සිංහළ බෞද්ධයෝ කවරහුද? බුදුරදුන් අප හෙළදිව වැඩසිටි බවට තහවුරු කෙරෙන තොරතුරු..


සිංහළ බෞද්ධයෝ කවරහුද?
ලංකාවේ ශිෂ්ඨාචාරය බිහිකලෝ නම් සිංහළයෝම වෙති. ඔවුන්ගේ වත්මන් නාමය සිංහළ නම් වේ.. ඔවුන්ට අතීත නාම බොහෝ වෙති. හෙළ, සිව්හෙළ, සීහෙළ නමින් හැඳින්වූයේද ඔවුන්මය. සිව්හෙළ යනු මෙසිරිළක හෙළයන් යන්නය..
මේ හෙළ බිමටම ලංකාව කියා අද හැඳින්වූවත් අතීතයේ ලංකාදීප කියා හැඳින්වූයේ එක් කොටසකට පමණයි.
දීපය යනුවෙන් හඳුන්වන්නේ සමාන්‍යයෙන් ජලයෙන් වටවූ භූමිය වුවත් අතීත ව්‍යවහාරයේදී ලංකාවෙහි පිහිටි රාජධාණිද දිවයින් හෙවත් දීප ලෙසින් හඳුන්වා තිබුණි.. උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය, ලංකා දීපය, සිංහළදීපය යනුවෙන් හඳුන්වන සියල්ලම ලංකාවෙහි පරිපළන කොටස් මිස මුලු හෙළබිමම නොවෙයි. ඉතින් මේ පිළිබඳ අවබෝධයක් නැති අය ඉතිහාසය තුල අතරමං වෙති. අතරමංවී ඊට වැරදි නිරුත්ති දෙති..

(සීහ+හෙළ සීහළ විය. පසුව එයින් සීහෙළ, සිව්හෙළ, සිංහළේ, සිංහල, හිංගල ආදී සමාන පද රැසක් බිහි වූහ.
සීහ හා සීහළ යනු ගොතම බුදුරදුන්ට නමකි.. උන්වහන්සේ සීහළ නාද පවත්වන, සීහ සෙය්‍යාවෙන් සැතපෙන, අති උත්තම 'නර සීහ' නම් වූහ.
හෙළ - යනු ශුද්ධ භාවය, ස්වේත බාවය හෙවත් සුපිරිසුදු භාවයයි. හෙල, හෙළු, එළ, එළු ආදී සමාන අදහස් පද පසුව බිඳී ආ ඒවාය.. යමක් ඉතා හොඳයි ශ්‍රේෂ්ඨයි කීමට අදටත් අප හෙළ, එළ, එළකිරි වැනි වචන භාවිතා කරනවා නොවේද?
ශුද්ධ භාවයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ බුදුරදුන් යන අර්ථයෙන් (සීහ+හෙළ) සීහළ කියා කියනවා..
ඒ බුදු මග ගොස් ශුද්ධත්වයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූ අනෙක් ශ්‍රේෂ්ඨ පිරිස ආර්යයන් වහන්සේලා වුනා.. ආර්‍යන් වහන්සේලා නම් අරහතුන් වහන්සේලාමයි. ඒ සුපිරිසුදු ශ්‍රේෂ්ඨ සීහළ උතුමාණන්ගේ හා ආර්‍ය උතුමාණන් වහන්සේලා අනුගාමී ශ්‍රාවකයන්වූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසට ආර්ය ශ්‍රාවකයින් කියා කියනවා..
ඔන්න ඔතනයි ආර්යයන්ගෙ මුළාරම්භය වනුයේ. ඉන් එහා කොහෙවත් ආර්යයන් හිටියේ නැති බවත් අනාර්යන් පමණක්ම සිටි බවත් අප දැන ගන්නට ඕනි.. ආර්‍යයන් පහළ වෙන්නේ බුදුවරයෙකුගෙන්ම පමණයි. එහෙනම් හෙළ ආර්‍යයන්ගේ මුළ අප බුදුරජානන් වහන්සේමය.
ඒ පිරිසුදු ශ්‍රේෂ්ඨ සීහළ උතුමාණන්ගේ අනුගාමී ආර්ය ශ්‍රාවකයන්වූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසේ උපාසක, උපාසිකාවන්ගෙන්, බිහිවුණු පරපුර සම්මත ආර්යයන් වුණා.. සම්මත ආර්යයන්ගේ ආරම්භයද එතැනයි. ඒ උසස් ආර්ය ජාතියට ආර්ය සීහළ හෙවත් ආරිය සිංහළ ජාතිය කියාද කියනවා.. එසේනම් හෙළදිව සිටි අනෙක් අය අනාර්‍යයෝම වූවාහ..)
 
අතීත වීර හෙළයන්ට ඇතමෙක් පරිභව කිරීමට හෝ හැඳින්වීමට හෝ අන්ජාතීන්ගෙන් වෙන්කොට දැක්වීමට විවිධ ගෝත්‍රික නාම ඈඳූහ.. යක්ෂ, නාග, රාක්ෂස, මනුස්ස, අසුර, දේව, සුර, කුම්භාන්ඩ, ගාන්ධර්ව ආදී කුමන නමකින් කවර චේතනාවකින් හැඳින්වූවත් ඒ සියල්ලෝ අතීතයේ පොදු හෙළයෝමය..
එක් තැනක යක්ෂයා තවත් තැනෙක නාගයා නමින්ම හඳුන්වා ඇත. ඔවුහුම තවත් තැනෙක රකුසා නමින්ද පවසා ඇති අතර මෙවැනි උදාහරණ එමටය. අද වත්මනෙහි සිංහල බෞද්ධයා යනු ඒ අතීත හෙළයන්ගෙන් පැවතෙන්නන්ම මිස ඉන්දියානු සම්භවයක් ඇත්තන් නොවේ.. වැරදියට සැකසූ පාසැල් විෂය මාළාවෙන් හෝ සමහර කාළකණ්නි චිත්‍රපට, ටෙලි සිනමා නිර්මාණ වලින් අපව හෝ අපේ ශිෂ්ට බව භාරතයට ඈඳන්නට අනවබෝධයෙන් කටයුතු කරයි. එසේ වුවත් අපට පෙර කවදාවත් ඉන්දියානු සම්භවයක් හෝ උපකාරයක් ලැබී නම් නැත. ඉන්දියානුවන් කර ඇත්තේ අපේ දේ සොරකම් කිරීමත් අපේ පාළකයන් හා සම්මත උගත් පිරිස ඇන්ඳවීමත් පමණි.

අතීතයේ ගෝතම බුද්ධ යුගයේදී හෙළදිවෙහි පෙළපත් ලෙසින් හෝ ගෝත්‍ර ලෙසින් වෙන්ව තිබූ හෙළයන්ව උන්වහන්සේ විසින් එක් ජාතියක් බවට පත් කරන ලද්දේ විය. මෙයිනුත් අන්ත දෙකක අරගල කල ශාක්‍ය(දිඹුලාගල ) හා කෝලිය(කොළඹ ) වංශිකයන් ඈඳමින් උන්වහන්සේගේ උපත සිදුවිය. ඒ සියල්ල සිදුවූයේ උන්වහන්සේගේ ශාසනය මෙහෙ වසර දහස් ගනනක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නිසාය. රාවන යුගයෙන් පසු බෙදී වෙන්ව සිටි හෙළයන් නැවත සිංහළයන් කරමින් කරමින් එක් ජාතියක් බවට පත්කොට සසුනක වගකීම ඔවුන්ට පැවරුණි..

කාළයාගේ ඇවෑමෙන් ඉන්දියානු ආන්ද්‍ර මලයාලි මලබාර් සම්භව ඇත්තන් ලංකාවට පැමිණ තමන් පැරණි හෙළ ගෝත්‍රවලින් පැමිණෙන්නන් යැයි කියමින් අපේ ජාතියට වින කටින්නට වූහ. අදත් ඇතමෙක් තමන් යක්ෂ ගෝත්‍රයෙහි බව පවසමින් ආන්ද්‍ර අක්ෂර සහ වචන යොදා සිංහලයන්ව නොමග යවති. තවත් අය තමන් පමණක් යක්ෂ ගෝත්‍රයෙහි බව පවසමින් යක්ෂ ඉතිහාසයක් ගැන කතා කරති..
අද යක්ෂයෝ නැත.. යමෙක් යකෙක් යැයි ඇඟිල්ල දික් කරයිද, නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂී බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිංහල බෞද්ධයාටමය.

සිංහලයාගෙන් පිට තමන් යකෙක් යැයි කියාගන්නා, තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. එනම් ඒ ඔහුගේ ආන්ද්‍ර පෙළපත වසන් කිරීමය. එසේම සිංහළ ජාතිය බිහිකළ බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමය. එසේම සිංහල අප ශිෂ්ට වුනේ ඉන්දියාවෙන් බව පැවසීමය..

ඉන්දියානු සභ්‍යත්වයක් ඇත්තන්ට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්ද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් තවත් සැපක් නම් නොමැත.. ඒ සැප මායාවක් වන්නේ සත්‍ය ඉතිහාසය තුල විමසීමෙනි. ඒ මනස්කල්පිත දිව්‍ය ලෝකය කැඩී විසිරී යන්නේ සත්‍ය හෙලිවූ දවසටය. ඉන් ගැලවීමට ඉඩ නොදී තම සිතම හරස්වී ඇති බව ඔවුන් නොදන්නේමය..
එසේම ඒ අය කිසිම ස්වාධීන අධ්‍යයනයක් නොකර නිකරුනේ, සත්‍ය ඉතිහාසය සොයා යන අයට බනිමින් තුච්ඡ කතා කියමින් ඔවුහු ඒ කපා ගන්නේ තමන්ගේම මිනී වල බව නොදනිති..

වසර ලක්ෂ ගනනක මේ සංසාර චක්‍රයේ සෑම කාලෙකම පෙරුම් පුරා බුදුවන හෙළයන්ටද, ඒ බුදුන් වහන්සේලාගේ ශාසනය තුල නිවන් අවබෝධ කරගන්නා හෙළයන්ද, ඒ සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන හෙළයන්ටද මිස මේ රටේ සැබෑ අයිතිය වෙන කාටවත්ම නැත්තේමය..
ඒක නොද්ත් බක පණ්ඩිතයනුත්, අශිෂ්ඨ පාළකයිනුත් කරන්නේ මේ අති උතුම් හෙළබිමට මහා විපතක්මය. තමන් කවරෙකු වුවත් නරක චේතනාවෙන් කරන සත්‍ය වැනසීමෙන් වන භයානක ප්‍රතිපලය ගැන සිතා, තමන්ගේ පරපුර ගැනවත් සිතා දැන්වත් සත්‍යට මුහුණ දෙන්නට සිතත්වා... බුදුරදුන්ටත් දහමටත් කරන මේ මහා හානියෙන් මිදෙත්වා...

සිංහළයෝ වනාහී සාමකාමී සහජීවනයට ලැදි ඉතාම ලෙන්ගතු ජාතියක් වෙති.. නමුත් ඔවුන් එසේ වන්නේ තම ජාතියට හෝ සාසනයට කිසිවෙකු කෙළින්නේ නැතිතාක් පමණකි. රෙදි උස්සන් දඟලන නටන කලවං පරගැතියන් සහ පරයන්ද, ඉතිහාසය හරිහැටි නොදත් අපගේ දේශමාමකයන්ද කියන දෙපාර්ශවයටම දැන් වැරදි හදාගත යුතු කාලය පැමිණ ඇත..
පරයා අපේ සැබෑ සත්‍ය ඉතිහාසය දන්නේනම් ඌ අපට කෙළවා ජය ලබනු ඇත..
දේශප්‍රේමියා අපේ සැබෑ සත්‍ය ඉතිහාසය දන්නේනම් පමණක් ඔහු ජාතිය දිනවයි..
දිනන්නට ඇති එකම සාධකය සැබෑ "සත්‍ය ඉතිහාසය දැනගැනීම" බව හෙළයා සිහි තබා ගත යුතුයි..

උපන් මව්කුස මෙන්ම උපන් මව්බිමත් එකසේ ඉතා වැදගත්මය
මාතෘත්වයේ මව් ගුණ දන්නෝ මේ දෙදෙනාටම ආදරය කරති. ගරු කරති. රැකබලා ගනිති. අමාමෑණී බුදුරදුන් සැමවිටම මව උතුම් කොටම පෙන්වා දුන්හ. තම මව් ගැන නොදැනීම, නොසෙවීම, රැක පෝෂනය නොකිරීම දරුවන්ගේ යුතුකමද?
තම උපන් මව මෙන්ම උපන් මව් හෙළබිමේ උන්නතිය වෙනුවෙන් කෙලෙසින් හෝ සිතීම, කතාකිරීම, හඬනැගීම, ක්‍රියා කිරීම
සුජාත, අතිජාත, සජාත, අනුජාත හොඳ දරුවන්ගේ උතුම් ගුණ ධර්මයක්මැයි...
ඔහු උතුම් මව් ගුණ දන්නෙකි.. නියම හෙළයෙකි..විරුවෙකි..බෞද්ධයෙකි...
එදා ලොව ඉහලින්ම සිටි හෙළ මව්බිම අද පහතට වැටී ඇත්තේ මේ මව් ගුණ අමතක කළ නිසාමයි..
අපව මොට්ටයන් කිරීමට සමාජයෙන් ඔලුවට දමා ඇති වැරදි දත්තයන්ගෙන් මිදී අඳුරෙන් එලියට යාමට සුදුසු කාළයයි මේ.

ස්වාධීනව ලොව අංක එකටම නැගීසිටීමට එදා අපේ හෙළ මීමුත්තන්ට කොන්ද පණ තිබුනානම් අද අපිට බැරි මොකද මිතුරනේ?
අපේ කොඳු නාරටි කඩපු අය හඳුනාගත යුතුයි.. වැටුනු තැන් හඳුනාගත යුතුයි.. ඊට නිසි ප්‍රතිකාර අපම කරගත යුතුයි.. උන්ගෙන් හිඟමන් යදිමින් තව තවත් දනින් නොවැටිය යුතුයි.. අපගේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදිය යුතුයි..
කොන්ද පණ ඇති හෙළ පරපුරක් නැවත බිහිවිය යුතුයි.. ඒකට අප නින්දෙන් අවදිවිය යුතුයි...
අද අපේ සමහර අය විජාතිකයින්ව අනුකරණය කරමින් බැරිමරගාතේ අපේ මහා වීර මීමුත්තන්ට පයින් ගසමින් ඔවුන්ව ඉන්දියාවට තල්ලු කරමින් සිටිති. මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි

ලක්මව අඬ හඬා කියූ කතාව..

මේ බෞද්ධ රට යටත් කරගෙන හිටපු සුද්දො අපේ අතීත සොළොස්මස්ථාන වලින් එකක් වූ කොළොම්පුරය හෙවත් කෝළීය පුරය (කොළොම් නම් කෝළීය) ඇතුලත් මත්ස්‍ය රාජධාණියේ පැවති බෞද්ධ පුදබිම් කඩා ඒවායෙ කලුගල් ගෙන මග දිගට සැතපුම් කණු දැමූහ.. එසේ මං සළකුණු දමද්දී හෙළදිව ඉතිහාසයේ මහා ප්‍රතාපවත් මං සලකුණු වලට පයින් ගැසූහ.
මහාසම්මත, මනු, බළි, ඊරණි, කසුබු, තාරක, මහාසෙන්, රාවණ පෙළපත, බ්‍රහ්මදත්ත පෙළපත, ධෘතරාෂ්ට්‍ර පෙළපත, වෙසමුණි පෙළපත, සක් රජ පෙළපත, කණ්හ පෙළපත, මණිඅක්ඛික පෙළපත, ිම්සර පෙළපත.. ආදී සියල්ල සුද්දන්ගේ පා පහරට හසුවී ඉන්දියාවට විසිවී වැටුණි..
ඉතිහාසයක් නැතිව සිටි හිඟන ඉන්දියානුවෝ ඒවා ඇහිඳ ගත්තාහ. බුද්ධ පෙළපතටද එයම සිදු කලාහ..
සාතන් අදහපු ඕල්කට් සුද්දා ධර්මපාල තුමාව ඉන්දියාවට හැරෙව්වේ ඇයිදැයි කියල දැන්වත් ඔලුවෙන් හිතා බලන්න. අවසානයේ ධර්මපාල තුමා එය වටහාගත්තේ ඉන්දියාවේදී අවසන් හුස්ම හෙලන කාලයේදීය. "අපට වැරදී ඇත, සිංහලයන් වහ වහා ඉතිහාසය සෙවිය යුතුය" කියා එතුමා බෙලහීන හඬින් මුමුනා කීවේය..
අද අපේ සමහර උන් සුද්දව අනුකරණය කරමින් බැරිගාතේ අපේ මීමුත්තන්ට පයින් ගසමින් සිටිති. මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
උතුම් ලක් මවගෙන් ජාතක වූ සුජාත, අතිජාත, සජාත, අනුජාත වැනි වැදගත් හොඳ දරුවනේ නින්දෙන් නැගිටපල්ලා... නැත්නම් කුජීත, අවජාත, පජාත, විජාත හැත්ත මේ ලක් අම්මටත් යහතින් ඉන්න ඉඩ තියනකක් නෑ...


ඇත්තටම මෙතන අපට කළබල වෙන්න දෙයක් නෑ.. මොකද අපිත් කලින් සිතන් සිටියේ බුදුරදුන් ඉන්දියාවේම තමයි කියලයි.. ඒත් අපක්ෂපාතීව ඉවසීමෙන් කරුණු හොයාගෙන යනකොට මේ සම්බන්ධ අවිද්‍යා මුළාව දුරුවෙලා සත්‍ය මතුවෙනවා..  එනිසා ඔබත් මුලින්ම තොරතුරු සොයන්න උත්සාහ ගන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව..
මේ ලොව සත්‍ය කියා දෙයක් තිබෙනවා. එය බොහෝ විටදී සැඟව යටපත්වයි පවතින්නේ. එයට හේතුව නම් මායාකරී විඤ්ඤාණය විසින් සත්‍ය සැම විටම වසා දමන නිසාය. එහෙත් ප්‍රඤ්ඤාවන්ත පුද්ගලයා අවිද්‍යා මායා මුළාවෙන් මිදී තමන් විසින්ම සත්‍ය වටහා ගනියි..
ඒ වගේම මෙහෙදී අපගේම විඤ්ඤාණය විසින් සත්‍ය සැමවිටම  නොයෙක් අකාරයෙන් වංචක ධර්ම වලින් සඟවන්නට උත්සාහ ගනීවි. එය මැඩපැවැත්වීමට බළවත්සේ ඒ ගැන අවධාණය රැඳවිය යුතුය.
සැබෑ හෙළ ඉතිහාසයට මොකද වුනේ..?
මේ පහළ ඇති වෙබ් අඩවි ටිකවත් හොඳට නිදහසේ කියවල බලන්න. එක එක්කෙනා කියන දේවල් නොඅසා තමන්ම සත්‍ය සොයා බලන්න.
අනලස්ව මේ පහත තොරතුරු හොඳට කියවන්න.. අහන්න.. ඊට පස්සෙ සොයා බලා තීරණයකට එන්න...
ඔය වෙබ් ටිකත් හොඳට කියවල තවත් සැකයි නම්, ලක්දිව හතර කොනේම 30000ක් පමණ තියෙන සෙල් ලිපි, ලෙන් ලිපි ටිකත් කියවල දෙඇසෙන්ම දැක බලාගන්න පුලුවන්..
එහෙමත් කාට හෝ වැටහෙන්නෙ නැත්නම් ඉතින් ඉන්දියානුවොයි, ජර්මන් කාරයොයි ලියල දීපු බොරු ඉතිහාසය දොහොත් මුදුනෙන්ම පිළි අරගෙන වන්දො වගේ වැඳ වැඳ ඉඳල දිව්‍ය ලෝකෙම යන්න බලාගෙන ඉන්න එක හැර වෙන සරණක් නම් නෑ එයාලට...
දැන් ඉන්න බොහෝ බුද්ධිමත් දෙනා මෙහි නියම සත්‍ය වටහාගෙනයි ඉන්නේ..
සත්‍ය වැටහුණු දාට අපම අප ගැනම ලජ්ජා වෙයි. මොනතරම් මුළාවක සිටියේදැයි කියා.
මුලින් අපිත් හිතන් හිටියෙ වැරදියටම තමයි..
අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසත්වා..











අප කවුරුත් මුලින් වැරදියටම හිතන් සිටිය නිසා මෙතන කවුරුවත් නිවැරදි අයත් වැරදි අයත් නැත්තේය..

බුදුහාමුදුරුවන් හෙළදිවම වැඩසිටි බවට මෙතරම් ඇස් පානාපිට ඇති සත්‍ය පෙනි පෙනිත්, යමෙකුගේ තම සිතම එම සත්‍ය පිළිගැනීමට ඉඩ නොදී වංචා කෙරෙයි නම්, ඔහුගේ කෙළෙස් ප්‍රහාණ කරන බෞද්ධකම ගැන කවර කතාද කියා විමසිය යුතුය.?

මේ මහා බද්‍ර කල්පයේ පහලවූ සියලුම බුදුවරුන් පහළවූයේ මේ හෙළදීපයේමයි. මෙය බොහෝ ගිහි පැවිදි උතුමන්ලා පිරිසක් විසින් සොයා ප්‍රත්‍යක්ෂ කර දැන අවබෝධ කරගත් සත්‍ය ඓතිහාසික තොරතුරු පදනම් කරගෙන කියන ලද්දක් වන අතර  ඊට ඓතිහාසික මුලාශ්‍ර , භූ විද්‍යාත්මක කරුණු , තාක්ෂණික කරුණු, ගුප්ත විද්‍යාත්මක කරුණු, අධ්‍යාත්මික කරුණු වශයෙන් දැක්විය හැකිය.

බුදුරදුන් ඉපදුනේ කොහේද කියා සොයනවාට වඩා උචිතයි බුද්ධකාලයේ දඹදිව කොහේද තිබුනේ කොහේද කියා හරියටම සොයා දැනගන්න එක.


මේවා දක්වන්නේ අපගේ යටි සිත විසින් වසාගෙන තිබෙන නුවණ නම් ඇස් ඇරගැනීමට උපකාර කර ගැනීම සඳහායි. උඩුසිත සත්‍ය පිළිගත්තත් යටිසිතනම් ඒවා ප්‍රතික්ෂේප කිරීමට කොතෙකුත් වෙර දරනු ඇති බවද සිහිතබාගෙනම යන්න.
වැරදි දහම් කරුණු, මිත්‍යා මත..
https://www.facebook.com/permalink.php?story_fbid=164385037665546&id=100022821533968




එදා බුද්ධ කාලයේ හෙළදිව තුලම දඹදිව පැවති බව තහවුරු කරගැනීමට තොරතුරු සොයන අයට උපකාරීවන වැදගත් මුළාශ්‍ර කීපයක එකතුවක් මෙහි ඇත.. මේ බව තහවුරු කර ගැනිමට තවත් අප්‍රමාණ තොරතුරු ඔබට සොයා ගත හැකිය.
(
මේවා අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුන් විසින් පලකල පෝස්ට් වලින් ගත්තු ඒවාය.)

ගෝතම බුදුරදුන් අප හෙළදිව වැඩසිටි බවට තහවුරු කෙරෙන තොරතුරු සොයන අයට උපකාරීවන ත්‍රිපිටක හා අනෙකුත් පොත්වල සඳහන් වැදගත් මුළාශ්‍ර කරුනු කීපයක්..
මේවා අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුන් විසින් පලකල පෝස්ට් වලින් ගත්තු ඒවාය.


හෙළදිව එදා බුද්ධකාලීනව සිටි පරපුර පිළිබඳ තොරතුරු සොයන අයට උපකාරීවන වැදගත් ශිලාලේඛන මුළාශ්‍ර කීපයක්..

හෙළදිව රාජ පරපුර පිළිබඳ තොරතුරු සොයන අයට උපකාරීවන වැදගත් මුළාශ්‍ර කීපයක්..
 
ඉන්දියවේ ගෝතම බුදුරදුන් වැඩ නොසිටි බවට තහවුරු කරගැනීමට තොරතුරු සොයන අයට තර්කානුකූලව සිතීමට උපකාරීවන කරුනු කීපයක්..
 


පෙර රජදවස හෙළදිව පිහිටීම් පිළිබඳ තොරතුරු සොයන අයට උපකාරීවන වැදගත් මුළාශ්‍ර තොරතුරු කීපයක්..
https://www.facebook.com/permalink.php?story_fbid=164849484285768&id=100022821533968
 

පෙර බුද්ධකාලීන දවස හෙළදිව තුල ප්‍රදේශ පිහිටීම් පිළිබඳ තොරතුරු සොයන අයට උපකාරීවන වැදගත් මුළාශ්‍ර තොරතුරු කීපයක්..
https://www.facebook.com/permalink.php?story_fbid=164856907618359&id=100022821533968




එදා බුද්ධකාලීන දවස හෙළදිව තුල පිහිටී වැදගත් ස්ථාන පිළිබඳ තවත් තොරතුරු සොයන අයට උපකාරීවන වැදගත් මුළාශ්‍ර තොරතුරු කීපයක්..

හෙළ බුද්ධ ඉතිහාසට යට ගසන්නට එදත් සහ අදත් දුදනන් විසින් කර ඇති දේ පිළිබඳ තොරතුරු සොයන අයට උපකාරීවන වැදගත් කරුණු කීපයක්..
 



සත්‍ය ඉතිහාසය ගැන සිතන්නට ..
https://www.facebook.com/budhunupan.helabima/posts/164206234350093?pnref=story

මහා සීහළ වංශයේ ඇරඹුම - 01 කොටස
සැබෑ සිංහල බෞද්ධයා යනු කවුරුන්ද?  මේ මහා භද්‍ර කල්පයේ ඇරඹුම කොතනද? කවුද මේ සුර අසුර කියන්නේ? කවුද දේව,මනුස්ස,අමනුස්ස කියන්නේ? කවුද මේ රාම රාවණ කියන්නේ? සක්විති රාජ හා බුදු රජුන් කවුද? එදා ජම්බුද්දීපය පිහිටියේ කොහේද? මහරජවරු 4 දෙනා කවුද?  සීහළයේ නිර්මාතෘ කවුද? බුද්ධ වංශයේ ඇරඹුම කොතනද? ආදී බොහෝ ප්‍රශ්ණ වලට මෙම කොටසින් පිළිතුරු සැපයෙනවා...



මහා සීහළ වංශයේ ඇරඹුම - 02 කොටස

සීහ හා සීහළ යනු කවුරුන්ද? සැබෑ ආර්යයන් කවුද? ආර්යයන්ගේ ආරම්භය කොතනද?  සිංහළ භාෂාවේ හා සීහළේ මූළාරම්භය කුමක්ද? බුද්ධ පරිණිර්වාණයෙන් පසු කුමක් වීද? විජාතිකයින්ගේ ආක්‍රමණ කෙසේ පැමිණියාද? සුදුජාතිකයින් ලියූ ඉතිහාසය කුමක්ද? දඹදිව සොයා ඉන්දියාවට ගියේ කවුද? බුදු ඉතිහාසය නොසෙවිය යුතු දෙයක්ද? මේ සත්‍ය හෙළි කිරීමට ප්‍රධාන වශයෙන් විරුද්ධ වන අය කවුද? කුමක්ද මේ මුළාව?  ආදී බොහෝ ප්‍රශ්ණ වලට මෙම කොටසින් පිළිතුරු සැපයෙනවා...


මහා සීහළ වංශයේ ඇරඹුම - 03 කොටස
එක එක්කෙනා ලියල දීපු බොරු ඉතිහාසෙට රැවටුනේ කවුද?  සත්‍ය වශයෙන්ම නියම බුදුදහම කුමක්ද? ධර්මද්වීපය කුමක්ද? එද බුදුරදුන් ඉදිරියේ සම්මත කරගත් ඒ මහා ගිවිසුම කුමක්ද? කුමක්ද මේ යට ගැසීම? අපේ නියම අරමුණ කුමක්ද? අපේ උගතුන්ගේ අදහස් මොනවාද? අප ධර්මද්වීපය සුරැකිය යුත්තේ ඇයි? ආදී බොහෝ ප්‍රශ්ණ වලට මෙම කොටසින් පිළිතුරු සැපයෙනවා...



අපේ රටේ සමහරුන් ඉතිහාසය මුල ඉඳලම අවුල් කරගෙනයි තියෙන්නේ.

කවුද මේ රාම රාවණ කියන්නේ?


දඹදිව කියා ඉන්දියාවට ආදේශ වුනේ කුමන කාලයේදීද?




බුදුහාමුදුරුවො අපේ කෙනෙක්..


අපේ රටේ සමහර බෞද්ධයින් දඹදිව යනව කියල බොරුවට රැවටිලා යන්නේ මහ අපිරිසිදුම වැඩකට නැති ඉන්දියාවෙ

බුදුහාමුදුරුවො නේපාලයේ උපන්නා යැයි කියන පට්ට පල් බොරුව

බුදුහාමුදුරුවො ලක්දිව ඉපදුනා කියන්න සියලු සාක්ෂි තියෙනවා..
 
මෝහයෙන් මිදී නිවන් දැකීමට උපකාර කර ගනිත්වා...මිසදිටුව දහමට ගරහා පව් සිදු කර නොගනිත්වා... තවත් බොහෝ දෙනෙකුට මෙම පරම සත්ය පෙන්වා දීමට සහයෝගය දක්වා පිං සිදු කරගනිත්වා.... තෙරුවන් සරණයි...
 

 

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive