අපගේ අරමුණ...

 හෙළ දේශයට, සමයට, දහමට ලැදි සියලු හිතවතුනි, සොයුරු සොයුරියනි,
අපගේ තිලෝගුරු බුදු පියාණන්ගේ මග යමින් සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් සැබෑ සත්‍ය මතු කරමින් උතුම් සමාජයීය මෙහෙවරක් සිදු කරමින් යන ගමනකට කෙලෙසින් හෝ සහාය වන ඔබද, මමද සැබෑම බෝ සත් මග යන බෝසත් වරුන්මය.


මේ උතුම් සත් ධර්මය පිහිටවූ ධර්මද්වීපයම බව අප දනිමු.. අද සත් දහම යම් පමණකින් හෝ සුරැකුනේ අපගේ මුතුන් මිත්තන් දිවි හිමියෙන් මේ දහම් දීපය ආරක්ෂා කළ නිසා බවද අප දනිමු.. පුද්ගලික වාසි නොතකා අප සැම සිදු කරන මේ මෙහෙවරද උතුම් කර්තව්‍යයක්මයි..
සුදුසු තැනදී බුදුරදුන්ගේ උරුමය සත්‍ය පැවසීමට අප කෙලෙසකවත් පසුබට නොවෙමු. මේ ෆේස්බුක් පිටු හරහා පුලුවන් තරම් අප මිනිසුන් දැනුවත් කරමු.. එය අවිද්‍යාවේ ගිලී සිටින ජනයා ගොඩ ගැනීමට කරනු ලබන මහත් පුණ්‍ය කටයුත්තක්මයි...

සමාජයට යහපතක් කිරීම ඔබ මා ඇතුලු අප කාටවත් එතරම් පහසු කටයුත්තක් නම් නොවන බව අප කවුරුත් දන්නවා.. අපගේ ගුරු බුදු පියාණන් වහන්සේටත් සත් ධර්මය ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී කොතෙකුත් නම් සතුරන් කරදර බාධා පැමිණ වූවාද. එසේ නම් අප වැනි අයට ඒවා එළඹීම ගැන කවර කතාද?

ඒ කුමන බාධාවක් පැමිණියත් අභීත සිංහයන් විලසින් නොසැලී සිටින්නට අපි කවුරුත් වෙහෙස ගමු. සමහර අය අපට නොයෙක් නින්දා අපහාස පරිභව කරාවි..  එහෙත් මෙත් සිතින්ම කාටවත් හිංසාවක් නොකර, බුද්ධ ශක්තිය ගැබ්වූ රට, දැය, සමය සුරකිමින්, උතුම් මානුෂීය මෙහෙවරක් කරමින් අප යන සුමගෙහි අවසන ඇති උතුම් නිවනම කරාද යමු...
අප කාගේවත් එක ලේ බිඳුවක්වත් නොසලා අවිහිංසාවාදීව මේ ධර්ම යුධය විජය ගන්නවාමයි...
අප කිරි බිව් මවට ණය නැතිවාක් මෙන්ම ලක් මවටද ණය නැති අයම වෙමු. එනිසා ලොවට අණන වූ විනය ඇති අප මාරයාගේ ණයද ගෙවා දමන අයමය..


සැබෑ ජම්බුද්වීපය කුමක්දැයි නොදන්නා අය තවමත් අප අතර සිටීනවා..
ඔවුන් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව අන්ධානුකරනයෙන් මිත්‍යා අදහස් කරපින්නාගෙන තවමත් යනවා..
හය හතර හරියට නොතේරෙන ඒ අයටත් අප අනුකම්පා කරමු..
ඔවුන්ටත් මේ සත්‍ය ඉක්මනින්ම අවබෝධ වෙවායි මෙත් සිත පතමු..
අපේ සියලු හෙළ වැසියන් මිත්‍යාවෙන් මුදාලීමට ප්‍රයත්න දරනා මෙහෙයුමයි මේ...
යටවූ ඉතිහාසය තුලින් සැබෑ සත්‍ය මතුකොට උතුම් දේශය සුරැකීම තුලින් නිවන් මග පාදාදීමයි අපගේ එකම අභිප්‍රාය වනුයේ...

 ඉදිරියේදී දීප ව්‍යාප්තවද ජාත්‍යන්තරවද මෙම වැඩසටහන විවිධ ක්‍රමවේධ ඔස්සේ කරගෙන යාමට අප විධිවිධාන ගෙන යනවා..
 සත්‍ය දත්තාවූ පරහිතකාමී අයගේ සහායද මෙහිදී අපට අවශ්‍යයි..
ඔබට හැකි කුමන අයුරක හෝ සහායක් දක්වත්වා..
මේ උතුම් යුග මෙහෙවරෙහි දල්වන පහනට තෙල් බිඳුවක් හෝ දමා පිං රැස්කර ගනිත්වා...
සියල්ලන්ටම නිවනම වෙත්වා...
විමසීම් -

Mail- budunupanhelabima@gmail.com
Web – www.budunupanhelabima.blogspot.com


එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive