විජය හා කුව්වේණියගේ ඇත්ත කතාව මෙන්න..



    මේ අප ඉදිරිපත් කරන්නේ ලක්දිව මෙතෙක් හමුවී ඇති පැරණිතම ලේඛණ වලින් හා මූළාශ්‍ර වලින් සොයා දැනගත්, ජර්මානුවන් විසින් විකුර්ති කරනලද සිංහළේ සැබෑ විජය කුව්වේණි කතා පුවතයි... (මෙය රාවණ සොයුරන් විසින් සොයා ගත් මූළික තොරතුරු වලට අනුව අප විසින් ගොණු කරන ලද්දක් වන අතර එහි පූර්ණ ගරුත්වය ඔවුන්ට හිමිවිය යුතුය)

දැනට අවුරුදු 2500කට පමණ ඉපිටින් විජය නමින් පුද්ගලයෙක් විය. එහෙත් ඔහු අප හෙළ දිවයිනේම සිටි අයෙක් මිස ඉන්දියානුවෙක් නම් නොවේ.
කසී රටේ(එදා හෙළදිව පිහිටි ජම්බුද්වීපයට/දේව හෙළයට අයිති ප්‍රදේශයක) බ්‍රහ්මදත්ත නම් (බ්‍රහ්මයා විසින් දෙනලද) අසුර වංශික රජෙක් සිටියා. ඒ රජුට තේජාන්විත බාල සොයුරෙක් සිටියා.. සිංහයෙකු බඳු බාහු බළ සම්පන්නයෙකු වූ ඔහු සිංහබාහුය. රණ සූරත්වයෙන් හෙබි මේ සිංහබාහු කුමරුන් පඬුවස් නුවර විජිතය ආක්‍රමණය කළා.. පඬුවස් නුවර විජිතය කලින් තිබුණේ අසුර වංශිකයන් යටතේයි. 

ඉතින් මේ සිංහබාහු රජු පඬුවස් නුවර රජකම් කරන කාළයේ නාග ගෝත්‍රික කාන්තාවක් ඇගේ දෙමාපිය විරෝධය මද්‍යයේම බිසව කරගත්තා. (තම ගෝත්‍රයන්ට නොගැලපෙන විවාහයන් සැලකුවේ එක පවුලේ දෙදෙනෙකු සහ සම්බන්ධ වීම හා සමාන ලෙසමය) කෙසේ හෝ ඔහුගේ එම නාග ගෝත්‍රික බිසව පුතුන් 10 දෙනෙකුත්, දියණියන් 5 දෙනෙකුත් බිහි කළා. ඉන් වැඩිමහලු පුතා සුමිත්ත නම් වුනා. දෙවැනියා හිතුවක්කාරයෙකු වූ විජය නම් වුනා. 

මේ හිතුවක්කාර විජය තම අයියාට රජකම ලබාදීමට විරුද්ධව ජනයා එක් රැස් කරමින් කැරළි ගහන්නට වුනා. ඉතින් මේ විජය පුතා ඇතුලු තක්කඩි කොලු රැළ පන්නා දැමීමට එම උරණවූ පියා කටයුතු කළා. විජය ඇතුලු පිරිස තම්මැන්නාව පැත්තට නැව් නැග ගියා.
කොහොම හරි තමන්ගේ විජය මළනුවන් ගියාට පසු අයියාවු සුමිත්ත කුමරු එම පඬුවස් නුවර රජකම් කළා. ඉන් කලකට පසු සුමිත්තගේ පුතා ජෛන ආගම වැළඳ ගෙන තමාට ලැබෙන්නට තිබුනු රජකමත් හැරදමා ගියා. පසුව සුමිත්ත පියාත් තම පුතු අනුගමනය කරමින් ගිහිසැප හැරදමා ගියා.. (සුමිත්තගේ ලෙන් ලිපිය සිලෝන් ජර්නල් දෙවන කාණ්ඩය පිටු අංක 211, අංක 659 යටතේ විමසා බලන්න.)
 
නැව් නැගි විජය කුමරා තම්මැන්නාවෙන් ගොඩ බැස්සා. තම්මැන්නාව යනු තම්මැන්න නම්වූ(මිස්කෝඩෝන් සෙලනිකස්) ගස්වලින් වටවූ වැවක් සහිත ප්‍රදේසයක් මිස තඹ වැල්ලක බොරු කතා පුවතක් නම් නොවේ. කෙසේ හෝ මේ තම්මැන්නාවට පැමිණි විජය යක්ක ගෝත්‍රික ජාතිකයන් සමග යුද කොට විජය ලබා එහි බළය අල්ලා ගත්තේය. එමෙන්ම තම ඤාති නෑනා කෙනෙකුවූ යක්ක ගෝත්‍රික කුවිණිය සමග විවාහද විය. ඒ ඇගේ ඤාතීන්ගේ දැඩි විරෝධය මැදය. විජය හමුවෙන්නට පෙර කුවිණියට අසුර වංශික අයෙකුට දාව උපන් ජීවහත්ථ නම් පුතෙක් විය. විජය විසින් ඔහුව පන්නා දැමීය.  

විජයට දාව කුවිණිය ලද සියලු පුතුන් අසුර වංශිකයින්ට විරුද්ධව කැරළි ගහන්නට පෙලඹුනා. එහෙත් ඉන් බහුතරයක් දෙනා පසුකාලීනව පණ්ඩුකාභය අතින් මැරුම් කෑවා..
මේ අතර විජයගේ අයියාවු සුමිත්තගෙන් සහ ඔහු පුතුගෙන් හිස්වූ පඬුවස්නුවර රාජධානියට පැමිණි විජය එහි බළය පහසුවෙන්ම යුද කොට විජය ගත්තා. කුවිණියගෙන් සියලු දෙයම උදුරා ගත් විජය අවසානයේ හිත්පිත් නැතිව ඇයව පළවා හැරියා.. ඉන්පසු මේ විජය කුමරා 'පඬුවස්දෙව්' නමින් අභිෂේක ලැබුවා.  

අසරණවූ කුවිණිය තම කලින් පුත් ජීවහත්ථ කුමරු සමග අවුත් විජයට විරුද්ධව සටන් දියත් කළා. ඒ සටනින් කුවිණියට ජීවහත්ථයන්ද අහිමි වුණා.. ඇයට විජයගෙන් සිදු වූ මේ අසාධාරණයේ අඳෝනාව දේව හෙළයේ රජවරුන්ටද දන්වා සිටියා. අවසානයේ ඇය ශ්‍රමණ දිවියට ඇතුල් වූවාය. (...ලිලවරී හරිනුයෙ පඨිරාය රොඅඊ බියෙ ච ගයෙ....)

විජය හෙවත් පඬුවස්දෙව් රජු පඬුවස්නුවර ප්‍රදේශයේ රජ කරන කාලයේම සිව් හෙළයේ අනුකුත් ප්‍රදේශ වල තවත් ප්‍රාදේශීය හා මහ රජවරුන් එදා සිටිය බව අප හොඳින් තේරුම් ගත යුතුයි. අද මෙන් යාන වාහන නොතිබුනු එදායුගයේ මේ එකම දිවයිනේ කොටස් වලට බෙදී වෙනම රාජ්‍යයන් කළ බව සිහි තබා ගන්න. අද මේ දිවයිනටම ලංකාව කියා කීවත් එදා ලංකා පුර කියා කීවේ මේ දිවයිනෙන් සුලු කොටසකට බවත් හොදට මතක තියාගන්න. විජය ඔය කියන ලංකා කොටසට පැමිණියේ මේ දිවයිනේම සිට මිසක් ඉන්දියාවේ සිට නොවේ. බුදුරදුනුත් එසේම ඔය කියන ලංකාවට වැඩියේ මේ හෙළබිමේ තිබුණු ජම්බුදීපයේ සිටමයි. මිහිඳු හිමියනුත් එසේමයි. පසුකාලීනවයි මේ ඔක්කොම අවුල් ඇති කරගෙන තියෙන්නේ. 

බුදුරදුන් පිරිණිවී අවුරුදු 850කට පමණ පසු ඉන්දියාවෙන් පැමිණි මහානාම හිමියන් මහාවංශය ලියුවේද මේ ලංකාපුර රාජධානිය පමණක් මුල් කරගෙනයි. එමෙන්ම ඒ ලියූ තොරතුරු වලද සමහර තැන්වල බලවත් වැරදි අඩුපාඩු පවතින බව හොඳින්ම පෙනේ. එම අඩුපාඩු ඇති මහාවංශයම පමණක් මුල් කරගෙන සුදු ජාතිකයන් විසින් අප රට ඔවුන්ට යටත් විජිතයක්ව පැවති සමයේ ලියූ ඉතිහාසයයි අද වන විට සියල්ලන්ම වාගේ පරිශීලණය කරන්නේ. එනිසා එයම ගුරු කොට නොගෙන අනෙකුත් පැරණි පොත පතද ශිලා ලේඛණද ඇතුලු මූලාශ්‍ර මතින් ඉතිහාසය ගවේෂණය කිරීමෙන් සත්‍ය මතුවනවා ඇත.

දීපවංශ මහාවංශ පොත් වල මුල් පිටපත් අපට අහිමි කොට, ජර්මානු සම්භවයක් ඇත්තන්ට වුවමනා පරිදි සකස්කළ පොතක් පරිශීලණය කිරීම නිසා අද පරම්පරා ගනනක් අපි අසරනව සිටිමු..  මේවා විමසනේ නැතිව පොතේ ඇති දේම ඇත්ත යැයි සිතා අපට බැන වැදිමද සිහියෙන් විමසා සත්‍ය දැනගැනීමද ඔබටම බාරයි.

අද අපට සිංහළ රටක් දැයක් නැති වුවහොත් මේ ඉතිහාසයෙන් අනාගතයටද පලක් නැත.  ඔබ කාගෙන්වත් අසන්නේ නැතිව තනිවම ජාතියේ මුදුන් මුල් ගැන සොයා දැනගන්න. අප දන්නාදේ අපම සොයා දැනගත් දෙයක් නම් අප කාගේවත් රූකඩ බවට කවදාවත් පත්වන්නේ නැත. එසේ පැවසිය හැක්කේ සිංහල බෞද්ධයන්ටම පමණක් වනු ඇත...

හෙළ සොයුරනේ, සොයුරියනේ, අපට වැරදුන තැනක් තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. ඉතිහාසය වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි.. අපේ මුතුන් මිත්තන්ගේ අභිමාණය ශ්‍රේෂ්ඨත්වය රැකදිය යුතුයි.. එය රැක ගත යුතුයි.. මතු පරපුරට එය හිමි කර දිය යුතුයි

හෙළ සිංහල මිනිසුනේ, උඹල සිංහයෙකූට දාව පැවතෙන පහත් ජාතියක් කියල කවුද ඔයාලට බොරු ඉගැන්නුවෙ?
රාවණා රාජ පරපුරෙන් පැවත එන සූර්‍ය වංශික හෙවත් ශාක්‍ය වංශික බුදුහාමුදුරුවොත් අපේ ඤාතියෙක් බව කවද හරි දැනගත්තු දාට ඔයාල කවුද කියල ඔයාලටම තේරෙයි.
ඔය මනස්ගාත ලෝක වලම හිරවෙලා අනුන්ගෙ ගුලිකකා අඳුරෙම ගිලිල ඉන්න එපා.
 මේ පටලැවිල්ල හරියට ලිහාගන්න ඕනිනම් එක එක්කෙනාගෙ බොරු කතා අහන්නෙ නැතුව ඉතිහාසය පොඩ්ඩක් හොයල බලන්න...ඔබට සදා ජයවේවා...

 ********************************************************************

මේ රටේ ඉතිහාසය සමහරුන් මුල ඉඳලම අවුල්කරගෙන ඇති බව සෝම හාමුදුරුවන් පෙන්වා දුන් අයුරු..
අද අපේ රටේ සමහරුන් ඉතිහාසය මුල ඉඳලම අවුල් කරගෙනයි තියෙන්නේ... විජය කුවේණිගෙන් සිංහලයා පැවත එනවා කියන කතාව මහාම මුළාවක්.. ඊට කලින් ඉඳලම මේ රටේ ශ්‍රේෂ්ඨ මිනිසුන් හා ර
ාජ්‍යයන් පැවතුනා.. මහානාම හිමියන් ලියූ මහාවංශය ගොඩක් වැරදියි.. ඊට කලින් තිබුනු ඉතිහාස පොත් ගොඩක් විනාශ වෙලයි තියෙන්නේ.. අපි විජයගෙන් පැවත එන අය නොවෙයි.. එදත් අදත් මේ රට පාවාදීම ජරා ජාතියේ හැටි තමයි.. ඉදිරියට යන්න නම් ඉතිහාසෙ මේ මහා අවුල හදාගත යුතුමයි..
මේ වීඩියෝ එකත් බලල අහලම යන්න...
හෙළ රට ජාතිය ආගම වෙනුවෙන් අසහාය මෙහෙයක් සිදු කරමින් යන අතරේ අපවත් වී වදාළ ඒ යතිවරයානන්ට සියලු හෙළයන්ගේ උපහාරය වේවා..




බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද?



බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද? එයමයි අපගේ විසල් මුළාවත්... 
 එය අරහත්වයට  හා නිවනට එකහෙළා අත්‍ය අවශ්‍ය නැත යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. හොඳයි අපි එය එසේ යයි මදකට සිතමු. නමුත් අප මෙයද වටහා ගත යුතුයි. එනම් බහුතර ජනයා එක පාරටම ලොකෝත්තර මගෙහි නොයන බවත් වැඩි දෙනෙකු අරහත් වන්නේද නැති බවත්ය. බහුතරය ලෞකික මගෙහිම යන්නන්ය. 

 බුදුරදුන්ගේ ධර්මය ලෞකික හා ලෝකෝත්තර දෙපිරිසම උදෙසා මිස එක් පිරිසකට පමණක් පොදු වූවක් නොවේ. මෙය වැරදියට පටලවා නොගත යුත්තක්. උන්වහන්සේ මුණිවරයෙක්, රජෙක්, පියෙක්, මවක් වගේම බුදුවරයෙක්... ලෞකික ලෝකයේ සිටිනවුන්ගේ සදාචාරත්වය, ශිෂ්ඨාචාරත්වය, දියුණුව සඳහා ආගමත් දහමත් දෙකම අවශ්‍යයි. නිවැරදි ආගමක්, දර්ශණයක් තුලින් පුද්ගලයාත්, රටත් නිබඳවම දියුණු වෙනවාබුදු රදුන්ගේ ධර්මය හුදෙක් ආත්මාර්ථකාමී වූවක්ද?. එය සියලු ලෝ වැසියන්ටම පොදු වූවකි. රාජ්‍ය, පාළනය එපා කීවානම් උන් වහන්සේ කිසිදා රජවරුන් ඇසුරු නොකරනු ඇත. චක්කවත්ති සීහනාද සූත්‍රයක්, දස රාජ ධර්මයන් නොදෙසනු ඇත..

අපේ මේ රට ආර්ථික වශයෙන් දියුණුවෙන් පිරිහුණේ බුද්ධ ධර්මය නිසාවත්, බුද්ධාගම නිසාවත් නොවේ. බුදු දහම හා ඉතිහාසය වැරදියට අල්ලාගත්දා පටන් සිටය. එදා ලෝකයේ දියුණුම සශ්‍රීකම රට ලක්දිව නොවෙයිද? ඇත්තටම ගෝතම බුදුපියාණෝ මේ සිව්හෙළයේ සක්විති රජෙක්ද වූහ.. එයිනුත් නොනැවතී ඉන් එහා ඇති ශ්‍රේෂ්ඨ බුද්ධත්වයද ලැබූහ...රජෙක් නොවේ නම් රජාණන් වහන්සේ කියා අමතන්නේ ඇයි? අදෘෂමාන දෙවියෙක් ලෙස සිත් රවටාගෙන ඉන්න අයගේ නම් සිත රිදෙයි.. ඒත් මේවා කිව යුතුයි. උන්වහන්සේ අදහන අය අදහත්වා... සදහම් මග යන අය එමගෙහි යත්වා...

බුදු රදුන් උපන් ස්ථාන වැදගත් නොවේ නම් මහා පරිණිර්වාණ සූත්‍රයේ බෞද්ධයන්ට දැක වැඳ පුදාගත යුතු විශේෂ ස්ථාන සතරක් දේශනා කරන්නේ ඇයි?  ආනන්ද හාමුදුරුවන් අසන ප්‍රශ්නයකටයි බුදුහාමුදුරුවන් එහිදී පිළිතුරු දෙන්නේ. ආනන්ද හාමුදුරුවන් අහන්නේ හිස් වැඩකට නැති දෙයක් නම් නොවේ. එය ඉතා වැදගත් වන නිසාමයි පරිණිර්වාණයට සුලු මොහොතකට කලිනුත් ආනන්ද හිමියන් බුදු හාමුදුරුවන්ගෙන් එසේ විමසන්නේ.

ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත. චත්තාරි මානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානි, සංවේජනීයානි ඨානානි, කතමානි චත්තාරි” ….. ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට,  චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය
මේ ස්ථාන හතර නම්, 1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය.  2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය. 3)  ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා. 4)  ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යන හතරයි.

ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්‍රයෙන් ම පමණි. එනිසා අපට පහසුවෙන් උපකාර කරගත හැකි දෙයක් තිබේනම් එය බැහැර හරින්නේ කුමටද?

එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි.. මෙලොව මේ දක්වා බිහිවී ඇති සියලුම බුදුන් බුදුවී ඇත්තේ එම ස්ථාන වල ය. බුදුන් බුදුවූ එම බිමේ පිහිටි ශක්තිය අඩුම වශයෙන් අපහට සෝවාන් ඵලයට හෝ පත්වීමට යොදා ගැනීමට බැරිද?
තමනුත් ධර්මය නැමති සර්පයා වැරදියට අල්ලාගෙන, අනුන්වත් නොමග යවන්නේ ඇයිද?  දැනටත් වැරදියට මුළාවෙලා හරි මිනිස්සු දඹදිව කියල හිතාගෙන අමාරුවෙන් ඉන්දියාවට ගිහින් නිඝණ්ඨ ආරාම වලට හරි වැඳල එන්නෙ මේ ස්ථාන 4 බෞද්ධයින්ට වැදගත් නිසා නොවේද? මහා පරිණිර්වාණ සූත්‍රයේදී දැක වැඳ පුදා ගතයුතු ස්ථාන 4ක් ගැන කිව්වේ විහිළුවටද?

ඇත්තටම අප බුදුරදුන් උපන් බිම කියා අන් තැනකට ගොස් වැඳ පුදාගත්තාට නියම ඵලයක් නොලැබිය හැකිය. එනිසා යා යුත්තේ බුද්ධිමත්ව හරිහැටි සොයා බලා නියම තැනටමය. දළදා වඳින්න කතරගම ගිහින් හරියනවද? විශ්ව ශක්තියට අනුගත වෙන්න ලෝකෙ හැම තැනින්ම පුලුවන්ද? මැණික් කියල තිරිවාණ ගල් තියාගෙන හිටියට වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවො උපන් තැන වැඩක් නෑ, ධර්මය විතරයි ඕනි කියන ඔය පණ්ඩිත, දාර්ශනික ඇත්තො ඔය ගැනත් යිකක් හිතල බලනත්වා...
 පෙරුම් පුරල පුරල ඉංදියාවෙ ගිය සමහර අයට නම් මළ (කෙළෙස් මළ) පනිනව බුදුහාමුදුරුවො ලංකාවෙනෙ ඉඳල තියෙන්නෙ කියල පෙන්නකොට. 'ඇයි හද්දෙයියනේ කොහොමද ඉතින් මම හිත හදා ගන්නෙ', 'මගෙ සල්ලි ටිකයි පිං ටිකයි ඔක්කොම අහක යයිනෙ' කියල ඒ මනස්ගාත ලෝක වලම තම හිතත් රවට්ටගෙන එයාල ඉන්න බලනව. දුක තමයි මහත්තරුනේ... ඒත් අපි මොනව කරන්නද.. අපිට ඇත්ත කියන්නම වෙනව අපෙ සැමගේම යහපත ගැන හිතල.. අපිට ඔය බොරුවෙන් ජීවත් වෙලා පුරුදු නෑ..

 සත්‍ය ඉතිහාසයම පවතී නම් පමණක් ඒ ගැන සොයමින් සිටීමට අවශ්ය නොමැත. එහෙත් ගැටලුව නම් එය පටලවා ගෙන ඇති කමයි. එයයි නිවැරදි කරගත යුත්තෙ. ඉතිහාසය අවුල් නම් පිරිසිදු දර්මය එහි පවතීදැයි කෙසේ නම් කිව හැකිද? නිදානය ගන්නට අන් තැන් හාරා පලක් නැත. නියම තැනටමයි අප යා යුත්තේ. එනිසයි අපි මේව දැනුවත් කරන්නේ.. 

 බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන ) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව. 'ධර්මය තුල සැගවුනු බණ නැත. රහස් බණ නැන' යනුවෙන් බුදු හිමියන් දෙසූ බව සැබෑය. එමෙන්ම මාගේ ඇවෑමෙන් මේ දහම එලෙසින්ම පවතිනු ඇතැයි කියා බුදු හිමියන් නොදෙසූ බවද සැබෑය.

ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා... සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු ද..?  කිසිවෙක් අමනාප නොවෙත්වා..
 තෙරුවන් සරණයි...

බුදුරදුන්ගේ උපන්බිම සත්‍ය අපට හෙළි කරනවාට ප්‍රධාන වශයෙන් විරුද්ධ කවුරුන්ද?

 




එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive