ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කල මාතුල අළුලෙන විහාරය කොතැනද?

    අස්‌ගිරි තල්පතේ හා නිකාය සංග්‍රහයේ "මාතුල දනව්වේ අලුලෙනේදී" ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාව පවත්වා ඇති බව දැක්‌වේ. එදා මාතුල දනව්ව පිහිටියේ අද කෑගල්ල අවට පෙදෙසයි. එය එදා මගධ කොටසටම අයත් එකකි. හෙළදිව සිටි බිම්බිසාර රජු රජ කම් කළ මගධ රාජ්‍ය ඉතා බළවත් රාජ්‍යක් වූ අතර එම පාළන ප්‍රදේශය අප හෙළ දඹදිව මධ්‍ය භූමියේ සිට රජගල (අම්පාර) දක්වාම පිහිටි විශාල භූමි භාගයක්ය.
බුදුපියාණන් වහන්සේ චක්කවත්ති සීහනාද වැනි සූත්‍ර ධර්මයන්ද දේශනා කොට ඇත්තේ මෙම මගධයේ මාතුල නුවර සිටය. ‘’ එකං සමයං භගවා මගධෙසු විහරති මාතුලායං. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි’’
එසේනම් අද මාතලේට එදා මාතුල ආදේශ වූයේ කෙසේද?
     පසුකාලිනයන් විසින් ‘මාතුල අළුලෙන’ ස්ථානය මාතලේ අලුවිහාරේ යෑයි උපකල්පනය කර හඳුන්වා ඇති බව පෙනේ. මහතිල හෙවත් ලොකු තල (මහ තල) ධාන්‍ය වර්ගයේ ශාක තිබූ පෙදෙස මහතල හෙවත් මාතලේ විය. එසේ නොමැතිව මාතුල මාතලේ වූවා නොවේ.. මෙහිලා විශේෂ කරුණු කීපයක්‌ නිසා එය සිදුවූ බව කිව යුතුය.
එම හේතූන් පහතින් මෙසේ දැක්විය හැකිය.
* දැනට වර්ෂ 150 කට පමණ මෙපිට ලියෑවී ඇති ඇතැම් පොත්පත්වල මාතලේ අලුවිහාරේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නට ඇතැයි යන ඉගැන්වීම නිසා ඇතිවී ඇති විශ්වාසයේ දැඩිව එල්බගෙන තිබීම. වෙනත් විදියකින් සඳහන් කරතොත්, සත්‍ය මූලාශ්‍රයක්‌ නොමැතිව යමෙකු ප්‍රකාශ කර ඇති මතයක්‌ අවිචාරීව පිළිගැනීම නිසා අද්‍යතන සමාජයේ ගොඩනැඟී ඇති "අලුවිහාර මතයේ" එල්බ සිටීම.
* 1980 ගණන්වලදී රචිත "ඓතිහාසික මාතලේ" නමැති මාතලේ දිසාපති කාර්යාලයෙන් පළකර ඇති ග්‍රන්ථයේ, සත්‍ය මූලාශ්‍ර නොමැතිව පදනම් විරහිතව ඇතැම් ලේඛකයන් විසින් මාතලේ අලුවිහාරේදී වලගම්බා රජු කල තෙවළා බුදු දහම ග්‍රන්ථාරූඪ කර ඇතැයි ප්‍රචාරය කර ඇති මතය හිස්‌ මුදුනින් පිළිගැනීම.
* එසේ නැතිනම් මෙරට යටත් විජිතවාදය නිසා පුරාතනයේ මෙරට තිබූ මූලාශ්‍ර යථා පරිදි අධ්‍යයනය නොකර බටහිර ජාතීන්ගේ විශ්වවිද්‍යාලවලින් (ලන්ඩන්, සෝර්බෝන්) ආචාර්ය උපාධි සඳහා ඉදිරිපත් කර ඇති නිබන්ධනයන්හි "ත්‍රිපිටකය මාතලේ අලුවිහාරයේදී" රචනා කර ඇති බවට සඳහන් තොරතුරු එකහෙළා පිළිගැනීමයි.
* එසේම ගතානුගතික අවිචාරී ලෙස මෑතකදී (19 වැනි ශතවර්ෂයේදී) ගොඩනැඟුණු මාතලේ අළුවිහාර මතය යටපත් නොවී රැකදීමට එම අලුවිහාරයේ පැවැත්ම සඳහා අලුවිහාර මතය ප්‍රචලිත කිරීමට දරන ප්‍රයත්නය නිසා මූලාශ්‍රයන්හි සඳහන් නැති තොරතුරු හුවාදක්‌වා ප්‍රතිලාබ ලබා ගැනීමේ අපේක්‌ෂාව.

     දෙවන පෑතිස්‌ රජු පටන් වට්‌ටගාමිණී අභය රජුගේ කාලය දක්‌වා ශත වර්ෂ තුනක කාලයක්‌ තිස්‌සේ ත්‍රිපිටකය හා හෙළටුවා මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආවේ හෙළ භික්‌ෂූන් වහන්සේලා විසිනි. බුද්ධ කාලයේ පටන් වළගම්බා කාලය දක්‌වා ධර්මය රැකගත් ස්‌ථවිර පරම්පරාව නිකාය සංග්‍රහයේ දැක්‌වේ.
කෑගල්ලේ අලුලෙනට නුදුරුව මණ්‌ඩලාරාමය (වට්‌ටාරම) තිබූ බවට සාක්‌ෂි ඇත. මණ්‌ඩලාරාමය මාතලේ පැවැති බවට ජනප්‍රවාදයේ හෝ ග්‍රන්ථාගත සඳහනක්‌ ද නැත. දකුණු දිග මලය රටට පන්සියයක්‌ මහරහතන් වහන්සේලා රැස්‌වූ බව මනෝරථපූරණී අටුවාවේ විස්‌තර දැක්‌වෙන අතර උත්තර මලය රට්‌ඨයේ (මාතලේ දිස්‌ත්‍රික්‌කයේ) රැස්‌වූ බවට සඳහන් තැනක්‌ අප අසා නැත.
       එහෙත් මණ්‌ඩලාරාමය හා මාතුල දනව් අලුලෙන සංගායනාවේදී ප්‍රධානත්වය දැරූ තෙරුන් යනු නිකාය සංග්‍රහය ලැයිස්‌තුවේ එන උපතිස්‌ස නම් මහා තෙර විය යුතු බව අටුවා පොත් හි එන විස්‌තර අනුව මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි පෙන්වා දෙති. ඒ මතය සෙසු අයගේ මෙන් හිතළුවක්‌ නොව උපතිස්‌ස මහතෙරුන්ගෙන් මහාපදුමාදී තෙරුන් පන්සීයක්‌ විනය උගත් බවට දැක්‌වෙන අටුවා විස්‌තර අනුව ද සිතීම වඩාත් පිළිගත හැකිය. මලලසේකර ශූරීන් පෙන්වන සිවතෙර යනු දිග්සගී අටුවාවේ එන තෙපිටක මහාසිව තෙර ද විය හැක. විටින් විට ප්‍රධාන භාණක තෙරුන් මාරු වන්නට ඇත.
       අසගිරි තල්පතේ එන ථූපාරාමවාසී කුන්තගත්තතිස්‌ස තෙර මහාවිහාරවාසී මහරහතන් වහන්සේලා පන්සීයක්‌ කැටුව මාතුල දනව්වේ අලුලෙනට වැඩ රැස්‌ වූ බවත්, ශාසනාරක්‌ෂාව උදෙසා කතිකාව පරිදි සංවිධානය කිරීමට එම ජනපදයේ ප්‍රධානියාගේ සහාය ලබා දුන් රහතන් වහන්සේ විය යුතු බවත් පෙනේ. ග්‍රන්ථාරූඪ සංගීතියට පසුව කුන්තගත්තතිස්‌ස හිමි පිළිවෙළින් දනව් සැරිසරා දිඹුලාගලට වැඩි බව අස්‌ගිරි තල්පත කියයි..
ඉතින් බෞද්ධයන් වූ අප විසින් වැරදිවූ තැන් නිවැරදි කොටගෙන මේ සැබෑ සත්‍යතාවන් සොයා ගැනීම ඉතා වැදගත් වනු ඇත. කිසිවෙක් උදහස් නොවෙත්වා.. තෙරුවන් සරණයි.

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive