පිවිසුම



ඝනඳුර නසාලන හිරු මෙන් අවිද්‍යාඳුර දුරලන ප්‍රඤාලෝකය වූ, ශාක්‍ය හෙවත් සූර්‍ය වංශයෙන් පැවත ආ, අප සැමගේ නායකයාණන්වූ,  ගුරුවරයාණන්වූ,  රජුන්වූ, පියාණන්වූ ගෝතම බුදුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...
අප දුකින් මුදවාලීම පිණිස, අප කෙරෙහි අනුකම්පාවෙන්, උන්වහන්සේ සසරේදී නොයෙක් දුක්පීඩා විඳ අපට පෙන්වාදුන් වදාළ සිරි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා...
ඒ සදහම් මග ඔස්සේ අවිද්‍යාව තන්හාව නසමින් යන්නාවූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන  සිව්වනක් පිරිසෙන් සමන්විතවූ ආර්ය මහා සංඝයාට මාගේ නමස්කාරය වේවා...

සත්‍ය යනු සැමදාම සඟවා තැබිය හැක්කක් නොවේ. එය කාලයෙන් කාලයට වැසී යටපත් වුවද, නිසිකළ නිසි සමයේදී, කොතෙක් බාධා පැමිණියත් ඒවා මැඩගෙන මතුවිය යුතුමය.  එනමුත් සත්‍ය වුවද නුසුදුසු තැන්හි, නුසුදුසු කාලයේදී හා නුසුදුසු අයට පෙන්වා දීමෙන් අනර්ථයක් වනු ඇත. කොපමණ කරුණු, ප්‍රාමාණික තිබුණත් සත්‍ය පිලිගැනීමට ලොව බොහෝදෙනා අසමත්බව සවභාවයයි. 
 තමන්ගේම අභ්‍යන්තරයෙන් හා බාහිරින් මේ සඳහා නොයෙකුත් බාධා පැමිණෙයි.
අපහට මෙම සැඟවුනු සත්‍යතාවයන් ලොවට පෙන්වාදී යහපත උදාකරදීමටත්, ඔබට සත්‍ය අවබෝධකරගෙන අවිඳු අඳුර නසා විද්‍යාලෝකයට පිවිසීමටත් සියලු විශ්වශක්තීන් ඒකරාශී වෙත්වා..
ඒ සඳහා  සියලු බුදු පසේබුදු අරහතුන් වහන්සේලාගේ ශාරීරික ධාතූන්වහන්සේලාගේ ශක්තිය, ජයසිරිමහ බෝධීන්වහන්සේ ඇතුලු අටමස්ථාන, සොලොස්මස්ථාන අදීකොට ඇති සියලුම පූජනීය ස්ථානයන්ගේ ශක්තීන් ප්‍රමුඛ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නයන් තුනෙහි අනන්ත අප්‍රමාණවූ මහා ගුණාශීර්වාද බළමහිමය ශක්තිය පිහිටත්වා..

සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නාවූ උත්පලවණ්න, දැඩිමුණ්ඩ දෙවියන් ප්‍රමුඛ සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ පිහිටාශීර්වාදය ලැබෙත්වා.. එමෙන්ම මේ හෙළද්වීපය අරක්ෂා කරන සතරවරම් දෙවිවරුන් ප්‍රමුඛ අපව ආරක්ෂා කරන, ගම්භාර, පළාත්භාර, ලෝකපාලක සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබෙත්වා..
එමෙන්ම දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස, අමනුස්ස කියන්නාවූ සතර වර්ගයක ඤාති හිතමිත්‍රාදීන් යම්තාක් අය ඇත්ද ඒ සියල්ලෝම මෙතුලින් ජනිත වන්නාවූ පුණ්‍ය ශක්තීන් අනුමෝදන්වී තම තමන්ගේ යස ඉසුරු වඩා වර්ධනය කරගනිත්වා..

එමෙන්ම මේ ධර්ම දානයේ පුණ්‍ය ශක්තියෙන් හා අප විසින් අනන්ත සසරේදී කරනලද පුණ්‍ය ශක්තීන් හා කුසළ ශක්තීන්ගේ බලයෙන් අපහට මෙම සැඟවුනු සත්‍යතාවයන් ලොවට පෙන්වාදී යහපත උදාකරදීමටත්, ඔබට සත්‍ය අවබෝධ කරගෙන අවිඳු අඳුර නසා විද්‍යාලෝකයට පිවිසීමටත් හැකියාව ලැබෙත්වා..
පුද්ගලයාගේ මෙලොව පරලොව දෙලොවෙහිම දියුණුවට සත්‍ය දැක්මක් තිබීම අත්‍යවශ්‍යයි. ලෝකය පිළිබඳ නියම අවබෝධය තුලිනුයි මෙම සත්‍ය දර්ශනය හෙවත් සම්‍යක්දෘෂ්ඨියට පත්විය හැක්කේ. මෙහිලා මා මතුකර ඉදිරිපත් කරන්නේ කාලයක් තිස්සේ ගිහි පැවිදි උතුමන් බොහෝ දෙනෙකුන් විසින් අපමණ වෙහෙස මහන්සිවී සොයා පෙන්වාදුන් කරුණු කාරනා සහ ඒ ඔස්සේ යමින් වටහාගත් තවත් තොරතුරුත්, කාලයක් තිස්සේ මවිසින් කළ යම්යම් ගවේශණයන් තුලින් ලබාගත් දැනුම් කරුණු කාරනාත්ය.
සත්‍ය දර්ශනය ලොවට ප්‍රදර්ශනය කිරීමට දායක වන බෝසතුන් බොහෝ ප්‍රමාණයක් දැනට ලොව පහළවී ඇත. ඔවුහු නොයෙකුත් අන්දමින් වටිනා මහඟු මෙහෙවරක් ලොවට සිදුකරමින් සිටිති. එවැනි උතුමන් කිහිප දෙනෙකුන් විසින් අන්තර්ජාලයේ හා වෙනත් මාධ්‍යයන්හි පළකල තොරතුරුත් මෙහිලා අප විසින් ඒකරාශී කොට ඉදිරිපත්කර ඇති අතර එම තොරතුරු කාරණා සැපයූ එම ගිහි පැවිදි උතුමන්ලාට මාගේ ප්‍රණාමය පුදකරමි.   
සියල්ලෝම මනාව තමන් විසින්ම සත්‍ය යථාතතු දැක මායාවෙන් මුළාවෙන් මිදී සැනසුම ලබත්වා….


බුදුන් උපන් ස්ථාන කොහේ වුවද එය ධර්මයට අදාල නැති බවට බොහෝ අය ප්‍රකාශ කරනු ඇත. අනිත් අතට සත්‍යය ස්ථාන ප්‍රකාශ කිරීමේදී සම්මතයට එරෙහිව ගැටුම් සහගත තත්වයක් ද ඇතිවනු ඇත. එසේනම් අප මෙය පැවසීමෙන් ඇතිවන සෙත කුමක් ද?

බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් රටට, ජාතියට හා ධර්මාවබෝධයට විශාල ශක්තියක්, යහපතක්, පිටුවහලක් වන බව පැහැදිළිවම, එක හෙළාම  සඳහන් කළ යුතුය.

මෙහි දක්වන හා පෙන්වන තොරතුරු තුලින් ලෞකික හා ලෝකෝත්තර යන දෙමගෙහිම යන අයට බෙහෙවින්ම උපකාරී වනු ඇත.
 
අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසත්වා..
මෝහයෙන් මිදී නිවන් දැකීමට උපකාර කර ගනිත්වා...
මිසදිටුව දහමට ගරහා පව් සිදු කර නොගනිත්වා...

මෙහි දක්වා ඇති කරුණු කාලයක් තිස්සේ පරිශීලනය කරන ලද පොත් පත්, ලිපි ලේඛණ, අන්තර්ජාල තොරතුරු ආදී දෙයින් උගත් දෙයද, කළ්‍යාණ මිතුරන් ඇසුරු කිරීමෙන් උගත් දෙයද, මවිසින්ම හුදෙකලාව බුද්ධිය යොමා තර්කාණුකූලව උගත් දෙයද වනු ඇත.
නොයෙක් ආකාරයේ උගතුන් විසින් අන්තර්ජාලයේ පලකරන ලද සමහර කොටස් කීපයක්ද සුළු අඩුපාඩු තැන් නිවැරදි කොට මෙහි උපුටා දක්වා ඇත. ඒ සියල්ලන්ටම මාගේ හෘදයංගම ස්තුතිය පුද කරමි. කාලයක් තිස්සේ බොහෝ ගිහි පැවදි උගත් පිරිසක් විසින් බොහෝ කැප කිරීම් කොට සොයාගත් දේ නිසයි අපට මෙම සත්‍ය දකින්නට උපකාරී වී ඇත්තේ. ඒ සියලූම උතුමන්ටත් මා මෙහෙදී ගෞරව පූර්වකව ස්තුතිය පුදකරනව. සියලු දෙනාටම සත්‍ය තුලින් ධර්මාවබෝධය ලැබෙත්වා...



එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive