එදා හෙළදිව පැවති මිනුම් ක්‍රම...

රියන - පසුකාලීන මිම්මෙන් පටලවා ගන්න එපා..
එදා බුද්ධ කාලීන අපගේ මීමුත්තන් භාවිත රියන හා අද කියන රියන වෙනයි. එදා රියන කීවේ මහපටැඟිල්ල හා දබරැඟිල්ල විහිදු විට ඇති දුරටයි. එනම් අඟල් 4ක් පමණය. එසේම මහපටැඟිල්ල ඔසවා අත මිටමොලවා ගත්තාමද මිටේ උස අගල් 4ක් පමණ වේ
වඩු රියන නම් වැලමිටේ සිට මැදැඟිල්ල දක්වා ඇති දුරයි. එනම් අඩි 1යි අඟල් 6ක් පමණය. පසුකාලීනයන් මේ මිණුම් දෙක පටලවාගත්තා.
ඉතින් බුදුරදුන් රියන් 18 ක් උසයි කියා පොතේ තිබූ නිසා එය වරද්දාගත් අය වඩු රියන් 18 උස බුදු පිලිම නෙලුවා.. එනමුත් නියම රියන් 18 නම් අඩි 6කි (4x18 =.අඟල් 72යි, 72/12 = අඩි 6යි )
තවත් පසුකාලින වෙනකොට මෙපමණ උසට ඉන්නේ අසහාය දෙවියෙකි කියාද සමහරු සිතුවා.. සිතා දේවත්වයෙන් අදහන්නට වුනා.. සමහරුන් අදටත් එසේමලු.. මේවා කියනකොට එයාලට තරහත් යනවාලු..
එසේම 1896 දී බුදුන් සොයා නේපාලයට ගිය "ඇන්ටන් පුෂේ" නම් ජර්මන් ජාතික සුද්දා ද, ලංකාවේ අය මෙපමන උසයි කියන බුදුන්ගේ දත මෙතරම් විය යුතුයි සිතා අශ්ව දතක් සොයාගෙන 'මෙන්න බොළව් තොපේ බුදුන්ගේ දන්ත ධාතුව' කියා පෙන්නුවාලු..
අනේ අපොයි හෙළදිව වැඩසිටි අපේ බුදුරදුන්ට ගිය කළ?


ගව්ව හා යොදුන පසුකාලීන මිම්මෙන් පටලවා ගන්න එපා..

"යොදුන" යනු ශක්ති සම්පන්නයෙකු හෙවත් යෝදයෙකු විසින් දුන්නකින් විදිනා දුරය.  යොදුනක් කියන්නේ මෙපමණයි කියා නිශ්චිත දුරක් නොවේ. පසුකාලීනයන් මේ මිණුම පටලවාගත්තා. සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන යනු සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින්ය. ගව් 4ක් යොදුන් 1යි කියන කතාව සාවද්‍ය එකකි.
එදා ගව්වක් යනු සාමාන්‍යයෙන් අද අඩි 4ක පමණ ප්‍රමාණයකි. අමාවතුර-ගැටපද විවරණයට අනුවද “තත්තිබන්ධ නඨානං ගගාවුතං” (තත් බඳනා ඇණ සවි කළ තැන ගව්වක) යි අටුවාවෙහි කියන ලද බව මනාව පෙන්වාදී ඇත. අද අපේ සමහර අය මෙය සැතපුමක් ලෙස වැරදියට අර්ථ දක්වයි.
"අහස් ගව්වක දුර" , "ගව්වක දුර එතුන භවය" , "මේ ඇතුගේ කුම්භයක්(කුම්භස්ථලය) ගව්වක් පමණ ද වන්නේය" යනුවෙන් මේ තැන්වල කියනේ සැතපුමක්ද?
"ගව්වෙන් ගව්ව දිව මාලිග පෑදේවා" යනු හැතැප්මෙන් හැතැප්ම මාළිගා නොවේ. හැතැප්ම ගානේ දිව්‍ය මාළිගා කියා අර්ථ දක්වන්නේ මේ මෑත කාලීනවය. (සිදුහත් කුමරා බවුන් වඩන්නට ගියා මිසක් රටපුරා සංචාරය කරන්නට ගියේ නැත). මේවා තමයි අවුල් කරගත් දේවල් කියන්නේ. සිදුහත් කුමරාට පියවරක් පියවරක් පාසා මෙන්ම දිව විමන් පහල වේවා කියන අදහසයි ඉන් ගම්‍ය වන්නේ.
එසේම "ගව් ගනන් ගොසින් මහතුන් දකින කල - මව් මරා උපන් කුමරා කෙහෙල් මල" කියන තැනද අදහස් කරනුයේ කෙහෙල් මල වර්ධනය වී පසුව ගව්වක් පමණ දිග කැනක් වන බවම මිසක් වෙන මොන කෙහෙල් මල් කතාවක්ද?
සුද්දගෙ මිනුම් වලට ඔය පෙර මිනුම් හරි නොගිය තැන එයාල ඉන්දියාවෙ සැතපුම් වලින් තැන් නිර්නය කළා. ඒත් ඔවුන්ටවත් අපේ සමහර පණ්ඩිතයින්ටවත් තේරුනේ නෑ බුදු හාමුදුරුවො කොහොමද ඔය කියන පරිදි ඉන්දියාවේ ඉසිපතනය වැනි සමහර ස්ථාන වලට දින හත අටකින් කි.මී. 400ක් පමණ පා ගමනින් වැඩියේ කියල.
පූජාවලියට අනුව අපේ හෙළදිව දඹදිව පිහිටි සිද්ධස්ථාන වලට නම් එම දුර ප්‍රමාණ ගනනයන් ඉතා නිවැරදි බව දරුවෙකුට වුවත් අවබෝධ වනු ඇත. 


සත්තසුරියුග්ගමන, චූළණිකා වැනි සූත්‍ර වල ඇති අන්තර්ගතයන් හා උපමා උපමේයයන් තේරුම් ගැනීම ඉතා ප්‍රවේශමෙන් බුද්ධිමත්ව කල යුත්තකි. සත්තසුරියුග්ගමන සූත්‍රයේ මෙහෙමත් තියෙනවා..
''විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කඳින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුළු බිඳීි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුළු බිඳී විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුළු බිඳී විනාශ වෙත්. දනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මේරු පර්වතයෙහිද,..''
හොඳයි මෙහි ''පන්සියයක් යොදුන් පමණ ගල් කුළු'' යනුවෙන් දැක්වෙන මිනුම් ප්‍රමාණයන්හි අගයන් කෙබඳුද? අද සම්මත විදියට නම් යොදුන් 1ක් = සැතපුම් 16කි. එහෙනම් යොදුන් 500 = සැතපුම් 8000 කි (කි.මී 12874). එහෙමනම් මෙහෙම කලුගල් තියෙනවාද? නැතිද?. මේ කියනදේ හරිද? වැරදිද? නැත්නම් අතිශයෝක්තිද? එසේත් නැත්නම අප වැරදියට පටලවාගෙනද?


(මෙතන යොදුන යැයි කියන්නේ අද භාවත වන යොදුන ගැන නොවේ. එදා යොදුන කීවේ දුන්නෙන් විදි හීය වැටෙනා දුරකටය.. එසේ නොමැතිව යොදුන= සැතපුම් 16ක් කියා සුද්දාගේ මිම්මෙන් වැරදියට ගතහොත් සියලු දහම අවුල් සහගත වනු ඇත. මන්ද අද කියන විදියට 'පන්සියයක් යොදුන්' කීවොත් සැතපුම් 8000 ක් වන අතර එවැනි කලු ගල් ඇතිය කියා කීවොත් එය විහිලුවක්මය.)

එසේනම් වගකිව යුත්තන් මේවාට තරහා නොගෙන නුවණින් විමසා බලා වැරදි ඇත්නම් නිවැරදි කරගෙන සදහම් මග සොයා ගනිත්වා.. යොදුන් ගනන් දිව නොයා ලඟම ඇති සත්‍ය දකිත්වා..



අපේ සමහර හාමුදුරුවනුත්, ගිහි මහත්තුරුත් ඔය යොදුන උපමා කරල කියන දේශනා වලට හරි මිනුම පෙන්වල දෙනවනම් ගොඩාක් අයට ධර්මය වටහා ගන්නත් පහසු වෙනවා.. ඒ ගැන සිතා බලත්වා...
දාඨාවංශයේ සඳහන් පරිදි බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේදී දුරුතු මස ලංකාපුරයට වැඩියා.
"ලංකමාගමම ගංගාය - තීරෙ යොජන විත්ථතෙ
මහානාග චනුය්‍යාතෙ - ආයාමේන තියොජනෙ"
ගංතෙරෙහි යොදුනක් පළල ඇති, දිගින් තුන් යොදුනක් පමණ වන මහානාග(මහියංගන ) උයනට වැඩම කළ බව ඉහත ගාථාව අර්ථ දක්වයි.
යොදුනක් පළල යොදුන් 3ක් දිග උයනක්ලු.
අපේ සිංහල විදියට යොදුන යනු සැතපුමක් පමණ නම් මෙතන කිසිම ගැටලුවක් නෑ.
ඒත් සුද්දගෙ මිනුමෙන් නම් කි.මි. 25ක් දිග හා කි.මි.75ක් පළල උද්‍යානයක්..?
කොහේද අප්පේ එහෙම උද්‍යාන මහියංගනේ තිබුනේ..?
ඕක තමයි කියන්නේ සුද්දගෙ යොදුන් වලින් බුද්ධ දේශය හොයන්න එපා කියල මහතුනේ...
ගව්ව් හා යොදුන සුද්දාගේ මිම්මෙන් පටලවා ගන්න එපා.. "යොදුන" යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.
එනම් එය දල වශයෙන් සැතපුම් සැතප්මක් විය හැකිය. ගව්ව අඩි 3,4ක් විය හැක.
සුද්දගෙ මිනුම් වලට ඔය පෙර මිනුම් හරි නොගිය තැන එයාල ඉන්දියාවෙ සැතපුම් වලින් තැන් නිර්නය කළා. ඒත් ඔවුන්ටවත් අපේ සමහර පණ්ඩිතයින්ටවත් තේරුනේ නෑ බුදු හාමුදුරුවො කොහොමද ඔය කියන පරිදි ඉන්දියාවේ ඉසිපතනය වැනි සමහර ස්ථාන වලට දින හත අටකින් කි.මී. 400ක් පමණ පා ගමනින් වැඩියේ කියල....



කල්පය ගැනත් එහෙනම් හරියට දැනගමු..නේද?
මාරයාගේ ඉල්ලීම නොතිබුනා නම් බුදුරදුන්ට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වුවත් වැඩ සිටීන්න පුලුවන් කියා තිබෙන කතාව ගොඩක් අය අහල තියෙනවනේ.. ඉතින් අපි බලමු නියම කල්පය කියන්නෙ කොපමණ කාලයක්ද කියල ධර්මානුකූලවම.
ඇත්තටම කියනවනම් කල්පයක් කියන්නේ කාලාන්තර පරාසයකටයි. විද්‍යමානවූ යමක පැවැත්ම ඒ ආකාරයෙන්ම පෙන්නුම් කරයිද, එම පැවැත්ම ඉක්මවනේ කවදාද එතෙක් එහි කිසියම් කාලානුපරාසයක් තිබෙනවා. යම් දෙයක මෙන්ම උපන් ලෝක සත්වයාටත් ඒ ඒ අනුරූපීව යම් කාල ප්‍රදේශයක් තිබෙනවා. ඒ කාල සීමාව යම්තාක් කල්ද එය එහි හෝ ඒ සත්වයාගේ කල්පයයි. එම කාලාන්තරය එහි කල්පයයි. මෙය ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්තකි.
මිනිසෙකුට නම් එදා අවුරුදු 120ක් පමණ ආයුෂ කාලාන්තරයක් පවතිනවා. එය මනුෂ්‍ය අත්බවේ කල්පයයි. බල්ලෙක් වුනා නම් ඌට අවුරුදු 15ක් 20ක් වගේ ආයුෂ කාලයක් තිබෙනවා. ඒ බලු අත්බවේ කල්පයයි. ඒ ඒ කාල ප්‍රදේශයන් අනුව මේ කියන කල්පය වෙනස් වෙනවා. මේ අද කාලයේ මිනිසෙකුට අවුරුදු 80ක් 90ක් වගේ තමයි කල්පායුෂ වන්නේ. ඉතින් යමක් යම් නමකින් හඳුන්වන්න පුලුවන් කාල සීමාවක් ඇතිද එයට එහි කල්පය කියා කියන බව වටහා ගත යුතුයි.
ලෝක සම්මත කල්පය වනාහී ඉතා දිගු කාලයකි. ලෝකය හටගැනීම, ලෝකය පැවතීම, ලෝකය විනාශවීම, විනාශවෙලා පැවතීම කියන කාල හතරට කියනව අන්තක්කල්ප 4ක් කියලා. ඒ අන්තක්කල්ප සතරේ එකතුවට කියනව මහා කල්පයක් කියා.. ඒ වගේම අන්තක්කල්ප 80ක ට අතිමහා කල්පයක් කියා කියනවා. ඉතින් මේ කල්පය කියන දෙය අද බොහෝ දෙනෙක් පටලවාගෙන ධර්මයත් පටලවා වටහාගෙන අනුන්වත් එහි පටලවන බව තතු දන්නෝ දනිති.
බුදුරදුන්ට කල්පයක් වැඩ සිටිය හැකි බව කීවේ බුද්ධායුෂ කල්පයකි. එනම් එදා යුගයේදී නම් අවුරුදු 120ක් පමණය. නමුත් උන් වහන්සේ අවුරුදු 80කින් පිරිණිවන් පෑවාහ. තව අවුරුදු 40ක් පමණ උන් වහන්සේට වැඩ ඉන්නට හැකිව තිබුණා කියා අප තේරුම් ගන්නට ඕනි. නැතුව වෙන විකාර කල්පයක් නොවේ එතන කියන්නේ..
එසේම යමෙකුට මිනිසත්බවක් ලබන්නට අවුරුදු කල්ප ගානක් යන බව පවසන තැනද කියන්නේ මිනිස් ආයුෂ කල්පයන්ම විනා වෙන බහුභූත කල්ප කාලයක් ගැන නොවේ. යොදුනක්(සැතපුමක් පමණ) උස යොදුනක් පලල පර්වතයක් කියන තැන සඳහන් කල්පය නම් ලොව පවතින අති මහා කල්පායුෂ ප්‍රමාණයයි. එය මිනිස් ආයුෂට පටලවා ගත නොයුතුය.

බුදුදහම හරියට නොදත් අය නම් නොයෙක් කතා කියමින් තමන්ද බියවී මිනිසුන්ද අනවශ්‍ය ලෙස බය කරවමින් දාඩිය පෙරාගෙන එහෙ මෙහෙ දුවති. බුදු දහම හරියට අවබෝධ කර ගන්නා අයට නම් අනවශ්‍ය බයක් නොමැතිව සසරින් එතෙර විය හැකි වනු ඇත. තම පැවැත්මට නම් මිනිසුන්ව අනවශ්‍ය ලෙස බය කරවා දිව්‍ය ලෝක ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කොට පෙන්වීම උචිතයි. එවිටයි අන්ධ ශ්‍රද්ධා භක්තිකයොත් දිව්‍ය ලෝකෙ යන්නට තන්හාවෙන් ලෝබ නැතුව මුදල් දීල වීසා ඇප්ලයි කරන්නේ... තේරුනාද මන්ද?
නිවන පස්සට තල්ලු කරල ස්වර්ගය ඉසරහට දාල පෙන්නනව යදින්න කියල..
මේ ඇත්ත පෙන්නනකොට නම් සමහරුන්ට ඉතින් මළ (කෙළෙස් මළ) පනිනවම තමයි. අහු වුනොත් මට වෙඩි තියයිද මන්ද? එහෙම නැත්නම් යම රජ්ජුරුවොන්ට හරි මම ගැන කියල පෙත්සමක් යවයි අනිවාර්‍යයෙන්ම. මොනව වුනත් මම නම් බය නෑ මේ හය හතර කුමක්ද කියා හරියට දන්න නිසා.. හයක් හතරක් නොදන්න ළමයි ඔහේ කෑ ගහපු දෙන්..
සියල්ලන්ටම සත්‍ය අවබෝධ වේවා...

  ද්‍රෝණයක් යනු
ද්‍රෝණයක් යනු නැලි හතරක ප්‍රමාණයකි. බුදුහාමුදුරුවෝ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේ කොසොල් මහරජු වෙනුවෙනුයි දෝණපාක සූත්‍රය දේශනා කළේ. කොසොල් මහ රජු ද්‍රෝණයක පමණ බත් හා ඒ හා සමානම හොදි ව්‍යංජන එක වරකට අනුභවකර තිබේ. ඒ බව අටුවාව දක්වන්නේ “දොණස්ස තණ්ඩුලානං පක්කභත්තං තදුපියඤ්ච සූපඛ්‍යඤ්ජනං භුඤ්ජති” යනුවෙනි. රජු එක් වේලකට නැළි හතර බැගින් දවසේ වේල් දෙකට නැලි අටක ආහාර අනුභව කොට ඇති බව මෙයින් පැහැදිලි වේ.
දුටුගැමුණු මහා රාජයා විසින් කරවන ලද රන්මැලි සෑයෙහි ද්‍රෝණයක් පමණ ධාතු තැන්පත් කොට ඇති බව මහාවංශයෙහි සඳහන් වී ඇත.
සතර මිටි එකක්‌ පත එකකුත්, සතර පතක්‌ නැලි එකකුත් බව පුරාණ චක්‍රයේ සඳහන්ව ඇත. නැලි 4ක් ද්‍රෝණ එකකි.

සැතපුම අපිට ආපු හැටි..
එකල ලාංකිකයෝ තම තමන්ගේ එදිනෙදා ගමන් බිමන් ගියේ පයින් හෝ ගොනුන් බැඳි ගැල් වලය. තමන් ගමන පටන් ගත් තැනෙහි සිට ගමනාන්තය දක්වා කොපමණ දුරක් ඇත්දැයි තවෙකෙකුට පැවසීම සදහා ඔවුන්ට මූලික ඒකකයක අවශ්‍ය තාවය පැන නැගිණි.

මේ සදහා ඔවුන් විවිධ වූ රාශීන් භාවිතයට ගත්හ. එක තැනක සිට තබන ලද හූවක් ඈතින් සිටින අයෙකුට ඇසිය හැකි උපරිම දුර ඔවූහු "හූවක දුර" යැයි භාවිතයට ගත් අතර හොඳින් ඇදුනු දුන්නකින් නිකුත්වන හීයක් ගමන් කරන උපරිම දුර "හීයක දුර" යැයි ද ඔවුන් හැඳින් වූහ. (එය යොදුන විය - යෝදයෙකු දුන්නෙන් විදින දුර)
එකල පිරිමින් බර උසුලන විට සරම කෙටිකර ගැට ගසා ගනී. මෙය කැහැපට ගැසිම නම් වේ. කැහැපට ගසාගත් තැනෙහි සිට එය ලිහෙන දුර එසේත් නැත්නම් ඉණ බැඳි පිලි ලිහෙන දුර "පිල්ලුම" ලෙස ද ඔවුන් භාවිතයට ගත්හ.

බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් සමග මෙම ප්‍රාදේශීය ඒකකයන් කෙමෙන් කෙමෙන් මෙට්‍රික් ඒකක වලට හැරෙන්න විය. බ්‍රිතාන්‍යන් දුර මැනීම සදහා භාවිතා කළේ සැතපුම නම් වූ ඒකකයකි. එය ඉංග්‍රීසි ව්‍යවහාරයේදී මයිල් (mile) නම් වේ.
මෙය භාවිතයට පැමිණියේ රෝමවරුන්ගෙනි. රෝම සොල්දාදුවන් පෙරට තැබූ දකුණු පය නැවත පෙරට එනතෙක් තැබූ දුර පියවරක් ලෙස හැඳින්වූහ. (පළමුව දකුණු පය පෙරට තබා දෙවෙනුව වම් පය පෙරට තබයි. නැවතත් දකුණු පය පෙරට තබයි. මෙම දුර පියවරක් නම් වේ.)

එවැනි පියවර 1000ක් මයිල එකක් එසේත් නැත්නම් "පියවර දහසක දුර" යන අරුත ඇති mille passum එකක් ලෙස ඔවුන් හැදින්විය. එසේ ඔවුන් තබන එක් පියවරක අඩි 5ක් අන්තර්ගත වූ බව ඔවුන් සොයා ගත් බැවින් මයිල් (mile) එකක් නොහොත් සැතපුමක් තුල අඩි 5000ක් අන්තර්ගත වූ බව රෝමානුවන් පිලිගත්හ.
නමුත් සැතපුමට අඩි 5000ක් ඇති බව පිළිගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් අකමැති වූහ. ඒ ඔවුන්ගේ ගණනය කිරීම් වලදී ඇතිවූ යම් යම් අපහසුතා නිසාය. මේ නිසා පසු කලෙක ටියුඩර් ඉන්ග්ලන්ඩ් විසින් 1593 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් එක් සැතපුමක් තුල අඩි 5280ක් තිබිය යුතු බව සම්මත කරගත්තේය.

එතැන් පටන් ඔවුහු සැතපුම එසේත් නැත්නම් මයිල් (mile) භාවිතයට ගත්හ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයේ ලංකාවේද දුර මැනීම සදහා භාවිතා වූයේ සැතපුම නැමති ඒකකය වේ.

එවකට ඔවුන් ඉදිකරන ලද කන්ද උඩරට මාර්ගයේ දුර මැන්නේද සැතපුම් වලිනි. ඔවුන් මාර්ගය පටන් ගැන්මේ සිට විවිධ ස්ථාන වලට ඇති දුර සැතපුම් වලින් මැන ඒ ඒ ස්ථාන වල සැතපුම් කණු පිහිටවූහ. ඒවා අදටත් කොළඹ -නුවර මාර්ගයේ තැනින් තැන අදටත් දක්නට ලබේ. මීට අමතර ව තවත් සැතපුම් කණු ලංකාවේ විවිධ ස්ථාන වල දැකිය හැකි ය.
ගව්ව් හා යොදුන සුද්දාගේ මිම්මෙන් පටලවා ගන්න එපා.. "යොදුන" යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය. එනම් එය දල වශයෙන් සැතපුම් භාගයක් හෝ සැතප්මක් විය හැකිය. ගව්ව අඩි 3,4ක් විය හැක. ගව් 4ක් යොදුන් 1යි කියන කතාව වැරදි එකකි.
සුද්දගෙ මිනුම් වලට ඔය පෙර මිනුම් හරි නොගිය තැන එයාල ඉන්දියාවෙ සැතපුම් වලින් තැන් නිර්නය කළා. ඒත් ඔවුන්ටවත් අපේ සමහර පණ්ඩිතයින්ටවත් තේරුනේ නෑ බුදු හාමුදුරුවො කොහොමද ඔය කියන පරිදි ඉන්දියාවේ ඉසිපතනය වැනි සමහර ස්ථාන වලට දින හත අටකින් කි.මී. 400ක් පමණ පා ගමනින් වැඩියේ කියල.
පූජාවලියට අනුව අපේ හෙළදිව දඹදිව පිහිටි සිද්ධස්ථාන වලට නම් එම දුර ප්‍රමාණ ගනනයන් ඉතා නිවැරදි බව දරුවෙකුට වුවත් අවබෝධ වනු ඇත...

ප්‍රසන්නජිත් රජ්ජුරුවන්ගේ පොලිටික්ස්.. සහ යොදුන

 

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive