බුදුරදුන්ගේ උපන්බිම සත්‍ය අපට හෙළි කරනවාට ප්‍රධාන වශයෙන් විරුද්ධ කවුරුන්ද?



මේ සත්‍ය හෙළි කිරීමට ප්‍රධාන වශයෙන් විරුද්ධ වන තුන් ගොල්ලක් අපට හමුවෙයි.
එක් පිරිසක් නම් ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම හිමිවරු ඇතුලු වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්‍රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්‍ය සැඟවිය යුතුද?
එමෙන්ම අනෙක් පිරිස නම් දෙමළ ඩයස් පෝරාව හා ඉංදියාවය . (ඊට හේතුව නම් මේ ඇත්ත හෙළි වීමෙන් ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වීමත්, ඉංදියාවට  ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන් නිසා ලැබෙන මහා ආදායම අහිමි වන නිසාත්ය)
 එනිසා ඔවුන් මේ සත්‍ය වහන්නට නොයෙකුත් යටි උපක්‍රම එදත් අදත් හෙටත් නිබඳවම ගෙනෙනු ඇත.
දැනට ටික කලකට උඩදීද මෙම පිරිස් විසින් ලොකු මුදලක් යොදවා  යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත් උත්සාහයක් දැරූ අතර අප රට වැසියන් බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. සත්ය විනාශ කරනු දැක දැකත් අප කෙසේවත් මුනිවත රැකිය යුතු නැහැ. (අප ඔවුන්ට අනුකම්පා කරමු)
           ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස
මේ ඇත්ත පිළිගැනීමට විරුද්ධ අනෙක් බලවත්ම පිරිස නම් අප උපන්දා සිටම බුදුන් ඉන්දියාවේ කියා මුල් බැසගත් අපේම යටි සිතුවිලි සමුදායයි.  උපන්දා සිටම සම්මතයෙන් බුදුන් වහන්සේ යනු ඉන්දියාවේ සිටි කෙනෙකු යයිද, ලංකාව එවන් වූ බුද්ධෝත්පාදයකට නුසුදුසුරටක් යයිද අපේ යටි සිත් වලට කවා ඇති නිසා, බුදුන් උපන්නේ හෙළ බිමයි කියූ පමණින් සමහරුන් හට තදබල වේදනාවක් කෝපයක් ඇතිවීම ස්වභාවිකය.
මෙහි ඇත්ත දැක්කත් තම යටි සිත නම් පහසුවෙන් මෙය පිළිගන්නට තමාට ඉඩ දෙන්නේ නැහැ. එය හරියට තමන් වඩාත්ම ආදරය කළ කෙනෙකු වියෝවූ විට අප සිතට ඇති වන වේදනාවට හා සමානයැයි කීවොත් නිවැරදියි. (එහිදී ඔහු හෝ ඇය වියෝ වුවද තමා හා ජීවත්ව සිටිනවා යැයි මනෝ සංඛාර ලෝකයක් ගොඩ නගාගෙන සිටීමට බොහෝ දෙනා උත්සාහ කරනව..)
බුදුන් උපන් හෙළදිව නම් මේ සිරි ලංකාවමයි කියූ සැනින්ම එය එසේ නොවේ යයි කීමට නොයෙකුත් තර්ක විතර්ක යටි සිත නිරතුරුවම ගෙනෙනු ඇත. ඊට බලපාන ගොඩාක් හේතු ඇත.
බොහෝ අය පුරුදු වෙලා තියෙන්න තමන්ගේම සිත තමන්ම රවටා ගෙන ජීවත් වීමටයි…
බුදුන් යනු මහා දෙවියෙකු බ්‍රහ්මයෙකු මෙන් මවාගත් චිත්‍රයක් සහිතව වැඳුම් පිදුම් කරගෙන සිටි අය එම සිහිනයෙන් මිදීමට අකමැතිය. බුදුන් අපේ කුඩා රටේ යැයි කී පමණින් සමහරෙකුට හීන මානයක් උපදියි. 'අපි මුදල් වියදම් කරගෙන ඉන්දියාවටත් ගියා, තවත් නොයෙකුත් දෙවල් කරා, ඒව අහක යන්න දෙන්න බෑ' යැයි සමහරෙකුට ලෝභී සිත හරස් වෙයි. තවත් සමහරෙකු තමන් මෙතෙක් කල් රැවටී සිටියා, මුළාවී සිටියා යැයි පිළිගැනීමට තම උඩඟු සිත ඉඩ නොදෙයි. තවත් සමහර අයට 'මා මෙතෙක් කල් අනුන්ට කියා දුන්න දේවල් දැන් නැහැ කියන්නෙ කොහොමද, එයාල මා ගැන මොනව හිතයිද' ආදී වශයෙන් තම මාන්නාධික සිත හරස් වෙයි.
මේ හට ගන්නා කෙලෙස් සිතුවිලිත් සමග සටන් කර ජය ගැනීමට කෙනෙකුට පහසුවෙන් නම් නොහැකිය.
බොහෝ නූගත් අය පුරුදු වෙලා තියෙන්නෙ වැඩි පිරිසක් කියන දේ විචාරයකින් තොරව පිළිගන්නටයි. 'මෙච්චර අය පිළිගත්ත දෙයක් අපි කොහොමද එහෙම එකපාරට නෑ කියන්නෙ.. ඕව බොරු වෙන්න ඇතියි සිතමින් ඔවුන් මුළා සිතට වහල් වෙයි.
ධර්මය දත උගත් අයත් ඉන් ගැලවීමට නොහැකිව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් 'බුදු හාමුදුරුවො කොහේ හිටියත් මොකද.., ධර්මය තියෙනව නම් ඒ ඇතිනෙ.., නිවනට ඒව වැඩක් නෑ.., බුදුන් කිව්වෙ තමන් ගැන පමණක් සොයන්න කියල විතරයි..' ඕව දැන් හාරවුස්සන්න ගිහින් ජාතිවාදය ඇවිස්සෙයි.., මිනිස්සු කළබල වෙයි.., යට ගියාව ඔහොමම තිබිච්චාවෙ..' ආදී නොයෙක් දේ කියමින් තම සිතද රවටාගෙන අනුන්වද රවටාලමින් මෝහයේම ගිලී සිටියි.
බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන ) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව.
ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා...
සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු..?

බුදුහාමුදුරුවො කවුද? කොහේද හිටියෙ කියල දැනගැනීම අවශ්‍ය නැති දෙයක්ද?



වැසීගිය බුද්ධ ඉතිහාසය ලොවට අනාවරණය කරන කළණ මිතුරන් සැමට කරන විශෙෂ දැනුම් දීමක්...
මේ වන විට දැන් බොහෝ බුද්ධිමතුන් පිරිසක් අප බුදුරදුන් මේ හෙළදීපයේම ඉපිද, බුදුවී, සදහම් දෙසා, පිරිණිවන්පා වදාළ බව බව සක්සුදක් සේ තහවුරු කරගෙන බොහෝ මෝහ සහගත සිතුවිලි වලින් ඈත්ව දෙළොවට වැඩදායී යහපත් මගක යමින් සිටින බව ඔබ අප දන්නවා..
ඒ වගේම මේ සත්‍ය අපට කලින් ලොවට ඉදිරිපත් කරමින් යුග මෙහෙවරකට පදනම දැමූ පැවිදි, ගිහි උතුමන් බොහෝ පිරිසක් සිටින බවත් ඒ කළණ උතුමන් මෙම සත්‍ය හෙළිදරව් කිරීම් වෙනුවෙන් අපමණ පරිශ්‍රමයක් දරා ඇති බවත් අප දන්නවා.. අපට සැමට දෙලොව දියුණුවටම මග විවර කරදුන් ඒ කළණ උතුමන් සැම දෙනාටම කෘතවේදීත්වය පුද කරමු.
අපද අඳුරේ ගැලී ඉන්නා අනෙක් අයටත් ඔවුන් අඳුරෙන් මුදවා ගැනීම පිණිස මෙම සත්‍ය මග පෙන්වා දීමට හැකි අයුරින් උත්සාහ කරන්නාවූ අයම වෙමු.
 මේ සත්‍ය ඉස්මතු කරවනු අරභයා කාගේ හෝ වැදගත් ලිපියක්, පොස්ට් එකක් හෝ පිරිසිදු සිතින් ෂෙයා කිරීමක් හෝ කරනවානම් ඔබද සැබෑ පිං කමකුත් කර ගන්නා අතරම උපන් මව් රටටද මෙහෙයක් කරන්නෙක් වනු ඇත. ආත්මාර්ථකාමීව නොසිතා අන් අයටත් එම උතුම් ධර්ම දානය බෙදා දීමට කුමන අයුරකින් හෝ සහාය දක්වන ඔබ මා ඇතුලු අප සැම දෙනාම බෝසත් ගුණ ඇති සැබෑ කළණ මිතුරෝම වෙති. එමෙන්ම අප උපන් මවටත් උපන් රටටත් කෙළෙහි ගුණ දක්වන්නමෝමය.

සමහර විට අනුන් දැනුවත් කරන්නට ගොස් මේ වන විටත් ඔබට ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නට පුලුවන්.. ඉදිරියටත් එසේ විය හැකියි. එහෙත් කිසිවකට සැලෙන්නට එපා.. ඔබ යන මාවත පිරිසිදුයි.. එය නිරවුල් මගක්.. ඔබට බනින අපහාස කරන අය ලඟදීම ඔබව පිළිගනු ඇත. මොකද මේ අප කරන්නේ බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් සත් ක්‍රියාවක්මයි.. අපව වටහා ගැනීමට ඇති නොසමත් කමටයි ඔවුන් එසේ දෝෂාරෝපන නගන්නේ.
ඔවුන්ට වැටහෙන්නේ නෑ මේ ඔවුන් අඳුරෙන් ගලවා ගන්නටයි හදන්නේ කියා.. ඔවුන් කාලයක් පටන්  මවාගෙන සිටින ලෝකවලින් එකපාරටම මිදෙන්නට කැමති නෑ.. අපත් මුලින්ම මේක අහනකොට ටිකක් කළබල වුනා නේද

ඔව් එය ස්වාභාවිකයි. සමහරුන්ම්ට මේක එක පාරටම කිව්වම දරාගන්න බැරුව කේන්තියෙන් වෙව්ලමින් ගැහෙනවා.. ඔවුන් කැමති නෑ මේ වගේ දෙයක් අහන්නට.. ඔවුන් කැමති නෑ සංස්කාර ලෝකයෙන් මිදී සත්‍යට මුහුණ දෙන්නට..
මෙහෙම පොඩ්ඩක් හිතල බලන්නකෝ… අප ටිකක් දන්නා යහලුවෙක් ඔහුගේ පෙම්වතියක් සමග කාළයක් සිට බොහෝම හොඳින් ඉන්නවා. ඔහුට ඇය ගැන දැඩි විශ්වාසයකුත් තිබෙනවා. කිසිම සැකයකුත් නෑ. ඔහු තමන්ගේ හැම දෙයක්ම පුද කරමින් තම ජීවිතය පවා ඇයට කැප කරලයි තියෙන්නේ..
කොහොම හරි ඔබ දවස් කීපයක්ම පැහැදිළිවම දකිනව යහලුවාගේ පෙම්වතිය වෙනත් අයෙක් සමග සම්බන්ඳයක් පවත්වනව. ඔබ ඒ බව ඔහුට කියනවා. නමුත් ඔහු තම  පෙම්වතිය ගැන දැඩි විශ්වාසෙන් පිළි නොගෙන ඔබටද බනිමින් මග හැර යයි..  ඒ යාලුවා නිකමටවත් ඒ ගැන හොයල බැලුවෙ නෑ ඈ කෙරෙහි ඇති විශ්වාසෙ වැඩි කමටම. ඔහු සිතුවේ ඔබ සතුරෙක් කියායි.. 

කොහොම හරි ඔබ ඊලඟ දවසේ දකිනවා ඇය අන් පෙම්වතාත් සමග වෙනත් රටකට පදින්චියට යනවා.. දැන් ඔබ වහාම අවුත් ඒ යලුවාට කියනවා මේ කතාව. කිසිදා හීනෙකින්වත් එසේ වෙතැයි නොසිතූ යාලුවා ඔබට කුමක් කරාවිද? සමහර විට ඔබට හොඳටම බනීවි නැත්නම් පහර දෙයි. ඇත්ත වුනත් එයා ඒක එක පාරටනම් පිළිගන්නේ නෑ. සමහර විට ඔහුට පසුව ඇත්ත තත්වය වැටහිලා ඔබ කලින් කියූදේ ඇහුවනම් මට මෙහෙම වෙන්නේ නෑ කියල ඔබට ස්තූති කරල අලුත් ජීවිතේකට හුරුවෙලා හොඳින් ඉඳීවි.. නැත්නම් ඔහු ඒව පිළිනොගෙන තම හිතම රවටාගෙන මගෙ මැණික කවද හරි එයි කිය කියා පිස්සුවෙන් මෙන් සිටීවි..

ඉතින් සමහරුන්ට ඔය වගේම තමයි තමන් කාලයක් තිස්සේ අන්ධ භක්තියෙන් අදහන තම ආගමික නායකයාගේ සත්‍ය කතාව කිව්වමත්. සමහරුන්ට මේක කොහොමවත් දිරවන්නේ නෑ. එයාල අර අමුතු දෙවියෙක් වගේ මවාගෙන ඉන්න ලෝකෙන් මිදෙන්නෙ නැතුව කියන අයටත් බැන බැන අඳුරෙම ඉන්නවා. සමහර විට බුදුන් ගැන හොයන්නෙ මොකටද ධර්මය විතරයි වැදගත්, ලෝකෙ ඔක්කොම තමන් ලඟමයි තියෙන්නෙ.. වගෙ දේවල් කියමින් අපට බණත් කියයි… ඒත් හැම කෙනාම එහෙම වෙන්නෙ නෑ. එයා හොඳ මීටරයක් වුනොත් අනේ ඔයා මට ලොකු උදව්වක් කළේ, වැටෙන්න ගිය වලෙන් බේර ගත්තට බොහොම පිං ඔයාට කියලත් කියාවි.

තව එකක්, මේ බුදුහාමුදුරුවන්ව බිස්නස් එකකට අරන් ඉන්න පිරිසකුත් ඉන්නවනෙ.. එයාලනම් ලේසියෙන් මෙල්ල කරන්න බෑ. එයාල ඇත්ත දැක්කට අනිත් අයට ඒක ඒත්තු ගන්න්වන්න නම් කොහොමටවත් ඉඩ හදන්නේ නෑ. එයාල එක එක පච කියමින් නොයෙකුත් උගුල් අදිනව තම බඩ වියත රැක ගන්නට.. ඒත් ඔයාල බයවෙන්න එපා කොහොමවත්.. මොකද දැන් මේ වන විට මේ සත්‍ය ලොවටම ඒත්තු ගැන්වෙන තත්වෙට පත්වෙන්නට අවශ්‍ය සියලු කටයුතු සිදුවීගෙනයි යන්නේ.. එය මොන ජගතෙකුටවත් නවත්වන්නට බැරිවෙයි.. සත්‍ය සැමදා සැඟව පවතිනේ නෑ.. එනිසා අපේ වැඩ කොටස අපි කරුණාවෙන් මෛත්‍රියෙන් අපේ පාඩුවේ කරගෙන යමු..
 ඔබට තෙරුවන් සරණයි..
 
මේ හෙළ ධර්මද්වීපයටත් සියලු බෞද්ධ ජනතාවටත් සදා ජයවේවා

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive