සිංහයා සුප්පාදේවිය පැහැර ගෙන ගියේ ඉන්දියාවේ ගල් ලෙනකටද? හෙළයේ ලෙනකටද?

සිහල යන නාමයේ ආරම්භය දීපවංශයේ මෙසේ දැක්වේ.
''සීහබාහු නරින්දොස සො - සීහ මාදින්නවා ඉති
සීහලොතෙන සමබන්ධාස - ආහු සබෙබපි සීහලා''
හෙළජාතියේ පිරිසක නාමයට මුලින් සීහ යන අකුරු යෙදුණු හැටි මෙහි දක්වා තිබේ. එනම් සිංහයෙක් බඳු බාහු ශක්තියක් ඇති සීහ නම් රජගෙන් පැවත එන්නන්ට සිහලුන් යයි කියනු ලැබේ. මෙලෙස හෙලයාගෙන් කොටසක් සිහල වු අයුරු පෙන්වා දෙයි.
ඇත්තටම මේ සීහ රජු කවුද? ඔහු නම් අපේම හෙළයේ සිටි ජයසේන රජුගේ පුත්වූ සීහහනු රජු මිස අන් කවරෙක්ද? ශාක්‍ය වංශික සීහහනු රජු රාජ්‍ය මෙන්ම නාවික වැනි වෙළඳ කටයුතු වලදී සිංහ රූප ලාන්ඡන යොදාගෙන ඇත. මේ සීහහනු රජුගේ රාජධාණිය වූයේ කපිල වස්තුපුර හෙවත් කිඹුල්වත් පුරයයි. සුද්ධෝදන රජු සීහහනු රජුගේ පුතෙකු විය. මේ සීහහනු රජුගේ එක් මුණුපුරෙකු සීදන්ත හෙවත් සිද්ධාර්ථ කුමරුය.
තම සීයා වූ සීහහනු රජුගේ නාමයෙන් අනුවර්ත සීහ යන නමද මේ සීදන්ත රජ කුමරුට ආදේශ විය. සක්විති රජකමටද සුදුසුකම් තිබූ මේ සීදන්ත රජ කුමරු එය පසෙක දමා පසුකලෙක මේ හෙළ ධරණි තලයේදී උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්වී සීහළ වංශයේ නව නිර්මාතෘවරයාණන් වූ නරසීහයාණන් වහන්සේ බවටද පත්වී වදාළහ..
එහෙනම් සිංහබාහු හා සිංහ සීවලී යනු කවුද? මෙන්න මෙතන තමයි ද්‍රවිඩ ජාතික මහාවංස කතා කරුවා සියල්ල කණපිට ගහන්නේ.. මේ අමන මහාවංස කතා කරුවා විසින් අපේ සිංහල වංශය පස් පොලකදී නීච කරනු ලබනවා..
සීහහනු රජුගේ බිසව කච්චානා දේවියයි. ඇය තමයි සුද්ධෝදන රජුගේ මව. එතකොට සුප්පාදේවිය කවුද? කාලිංග රටේ සිටි සුප්පාදේවියත් සීහහනු රජුගේ බිසවක් වූවාද? සමහරවිට එසේ විය හැකිය. ඇයගේ දෙමාපියන්ට හොර රහසේ ඇය සමග ලෙනකදී සම්බන්ධකම් පවත්වන්නටත් ඉඩ ඇත. ඉන් සිංහබාහු හා සිංහ සීවලී උපදින්නට පුලුවන්.
එසේ නොමැතිනම් මේ මහාවංශ කතා කරුවා සුද්ධෝදන+මහාමායා දෙදෙනාට සිංහබාහු+සිංහ සීවලී නම් දෙක ආදේශ කලාද? මොකද මෙතන විවාහයත් ඤාති අයියා නගෝ විවාහයකි. (සුද්ධෝදන යුවරජු තම මහා යශෝධරා හෙවත් සෝමා නැන්දනියගේ දුවණියවූ මහාමායා ප්‍රජාපති නැගනිය හා විවාහ වූ අතර අමිතා නැගනිය සුප්පබුද්ද අයියා සමග විවාහ වුණා. සිද්ධාර්ථ යුවරජ කුමරු තම අමිතා නැන්දනියගේ දුවණියවූ ගෝපා කුමරිය හෙවත් යශෝධරා කුමරිය සමග විවාහ විය. මේ නෑනා මස්සිනාලාගේ විවාහය මේ පරපුරේ විෂේශ ලක්ෂනයකි.)
ඉතින් බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 900කට පමණ පසු මහාවංශය ලියූ තැනැත්තා හිතා මතාම මෙතන අවුල් ජාලයක් කළ බව නම් මනාව පැහැදිලියි. කෙසේ හෝ දිව්‍යදාන මුල් පොත සොයා ගැනීමට හැකිනම් මේ සියල්ලම විසන්දා ගත හැකි වෙයි.
හොඳයි අපි මහාවංශයට අනුවත් කඣෘණු ට්කිකක් හොයල බලමු..
ඒ කියන සිංහයා සිටියේ ඉන්දියාවේ නම් ඔහුගේ පුතු වන සිංහබාහුද සිටියේ ඉන්දියාවේ නම් සිංහබාහුගෙන් පැවත එන සිහල ජාතියක් මේ රටේ වෙයිද? නැත. මක් නිසාද යත් මහාවංශයට අනුව විජයට ජීවහත්ත සහ දිසාලා හැරුණු කොට වෙන දරුවන් නොමැති නිසාය.
සිංහබාහු සිටියේ ඉන්දියාවේ නම් ඔහුට තව දරුවන් වන බැවින් සිංහබාහුගෙන් පැවත එන්නන්ට සිංහලයන් කියන බැවින් ඉන්දියාවේද සිංහල නම් ජාතියක් සිටිය යුතුය. එවන්නක්ද අසා නැත්තෙමු.
ඉන්දියාවෙන් මෙරටට ආවා යයි අපට කියාදෙන්නේ විජය ඇතුලු පිරිසයි. එබැවින් විජයගේ දරු පරම්පරාවෙන් එන්නේ වැදි ජනතාව නම් සිංහබාහුගේ එම පරම්පරාව වැදී ජනතාව විය යුතු බැවින් සිහලයන් යයි කිය යුත්තේ ඒ වැදි ජනතාවටද?
නොඑසේනම් සිංහබාහුගේ පරම්පරාවක් මෙහි තිබෙන්නට සිංහබාහු මෙහි වැසියෙක් විය යුතුය.
වංග රට වංග අගනුවර කර ගත් රජගේ බිසව කාලිංග වැසියෙකි. මොවුනට දුවක් වීය. මෙම දියණිය (සුප්පාදේවි) මගධ රට කරා යන පිරිසක් සමග මගධ රටට යනු ලැබේ. යන අතර තුර ලාට රටේදී කැලෑවකදී සිංහයකු කඩා වැදී කුමරිය පැහැරගනී. (මොහු සිංහහනු නම් මිනිසෙකු මිස සිංහයකු නොවේ. තිරිසෙනෙකු නොවේ.)
කාලිංගය තිබුනේ පොළොන්නරු නොහොත් පුලස්ති පුරයේ බව සෙල්ලිපි වලින්ද පොත් පත් වලින්ද අපි දනිමු. ඒ අනුව සුප්පාදෙවියගේ මව පුලස්තිපුර වැසිකි. රට නම්වූ පාලන ක්‍රමයක් අනුව පාලනයක් තිබුනේ මේ හෙළයේ මිස ඉන්දියාවේ නොවන බව මහා පුරාන ග්‍රන්ථ කියවා ගත් අයට නම් වටහා ගත හැකිය
සිංහබාහු නම් රජ කෙනෙක් හෝ මෙලෙස මේ රටට පැමිණි කණ්ඩායමක විස්තරයක් ඉන්දියානු ඉතිහාස පොතේ කොතනකවත්ම නැත. විජය සමග පැමිණි පුද්ගලයින්ගේ නම් දෙස බලනවිට අනුරාධලා තිස්සාලා ඉන්දියානු ඉතිහාස පොත් වල කොතනකවත් නැත.
සුප්පාදේවිය යන්නට ගියේ මගධය කරා බැවින් ඒ මගධය තිබුනේ අපේම රටේ ඔබ බොහෝ දෙනා දන්නවාය. එබැවින් සිංහ යන නම ගත් පුද්ගලයා සුප්පාදෙවි කුමරිය පැහැර ගෙන ගියේ ඉන්දියාවේ ලෙනකට නොවන බව ඉඳුරාම පැහැදිලිය.
සුද්දා හැම ගමකටම නගරයකටම තමන්ට රිසි සේ නම් ආදේශ කරන විට උඩ බලාගෙන සිටි වහල් යුගයේ අපේ වැඩි හිටියෝ මේ රටට කර ඇති අපරාධය සුළු පටු එකක් නම් නොවේ. එක් අතකට එසේ වන්නට හේතුව නම් සුද්දා විසින් ඔවුන්ට විරුද්ධ අපේ වීර හෙළයින් සියල්ලම පාහේ විනාශ කර දැමූ නිසාද විය හැකිය.
සියල්ලන්ටම සත්‍ය අවබෝධවී තම ඉතිහාසය නිවැරදි කර ගනිත්වා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive