අප ගෞතම සර්වඥයන් වහන්සේ අපගේ හෙළදිව
තුල ජම්බුද්වීප දේවහෙළ කොටසේ පිහිටි තව්තිසා දෙව්පුර(අද කූරගල එදා තව්තිසා පුරයයි)
වස් වසා අවසානයේ දෙවි ජනයින් ද, පිරිවරමින් එම
දෙව්පුරයෙන් නික්මී සංකස්ස(මේ සංකපාල විය හැකිය) පුරයට වැඩමවූ සේක. එහිදී බොහෝ
ජනයා පැවිදි විය. ඒ අතර මෛත්‍රී බෝධිසත්වයන්ද විය. එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස
පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකුව සිටියාහ.
එහි මහාසාල කියන බ්‍රාහ්මණ කුලයේ
සිරිවර්ධන කියන ගෘහපතියාට දාව භද්‍රාවතී කියන බැමිණියට ඉපදුණු සිරිවර්ධන කියන තරුණ
බමුණු කුමාරයාය. ඔහු විවාහ වෙලා ගිහි ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳිමින් හිටියත්
බුදුන් වහන්සේගේ මේ අසිරිමත් බව නිසාම උන්වහන්සේ ගැන පැහැදුණු තරුණ සිරිවර්ධන කියන
බමුණු කුමාරයා බුදුන් වහන්සේ සමීපයේ මහණ වුනා. මහණ වුණු සිරිවර්ධන කුමාරයාව
හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නාමයෙන්.
මේ ආර්ය මෛත්‍රී හිමියන් දිනක් තමන්ට ලද
වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදීය. ඊට පස්සේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ
බුදුන් වහන්සේට වන්දනා කරලා උක්කුටියෙන් හිඳගෙන බුදුන් වහන්සේ වෙනුවෙන් අනිමිස
ලෝචන පූජාවක් කරනවා. එතැනට රැස්වුණු මහා සංඝයා වහන්සේලා අමතන බුදුන් වහන්සේ
"මහණෙනි, වටිනා වස්ත්‍ර දෙකක් බුදුන්ට පුදා මේ
ආකාරයෙන් අනිමිස ලෝචනයෙන් ඉන්න මාගේ ශ්‍රාවක ආර්ය මෛත්‍රී භික්ෂුව දිහා බලන්න. මේ
මහා භද්‍ර කල්පයේ මීළඟට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන්නේ මේ ආර්ය මෛත්‍රී
භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව කේතුමතී නමින් පුරයක් පවතිනවා. එය පාලනය කරන සංඛ නම්
සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිණිය
මෛත්‍රී බුදුරදුන්ගේ දෙමාපියන් වෙනවා. නා ගස මෛත්‍රී බුදුරදුන්ගේ බෝධි වෘක්ෂය බවට
පත්වෙනවා" යනාදී වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය
ලබාදෙනවා..
මේ මෛත්‍රී බෝධිසත්වයෝ මෙ හෙළදිව විවිධ
ජාතිවල ඉපිද හෙළ වැසියන්ට සෙතක් කරමින් අවසන මනුස්ස ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා
නිම කරලා සියුම් මනෝරූපීමය වශයෙන් අභෞතිකව නිර්මානයවී තිබෙන තුසිත දිව්‍ය ලෝකයේ
සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය
කරනු ඇත...
ඒ මහා බෝසතුන්ට මාගේ නමස්කාරය වේවා...