සිව්හෙළය, දඹදිව හා ලංකාපුරය


සිව්හෙළය හා හෙළ යන වචන ලක්දිව වැසියන් හඳුන්වන්නේ ඈත අතීතයේ සිටය. මෙම සිව්හෙළය යන වචනයේ අර්ථය විවිධ ආකාරයෙන් දැක්වීය. මෙයට හේතුව වී ඇත්තේ හෙළ අටුවා ටීකා විනාශ  කිරීම බව පෙනේ. සමහරෙකුගේ මතය වන්නේ 'හෙළය' යනු පල්ලම හෝ ප්‍රපාතය යන්නයි. තවත් මතයක් වන්නේ සමනල කන්ද මහා ගංගා හතරින් හෙළ හතරක් සෑදුන නිසා සිව්හෙළය වූ බවයි.
 (සිව්හෙළය යන වචනයෙන් සිංහලය ඇති විය. සිංහලය යනු සිංහබාහුගේ සිංහ රුධිරය හෝ පණ්ඩුකාභය රජු සිංහයන් මැරීම නිසා ඇති වූ සිංහ ලේ යන්න නොවෙයි).
දැනට අවුරුදු 2550කට උඩදී අප සිටින මේ ශ්‍රී ලංකාවේ බුදුරජුන් වැඩ සිටියේය. උන් වහන්සේ සිටි සමයේ මේ මුලු රටම සිව්හෙළය නමින් ව්‍යවහාර විය. කෙසේ හෝ මේ හෙළදිව දීප හතරකට බෙදා උතුරුකුරු දීපය, ජම්බුද්දීපය, අපරගෝයානය හා පූර්ව විදේහය යන නම් වලින් මේ රටේම ජනයා සිවු හෙළය ලෙසින් භාවිතා කළහ.
හි ප්‍රධාන වශයෙන් දේව, යක්, ගාන්ධර්ව, කුමභාණ්ඩනාග නමින් ජන කොටස්  5ක් වූහ. සිදුහත් කුමරු ඉපදුනේ මෙහි ජම්බුද්දීපය හා දේව හෙළ කොටසේය..
එදා මේ සිව්හෙළය දේව, යක් (ගාන්ධර්ව යනු ද යක්ඛ හෙළයටම අයිති කොටසකි), කුමභාණ්ඩනාග ආදී ජාති වශයෙන් විග්‍රහ කෙරිණ. ආටානාටිය සූත්‍රයේ ඒ බව මණාව සඳහන් වේ.
දේව, යක්, කුමභාණ්ඩ, නාග  යන මේ කුල ගෝත්‍ර වල අය අපේ මුතුන් මිත්තන්මය. මනුස්ස ජාතීන් හැඳින්වූ නාමයන්ය. එසේ නැතිව බොහෝ දෙනා සිතන් ඉන්න විදියට දෙවියන්, රාක්ෂයින්, යක්න්, නයින් නොවේ.
   එවකට සිටි සතරවරම් රජවරු  (විරූඪ, විරූපාක්ෂ, ධෘතරාෂ්ඨ, වෙසමුණි) හෙවත් පාළකයන් හතරදෙනෙකු නියෝජනය කරන ලද්දේ මේ කුම්භාණ්ඩ, නාග, ගාන්ධර්වයක්ඛ  යන ජන කොටස් සතරයි. මෙම සතරෙහිම බළවත් හා ප්‍රධාන නායකයා වෙසමුණි හෙවත් වෛශ්‍රවණ රජුයි. ඔහු යක්ඛ හෙළයේ නායකයා නිසා යක්කුන්ගේ නායකයා කියා අදටත් මිනිසුන් කියනව. වෛශ්‍රවණ රජුගේ අග නගරය සශ්‍රීක, දියුණු අලංකාර නගරයකි. ලංකාපුර කියා කීවේද එයටමය. මේ සෞභාග්‍යයෙන් සපිරි උතුරුකුරු දිවයිනයි.
ජම්බුද්දීපයෙන් වෙන්වූ සමස්ත අසුර රාජධානියටම පසුකාලීනව යක්ඛ හෙළය කියාද ව්‍යවහාර විය.

මනුස්සයන්න්ට සමහර තැනකදී අසුර කියාද කියන බව දැන් ඔබ හොඳින් දන්නවා.. ඇත්ත වශයෙන්ම කියනවනම් මනුස්ස කියා එදා කීවේ ජම්ඹුද්වීපයේ සිටි දේව(සුර) නොවන කොටසටයි. ඔවුන් සුර නොවන නිසා අසුර මනුස්සයන් විය. හරිම දේව හෙළ කොටස තිබුනේ තව්තිසාව තිබුන ප්‍රදේශයේයි. ඉන් පහළ කොටසටයි ජම්බුද්වීපය කියා කීම වඩාත් සුදුසු වනුයේ. 
ජම්බුද්වීපය තුල ප්‍රධාන මහ රාජ්‍යයන් 4 ක් සහ මහ රජවරුන් සතර දෙනෙක් එහි සිටියා. එහි මගධ, කෝසල, කපිලවස්තු ආදී වශයෙන් ප්‍රධාන ජනපද විය. ඒවා පාලනයට වෙන වෙනම රජවරුද විය. මගධය හා කෝසලය එහි බලවත් රාජධානි දෙකක් වන අතර බිම්බිසාර හා පසේනදී(ප්‍රසන්නජිත්) එහි නායකයන්ය. සුද්දෝදන රජු කපිලවස්තු පුර නායකයි.

තව්තිසාවෙන් පහළ ජම්බුද්වීප කොටසේ සිටි මේ සියලු දෙනාටම කීවේ මනුස්ස(අසුර) කියාය. එවිට අනෙක් හෙළ වල සිටි යක්ක, නාග, කුම්භණ්ඩ ආදීන්ට කීවේ අමනුස්ස(මනුස්ස නොවන) අය කියාය. ඔවුන්ද (අමනුස්ස) අසුරයන්ය.  
මීට අමතරව දේව හෙළය වෙනම පිහිටියේය. මෙම දේව හෙළයද සශ්‍රීක, දියුණු, ගුණයහපත්, බුද්දිමත් මිනිසුන් සිටි හෙළයයි.  මේ දේව හෙළයේ ප්‍රධාන රජු 'සක්කස්ස දේවා' (සක්‍ර දෙවි ) නම් විය. සක්‍ර දෙවියන්ගේ රියදුරු මාතලී දෙවි පුතුය.
සුර ලොව කියා කීවෙද මේ දේව හෙළයටමයි. එහි සිටි කාන්තාවන් සුරඟනන්ය හෙවත් සුරංගනාවියන්ය. යක් හෙළයේ නායකයින් හා එහි මිනිස්සුන්ට යක් කීවා වගේම දේව හෙළයේ නායකයින් හා එහි මිනිස්සුන්ට කීවේ දෙවි කියාය. (මෙතන කියන්නේ දිව්ය ලෝක හයේ සිටින දෙවියන් ගැන නොවේ)

(මෙම පහත කොටස රාවන සොයුරන්ගෙන් උපුටාගත් කොටසකි)"සිංහලේ නිර්මාණය කරමින් සිව්හෙලයන් එක්කළ ඒ උතුමානන් කවුද? කලබළ නැතිව ඉන්දියානුවොයි ජර්මානුවොයි ලියල දීපු ඉතිහාසෙන් ඔබ්බට ගිහින් නිරවුල් මනසින් හොයල බලන්න... එහි නිර්මාතෘ කවුරුන්දැයි ඔබ හරියටම දන්නවානම් මීටත් වඩා මේ රටට ජාතියට ආදරය කරන්නට ඔබ ස්ථිරවම නැඹුරුවනු ඇත.
ප්‍රාදේශීය රාජ්‍ය පාලනයකින් සැදි පුරාණ ලක්දිවෙහි යම් පාළකයෙකු මුලු ලක්දිවෙහිම පාළනය අත්පත් කර ගත්තේනම් අතීතයේ ඔහුව හැඳින්වූයේ සක්විති නාමයෙනි.
මහාසම්මත මනු පරපුරෙන් ඇරඹී පැවත ආ රාවණ නම් සක්විති රජතුමෙක්ද අදින් ආසන්න වසර 5000කට පමණ පෙර මෙහි හුන්නේය.
අදින් වසර 2600කට පමණ පෙර මේ දිවයිනේ සිව්හෙළයේ සක්විති තනතුර සඳහා අරගලයක් ඇතිවූහ.
ඒ අසුර වංශිකයන් හා සුර පාර්ශවයේ කෝලිය වංශිකයන් අතරය. රාවණ පරපුරෙන් පැවත එන ශාක්‍ය හෙවත් සූර්‍ය වංශික සුද්ධෝදන නම්වූ ප්‍රාදේශීය රජෙකු දේව හෙළයේ හෙවත් ජම්බුද්වීපයේ විය. මේ ශාක්‍යවංශික සුද්ධෝදන රජුගේ පාලන ප්‍රදේශය කපිලවස්තු පුරයයි.
කලක් පටන් මේ අසුර ශාක්‍ය වංශිකයන් හා සුර පාර්ශවයේ කෝලීය වංශිකයන් අතර නිතර යුධ ගැටුම් ඇතිවිය. දෙපැත්තටම සමාන බළයක් විය.
මෙහිදී සුද්ධෝදන රජතුමා තම ශාක්‍යවංශික මානය බිඳදමා අපූරු සූක්ෂම තීරණයක් ගත්තේය.
එනම් එතුමා කෝලීය වංශයේ ප්‍රබලම රජුගේ දියණියවූ මායාරටේ දේවිය(මායා දේවිය) වූ ප්‍රජාපතී ගෝතමී දේවියව සරණපාවා ගත්තේය.
ඊට හේතුව නම් ඒ දෙපළට ලැබෙන දරුවාට සක්විති රජකම ලබාදීමට කිසිඳු බාධාවක් නොවන බව දන්නා නිසාය.
ඔවුනට උපන් පිංවත් කුමරා බිහිවූයේ බෙදීගිය සුර අසුර හෙළ පාර්ශව එකතු කරමිනි. කාලයද, දීපයද, දේශයද, කුළයද, මවද එසේ හොඳින් ගැලපී තිබුණි.
වසර 2550 කට පමණ පෙර මේ සිව් හෙළයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම සීහළ පුත්‍රයා සීදන්ත/ සිද්ධත්ථ/ සිද්ධාර්ථ/ සිදුහත් නම් විය.
ඒ සිදුහත් කුමරා පසුකලෙක සක්විතිකමට පයින් ගසා මරු පරදවා අසහාය අසමසම බුද්ධත්වය සාක්ෂාත් කොට මේ උතුම් හෙළදිව තුල මුල් ගුරුවරයා බවට පත්වූහ.
ලොව අන් රටවල් පීතෘ මූලික වෙද්දී අප සිංහළ රට කවදත් මාතෘ මූලික සමාජයක් විය. ඊට උරණවූ පරයින් මිනීමස් කන යක්ෂණියන් කියා ලංකා කාන්තාවන්ට පරිභව කළහ.
මාතෘ මූලික සමාජයේ බුද්ධත්වය ලද සිද්ධාර්ථ බුදුන් වහන්සේ මවට උපහාර පිණිස ගෝතම නාමය යොදා ගත්තේය.
ඉනිඳු නොනැවතී තම අගසව් දෙපළද එසේම කළහ. උපතිස්ස ගාමයේ විසූ පළමුවැන්නාට මවගේ නාමයවූ රූපසාරී නාමයෙන් සාරිපුත්ත යැයි නම් තැබීය.
කෝලීය ග්‍රාමයේ විසු දෙවැන්නාට මොග්ගලී බැමිණියගේ පුත් බැවින් මොග්ගලී පුත්ත යැයි නම් තැබීය.
මේ ගෝතම බුද්ධ වංශයේ ඇරඹුමයි. සිදුහත් කුමරු ඉපදුනේද, ගෝතම නමින් බුදු වූයේද, දහම් දෙසුවේද, පිරිණිවන් පෑවේද මෙම උතුම් දේව හෙළය තුලමයි.
මේ අපේ මීමුත්තන්ගේ සැබෑ ඉතිහාස කතාය. මෙය කියවා ඔබට කිසියම් හේතුවක් නිසා අප කෙරෙහි වෛරයක් ආවේනම් ඊට හේතුව ඇතිවූ තැන සොයන්න.
ඔබ කවුරුත් කී සාක්ෂි සෙව්වාද? පොත්වල ඇතිදේ තාර්කිකව බැලුවාද? මෙරට සතර කොන ඇති ලෙන්ලිපි සෙල්ලිපි කියෙව්වාද?
මේ ජාතිය දිනන්නේ අප කාගේ හෝ තර්කයක් දිනවීමෙන් නොවේ. මේ ජාතිය දින්නොත් දිනන්නේ අප කවුරුත් ඒ පුරාණ සත්‍ය වටහා ගතහොත්ය. එදිනට අප තනි තනිවත් ජාතියක් හැටියටත් දිනුම්ය. මේ ජාතිය දිනවන්නට අපේ මුදුන්මුළ ආරක්ෂා කළ යුතුමය.
සිංහෙළයිනි, දේශපාළනය නිසා සිංහළ ජාතිය කන අය නොසොයා මේ සිංහළේ රකින්නට දේශපාලනයට පිවිසෙන කිසිවෙකු හෝ සොයාගැනීම සිංහළයන්ගේම මෙහෙයුමකි. සිංහල කමට සදා ජය වේවා..."


ලංකාපුරය
ලංකාපුරය පිහිටියේ යක්ක හෙළය තුළයි. බුදුරදුන් ලංකාපුරයට තෙවරක්ම වැඩියේ මේ කියන ජම්බුද්වීපයේ සිට පා ගමනින්මය. මිහිඳු හිමියන් ලංකාපුරයට වැඩියේද මේ කියන ජම්බුද්වීපයේ සිට පා ගමනින්මය. (උතුරුකුරු දිවයින)
එදා ලංකාපුරය වුයේ අද විලච්චිය, මහ විලච්චිය ප්‍රදේශවල පිහිටා තිබූ වෙස්සවන (වෙසමුණි) මහ රජුගේ රාජධානියේ අග නගරයයි. එදා එය ඉතා මනරම්, අලංකාර නගරයකි. මෙය කුවේර රාජධානිය ලෙස ද නම් කර තිබුණි. එදා විජය රජු දේව හෙළයේ සිට ලංකා පුරයට පැමිණෙන විටත් මෙහි පාලන බලයේ සිටියේ යක්ඛ ගෝත්‍රික රජවරුන්ය. විජය රජු කුවේණිය නම් යක්ඛ ගෝත්‍රික රජ කුමරියගේ උදව්ව ද ඇතිව යක්ඛ ගෝත්‍රික නායකයින් 80ක්ම මරා දමා පාලනය තමා යටතට ගත්තේ ද මෙම ලංකාපුරය අගනුවර කොටගත් රාජධානියේදීය. (එදා ලංකා යන නම අද මෙන් මුළු රටටම භාවිතා නොවීය.)
 එදා විජය රජු පැමිණියේ ද ලංකාවටය. මේ නිසාම එදා යක්ඛ රාජ්‍යයට පොදුවේ ලංකාපුර රාජ්‍යය යන නම ව්‍යවහාර විය.  එදා දේවහෙළ හා ජම්බුද්දීප ජාතිකයින් වර්තමානයේදී ස්ථිරවම සිංහල ජාතිකයින් වනු ඇත. එදා යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව යන මේ ගෝත්‍ර වල ජාතිකයින් අතර සිංහලයන් මෙන්ම වර්තමානයේ සිටින දෙමළ හා මුස්ලිම් ජාතිකයින් සිටින්නටද බොහෝ දුරට ඉඩ ඇත.. එය එසේ නොවේ යැයි කීමටද අප එක පාරටම කළබල විය යුතු නැත. මක්නිසාද යත් ඒ වන විට විශාල භූමි භාගයකින් යුත් දේව හෙළයේ සහ තවත් හෙළ වල පැහැදිළි ලෙසම සිංහල ජාතීන්ට අමතරව තවත් ජාතීන් සිටිය නිසයි.
මිහිඳු හිමියන් ජම්බුද්වීපයේ රජගහනුවර සිට ලංකාපුරයට ගොස් එහි බුද්ධාගම පිහිටුවූ කතාව සැබවකි. එහෙත් එහි බුද්ධ ධර්මය නොතිබුනා යැයි කාටවත් කිව නොහැකිය.
ඉන්දීය ජාතික මහානාම හිමියන් ලියූ පාලි මහාවංශයෙහි රාජ නාමාවලිය පටන් ගන්නේ විජය රජුගේ සිටය. මෙය ලියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 300කට පමණ පසුවයි. නමුත් ඊට පෙර හෙළ මහාවංශයක් ලියා තිබුණි.  එහි රාවණා පරපුරටත් එහා මහාසම්මත රාජ පරපුර දක්වාම ඉතිහාසය සඳහන් වූහ
විජය රජු යක්ඛ ගෝත්‍රික නායකයින් 80ක් මරා දමා පාලනය තමා යටතට ගත්තේ ලංකාපුර රාජධානිය පමණයි. දේව හෙළය හා ජම්බුද්දීපය ඇතුළු අනෙකුත් හෙළයන් එසේම පැවතුණි. විජය රජු ඇතුළු පිරිස බොහෝ ලෙසටම අපගේ දේව හෙළය හා ජම්බුද්දීපයේ සිටි ආර්‍යයන්ට ඤාති සම්භවයක් ඇති ආර්ය කොටසකි. ඔවුන්ද සිංහල ලෙසටම හඳුන්වනු ලබනව.
 මේ කියන ඒවා හරි හැටි තේරුම් ගන්න නම් මහානාම හිමියන් ලියූ පාලි මහාවංශයට පමණක් සීමා නොවී හෙළ මහාවංශය ද, දීපවංශ, ථූපවංශ ආදී පොත්ද, ශිලා ලේඛණද සැලකිල්ලට ගෙන තෝරා බේරා ගත යුතුය.

එදා සහ අද යුගය
ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය, කුසිනාරාමය, ජේතවනාරාමය, පූර්වාරාමය ඇතුළු සිද්ධස්ථාන පිහිටියේද මේ හෙළ දෙරණ තුළමය.
උතුරුකුරු දිවයින නම් වෙසමුණි රජුගේ රාජ්‍ය ප්‍රදේශයයි. ජම්බුද්වීපය මෙන්ම පුබ්බ විදේහයත්, අපරගෝයානයත් තිබුණේ මෙහිමය.
යමුණා, අචිරවතී, ගංගා, නේරන්ජනා ආදී සිව් මහා ගංගාවන් පිහිටියේද මේ හෙළ පොළවේමය. හිමාලය, මහානේරු පර්වතය, ගිජුකුළු පව්ව ඇතුළු කඳුවැටි පිහිටියේද මේ හෙළ දෙරණේමය.
චුලෝදර, මහෝදර මෙන්ම මුචලින්ද නාග රජු සිටියේද මෙහිම නාග හෙළයේය. මහා විශාල පෙණයක් සහිත නයෙකු අදාළ ඉන්දියාවටය. තපස්ස්සු බල්ලුක, අනේපිඩු සිටු, වශාකා, මල්ලිකා මෙන්ම සහම්පතී බ්‍රහ්ම රජුද සිටියේ ද මේ හෙළ දෙරණේමය.
තපස්ස්සු බල්ලුක, අනේපිඩු සිටු, වශාකා, මල්ලිකා මෙන්ම සහම්පතී බ්‍රහ්ම රජුද සිටියේ ද මේ හෙළ දෙරණේමය.
එදා බමුණන්ට බ්‍රහ්ම යන නම බාවිතා වී ඇති අතර ඔවුන් පංචකාමයෙන් වෙන්ව තනිව හුදකළාව භාවනා වඩමින් ජීවත් වුන පිරිසකි.
රාත්‍රියේදී පන්දම් ආලෝක දල්වාගෙන බුදුරදුන්ගෙන් බණ අහන්නට පැමිණියේ දේව හෙළයේ සිටි දෙවියන්ය. මේ දෙවි බඹුන් සහිත මුළු පොලෝ තලයටම රජු වූයේ අප මහා ගෝතම බුදු රජුන්ය.
(අපගේ පියවි ඇසට නොපෙනෙන ආකාරයෙන් සියුම් වූ මනෝමය ශරීරයක් සහිතව සිටින දෙවිවරුන් හා බ්‍රහ්මයින් කොටසක් වෙනම සිටින බවද මෙහිදී මතක තබාගන්න)
දැනට අවුරුදු 2550 කට පමණ පෙර අප රටේ ඉහළ ආද්ධ්‍යාත්මික දියුණුවක් තිබුණද දැන් මෙන් තාක්ෂණික දියුණුවක් නොවීය. අද මෙන් යාන වාහන හා දියුණු ගුවන් යාන එදා නොවීය. බොහෝ දෙනා ගමන් ගියේ පා ගමනින්මය. අද වාහනයකින් පැයකින් යන දුරක් එදා පයින් යන්නට දවසක් විතර යන්නට ඇත.
එනිසා පාලන ප්‍රදේශ කුඩා කොටස් වලට වෙන්වී තිබුණි. ඒවාට පොදුවේ රට යන නම භාවිතා විය. (උඩ රට, පහත රට, රජ රට වශයෙන් අදත් කියන්නාක් මෙනි ) ඒවාට ප්‍රාදේශීය රජ වරුන් ද බොහෝ දෙනෙක් එදා සිටියහ.
එදා සිටි බොහෝ සාමාන්‍ය වැසියන් හැමකෙනෙකුම අප දිවයිනෙන් එහා තවත් රටවල් හා ලෝකයක් ගැන අද මෙන් නොදැන සිටියෝය. එනිසා එදා තිබූ තත්වය ගැන ඔබට සිතින් මවා ගත ගත හැකි වියයුතුය. එවිට අප මහා ලොකුවට හිතන් ඉන්න ජන්බුද්වීපයත් අප රටේම තිබූ එකක් බව වැටහෙයි. 
ඇත්තම කියනවනම් බුදුරදුන් යනු ද මේ පොළවේ දෙපයින් ඇවිද්ද උතුම් මිනිසෙක් මිස සිතින් මවන් ඉන්න විදියේ දෙවියෙක් බ්‍රහ්මයෙක් වන් අයෙකු නම් නොවේ. ඔබ මේ බව හොඳින් වටහා ගත්තොත් බුදු දහම තේරුම් ගන්නත්, මායා ලෝකයෙන් මිදෙන්නත් ඉතා පහසු වනු ඇත.
මෙහිදී අප එදා තිබූ නියම තත්වය අවබෝධ කර ගැනීමට නම් එදා යුගයට සාපේක්ෂව එම ඇසින් ලොව දෙස බැලිය යුතු අතර අද නවීණ යුගයට සාපේක්ෂව එදා ලොව දෙස නොබැලිය යුතු බව සිහි තබා ගත යුතුයි.  (එදා සිටි බහුතර සාමාන්‍ය ජනයාගේ අවකාශ ලොව ගැන ඇති දැනුම නවීණ යුගයේ මිනිසාට ඇති දැනුමට වඩා අල්ප බව මෙහිදී සිහියේ තබාගන්න)  විශ්වය පිළිබඳ එකල සාමාන්‍ය ජනතාවට අදමෙන් නවීන තාක්ෂණික දැනුම අල්ප වුවත් එකල සිටි සෘෂි වරු, මුණිවරු, විරුවරු ආදීන්ගේ විශ්වය පිළිබඳ දැනුම සම්බන්ධව කිසිම අඩුවක් නොතිබුන බව  මෙහි අප තේරුම් ගත යුතුය.



 

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive