බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් අපට, රටට, ජාතියට ඇති ඵලය කුමක්ද?



බුදුන් උපන් ස්ථාන කොහේ වුවද එය ධර්මයට අදාල නැති බවට බොහෝ අය ප්‍රකාශ කරනු ඇත. අනිත් අතට සත්‍යය ස්ථාන ප්‍රකාශ කිරීමේදී සම්මතයට එරෙහිව ගැටුම් සහගත තත්වයක් ද ඇතිවනු ඇත. එසේනම් අප මෙය පැවසීමෙන් ඇතිවන සෙත කුමක් ද?
බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් රටට, ජාතියට හා ධර්මාවබෝධයට විශාල ශක්තියක්, යහපතක්, පිටුවහලක් වන බව පැහැදිළිවම, එක හෙළාම  සඳහන් කළ යුතුය. මෙහි දක්වන හා පෙන්වන තොරතුරු තුලින් ලෞකික හා ලෝකෝත්තර යන දෙමගෙහිම යන අයට බෙහෙවින්ම උපකාරී වනු ඇත.
මිහිඳු හාමුදුරුවො රජගහ නුවර සිට යක්ඛ හෙළයට අයත් ලංකාපුරයට (අනුරාධපුරයට ආසන්නව) ගොස් ඇති කළේ මූලිකවම බුද්ධාගමයි. බුද්ධාගම සහ බුද්ධ දර්ශණය යන දෙකෙහිම සංකළනය නිසා පෙර රජ දවස මේ රට ඉතාමත් සශ්‍රීක රටක් වුනා. ස්වයංපෝෂිත රටක් වුනා. සදාචාර සම්ම්පන්න රටක් වුනා.. ඉන් පසුව ක්‍රමයෙන් මේ රට අගාදයට ගියේ සොලී ඇතුලු අනෙකුත් විදේශ ආක්‍රමණත් සමගයි.  
ඔවුණුයි මේ රට හා පිරිසිදු දහම  විනාශ කරන්න ප්‍රයත්න දැරුවෙ. ඔවුන් එහිදී අපේ ඉතිහාසයත් අන්තිමට වෙනස් කළා. එය ඔවුන්ට ඕනි විදියට ලිව්ව. ඉතින් ඔන්න ඔතන ඉඳල තමයි අපි එය නිවැරදි කළ ගත යුතු වන්නේ..
ඉන් රටටත් ආගමටත් දහමටත් විසාල යහපතක් මිස කිසිම අවැඩක් වෙන්නෙ නෑ. (සමහර ව්යාපාරිකයින්ට හා වෙනත් රටවලට නම් එය ලොකු පාඩුවක් වෙන්න පුලුවන්)
 ඉතින් ඇයි අපිට ඔතන ලොකුම වැරැද්ද හදාගන්න අවශ්‍ය නෑ කියන්නේ..  අප නිවැරදි වෙන්නට  අපි මොකටද කාටවත් බය වෙන්නේ?
එය අරහත්වයට  හා නිවනට එකහෙළා අත්‍ය අවශ්‍ය නැත යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. හොඳයි අපි එය එසේ යයි දැනට සිතමු.  නමුත් බහුතරය අරහත් වන්නේද නැත. නිවන් දකින්නේද නැත. එනිසා ලෞකික ලෝකයේ සිටිනවුන්ගේ සදාචාරත්වය සඳහා ආගම අවශ්‍යමයි. නිවැරදි ආගමක්, දර්ශණයක් තුලින් රටක් නිබඳවම දියුණු වෙයි.. සශ්‍රීක වෙයි

අපි සරණ ගිය දහමේ නායකය ගැන හොයන්න එපා කියනවනම්, අප අදහන ආගමේ නායකය ගැන හොයන්න එපා කියනවනම් මේ මොන විහිලුවක්ද? කියා නුවණැත්තෝ විමසා බලත්වා... 
 
මෙහි කිසිම පුද්ගලික හෝ පටු දේශපාලනික අරමුණක් නැහැ.. කවුරුත් පක්ෂ භේද අත හැරල එකා වගේ රටක් ජාතියක් හැටියට නැගී සිටිමු. අපත් හැදෙමු.. රටත් හදමු.. සසරින් එතෙර වන නිවැරදි මගත් සොයා ගමු.
අපට වැරදුන තැනක් තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. මුල වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි…



මේ කියන්නේ බුදුරදුන් හෙළදිව උපන්නා කියූ ගමන් කුපිත වන, බුද්ධිමත්ව කිසිම කරුණක් ගැන විමසා හොයන්නේ බලන්නේ නැතුව පරල වී, උමතුවී, වියරු වැටී, භූමිතෙල් වැදුනු ගැරඬියන් මෙන් දුවමින් පිස්සු නටන ජාතික හා විජාතික පරගැති අදහස් දරණ දෙපිරිසගේම ඇස් ඇරවීම සඳහාම වන බව දන්වන වගයි...
එනිසා බුද්ධිමත්ව, නුවණින්, මධ්‍යස්ථව, හෙමින් සීරුවේ කරුණු කාරනා සොයමින් තීරණ නිගමන වලට එන්නට හැකියාව ඇති මහත්ම මහත්මීන් මෙය වරදවා වටහා නොගන්නා ලෙසටත්, අනෙකුන්ගේ තොප්පියක් දමාගන්නට එපා කියාත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා
බුදුරදුන් මේ හෙළදිව වැඩ සිටි සත්‍ය පැහැදිලිව දැන අවබෝධ කර ගැනීමෙන් එය අපට රට දැය සමයේ උන්නතියට මෙන්ම ධර්ම මාර්ගයේ යන අයටත් එය ඉතා වැදගත් වෙනවා...
සමහරක්ට මෙය කීවාට වටහා ගන්නට කොහෙත්ම සුලු හෝ උත්සාහයක්වත් කරන්නට සූදානම් නැත. ඔවුන් සිතන්නේ අපට පිස්සු කියාය. ඒ ඔවුන් තුල තිබෙන අති පණ්ඩිත කම, මාන්නාධික කම නිසා, රටට, ජාතියට, ආගමට දහමට හෙණ ගැහුනත් කමක් නැතැයි සිතා කුමන ක්‍රමයකින් හෝ මුදල් පස්සේ දුවන නිසා හෝ තම සිරුරේ පජාත, විජාත ලේවල සංමිශ්‍රණයක් ඇති නිසා විය හැකිය. එබැවින් ඔවුන්ට කොතෙක් හොඳින් කීවත් නොවැටහෙන්නේ ඔවුන්ට තේරෙන භාෂාව අන් වූවක් නිසාම වියයුතුය..

සිංහල බෞද්ධයා යනු අතීත හෙළයන්ගෙන් පැවතෙන්නන්ම මිස ඉන්දියානු සම්භවයක් ඇත්තන් නොවේ.. වැරදියට සැකසූ පාසැල් විෂය මාළාවෙන් හෝ සමහර කාළකණ්නි චිත්‍රපට, ටෙලි සිනමා නිර්මාණ වලින් අපව හෝ අපේ ශිෂ්ට බව භාරතයට ඈඳන්නට අනවබෝධයෙන් කටයුතු කරයි. එසේ වුවත් අපට පෙර කවදාවත් ඉන්දියානු සම්භවයක් හෝ උපකාරයක් ලැබී නම් නැත. ඉන්දියානුවන් කර ඇත්තේ අපේ දේ සොරකම් කිරීමත් අපේ පාළකයන් හා සම්මත උගත් පිරිස ඇන්ඳවීමත් පමනයි..
ඉන්දියානු ගැති, ඉන්දියානු සභ්‍යත්වයක් ඇත්තන්ට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්ද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් තවත් සැපක් නම් නොමැත.. එසේම බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමත් සිංහල අප ශිෂ්ට වුනේ ඉන්දියාවෙන් බව පැවසීමත් ඔවුන්ට සැපක්මය..
ඒ අමන සැප මායාවක් වන්නේ සත්‍ය ඉතිහාසය තුල විමසීමෙනි. ඒ මනස්කල්පිත දිව්‍ය ලෝකය කැඩී විසිරී යන්නේ සත්‍ය හෙලිවූ දවසටය. ඉන් ගැලවීමට ඉඩ නොදී තම සිතම හරස්වී ඇති බව ඔවුන් නොදන්නේමය.. එසේම කිසිම ස්වාධීන අධ්‍යයනයක් නොකර, සත්‍ය ඉතිහාසය සොයා යන අයට බනිමින් තුච්ඡ කතා කියමින් ඔවුහු ඒ කපා ගන්නේ තමන්ගේම මිනී වල බව නොදනිති..

වසර ලක්ෂ ගනනක මේ සංසාර චක්‍රයේ සෑම කාලෙකම පෙරුම් පුරා බුදුවන හෙළයන්ටද, ඒ බුදුන් වහන්සේලාගේ ශාසනය තුල නිවන් අවබෝධ කරගන්නා හෙළයන්ද, ඒ සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන හෙළයන්ටද මිස මේ රටේ සැබෑ අයිතිය වෙන කාටවත්ම නැත්තේමය.. ඒක නොද්ත් බක පණ්ඩිතයනුත්, අශිෂ්ඨ පාළකයිනුත් කරන්නේ මේ අති උතුම් හෙළබිමට මහා විපතක්මය. තමන් කවරෙකු වුවත් නරක චේතනාවෙන් කරන සත්‍ය වැනසීමෙන් වන භයානක ප්‍රතිපලය ගැන සිතා, තමන්ගේ පරපුර ගැනවත් සිතා දැන්වත් සත්‍යට මුහුණ දෙන්නට සිතත්වා... බුදුරදුන්ටත් දහමටත් කරන මේ මහා හානියෙන් මිදෙත්වා...
සිංහළයෝ වනාහී සාමකාමී සහජීවනයට ලැදි ඉතාම ලෙන්ගතු ජාතියක් වෙති.. නමුත් ඔවුන් එසේ වන්නේ තම ජාතියට හෝ සාසනයට කිසිවෙකු කෙළින්නේ නැතිතාක් පමණකි. රෙදි උස්සන් දඟලන නටන කලවං පරගැතියන් සහ පරයන්ද, ඉතිහාසය හරිහැටි නොදත් අපගේ දේශමාමකයන්ද කියන දෙපාර්ශවයටම දැන් වැරදි හදාගත යුතු කාලය පැමිණ ඇත..
පරයා අපේ සැබෑ සත්‍ය ඉතිහාසය දන්නේනම් ඌ අපට කෙළවා ජය ලබනු ඇත.. දේශප්‍රේමියා අපේ සැබෑ සත්‍ය ඉතිහාසය දන්නේනම් පමණක් ඔහු ජාතිය දිනවයි.. දිනන්නට ඇති එකම සාධකය සැබෑ "සත්‍ය ඉතිහාසය දැනගැනීම" බව හෙළයා සිහි තබා ගත යුතුයි..

සාතන් අදහපු ඕල්කට් සුද්දා ධර්මපාල තුමාව ඉන්දියාවට හැරෙව්වේ ඇයිදැයි කියල දැන්වත් ඔලුවෙන් හිතා බලන්න. අවසානයේ ධර්මපාල තුමා එය වටහාගත්තේ ඉන්දියාවේදී අවසන් හුස්ම හෙලන කාලයේදීය. "අපට වැරදී ඇත, සිංහලයන් වහ වහා ඉතිහාසය සෙවිය යුතුය" කියා එතුමා බෙලහීන හඬින් මුමුනා කීවේය..
අද අපේ සමහර උන් සුද්දව අනුකරණය කරමින් බැරිගාතේ අපේ මීමුත්තන්ට පයින් ගසමින් සිටිති. මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයිමේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයිමේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයිමේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
උතුම් ලක් මවගෙන් ජාතක වූ සුජාත, අතිජාත, සජාත, අනුජාත වැනි වැදගත් හොඳ දරුවනේ නින්දෙන් නැගිටපල්ලා... නැත්නම් කුජීත, අවජාත, පජාත, විජාත හැත්ත මේ ලක් අම්මට යහතින් ඉන්න ඉඩ තියනකක් නම් නැත...

සම්මතය කර තියාගෙන යන අය බුදුරදුන් අපට පෙන්වා දුන්නේ වැස්ස්සේ තෙමි තෙමි අසුචි මල්ලක් කර තියන් යන අය ලෙසයි..  බුදුරදුන් කාලාම සූත්‍රයේ පෙන්වා දෙන්නේ කුමක්ද කියල හිතල බලන්න..
අරය මෙයා එහෙම කරන කියන නිසා අපිත් එහෙම කලයුතුයි කියා සිතනවානම් එයද මුලාවක්මයි. බුදු දහම යනු තමන් හිසට තම අතම සෙව්ණැල්ල සකසා ගත යුතු දහම් මගක් විනා අන් අයගේ සරණින් යා හැකි ගමනක් නොවේ. එනිසා කොයි නායක, කොයි රජ්ජුරුවෝ කිව්වත් අපට වැඩක් නැත. අප නිවැරදි කර ගත යුත්තේ අපේ මගයි. බුදු සසුනේ ගුරුවරයා ධර්මයම විනා අන් කිසිවෙක් නොවන බව පෙන්වාදී තිබෙනවා..
ස්වාධීනව ලොව අංක එකටම නැගීසිටීමට එදා අපේ හෙළ මීමුත්තන්ට කොන්ද පණ තිබුනානම් අද අපිට බැරි මොකද?

අපේ කොඳු නාරටි කඩපු අය හඳුනාගත යුතුයි.. වැටුනු තැන් හඳුනාගත යුතුයි.. ඊට නිසි ප්‍රතිකාර අපම කරගත යුතුයි.. උන්ගෙන් හිඟමන් යදිමින් තව තවත් දනින් නොවැටිය යුතුයි.. අපගේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදිය යුතුයි..
කොන්ද පණ ඇති හෙළ පරපුරක් නැවත බිහිවිය යුතුයි.. ඒකට අප නින්දෙන් අවදිවිය යුතුයි...
අද අපේ සමහර අය විජාතිකයින්ව අනුකරණය කරමින් බැරිමරගාතේ අපේ මහා වීර මීමුත්තන්ට පයින් ගසමින් ඔවුන්ව ඉන්දියාවට තල්ලු කරමින් සිටිති. මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයිමේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයිමේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි

ස්වාධීනව ලොව අංක එකටම නැගීසිටීමට එදා අපේ හෙළ මීමුත්තන්ට කොන්ද පණ තිබුනානම් අද අපිට බැරි මොකද මිතුරනේ?
අපේ කොඳු නාරටි කඩපු අය හඳුනාගත යුතුයි.. වැටුනු තැන් හඳුනාගත යුතුයි.. ඊට නිසි ප්‍රතිකාර අපම කරගත යුතුයි.. උන්ගෙන් හිඟමන් යදිමින් තව තවත් දනින් නොවැටිය යුතුයි.. අපගේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදිය යුතුයි..

ඔබ අපි මිලින්ම සත්‍ය කුමක්ද කියා නුවණින් විමසා බලන්න පුරුදු වෙමු... දෙවනුව අඩුපාඩු ඇත්නම් ඒවා කතා බහ කරගෙන නිවැරදි කර ගනිමු.. ඇත්ත වශයෙන්ම මෙතන අපට කළබල වෙන්නට කිසිම දෙයක් නෑ.. මොකද අපි කවුරුත් කලින් සිතාගෙන සිටියේ බුදුරදුන් ඉන්දියාවේම කියල තමයි.. ඒත් අපක්ෂපාතීව ඉවසීමෙන් කරුණු හොයාගෙන යනකොට මේ සම්බන්ධ අවිද්‍යා මුළාව දුරුවෙලා සත්‍ය මතුවෙනවා.. එනිසා මෙය තවමත් පිළි නොගත් අයට මුලින්ම තොරතුරු සොයන්න උත්සාහ ගන්න කියල අප කාරුණිකව ඉල්ලා සිටිනව..
හෙළදිව ගෝතම බුදුන්වහන්සේ වැඩසිටි ජම්බුද්දීපය ගැන ඔබට තවත් සැකයක් තිබේ නම් Hugh Neville පුස්කොලපොත් එකතුවේ ඇති පහත සඳහන් පුස්කොලපොත් රැගෙන කියවන්න.
උපුලුවන් අස්න, පැරකුම්බා සිරිත, බුද්ධ ආදාහනය, බෝධි විස්තරය, බෝධි වන්දනාව, බෝධි විස්තර කවි, මහා සම්මත පිළිවෙල, මහා සම්මත මුල පටුන, මහා සම්මත සිව්පද, රත්නවල්ලිගේ සිව්පද, රබෙල් අස්න, රාවණ පුවත, රාවණ කථාව, රාවණ හටන, රුවන්වැලි කතාව, ලක් බෝ හෑල්ල, ලංකා පුවත, ලෝක විස්තර තරංගමාලේ, ලෝක උප්පත්තිය, සිංහල විස්තරය, හෙළු කුවේණි අස්න
ස්ථානය - Asia and African studies reading room on the 3rd floor of the British Library's main building at St. Pancras. London, UK
දීපවංශය, රාජාවලිය, දිව්‍යාවදානය ඇතුලු බොහෝ තොරතුරු වලින්, ඓතිහාසික මුලාශ්‍ර , භූ විද්‍යාත්මක කරුණු , තාක්ෂණික කරුණු, ගුප්ත විද්‍යාත්මක කරුණු, අධ්‍යාත්මික කරුණු වශයෙන් දැක්විය හැකිය.
බුදුරදුන් මේ හෙළදිවෙහි පිහිටි ජම්බුද්වීපයේම වැඩසිටි බවටත් සියලු සාක්ෂි ප්‍රාමාණික අනන්ත අප්‍රමාණවත් තිබෙනවා...
මෙය බොහෝ ගිහි පැවිදි උතුමන්ලා පිරිසක් විසින් සොයා ප්‍රත්‍යක්ෂ කර දැන අවබෝධ කරගත් සත්‍ය ඓතිහාසික තොරතුරු පදනම් කරගෙන කියන ලද්දක් වන අතර  ඊට ඓතිහාසික මුලාශ්‍ර , භූ විද්‍යාත්මක කරුණු , තාක්ෂණික කරුණු, ගුප්ත විද්‍යාත්මක කරුණු, අධ්‍යාත්මික කරුණු වශයෙන් දැක්විය හැකිය.
මුලින්ම පහත ලින්ක් එකට ගොස් ඒවා මධ්‍යස්ථව  විමසා බලාගන්නා මෙන් ඉතා කාරුණිලව ඉල්ලා සිටිනවා.. තෙරුවන් සරණයි.
බුදුරදුන් අප හෙළදිව වැඩසිටි බවට තහවුරු කෙරෙන තොරතුරු..
www.budunupanhelabima.blogspot.com/p/blog-page_2.html

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive