාය - කේෂ ධාතු ,   ත්‍රීකුණාමලය - පාද ධාතුව
මහියංගනය - කේෂ ධාතු ,  සේරුවාවිල - ලලාට ධාතු
සේරුවාවිල - කේෂ ධාතු  ,  මරදන්කඩවල - වම් නිය ධාතුව
රුවන්වැලිසෑය - සර්වඤ ධාතූන් ,  මිරිසවැටිය - සර්වඤ ධාතූන්
මිහින්තලේ - ඌර්ණ රෝම ධාතූව , බුද්ධංගල - සර්වඤ ධාතූන්
රම්බා විහාරය - පාත්‍ර ධාතුව, සර්වඤ ධාතූන්
ථූපාරාමය - දකුණු අකුධාතුව, සර්වඤ ධාතූන්
දීඝවාපිය - නිය ධාතුව, කේෂ ධාතු
තිස්සමහාරාමය - නලල් ධාතුව
හෙළදිව පවතින බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...
ඔබ සියලු දෙනාටම දළදා සමිඳු පිහිට ලැබේවා...
සියලු බෞද්ධයින්ම කියවා බලන්නට ලිපිය ශෙයා කර පිං සිදුකරගන්න…

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive