කොතැනද අපට වැරදුනේ?



එදා ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ ජම්බුද්වීපයේ සිට ලංකාපුරට තෙවරක් වැඩම කළ බව ඉතාමත් ප්‍රසිද්ධ කථාවකි. බොහෝ ඉතිහාස කතා පොත්වල ද බෞද්ධ ඉතිහාසයේ ද  මහානාම හිමියන් ලියූ මහාවංශ පාලි අටුවාවේ ද මෙය පැහැදිළිවම සටහන් කර ඇත. නමුත් කිසිම ඉන්දීය ඉතිහාස පොතක පතක, ලියවිල්ලක හෝ වෙනත් කිසිම තැනක බුදුන් පිලිබඳව හෝ ලංකා ගමන ගැන හෝ ජන්බුද්වීපය ගැන හෝ කිසිම දෙයක් ඉන්දියාවේ දී ලියා තබා නැත.
බුදුපියාණන් තෙවරක් ලංකාපුරයට වැඩම කළ බව හෙළ බසින් ලියූ මුල්ම මහාවංශයේ සඳහන් වී තිබීම නිවැරදිය. එහි තර්ක කරන්නට දෙයක් ද නැත. වරද සිදු වී ඇත්තේ මුල්ම හෙළ මහාවංශය ලියා වසර 300 කට පමණ පසුව හෙළ මහාවංශයට ලියූ පාලි මහාවංශ අටුවාවේ මෙම කථාව ලිවීමේදීය.
එදා බුද්ධ කාලයේ ලංකාපුර ආලකමංදාව අලංකාරපුරය ආදී විවිධ හෙළ නාමයන්ගෙන් හැඳින්වූයේ වෙසමුණි නම් මහ රජු රජකම් කළ යක්ෂ හෙළ රාජධානියේ අගනුවරටයි. අද අපි ලංකාව යැයි හඳුන්වන්නේ මුළු තුන් හෙළයටමය. එදා ඒ දේව හෙළය, යක්ඛ හෙළය, නාග හෙළය යි. එදා යක්ඛ හෙළය හා නාග හෙළය එක් රාජ්‍යයක් ලෙස ද, දේව හෙළයේ පිහිටි ශාක්‍ය ජනපද වෙනම රාජ්‍යයන් ලෙස ද හැඳින්විණි.
සත්‍යවශයෙන්ම අපට මෙම අවුල ඇතිවූයේ සුදු ජාතිකයින්ගේ ආක්‍රමණවලින් පසුවයි. ඒ කියන්නේ අවුරුදු 200 කින් මෙපිටයි. ඉන් පෙර ලියවී ඇති සියලු පොත් පත් වල සඳහන් වනුයේ දඹදිව යනු අප හෙළ දිවයිනේම කොටසක් බවයි. සුද්දන් විසින් බලයෙන් ලියාදුන් ඉන්දියාවේ හා ලංකාවේ ඉතිහාසය අද මහත් ගැටළු රාශියකට පත් වී අවුල් ජාලයක් වී පවතී.
බුදුන් ඉන්දියාවේ සිටි බව ගොතා පෑම, වැරදීමකින් සිදුවුනාද නොඑසේනම්, කුමන්ත්‍රණයක් දැයි තාමත් අභිරහසකි.
නේපාලයේ ඇති ලුම්බිණි නම් ව්යාජ සෙල්ලිපිය කරවූ Feuhrer නම් ජර්මානු ජාතිකයා විසින් ඊට අමතරව දන්ත ධාතුවක් සොයාගත්තාය කියමින් අශ්ව දතක් ඉදිරිපත් කර ඇත. වාසනාවකට එය පහසුවෙන් අශ්ව දතක් බව හදුනා ගැනීමට හැකිවිය . නැතිනම් එය අප විසින් වන්දනා කරනු ඇත. Feuhrer පසුව පවසා ඇත්තේ බුදුන් 18 රියන් උස වූ නිසා දත විශාල විය යුතු බවය.
මවාගෙන සිටින කණ්නාඩි ගලවා ලෝකය දෙස විමසා බලත්වා…
කාලයක් තිස්සේ මවාගත් මනෝ ලෝකයෙන් මිදෙන එක ලේසි නැහැ තමයි. ඒත් මිදෙන්න නම් ඇත්තට මුහුණ දෙන්නම වෙනව.. මේවායින් පැනල ගියොත් අමාරුවෙ වැටෙන්නෙත් අපිමයි…
(මේ සියල්ලක්ම කියන්නේ ඔබට ඔප්පු කිරීමට පුලුවන් සම්පූර්ණ සාක්ෂි ද සහිතවය. ඒවා ඉදිරියට ඔබට මෙහිදීම හමුවනු ඇත. සත්‍ය දැනගැනීමට අවශ්ය නම් අනලස්ව දිගටම කියවාගෙන යන්න. තමන් තමන්ටම වංචා කර නොගන්න).
ක්‍රිස්තුධර්මය පැතිරවීමේ පැහැදිලි චේතනාවෙන් සිටි බටහිර ආක්රමිකයන් බුදුන්ගේ ස්ථාන සොයාගැනීමට මෙතරම් උනන්දුවක් දැක්වුයේ ඇයිදැයි ප්‍රශ්නයක් පැනනගී. මීට වසර දෙසිය ගනකට පෙර කිසියම් ජාතියකට යටත් නොවූ ලංකාව ආරක්ෂාවී තිබුනේ බුදුදහම නිසා මිස වෙන අන් කරුණක් නිසාද ?
ලංකාවේ බුදුදහම විනාශ කිරීමට විදේශිකයන් ගොඩනැගු සැලැස්ම නම් අතිසාර්ථකය.
බුදුන් වහන්සේ යනු නුබලා ගේ කෙනෙකු නොවේ ඉන්දියන් කාරයෙකි. නුබලා බවුද්ධ වීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැත. ජේසුස් වහන්සේද පිටරටියෙකි. එබැවින් කොයි ආගමත් වෙනසක් නැත. නුබලා සම්භවයෙන් බෞද්ධ නැත…. කියාය. (අප ඔවුන්ට අනුකම්පා කරමු )
දැනට අවුරුදු 75කට පමණ උඩදී සුද්දන්ගේ මෙම ව්යාජ ඉතිහාස උගුලට හසුවූ අනගාරික ධර්මපාලතුමන් උත්සාහ කලේ සැඟව තිබූ එම ස්ථාන සොයාගෙන නැවත මිනිසුන්ට වැඳ පුදාගන්නට සැලස්වීමටයි.
එහෙත් අපේ අවාසනාවට එතුමාටත් හමුවුණේ ඉන්දියාවේ සිටි මනක්කල්පිත අශෝක රජු විසින් ලක්දිව පිහිටි අටමස්ථාන වලට අනුරූපීව ඉන්දියාවේ ගොඩ නගපු කෘතිම ධර්ම රාජ්යයේ සිද්ධස්ථාන ටිකයි. එදා පටන් අපිත් දඹදිව යනව කියල ගියේ ඔය ජෛන මහා වීරගේ නිඝන්ඨාරාම වඳින්නයි. නමුත් දඹදිව සිද්ධස්ථාන තියෙන්නෙ අපේ රටේමයි කියල අපිට තේරෙන කොට කල් ගිහින් වැඩියි. මේව කියන විට අපිට වේදනා තමයි. එත් අපට ඇත්ත සඟවන්න බැහැ.
විදේශිකයන් කියු පමණින්, බුදුන් උපන් රට ඉන්දියාව ලෙස දොහොත් මුදුන් දී පිළිගත්තේ ලංකාව පමණි. අනිකුත් බෞද්ධ රටවල් එය පිළිගන්නා බවක් නොපෙනේ.
ඊට මුලික හේතුව වන්නේ ඉන්දියාව බෞද්ධ රටක් නොවීමය. මෙකි මතභේදය නිසා, තායිලන්ත විද්වතුන් සිතන්නේ බුදුරජානන් වහන්සේ සිටියේ තම රටේ කියාය. මෙහිදී ඔවුහු ඉන්දියාවේ නොවියහැකි බවට ගෙනෙන තර්ක අපට වඩාත් වැදගත්ය.
පාහියන් වාර්තා, හියුං සියෑං වාර්ථා, (බුදුන් පිරිනිවී අවු.300-600 තුල සිදු වූ)..ඔක්කොටම වඩා අදත් ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නේපාලය ආදී රටවල් වල මතුවෙමින් ඇති නටබුන් වූ වෙහෙර විහාර, එවා බුදුන්ට පූජාකල ඒවා නොවන බවටයි මොවුන්ගේ මතය වී ඇත.
අප උපන් දා සිටම සම්මතයෙන් බුදුන් වහන්සේ යනු ඉන්දියාවේ සිටි කෙනෙකුයයි , ලංකාව එවන් වූ බුද්ධෝත්පාදයකට නුසුදුසුරටක් යයි ද අපේ යටි සිත් වලවලට කවා ඇති නිසා, බුදුන් උපන්නේ හෙළ බිම යි කියූ පමණින් සමහරුන් හට තදබල වේදනාවක් ඇතිවීම ස්වභාවිකය.
 සත්යය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි . මේවා එලියට එන්නේ නියම කාලයටය. පසුගිය දශක කිහිපය තුල මෙකි ස්ථාන මතු නොවුනේ එම ප්රදේශය තුල යුද්ධයක් පැවතුන නිසා වන්නට පුළුවන උතුරු හා නැගෙනහිර ඇති මෙම ස්ථාන කලින් ප්රසිද්ධවුනා නම් ඒවා ඒවා කිලිටිවෙනු නොඅනුමානය .
සෙනරත් පරණවිතාන ,අරිසෙන් අහුබුදු , ජයරත්න පතිආරච්චි, මූකලන්ගනුවේ පඤ්ඤානන්ද හිමිපාණන් වැනි අය සහ අප්‍රසිද්ධියේ මෙය ප්‍රකාශ කල 'වහරක අභයරතනාලන්කාර' හිමිපාණන් වැනි අය අපමණ සිටින්නට පුළුවන. එලෙසම ප්‍රකාශ නොකලද තම යටිසිතට මොහොතකට හෝ මෙය දැනුනු අය අප්‍රමාණය.
 මෙම කරුණ වාඩාත් හොදින් ගවේෂණය කර බොහො කරුනු නිරාකරනය කරමින් ප්‍රකාශ කිරීමක් සිදුවුයේ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් සම්පාදනය කල අප උපන් මේ හෙලබිම බුදුන් උපන් ජන්බුද්ව්පයයිනම් ග්‍රන්ථය හෙළි දැක්වීමත් සමගය.
එදා අශෝක මහ රජු විසින් කෘතිම වශයෙන් ගොඩනැඟූ බුද්ධ රාජ්‍යයේ වෙහෙර විහාර අසූහාර දහසක් ගොඩනංවා ඉදි කළ කෘතිම බුද්ධ රාජ්‍යයට ම්බුද්වීපයයන නම පසු කාලයක දී ආරූඪ කළ බවක් ද ඉතිහාසයෙහි පෙනෙන්නට ඇත. අශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලයෙන් පසුව ආ යුගයේ දී මේ විකෘති කිරීම කළේ මේ හෙල දිවයින තුළදීම ඉතිහාසය ලියන ලද හා බුද්ධ සාහිත්‍යයට අදාළ පොත පත ලියන ලද මේ රටේම ගත්කතුවරුන් විසින්මය. ඉන්දීයයන් නොවේ.

ඉතිහාසය

ඉතිහාසය යනු යම් සං සිද්ධියක් සිදුවී කලකට පසුව, එසේ සිදුවූවා යැයි, යම් කෙනෙකු විසින් කරණ ලද ප්‍රකාශයකි. එය ලිඛිතව හෝ මුඛ පරම්පරාවෙන් හෝ පවත්වාගෙන ආවක්ද විය හැකිය. සිදුවීම ලියා තබන පුද්ගලයාගේ මිම්ම, මානය, දෘෂ්ඨිය, හා ආකල්පය මෙන්ම දැනීමද ඓතිහාසික ලේඛනයට තදින්ම බලපාන දේවල්ය.
නිසා ඉතිහාසය යනු තම තමන්ගේ මිම්මෙන් මැන තම දැනුම අනුවම ලියු දේවල්ය. මහා වංශය හා අපේ අනිකුත් ඉතිහාස පොත්ද මේ ආකාරයටම පුද්ගලයින් විසින්ම ලියු ඒවාය. බෞද්ධ සාහිත්යයද, බෞද්ධ සංස්කෘතියද මේ ආකාරයෙන්ම විවිධ පුද්ගලයින් තම මතයන්ද ආකල්පයන්ද ඇතුලත් කර යම් පරමාර්ථයක්ද ඇතිව ලියා පල කල දේවල්ය. බුදු රදුන් දේසනා කල ධර්මය එලෙසින්ම මේවායේ ඇතැයි කාටනම් කිව හැකිද? කාලාමා සුත්‍රය බුදුපියාණන් දේසනා කර වදාලේ මේ ප්‍රශ්නයට පිලිතුරු සපයන්නටය. අපි අද භාවිතා කරණ බෞද්ධ ඉතිහාස පොත්වල, බෞද්ධ සාහිත් පොත්වල හෝ බෞද්ධ ආගමික පොත්වල හෝ නිවන් දකින්නට උපකාර වන නියම බුද්ධ ධර්මය එලෙසින්ම ඇතැයි කාට නම් කිව හැකිද? එසේනම් මේ පැටලුම් සහගත, ගැටලු තත්වය ලිහා ගැනීමට ඉතිහාසය නිසියාකාරව තමන් විසින්ම පරිශීලණය කළ යුතු වෙනව.


සිංහලයිනි, දමිළයනි, මුස්ලිම් වරුනි, බෞද්ධයිනි, අපට වැරදුන තැනක් තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. ඉතිහාසය වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි.. අපේ මුතුන් මිත්තන්ගේ අභිමාණය ශ්‍රේෂ්ඨත්වය රැකදිය යුතුයි.. එය රැක ගත යුතුයි.. මතු පරපුරට එය හිමි කර දිය යුතුයි

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive