සිතන්නට බොහෝ දේ..?

බුද්ධ පරිණිර්වානයෙන් අවුරුදු 275කට පමන පසුව අශෝක කෙනෙක් ඉන්දියාවේ බිහිවෙනවාලු.. ඔහුට සාමණේර හිමි නමක් මුල්ම වරට හමු වෙන්නේ කාලිංග යුද්ධයත් ඉවර වුනාට පසුයි. ඒ කාවේරි නිදිය අසබඩදීයි.
ඊට කලින් ඔය අශෝක රජුට අරහතුන් වහන්සේ නමක් තියා වෙන උපසම්පදා භික්ෂුවක්වත් හමු වෙලා නෑනේ එම ඉතිහාසය කියන විදියට?
ඉතින් ඒ කියන්නේ ඉන්දියාවේ බුදුදහම අවුරුදු 250ක් වත් තිබිල නෑ කියල නේද?
ඒත් කියනව බුදුන් ඉපදුනෙත්, වැඩ හිටියෙත් ඉන්දියාවෙලු? එහෙන්ලු අශෝක තමන්ගේ පුතු අතේ බුදුදහම ලංකාවට එව්වේ?
එතකොට මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවේ හිටි අරහතුන් වහන්සේ නමක් නම් කාගෙන් බණ අහලද අරහත් වුනේ?
පුදුම කතාවක්නේ මේක?
ඒත් ඉවර නෑ තවත් පුදුම හා‍ස්ය දේවල් තියෙනවා..
ඒ අශෝක රජු වෙහෙර විහාර දිගට හරහට හැදෙව්වලු ඉන්දියාවේ.. එතකොට කෝ අර බුද්ධකාලයේ රජවරු හදල පූජා කරපු විහාර ආරාම???
එකපාරටම මොකද පන්සල එහෙට ඕනි වුනේ?
ඉන්දියාවෙන් ලංකාවට බුදු දහම අරගෙන ඒම කෙසේ වෙතත් හෙළදිවෙන් ඉන්දියාවට නම් බුදු දහම ගිහින් තියෙන බව මොළයක් තියෙන අයට හොඳටම පේනවා...
ඊට පස්සේ තව අවුරුදු 500ක් විතර පහු වෙනකොට ඉන්දියාවෙන් බුද්ධඝෝෂ, මහානාම වගේ හිමිවරු කියන අය එනවලු ලංකාවට.. ඒ එන්නේ අපේ තිබුණු හෙළ පොත් පාලියට හරවන්නලු.?
තවත් ටික දවසක් යනකොට එයල ලියපු අටුවා පොතුයි, ඉතිහාස පොතුයි ඉතුරු වෙලා අපේ පොත් ටික අතුරුදහන් වෙනවලු... මේක කුමන්ත්‍රණයක්ද? එහෙම නැත්නම් වෙන අහවල් එකක්ද?
මේ ඉතිහාස ගැටලුව හරියට ලිහා ගන්න බැරුව කොහොමද දහම් ගැටලු ලිහා ගන්නේ..?
අනික බුදුවරයෙකුට තමන් වහන්සේ උපන් රටේ අවුරුදු 500ක් වත් රැකෙන විදියට ශාසනය පිහිටුවන්න බෑ කියලද පණ්ඩිතයො කියන්නේ??? එතකොට 5000ක් කල් පවතින්නේ අල්ලපු රටේද?
අනික බුදුරදුන්ට තෙවරක් ලංකවට වැඩලත් පිහිටවන්න බැරි වුනු බුදු දහම මිහිඳු හිමියන් එක පාරෙන්ම කළා කියලද ඔය කියන්න හදන්නේ???
නිකම් විහිළු කතා කියල බුදු දහමට නිගරු කරන්න එපා.. බුදුපියාණන් වැඩ හිටියේ මේ අපේම හෙළ රටේ බව බුද්ධිමත්ව තේරුම් ගනිත්වා...




අපේ බුදුන් වහන්සේ කියල ඉන්දියාවේ ජෛන මහාවීර බුද්ධට වන්ඳවන ඇතැම් පිරිස් දැන් බොහෝම කළබල වෙලා.. නියම ඇත්ත එළිවෙනකොට ඒක සමහර අසපු ආරාමාදිය පවත්වාගෙන යාමට ප්‍රබල තර්ජනයක් වෙලා.. ඉතින් නොයෙක් ආකාරයේ දර්ම ව්‍යාපර කරගෙන යන ඒ පිරිස් දැන් තම අනුගාමිකයින්ව ධර්මයෙන් කොටු කර බැඳ තබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගෙන යනවා..
''බුදුන් වහන්සේ ඉන්දියාවේ සිටි බව මම මේ හරියටම දැකලමයි කියන්නේ'' කියා ඔවුන් පිංවතුන්ව මුළා කරනවා..
බුදුන්වහන්සේ හිටියේ හෙළදිව කීවොත් ආර්ය උපවාදත් වෙනවලු.. 'ඕවා සෙල්ලම් වැඩ නෙවෙයි'ලු.. බොරු කිව්වොත් සම්පූර්ණයෙන්ම බෞද්ධ කමත් හිස්ලු..
බුදුන් ලංකාවේ කියල බොරු කිව්වොත් අපායෙත් යනවලු.. එතකොට ඉන්දියාවේ කියල බොරු කිව්වොත් කොහේද යන්නේ??? කොහොම හරි ලස්සනට පිංවතුන්ව කොටු කරනවා.. බුදුන් ලංකාවේ කියල කියවුනා නම් සමාවත් ගන්නලු...
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙනුත් කරුණු කියනවා.. අපිට බොරු කියන්න එපා කියන අයම ගල් පැලෙන බොරු දෙසනවා.. ඔවුන් සාක්කිත් පෙන්වා දෙනවා..
දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා තියෙන්නේ, නාලාගිරි ඇත් රජාට රා පොවලා එවලා තියෙන්නේ, පටාචාරා දුවගෙන ඇවිත් තියෙන්නේ ඔකොම ඉන්දියාවෙමලු..
අනේපිඩුසිටුතුමා, රජගහනුවර සිටුතුමා, විශාඛා, විරූඩභ වගේම ශිව, විශ්ණු, කාලි, දුර්ගා, ගනේෂ් වගේ මේ ඔක්කොමත් ඉන්දියන්ස්ලාලු..
ඉතින් ඉතිහාසය පැත්තකට දාලා මෙහෙම සාක්කිත් එක්ක කරුණු පෙන්නද්දී අපට මේ දෙවි වරුන්ගෙන්ම තමයි අහන්න වෙන්නේ මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා..
කොහොම හරි ලස්සනට පිංවතුන්ව කොටු කරනවා.. බුදුන් ලංකාවේ කියල කියවුනා නම් සමාවත් ගන්නලු...
බුදුන්වහන්සේ වැඩහිටියේ හෙළදිව කීවොත් ආර්ය උපවාද වෙනවලු..?
ලංකාවේ කියල බොරු කිව්වොත් සම්පූර්ණයෙන්ම බෞද්ධ කමත් හිස්ලු..?
සතර අපායෙත් යනවලු..?
එතකොට බුදුන් ඉන්දියාවේ කියල බොරු කිව්වොත් කොහේද යන්නේ???



 

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive