මනුස්ස, ප්‍රේත, භූත, අසුර හා දිව්‍යලෝක?



 භූතයන්, ප්‍රේතයන්,දෙවියන් කියන්නෙ කවුද? එහෙම අය නැද්ද? එයාල කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ? අපායක් තියෙනවද? දිව්‍යලෝක තියෙනවද? කොහෙද තියෙන්නෙ?  වගේ බොහෝ ප්‍රශ්ණ වලට නියම පිළිතුරු මෙහි තියෙනවා... කියවලම බලන්න... ඔබට පුදුමත් හිතෙයි...
මනුස්ස ‍ලොව පදනම වී ඇත්තේ ආශාව, අපේක්ෂාව, සංසිඳවීම, ගැටීම, සැකය ආදී දෙය පදනම් කරගෙනය. සංසාරයෙන් එතෙර වන්නට සිතන අයෙකුට ලැබිය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් බව නම් මිනිස් බවක් ලැබීමයි.
මනුස්ස උපතකින් පසු ලැබෙන ජිවිතය නිවැරදි ලෙස යොදා ගන්නේ නම් ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුස්ස භවය ඉහාම දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව අප මනුස්ස ජීවිතයට, වස්තුවට ඇති තණ්හාව ආදී කරුණු හේතුවෙන් වැරදි සිතුවිලි හා ක්‍රියාවන්හි නිරතවීමයි. එමනිසා බොහෝ විට මනුස්ස භවයක් ලැබු බොහෝ දෙනෙකු නැවත උපත ලබන්නේ ඊට පහත් භවයකය.
මනුස්ස භවයක් ලබා ගැනීම සඳහා කුසල් රැස්කිරීම ඉතා අපහසුය. එසේම එය සෙමින් සිදුවන්නකි. එම නිසා මනුෂ්‍ය භවයක් ලබා ගැනීම සඳහා විශාල ආත්ම ගණනක් බලා සිටින්නට සිදු වේ.
මිනිසෙකුට තම මරණින් පසුව නැවත මිනිසෙකු ලෙසම උපදින්නට ලැබුණ හොත් ඔහු ඝන ශරීරයක් සහිත සමාන උපතක් ලැබුවා යැයි කියනු ලබනව. නමුත් මෙය කොහෙත්ම ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. මිනිස් අත්බවක් ලැබීම ඉතාමත් දුර්ලබ කටයුත්තකි. තමන්ට හිමිකමක් ඇති සුදුසු මව් කුසක් සොයා ගැනීමට ඉතා දීර්ඝ කාලයක් බලා සිටිය යුතු වෙනව. මේ උස් පහත් දෙකම සමව තිබෙන තැනක් තමයි මනුස්ස ලොව කියල කියන්නේ.
(මේ කියන දේවල් පිළිබඳව භෞතික විද්‍යා ඇහෙන් බලා තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. මේවා මණැසින් බලා තේරුම් ගත යුතු දේවල්ය. අප ඇසෙන් දකින බොහෝ දේවල් හුදු මායාවන්මය. ඇස් වසා ගෙන නුවණින් දකින දේ සත්‍ය වනු ඇත)
මනුස්සයන්න්ටම සමහර තැනකදී අසුර කියාද කියන බවත් හොඳට සිහි තබා ගන්න. මෙතන තමයි කවුරුත් වගේ පටලවා ගන්න තැන. මෙය මෙහෙම තේරුම් ගන්න බලන්න. මෙය හරියට තේරුම් ගතහොත් ඔබ මහත් ප්‍රඤ්ඤාවන්තයෙකු වෙනවාමයි.
1.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන මනුස්සයො ඉන්නව. (මනුස්ස(අසුර), රාක්ෂ,යක්ෂ)
2.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන මනුෂ්‍යයො ඉන්නව. (මනුෂ්‍ය(අසුර), රාක්ෂ, යක්ෂ)
3.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන දෙවියෝ ඉන්නව. (සම්මත දේව(සුර), රාම්, සක්කස්ස දේව වැනි)
4.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන දිව්‍යයෝ ඉන්නව. (උප්පත්ති දේව(සුර+අසුර)  - සදිව්‍යලෝක වල ඉන්න දෙවිවරු)
5.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන අමනුස්සයො ඉන්නව. (අමනුස්ස(අසුර), යක්ඛ, නාග, මිනිස් කුම්භණ්ඩ, මිනිස් ගන්ධබ්බ වැනි)
6.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන අමනුෂ්‍යයො ඉන්නව. (අමනුෂ්‍ය(අසුර), යක්ඛ, අමනුෂ්‍ය නාග, අමනුෂ්‍ය කුම්භාණ්ඩ, අමනුෂ්‍ය ගන්ධබ්බ වැනි)
7. භෞතික වශයෙන් සහ මනෝරූපීයමය වශයෙන් යන දෙයාකාරයෙන්ම සකස්වී ඇති දේවලෝක-දිව්‍යලෝක, මනුස්සලෝක-අමනුෂ්‍යලෝක ආදිය තිබෙනවා.
හොඳයි ඔය කරුණු 7 පිළිබඳව ඔබ මනා විශ්ලේශනයක් කළහොත් මහා අවුල් ගොඩකින් මිදෙන්න පුලුවන්. මේ ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම තැනක්. මේතන ලිහා ගත්තොත් ඉන් එහා හරිම සරලයි.
මෙලොව ජීවත් වන මිනිසුන් මරණින් පසු නැවත උපතක් නියතවම ලබනව (අරහතුන් හැර). ඒ උපදින අය අතරින් විශාල කොටසක් උපදින්නේ නිරය, තිරිසන්, ප්‍රෙත, අපාඅසුර කියන  සතර අපායේමයි. තව සුළු කොටසක් නැවත මිනිස් ලොවමද, සදිව්‍යලෝක තල වලද, බ්‍රහ්ම ලෝක තල වලද කර්මානුකූලව උපදිනු ලබනව. 
මේ අයගෙන් ඝන වූ ශරීර ඇතිව (පියවි ඇසට පෙනෙන ආකාරයෙන්) උපදින්නේ මිනිස් ලෝකයේ, සම්මත දේවලෝකයේ හා තිරිසන්(පක්ෂි උරග ජලජ සිව්පා ඇතුළුව) ලෝකයේ උපදින අය පමණයි. අනෙකුත් (බ්‍රහ්ම ලෝක තල 4ක හැර) සියල්ලෝම උපදින්නේ අපගේ පියවි මිනිස් ඇසට නොපෙනෙන ආකාරයෙන් සියුම් වූ ශරීරයක් සහිතවය. මෙසේ සියුම් වූ ශරීර සහිතව උපදින සියල්ලන්ම උපදිනුයේ ඕපපාතිකවමය. එනම් මව් කුසක් නොමැතිවය.
මෙහිදී අප සෑම කෙනෙකුම මරණින් මතු උපදින ස්ථානයන් පිළිබඳව නිසි අවබෝධයක් ගත යුතුම වෙනව. එවිටයි අපට මේ ලෝකය කුමක්දැයි නිසියාකාරව අවබෝධ වන්නේ. මේ මරණින් මතු උපදින අයගෙන් සමහරෙකු ජීවත්ව සිටිය තත්වයට වඩා පහළ තත්වයකටත්, සමහරෙකු සම තත්වයකටත්,  සමහරෙකු ඉහළ තත්වයකටත් අනුව උපදිනව. එය සිදුවන්නේ තමන් පෙර කළ හෝ මෙකළ කරන ලද කර්ම ශක්තීන්ට අනුරූපවමයි.  
ලොව සිටින්නාවූ සියලු දෙනාම සංඛාර කරමින් යන බව ගමන කෙළවර නොකළහොත් මරණින් පසුව පියවි ඇසට නොපෙනෙන ආකාරයෙන් සියුම් වූ ශරීරයක් සහිතව හෝ ඝන වූ ශරීරයක් සහිතව උසස් පහත් ස්ථාන භේදයකට අනුව කිසියම් තැනෙක උපදිනු ලබනව. ඝන වූ ශරීරයක් ඇති අය සම්මත දේව ලොව, මිනිස් ලොව හා තිරිසන් ලොව (පක්ෂි උරග ජලජ සිව්පා සහිත ) උපදින අය බවත් අප තේරුම් ගත යුතුයි. එමෙන්ම සියුම් වූ ශරීර ඇතිව සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන අය නිරය, ප්‍රේත, අසුර, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ඕපපාතිකව උපදින බවත් තේරුම් ගත යුතුයි.
යමෙකු නිරය, තිරිසන් හෝ ප්‍රේත වැනි ලොවක ඉපදීම පහළ තත්වයක ඉපදීමක් වනවා වගේම දිව්‍ය හෝ බ්‍රහ්ම ලොවක ඉපදීම ඉහළ තත්වයක් ‍යයි සාමාන්‍යයෙන් අපි කියනව. මේ උස් පහත් දෙකම සමව තිබෙන තැනක් තමයි මනුස්ස ලොව කියල කියන්නේ.
 
මිනිසෙකුට තම මරණින් පසුව නැවත මිනිසෙකු ලෙසම උපදින්නට ලැබුණ හොත් ඔහු ඝන ශරීරයක් සහිත සමාන උපතක් ලැබුවා යැයි අප මෙහිදී කියනු ලබනව. නමුත් මෙය කොහෙත්ම ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. මිනිස් අත්බවක් ලැබීම ඉතාමත් දුර්ලබ කටයුත්තකි. තමන්ට හිමිකමක් ඇති සුදුසු මව් කුසක් සොයා ගැනීමට ඉතා දීර්ඝ කාලයක් බලා සිටිය යුතු වෙනව.
සමහර මිනිසෙකුට තම මරණින් පසුව (ඉහළ හෝ පහළ තලයක උපදින්නට හේතුවන බලවත් පුණ්‍ය හෝ පාප කර්මයක් කර නැතිනම්) තමන් ජීවතුන් අතර සිටි කාලයේ ගති සිරිත් වලට සහ රූපයට සමාන ලෙසට මැවුනු සියුම් වූ ශරීරයක් සහිතව ඕපපාතිකව උපදින්නට අවශ්ථාව සැලසෙනව. මෙන්න මේ කියන අවශ්ථාවටත් අප පොදුවේ 'භූත/අන්තරාභවික/ගන්ධබ්බකියන නම් ව්‍යවහාර කරනව. (මෙතනදී වචන අල්ලගෙන ගැටෙන්නට නොයා අදහස ත පමණක් වටහා ගන්නට බලන්න ) මේ කියන භූත ලොව ඉපදීමද රූපයට, ගතියට සමාන රුවක් ඇතිව සියුම් කායයක් සහිතව උපතක් ලැබුවා යැයි කියනු ලබනව.  
 මේ සම තත්වයන් තුලත් කිසියම් උස් පහත් භේද ඇතිව උපදින බව අප දත යුතුයි. මෙම සමාන තත්වයෙන් ඉපදීමටම ගන්ධබ්බ අවශ්ථාව කියලත් හඳුන්වන්න පුලුවන්. සමහරුන් නම් මේකට කියන්නෙ අන්තරාභවයක ඉන්නව කියලයි. කොහොම වුනත් මේ උපතක්මයි සිදුව ඇත්තේ කියල වටහා ගන්න.
ඇත්තටම මේ ඉපිද ඇත්තේ මනෝමය වූ අසුර ලොවකයි. ඝන වු කයක් නැති නිසා තමන්ට කිසිවක් කර කියා ගන්නට ඔහුට නොහැකියි. තමන්ගේ ඤාති හිත මිතුරන් ඔහු වෙනුවෙන් කැප කර දෙන දේනම් ගන්නට, භුක්ති විඳින්නට පුලුවන්. එත් යමක් කියල ඉල්ල ගන්නත් බෑ. දුකම තමයි ඔහුට දැන් විඳින්නට වෙලා තියෙන්නෙ. මෙයින් මිදෙන්න නම් එක්කෝ තමන්ගේ කර්ම ශක්තිය ඉවර වෙල අන් තැනක් උපදින්න ඕනි, නැතිනම් කවුරු හරි දෙන පිං අනුමෝදන් වෙලා සුගතියකට යන්නට ඕනි. ඉතින් මේ තත්වයටත් කියන්නෙ අපා අසුර ලොව ඉපදුනා කියලා තමයි. අපායට ගියොත් ආයිත් ගොඩ එන්න නම් ලේසි පහසු නෑ. නිරය නම් ඉතින් මිටත් වඩා මහා භයානකයි.
මිනිස් ලොව අවසන් කාල සීමාවේ තිබුණු ගති හා රූප ලක්ෂණ වලට ආවේණිකවම බොහෝ දුරට සමාන ලෙසමයි මෙම සමාන රූපී උපත සිදුවන්නේ. එනම් මෙහිදී 'නාමකාය' එලෙසමත් 'රූපකාය' එලෙසින්ම සියුම් සිරුරක් ලෙසිනුත් උපත ලැබීමයි.  මෙහි ආයුෂ දින ගනනක් වන සුලු කලක් වෙන්නත් පුලුවන් වගේම අවුරුදු දහස් ගනනකටත් වැඩි දිගු කළක් වෙන්නත් පුලුවන්. එය තීරණය වන්නේ තමන්ගේම කර්ම ශක්තිය මතයි. 
භූතයින් යනු ඔබ සිතා සිටින ආකාරයේ පහත් පිරිසක් හෝ භයානක හොල්මන් කරන කොටසක්ම නොවේ. මෙහිදී ඔබ මේවා තේරුම් ගැනීමට නම් ඔබ සිතේ මැවී ඇති හා චිත්‍ර වලින් දුටු රූප ආදිය අමතක කර බුද්ධිමත්ව දැකිය යුතුය.
මිනිසුන් හොඳ නරක වන්නාක් මෙන්ම භූතයින්ද හොඳ නරක වනු ඇත. ප්‍රේත භූත, අසුර භූත, මනුෂ්‍ය භූත, යක්ෂ භූත, යක්ඛ භූත, නාග භූත, ගන්ධබ්බ භූත, කුම්භාණ්ඩ භූත, දේව භූත ආදී වශයෙන් භූතයින් විවිධාකාර වෙති. මෙසේ බොහෝ ජාතීන් ඇති නිසා බහුභූත වෙති. මිනිසුන් අතර උස් පහත් තරා තිරම් ඇතිවාක් මෙන්ම භූතයින් අතරද එසේම උස් පහත් තරා තිරම් වෙයි.
අප සිටින මේ භෞතික වූ මිනිස් ලොවෙහි ප්‍රතිබිම්බය භූත ලෝකය යැයි කීවොත් බොහෝ දුරට නිවැරදියි. මිනිස් ලොව සිටින මිනිස් ඇසට පෙනෙන ඝන ශරීර ඇති අය මිනිසුන්ය. මිනිස් ලොව අවට සිටින මිනිස් ඇසට නොපෙනෙන සියුම් ශරීර ඇති අය භූතයින්ය.  මිනිස් ලොව සිටින මනුස්සයින්ට වඩා ලක්ෂ, කෝටි ගනනකට වඩා මේ භූත ලොව ජනගහනය අධික වන අතර එය මෙතෙක් යැයි කිව නොහැකිය.
 මෙම සිරුර සියුම් රූපමය හා මනෝමය වශයෙන් නිර්මාණය වන්නකි. එය අන් අයට ස්ඵර්ශ කල නොහැකිය. එහි බරක් නැත. භෞතික වූවක් නොවේ. එය සාමාන්‍ය මිනිස් ඇසට හෙවත් මසැසට නොපෙනේ.  සිත දියුණු කරගත් උතුමන්ට පෙනේ. එය අධි උච්ච සංඛ්‍යාතයකින් බ්‍රමණය වන්නකි. එයට බිත්ති,කඳු,පොළොව ආදී ඕනෑම තැනක් සිසාරා ගමන් කල හැකිය. ඉතා දුර සිට කෙනෙකුගේ රූපය තම දුරකථනයෙන්, පරිඝණකයෙන් හෝ රූපවාහිණියෙන් ඔබ දකින්නාක් මෙනි.
 මොවුන්ට කොතරම් දුරකට වුවත් සැණෙකින් යා හැකිය. දුරක වෙන දෙයක් දැකිය හැකිය, ඇසිය හැකිය. මිනිසුන් කරන කියන දේවල් තමන්ට ඇසිය දැකිය හැකිය. එහෙත් තමන්ට සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ පෙනෙන්නට හෝ යමක් කියන්නට නොහැකිය. (නමුත් නිද්‍රාගත අවශ්ථාව වැනි මනස ඒකාග්‍ර වන සමහර අවශ්ථා වලදී ඇතැම් මිනිසුන් වෙත පෙනී යමක් කියන්නට හෝ සංඤා හුවමාරු කිරීම් වැනි දේ කරන්නට පුලුවනි.)
මෙම විවිධ වූ භූත කොටස් සිටිනුයේ ගස්, ගල්, කඳු, ඇල,දොල,ගංගා, මං මාවත්, ගම් නගර, කෙත් වතු, ගෙවල්, ඉඩකඩම්, වස්තු දේපොළ ඇති තැන් ආදී නොයෙකුත් ස්ථාන වල කර්ම ශක්තීන්ට අනුව තම තමන්ට වෙන්වූ විමණක් මවාගෙන හෝ නොමැතිවය.
බොහෝ විට මොවුන්ට මිනිස් ලොව සිටියදී සිටි ඤාතීන් හා වස්තු දේපොළ වලට කිසියම් වූ අයිතිවාසිකමක් ඇත. එනිසා ඔවුන් ඒවාට ආශාවෙන් සිටිනවානම් ඒවා ආරක්ෂා කිරීමටත්, ඒවා බලා කියා ගන්නන්ට උදව් උපකාර කිරීමටත්, ඒවා විනාශ කරන්නන්ට සතුරු කම් කිරීමටත් නිබඳවම පෙළඹෙනු ඇත. 
මේ භූත කොටස් වලට හරි හම්බ කරගෙන උපයා සපයා ගැනීමක් කල නොහැකිය. ඔවුන් භුක්ති විඳින්නේ මිනිසුන් ලබා දෙන දෙයක් හෝ ඔවුන්ටම කියා වෙන්වී ඇති දේවල්ය. මිනිසුන් දෙනු ලබන ආහාර පාන වස්ත්‍ර ආදිය තටු, දොළ, පිදේනි හෝ පූජාවන් ලෙස මෙම විවිධ වූ භූත කොටස් වලට ලබා ගත හැකිය. එසේම මිනිසුන් දෙනු ලබන පිං පෙත් ලබාගන්නත් අනුමෝදන් වෙන්නත් ඉන් පසු තම තත්වය එතුලින් උසස් කර ගන්නත් ඔවුන්න්ට පුලුවනි.
සමහරවිට භූත කොටස් වලට කිසියම් මිනිස් කෙනෙකුගේ හෝ තිරිසන් සත්වයෙකුගේ සිරුරට ඇතුල් වෙන්නත් පුලුවන් (බොහේ විට කුමන හෝ හිමිකාරිත්වයක් ඇත්නම් පමණි ). එහෙම ඇතුල් වෙලා එම සිරුර තුල ඉඳගෙනම තමන්ට අවශ්‍ය හොඳ හෝ නරක දේවල් කරවා ගන්නත් පුලුවන්. අනුන්ට උදව් කරන්නත් සතුරු කම් කරන්නත් පුලුවන්. ඔවුන් එසේ කරන්නේ මිනිස් ලොවේ දී ජීවත් වූ හොඳ හෝ නරක ආකාරයටමයි.
දැන් අපි සිතමු මිනිසෙකු මරණින් පසු සියුම් ශරීරයක් සහිතව භූත ලොව ඉපදුනා කියා. මෙතන සිදුවන්නේ තමන්ගේ රූපකායේ පැවැත්ම අවසන්වී කර්මජ කායයේ ශක්තිය පැවැත්මයි. එම ශක්තිය කෙතෙක් කල් පවතීදැයි නිශ්චිතව කිව නොහැකිය. එනිසයි සමහරුන් කියන්නේ අන්තරාභවයක ඉපිද සිටිනවා කියා. එම කර්මජ ශක්තිය අවසන් වූ පසු ඔහු කරන ලද වෙනත් කර්ම ශක්තියක් හේතුවෙන් නැවතත් සුගතියක හෝ දුගතියක උපත ලබනව. 
එකිනෙක මිනිසා තම ක්‍රියා කලාපයන්න්ට අනුකූලව තිරිසන් ගති, ප්‍රේත ගති, යක්ෂ ගති, මිනිස් ගති, දේව ගති, බ්‍රහ්ම ගති ආදී වශයෙන් උසස් පහත් ලෙස බෙදෙන බවත්,  තමන්ගේ ජාති කුලවලට අනුව යක්ඛ, නාග, රක්ඛ, දේව ආදී වශයෙන් බෙදෙන බවත්, තමන් කරන වෘත්තීන්ට අනුව ගොවි, වෙද, ගුරු, ගම්භාර, ප්‍රාදේශීය පාළක, රජ, මහරජ ආදී වශයෙන් බෙදෙන බවත් අප දන්නව.
හොඳයි අපි සිතමු අවුරුදු 80ක් වියැති කිසියම් ගුරු වරයෙකු මරණින් පසු සම උපතක් ලෙස භූත ලොව උපන්නා කියා. දැන් ඔහුට ඇත්තේ 80 වියේදී මිනිස් ලොව තිබුණු රූපයටම සමාන සියුම් වූ රූපකායකි. ඇඳුම් පැළඳුම් අඳින්නේ ද එලෙසමය. කකුලක කොර ගතියක් තිබුනා නම් එයත් එසේ පවතී. එමෙන්ම දැන් ඔහුට ඇත්තේ අවසන් භාගයේ තිබුණු ගති පැවතුම් වලටම සමාන නාම කායයයි. ඔහුගේ සිරිත් විරිත් ගති ගුණ එලෙසම පවතී. ඔහුගේ පොත පතේ දැනුම ද එලෙසම පවතී. අනුන්ට යමක් උගන්වන්නට කැමතිය. තම ගරුත්වය රැකගෙන වැදගත් ලෙස සිටියි. දැන් අපි සිතමු කිසියම් රජ කෙනෙකු මරණින් පසු සම රූපි තත්වයක උපදිනව කියල. එසේනම් ඔහු භූත (අසුර) ලොව උපදින්නට ඕනි.
 
නිරයේ උපදින අය සියුම් වූ මනෝමය ශරීරයක් සහිතව, ඉතාමත් දුකසේ, මනෝමය වශයෙන් නොයෙකුත් භයානක හිංසා පීඩා කරදර විඳිමින් ඉතා දීර්ඝ කාලයක් ජීවත් වෙති. ඔවුන්ට ලේසියෙන් ගොඩ ආ නොහැකිමය. තිරිසන් ලෝකයේ උපදින අය පෙර කරන ලද අකුසළ කර්ම ශක්තීන්ට අනුව ඊට ආවේණිකව ඝණවූ ශරීරයක් සහිතව දුකසේ සුළු කාලයක් ජීවත් වෙති.
ප්‍රේත ලෝකයේ උපදින අය සැමදාමත් තම කුසට නිසි අහරක් නොමැතිව, අනුන්ගෙන් ලැබෙන දෙයක් ගනිමින් ඉතා දුකසේ සියුම් ශරීරයක් සහිතව කිසියම් කාලයක් ජීවත් වෙති. ඔවුන් බොහෝ විට සිටිනුයේ ජීවත්ව සිටියදී ආශා කළ දේපොළ හා ඤාති හිත මිතුරන් පසු පස්සේමය.  සුරයින්ගේ හෙවත් දෙවියන්ගේ පහත් තත්වය ප්‍රේත තත්වයයි. රාගයට දැඩිව ලොල්වූ අය බොහෝ විට උපදිනුයේ ප්‍රේත ලෝකය තුලයි.
සමහරවිට ඔවුන්ට කිසියම් මිනිස් කෙනෙකුගේ(දුර්වල සිත් සහිත) සිරුරට ඇතුල් වෙන්නත් පුලුවන් (බොහේ විට කුමන හෝ හිමිකාරිත්වයක් ඇත්නම් පමණි). එහෙම ඇතුල් වෙලා එම සිරුර තුල ඉඳගෙනම තමන්ට අවශ්‍ය පහත් දේවල් කරවා ගන්නත්, තමන්ට අවශ්‍ය ආහාර ගන්නත් පුලුවන්. මොවුන් මිනිසුන්ට උදව් කිරීමට වඩා කරන්නේ නරකක්මය. 
ඔවුන්ට අවශ්‍ය දේවල් නොදෙන විට අපට ද්වේෂ කරනව. ඔවුන් අනුන්ගේ සැපතට ඊර්ෂියා කරනව. එවිට එය තම දියුණුවට බාධාවක් වෙනව. මොවුන්ගෙන් සමහරෙකුට අප විසින් දෙනු ලබන ආහාර පාන අනුභව කර තම කුසගිනි නිවා ගන්නත්, අප විසින් දෙනු ලබන පින් අනුමෝදන් වී දුකින් මිදී ඉහළ තැනකට යන්නත් පුලුවන්කම තිබෙනව.
(මේ කියන දේවල් පිළිබඳව භෞතික විද්‍යා ඇහෙන් බලා තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. මේවා මණැසින් බලා තේරුම් ගත යුතු දේවල්ය)
භූත(අසුර ) ලෝකයේ උපදින අය තම (මිනිස් ලොව ) ගති පුරුදු හා ගති ලක්ෂණ වලට අනුරූපීවම සියුම් කයක් සහිතව බොහෝ කාලයක් ජීවත් වෙනව.  මොවුන්ද තමන්ට ඝන වූ ශරීරයක් නොමැති නිසා අවශ්‍ය දේ කර කියා ගන්නට නොහැකිව දුකසේම ජීවත් වන කොටසකි.
ඉහළ පෙළේ හා පහත් පෙළේ වශයෙන් භූතයින් දෙකොටසකි. ඉන් සමහරෙක් තම ඤාතීන්ට හා හිත මිතුරන්ට උදව් උපකාර කරනව. ඉන් සමහරෙක් තම සතුරන්ට හිංසා පීඩා කරනව. ඔවුන්ට අනෙක් අය කරන කියන දේවල්  (කොපමණ දුරක හිටියත් ක්ෂණිකවම) දකින්න අහන්න පුලුවන් හැකියාවක් තියෙනව.
සමහරවිට ඔවුන්ට කිසියම් මිනිස් කෙනෙකුගේ හෝ තිරිසන් සත්වයෙකුගේ සිරුරට ඇතුල් වෙන්නත් පුලුවන් (බොහේ විට කුමන හෝ හිමිකාරිත්වයක් ඇත්නම් පමණි). එහෙම ඇතුල් වෙලා එම සිරුර තුල ඉඳගෙනම තමන්ට අවශ්‍ය හොඳ හෝ නරක දේවල් කරවා ගන්නත් පුලුවන්. අනුන්ට උදව් කරන්නත් සතුරු කම් කරන්නත් පුලුවන්. ඔවුන් එසේ කරන්නේ මිනිස් ලොවේ දී ජීවත් වූ ආකාරයටමයි. ජීවත්ව සිටියදී හොරකම්, දාමරික කම්, පාතාල මැර කම් කළ කෙනා මේ භූත ලෝකයේදී කරන්නෙත් එසේමයි. (ඔවුන්ට යක්ෂ නායකයින් කියල කියන්න අපි පුරුදු වෙලා තියෙනව. ඒත් සමහරුන්ට උදව් පදව් කරන යක්ෂයොත් ඉන්නව). 
ජීවත්ව සිටියදී කාටත් හිරිහැර නොකර, තම ඤාති හිතවතුන්ට උදව් උපකාර කරගෙන සිටි අයත් ආශාවන් නිසා දේව අසුර ලෝකයේ උපදනව. ඔවුන් එහි සිටත් තම ඤාති හිතවතුන්ට යහපත් දේ කරනව. උදව් උපකාර කරනව. ඔවුනුත් අපි කරන යහපත් දේ බලා පින් අනුමෝදන් වෙනව. අපි ඔවුන්ට ඉෂ්ට දෙවියන් කියල කියන්න පුරුදු වෙලා තියෙනව. ජීවත්ව සිටියදී කාටත් උදව් උපකාර කරගෙන කාටත් යහපතක් කරගෙන සිටි අයත් ආශාවන් නිසා දේව අසුර ලෝකයේ උපදිනව. ඔවුන් එහි සිටත් මිනිසුන්ට යහපත් දේ කරනව. සෙත් ශාන්ති කරනව. අපි ඔවුන්ට දෙවියන් කියල කියන්න පුරුදු වෙලා තියෙනව.  
බොහෝ සෙයින්ම මේ ලෝක පාලක දෙවි වරුන් සිටිනුයේ මනෝමය වශයෙන් නිර්මිත මෙම චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේය. මෙය අසුර දිව්‍ය ලෝකයයි. යහපත් ලෙස රාජ්‍ය පාළන කටයුතු කල අය මරණින් මතු උපදිනුයේ මේ චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයේය. ඔවුන් එහි සිට යහපත කරන මිනිසුන්ට උදව් උපකාර කරමින් පිං අනුමෝදන් වෙනව.
තාවතිංස වැනි සුර දිව්‍ය ලෝක වල සිටින දිව්‍යයන්ද යහපත් මිනිසුන්ට සෙත් ශාන්ති කරමින්, දුකට පත් අයට හැකි උදව් උපකාර කරමින් පින් අනුමෝදන් වෙනවා. එහෙත් මේ මනෝමය වශයෙන් මැවී ඇති දිව්‍ය තල වල සිටින සියුම් වූ කයක් ඇති දිව්‍යයන් කවදාවත් ඝන ශරීර මවාගෙන නොයෙන බව අප තේරුම් ගන්නට ඕනි. මේ දිව්‍යයන් තම පුණ්‍ය එර්දියෙන් සැප විඳිමින් සිටින උසස් පිරිසකි.

ලෝක සත්වයින් උපදින ප්‍රධාන ස්ථාන
කුසල් අකුසල් විපාකයන්ට අනුව අපාය 4ක්, මිනිස් ලොවක්, දිව්‍යලෝක 6ක්, රූපී බඹතල 16ක් හා අරූපී බඹතල 4ක් වශයෙන් සත්ත්වයන් වාසය කරන්නා වූ ප්‍රධාන ස්ථාන 31ක් මේ සත්ව ලොව ඇත. ඒ ඒ ස්ථාන වලට අනුකූළව මොවුහු මව්කුසක් ඇතිවත්, මව්කුසක් නැතිවත් (ඕපපාතිකව), සාමාන්‍ය මිනිස් පියවි ඇසට නොපෙනෙන සියුම් වූ ශරීර සහිතවත්, මිනිස් පියවි ඇසට පෙනෙන ඝන වූ ශරීර සහිතවත් උපදිනු ලබන බව වටහා ගන්න.
අපාය ප්‍රධාන කොටස් 4කට බෙදේ.
1.නිරය ලොව
 නිරයේ උපත ලැබීමට හේතු වෙන්නේ පෙර භවවලදි අධික කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියා කිරීමේ ඵලයක් නිසයි. මොවුහු උපදිනුයේ සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන සියුම් වූ ශරීර සහිතව ඕපපාතිකවමය. ඔවුහු මනෝමය වශයෙන් අප්‍රමාණව දුක් විඳිති.
ඒක දේවවාදී සම්ප්‍රදායන්හි සඳහන් අපායයන්ගෙන් බුදු දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක් විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසන් වූ පසු ඔවුහු වෙනත් භවයක උපත ලබති. එනමුත් මෙහි ආයුෂ කාලය නම් ඉතාමත්ම දීර්ඝය. නිරය ද කොටස් 8කට බෙදේ. එනම්,
සංඝීතිය  2.සංඝාතය  3.කාල සූත්‍රය  4.රෞරවය  5.මහා රෞරවය  6.තාපය  7.ප්‍රතාපය  8.අවීචිය  යනුවෙනි.
2.තිරිසන් සත්තු ලොව
       පක්ෂි, උරග, ජලජ, අපා, දෙපා, සිව්පා, බහුපා, කෘමි, ශුද්‍රජීවී ආදී මිනිස් ඇසට පෙනෙන ඝන වූ ශරීර ඇතිව උපදින සියල්ලෝම තිරිසන් ලොව සත්තු වෙති. අධික මෝහ බව හා පෙර භව වලදි සිදු කරන ලද අවිචාරවත් හැසිරිම් ආදිය නිසා තිරිසන් යෝනී බවයක් ලැබීමට හේතුවේ. ඔවුන්ට තම ගතියට අනුකූල ඝන කයක්ද පිහිටනු ඇත. මෙය මිහි මත පවතින තිරිසන් සත්තු ලෝකයයි. මනුෂ්‍යය ඇසට තිරිසන් සත්තු ‍ලෝකය පෙනේ.     
3.ප්‍රේත ලොව
 යමෙකු ප්‍රේත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති අධික වස්තු තණ්හාව හේතුවෙනි. ප්‍රේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ "කුසගිනි භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. එහෙත් එම අවශ්‍යතා සංසිදුවා ගැනීමට ක්‍රමයක් නැත. ඔවුන් කොතෙකුත් ආශාවන්ගෙන් පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු කර ගෙන සෑහීමකට පත්විය නොහැකියි.  ප්‍රේත ලෝකය තුල විවිධ ප්‍රේත වර්ග කොටස් ඉන්නවා.
නිජ්ඣාමතණ්හික - නිතර නිතර ගින්නෙත් දැවෙන ප්‍රේතයන්
ඛුප්පිපාසික   - ඇග ඇතුලෙන් දැවෙන ප්‍රේතයන්
පාංශුපිසාචක - කාණුවල ඉන්න ,මළ, සොටු කන ප්‍රේතයන්
පරදත්තූපජීවී - දුකෙන් ඉන්න ප්‍රේතයන් (මේ ප්‍රේතයන්ට පමණයි පින් අරගෙන හොද තැනකට යන්න පුලුවන්)
කාලකඤ්ජක - ඇඟ අයිස් වගේ ප්‍රේතයන්. මේ ප්‍රේතයන්ගේ ඇඟ ගොඩක් ශීතයි
අට්ඨිසංඛලික - සැතපුම් ගණන් දිග ඇට සැකිල් ගොඩක් තියෙන ප්‍රේතයන්
මංසපිණ්ඩික  - ඉතා ගද ප්‍රේතයන්
මීට අමතරව ගූතකාදක මහාඍද්ධික වේමානික පාෂාණ භූත ආදී වශයෙන් විවිධ ප්‍රේත කොටස් ඇත.
4. අපාගත අසුර ලොව
       මේ අපාගත අසුර ලොව පිරිස් වර්ග 5කට වෙන් කොට පෙන්වා දෙන්න පුලුවන්
දේවවිරෝධී අසුර - දෙවියන්ගේ සතුරු කොටස්  
විනිපාතිකාසුර - පියංකරමාතු සහ උත්තරමාතු වැනි අසුර කොටස්
ලෝකාන්තරිකාසුර - නරක, තිරිසන්, ප්‍රේත යන ලෝක අතර ඉන්න අසුරයින්
ප්‍රේතාසුර - මේකේ ඉන්නේ අසුර ප්‍රේතයින් කියලයි සදහන් වෙන්නේ
වෙමානිකාසුර - තමන් විසින් මවා ගන්නා ලද විමනක ජීවත් වෙයි
සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස් හා බුදුහාමුදුරුවෝ ?
අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසත්වා..
මෝහයෙන් මිදී නිවන් දැකීමට උපකාර කර ගනිත්වා...
මිසදිටුව දහමට ගරහා පව් සිදු කර නොගනිත්වා...

සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස් හා බුදුහාමුදුරුවෝ ?

 මෙහි දක්වා ඇති කරුණු කාලයක් තිස්සේ පරිශීලනය කරන ලද පොත් පත්, ලිපි ලේඛණ ආදී දෙයින් උගත් දෙයද, කළ්‍යාණ මිතුරන් ඇසුරු කිරීමෙන් උගත් දෙයද, මවිසින්ම හුදෙකලාව බුද්ධිය යොමා තර්කාණුකූලව උගත් දෙයද වනු ඇත.
කාලයක් තිස්සේ බොහෝ ගිහි පැවදි උගත් පිරිසක් විසින් බොහෝ කැප කිරීම් කොට සොයාගත් දේ නිසයි අපට මෙම සත්‍ය දකින්නට උපකාරී වී ඇත්තේ. ඒ සියලූම උතුමන්ටත් මා මෙහෙදී ගෞරව පූර්වකව ස්තුතිය පුදකරනව. සියලු දෙනාටම සත්‍ය තුලින් ධර්මාවබෝධය ලැබෙත්වා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive