ගෞතම බුදුරදුන් වැඩසිටියේ ලංකාවේද? ඉන්දියාවේද?

යමක ඇති යථා තත්වය හෙවත් සත් දැක ගැනීමට නම් එහි සුල මුල නියම වශයෙන්ම දැන ගත යුතුයි. එමෙන්ම එහි කොටස් කර විභාග කර බැලිය යුතුයි. එවිටයි අවිද්යාව දුරුවී විද්යාව පහල වන්නේ.  එසේ නොමැතිව අඳුරේ අතපත ගෑමක් බුදුදහමේ කොහෙත්ම උගන්වා නැත. යමක පවතින වැසී ඇති නියම සත් දැකීමට නම් එය පෙරලා, පට්ට ගසා, විභාග කර, නිරීක්ෂණය කර බුද්ධිමත්ව විමසා බලා සත් වටහා ගත යුතු බවයි බුද්ධ ඉගැන්වීම වන්නේ.
රන් තැඹිලි කතාව
අපට ඉතා වැදගත් වෛද් අවශ්යතාවයකට රන් තැඹිලි තෙල් ටිකක් අත්යවශ් වූවා යැයි සිතමු. දැන් අප විශ්වාසවන්ත බෙහෙත් කඩයකට ගොස් රන් තැඹිලි තෙල් ටිකක් ඉල්ලූ පසු වෙළෙන්දා බෝතලයකට දමා රන් තැඹිලි තෙල් ටිකක් දෙයි. මෙසේ විශ්වාසයෙන් රැගෙන ගිය නමුත් කෙසේ හෝ අප බලාපොරොත්තු වූ කාර්යය සඵල නොවෙයි. වෛද් වරයෙකු ඒවා පිරිසිදු රන් තැඹිලි තෙල් නොවන බවද පවසයි.  එවිට අප ගොස් වෙළෙන්දාගෙන් ඒවා නියම රන් තැඹිලි තෙල්ම දැයි විමසනව. එහිදී වෙළෙන්දා කියන්නේ මා මේවා විශ්වාසවන්ත දුරබැහැර ගොවි මහතෙකුගෙන් ගෙන්වා ලබා ගත් ඒවා බවය. පසුව අප එම ගොවි මහතා වෙතද සොයා ගෙන යනව. එවිට ඔහු කිසියම් තැඹිලි ගසක් පෙන්වා මේ රන් තැඹිලි ගසක් බවත්, එය රන් තැඹිලි ගසක්ම බව තම සීයා තමාට පැවසූ බවත් අපට කියනව. කෙසේ නමුත් මේ සියලු දෙනාම කියන්නේද ඇත්තය. අපට වංචා කිරීමේ අරමුණක් ඔවුන් තුල නැති අතර ඔවුන් පවසන්නේ තම තමන් ගේ විශ්වාසයන් මතයි. එනමුත් ඒවා රන් තැඹිලි තෙල් නොවේ. ඒවා නිකම් තැඹිලි තෙල් පමණකි. ඒවායින් කෙසේවත් අපේ අවශ් කාර්යය සඵල නොවනු ඇත.
කොහොම හරි අපේ අවශ්යතාවය නිසා දැන් අපටම මහන්සිවී පිරිසිදු රන් තැඹිලි තෙල් සොයාගෙන යන්නට සිදු වෙනව. පිරිසිදු රන් තැඹිලි තෙල් සොයන්නට කලින් එය නිසැකවම දැන ගැනීමට අපට නියම රන් තැඹිලි ගසක් සොයා ගත යුතු වෙනව. එනිසා අපට පිරිසිදු රන් තැඹිලි තෙල් සොයා ගන්නට නම් සම්බන්ඳව බුද්ධිමත්ව විද්යානුකූලව විධිමත් ගවේශණයක් කල යුතුම වෙනව. කෙසේ හෝ පොත් පත් වලින් හා නොයෙක් අයුරින් සොයා ගත් දැනුමද සහිතව පිරිසිදු රන් තැඹිලි ගසක් සොයා අප පිටත් වෙනව.
රන් තැඹිලි ගස් යැයි බොහෝ දෙනා අපට පෙන්වන්නේ සාමාන් තැඹිලි හා ගොන් තැඹිලි ගස්මය.
රන් තැඹිලි තෙල් ගැන හොඳින් දන්නවා යැයි කියනු ලබන ප්රසිද්ධ අය කීප දෙනෙකු ලඟටද අප දැන් යනව නියම රන් තැඹිලි ගසක් තිබෙන්නේ කොහේදැයි විමසීමට. එවිට රන් තැඹිලි තෙල් පිළිබඳ තමන් විශෙෂඤයින් යයි කියනු ලබන ඔවුන් කියනුයේ, එම ගොවි මහතාගේ වත්තේ තිබෙන්නේ නියම රන් තැඹිලි ගසක් විය යුතු බවත් අපට රන් තැඹිලි තෙල් ඇත්නම් ඒවා පමණක්ම වැදගත් බවත්, රන් තැඹිලි ගස් ගැන සොයා කුමකට වෙහෙසෙන්නේ යන බවත්ය.
ඔවුන් එසේ කීවත් මෙහි ඇති ගැටලුව නම් පිරිසිදු රන් තැඹිලි තෙල් යැයි කියා ලඟ තබාගෙන සිටින්නේ සාමාන් තැඹිලි තෙල්ම බව ඔවුන්ද නොදන්නා බවය. ඔවුන් එම තෙල් ආරක්ෂා කරනු විනා ඒවායින් නිසි ප්‍රයෝජනයක් රැගෙන නැති බව අපට පැහැදිලිය. ඔවුන්ද කිසියම් මුළාවකට හසුවී ඇති බව දැන් හොඳටම අප දන්නවාය. එනිසා අපට ප්රතිකාරයට නියම බෙහෙත තමන්ම සොයනවා විනා කාගේවත් කතන්දර වලින් ඵලක් නම් නැත්තේය.
කොහොම හරි අන්තිමට අපට නියම පිරිසිදු රන් තැඹිලි ගසක් ඉතා ලඟම තිබී පහසුවෙන්ම හමුවෙයි. එය විද්යානුකූලවම නියම පිරිසිදු රන් තැඹිලි බවට අපට ප්‍රත්යක්ෂ වෙයි. එතුලින් ලබාගත් පිරිසිදු රන් තැඹිලි තෙල් නිසා අපගේ කාලයක් තිස්සේ පැවති නිදන්ගත රෝගය පහසුවෙන්ම සුව කර ගන්නටත්, තවත් බොහෝ වටිනා කාර්යයන් සඳහාත් නියතවම හැකියාව ලැබුණි.
මේ ඉහත උපමා කතාවේ සඳහන් පිරිසිදු රන් තැඹිලි තෙල් යනු පිරිසිදු බුද්ධ ධර්මය ලෙසත්රන් තැඹිලි ගස නම් බුදුරදුන් ලෙසත් සසඳා නැවත වරක් එම උපමා කතාව කියවා බලන්න. එවිට ඔබට බුද්ධ හා ධම්ම යන ශක්ති දෙකෙහිම ඇති අන්යෝන් සම්බන්ඳතාවයත්, එහි ඇති වටිනාකමත්, අප ඇතුලු ලෝකයා කලක් තිස්සේ වැටී සිටින මුළාවත් තේරුම් ගැනීමට පහසු වනු ඇත.  
සංසාර නැමති රෝගයෙන් මිදීමටත්, මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගන්නටත් බුදු දහම ඉතාමත් වටිනා මහඟු ඖෂධයකි. එනමුත් මොනයම්වූ හෝ හේතුන් නිසා කාලයාගේ ඇවෑමෙන් පිරිසිදු බුදු දහම යටපත් විය. වෙනුවට විවිධ දේව ආගම් සංමිශ්රණයවූ දහමක් බුද්ධාගම ලෙසින් මතු වූහ. එනිසාම පිරිසිදු බුදු දහම තුලින් මිනිසාට ලබා ගතහැකිවූ වටිනා ශක්තිය මිනිසුන්ගෙන් ඈත් වූහ. එය හරියට රන් තැඹිලි තෙල් වෙනුවට සාමාන් තැඹිලි තෙල් ලබා ගැනීම හා සමාන වූවකි. එනමුත් දෙකම තැඹිලි තෙල් වුවත් රන් තැඹිලි තෙල් වලින් කළහැකි කාර්යය සාමාන් තැඹිලි තෙල් වලින් කරගත නොහැකිය.  ලෝකය තුල විවිධ දහම් තිබෙන්නට පලුවණි. තැඹිලි වර්ග තිබෙන්නාක් මෙන්ම බුදුදහම නමින්ම වෙන වෙන දහම්ද ඇත. ඉතින් රන් තැඹිලි වෙන්කර ගන්නාක් මෙන් පිරිසිදු බුදුදහමද ඉතා කල්පනාකාරීව විමසිල්ලෙන් තෝරා බේරා ගත යුත්තකි.
එනිසා බොහෝ කාලයක් තිස්සේ පැවති විශ්වාසය හා ශ්‍රද්ධාව නිසා කවලම් වු දහම නියම බුදුදහම යැයි හිස් මුදුනින් පිළිගෙන අවිචාරව රැකගෙන ආවා මිසක ඉන් ලබාගත හැකිවූ නියම ඵලය අපට ලබාගන්නට නොහැකි විය. දුකින් මිදීම හෙවත් නිවන යනු ඉතා දුර වූවෙකැයි අප සිතුවෝය. දුකින් මිදෙන මග හෙවත් නිවන දැකීම අද කල නොහැකි දෙයකැයි අප සිතුවෝය. දහම නොදත් කමින්ම නිවන ලැබීම කෙසේ වෙතත් නිවන දකින්නටවත් කියූ පමණින් බොහෝ දෙනා බිය වෙති
අද කාලයේ මගඵල නොලැබිය හැකි දෙයෙකැයි කියා එය මෛත්රී බුදුන්ගේ කාලයේදී ලැබිය යුත්තෙකැයි සිතා ක්රියා කලෝය. බුදුපියාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්රයේ සඳහන් කළ 'මහණෙනි භික්ෂූහු මනාව කෙළෙස් ප්රහාණය කරමින් වාසය කරත් නම් අරහතුන්ගෙන් මේ ලෝකය හිස් නොවනු ඇත'. ('ඉමමේව සුභද්ද භික්ඛූ සම්මා විහරෙය්යුම් අසුඤ්ඤෝ ලෝකේ අරහන්තේහි අස්ස') යන අවසන් බුද්ධ වචනය අප අමතක කලෝය.
ඇත්තටම මෙහිදී අපට සිදු වුනේ කුමන හෝ බලවේගයක් නිසා නිර්මළ බුදුදහම යටපත්වී වෙනුවට අවුල් සහගත දහමක් හිස එසවූවා මිසක කොහෙත්ම මෙකල නියම පිරිසිදු දහම අවබෝධ කර මගඵල ලබා නිවනට පත්වීමට ඇති නොහැකියාව නොවේ. බුදුදහම අකාලික වූවක් බව කෙසේවත් අප අමතක නොකළ යුතුය.
අද කාලයේ මගඵල නොලැබිය හැකියි කියන මුළාවට හසුවූ සමහර ගිහි පැවිදි බොහෝ අයද තම ශ්‍රාවකයින්ට පවසනුයේ නිවන් දැකීමට ඇති පහසුම ක්‍රමය නම් මෙළොව පින්කම් කොට මරණින් පසු දිව් බ්‍රහ්ම වැනි සුගතියක උපත ලබා සිට මතු බුදුවන මෙතේ බුදුන්ගේ සමයේදී එය කරගන්නට සැරසෙන ලෙසයි. ඇත්තටම එය ඉතා සුන්දර දෙයක් යැයි එකවිටම හැගී ගියද මේ ඝෝර බියකරු සසරේ අප එසමයේදී කොහේ සිටීවිදැයි කාට නම් කිව හැකිද? සෝවහන් නොවු ඕනෑම අයෙකුට කුමන හෝ මොහොතේ සතර අපායේ වැටීමට දැඩි අවධානමක් ඇති බවත් ලෝක සත්වයාගේ මහ ගෙදර නම් සතර අපායම බවත් අප ඉතා හොඳින් තේරුම් කර ගෙන කටයුතු කලහොත් ඉතා වැදගත් බව සිහිකර ගත යුතුයි.
කෙසේ හෝ මේ සියල්ලටම හේතුව නම් කාලයක් මුලුල්ලේ නියම පිරිසිදු බුදු දහම කාලය නැමති වැලිතලාවෙන් වැසී පැවතීමයි. නමුත් දැන් එය ඉතා පැහැදිළිව මතු වෙමින් බැබලෙන්නට පටන් ගෙන ඇත. සත් වශයෙන්ම එය ඔබේත් මගේත් මහා භාග්යයකි. මෙම සුබ වූ ආරංචිය අසන්නට ලැබුණු ඔබද සැබවින්ම මහත් වූ පුණ් වන්තයෙකි. මෙය තව කෙතෙක් කලක් නිරාවරණය වී පවතීදැයි අපට කිව නොහැකිය. ලද මොහොතේ අප්‍රමාදීව ප්‍රයෝජන ගැනීම ඔබගේ වගකීමයි. පිරිසිදු රන් තැඹිලි තෙල් සොයා ගන්නට නම් නිවැරදිව රන් තැඹිලි ගස හඳුනා ගත යුතු වූවාක් මෙන්ම පිරිසිදු බුදුදහම තෝරා බේරා ගැනීමට නම් එම දහම දෙසූ බුදුරදුන් කවුරුන්දැයි නිවැරදිව දතයුතු වෙනව. ඊට බුදුරදුන්ගේ සත් චරිත කතාව දත යුතු වෙනව. එවිටයි සත් බුදුදහම අපට හමු වන්නේ. දහම තිබේ නම් බුදුරදුන් ගැන සෙවීමෙන් ඇති ඵලය කිම, බුදුන් කොහේ සිටියත් දහම් අවබෝධයට එය අදාල නැතැයි යනුවෙන් ඇතැමුන් පවසන්නේ තමන් නියම බුදුදහම අල්ලාගෙන නැතැයි යන බව නොදත් කමින්මය. එය හරියට රන් තැඹිලි තෙල් ඇත්නම් ගස ගැන සොයා වෙහෙසෙන්නේ කුමකටද කියා ඇසුවාට සමානය. රන් තැඹිලි තෙල් කියා විශ්වාසයෙන් ලඟ තබාගෙන ඉන්නේ පොල්තෙල් හෝ තැඹිලි තෙල් කියා ඔහු නොදනී. ඉන් ප්රයෝජන ගන්නට ගිය පසුයි තමා මුලාවී ඇතැයි ඔහුට අවබෝධ වන්නේ. විශ්වාස බව වරදින්නට පුලුවන් වුවත් ප්‍රත්යක්ෂ බව කිසිදා නොවරදිනු ඇත.
බුදුදහම මේ තියෙනවා කියමින් වැඳ වැඳ ආරක්ෂා කරමින් හිටියට නිසි ඵලයක් නැත. ඉන් නිසි ඵල ප්‍රජෝජනයක් ලබන්නට නම් එමග ගොස් ඵල ලබා ගත හැකි විය යුතුය. එසේ දහම් මග යාම තුලින් අදටත් ඵල ලබාගත නොහැකි නම් එය හුදෙක් පිරිසිදු බුදුදහමක් නොවිය හැක. බුදුදහම හෙවත් බුද්ධ ධර්මය අකාලිකය.  බුදුරදුන් අපට පෙන්වා දුන්නේ හේතුඵල දහමකි. එය පරම ආර්ය සත් සතරකින් යුක්ත වූවකි. එය ඕනෑම කෙනෙකුට ඇවිත් දැකබලා ගෙන කෙළෙස් දුරලා ප්‍රභාශ්වර සිත වෙත යොමුවිය හැකි ප්‍රත්යක්ෂ දහමකි.
බුදුදහම යනු සංසාර ගඟෙන් එතෙර වීමට ඇති පහුරක්ය. ගඟ තරණය කිරීමෙන් පසු පහුර කර ගසාගෙන යාමක් නැත. සැබවින්ම ධර්මය යනු සර්පයෙකි. වැරදි ලෙස අල්ලාගත හොත් සර්පයා දෂ්ඨ කරන්නාක් මෙන්ම වැරදි ලෙස ධර්මය අල්ලාගත හොත් තමාගේ විනාශයටම හේතු වන්නේය. බුද්ධ ධර්මය සදාතනික පරම සත්යයි. එය කවරදාකවත් වෙනස් නොවනු ඇත. එහෙත් බුද්ධ ධර්මය කලින් කලට යටපත්ව සැඟව යනු ඇත.   යටපත්ව සැඟව යන ධර්මය නැවත කලින් කලට මතුවී බැබලෙනු ඇත. එය ලෝක ධර්මතාවයේ ස්වභාවයයි.
කාලයක් තිස්සේ නොයෙකුත් විවිධ බලපෑම් නිසා පිරිසිදු බුදු දහම සැඟව ගිය බව බොහෝ දෙනා නොදනිති. බුදුරදුන්ගේ ජන්මය සිදුවූයේ කොහේදැයි නියමාකාර ලෙස ප්‍රත්යක්ෂව යමෙක් අවබෝධ කරගත හොත් ඔහුතුල පවතිනු ලබන කෙළෙස් මුල් සමුදායක්ම ගැලවී යනු ඇත. එවිට ඔහු බුදුරදුන් කවුරුන්දැයි හොඳින්ම හඳුනයි. එතුලින් බුදු දහමේ දැනට පවතින අවුල් සහගත තැන්ද දුරුවෙයි. එවිට ඔහු හේතුඵල දහම නිවැරදිව දකියි. ඔහු බුදුන්ද බුදුදහමද නිවැරදිව දකියි. (වචන පමණක් අල්ලාගෙන මිත්යාවෙහි නොගිළිය යුතුයි.) අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන යන සතරෙන්ම බුදුදහම තේරුම් ගත යුතුයි.
කෙසේ හෝ බුදුරදුන් යනු අපට ඉතා දුරින් සිටි මහා දෙවියෙක් බ්රහ්මයෙක් වන් අයෙකු හෝ උඩින් පාවී යන මැජික් කරුවෙකු නොවේ. බුදුරදුන් යනු මේ සිරිලක් දෙරණේම පොළොව මත පය ගසා සිටි රජ පෙළපතකින් පැවත මවකට හා පියෙකුට දාව උපන් කුමරෙකුව සිට ශිල්ප සාශ්ත්‍ර උගෙන නිසි කළදී විවාහ වී තමන්ට දාව පුතෙකුටද ජන්මය දී, ලෝක සත්වයා අප්රමාන දුකෙහි ගිලී ඇති බවත් දැක, ඊට බලපාන හේතුවත් දැක, ඉන් මිදීම යනු කුමක්දැයි දැක, සඳහා යායුතු පිළිවෙත් මගත් දැක මුලු මහත් ලෝකයටම තමන්ම සොයාගත් එම සත් පෙන්වා දුන් ගොතම බුද්ධ නම් වූ අපගේ අති උතුම් ශ්‍රේෂ්ඨ නායකයාණන්ය.
සමහර විට මා මෙසේ කියන විට ඔබ සිතින් මවාගෙන සිටි බුදුරුවට මේ පෙන්වාදීම පරස්පර නම් ඔබට මා සමග ද්වේෂයන් එන්නටද පුලුවනි. ඔබේ සිහින ලෝකය බිඳෙන්නට යන විට ඇතිවන වේදනාවේම ආවේගයයි. එසේ නමුත් සත් පසක් කරගන්නට නම් කොතරම් නීරස වුවත් සත්යට මුහුණ දිය යුතුමයි.
කවුරු කොහොම මොනව කිව්වත් බුදුන් උපන් රට මේ උතුම් සිව් හෙළයමයි. එය පරම සත්යයි. බව ඓතිහාසික මුලාශ්‍ර, භූ විද්යාත්මක කරුණු, තාක්ෂණික කරුණු, ගුප්ත විද්යාත්මක කරුණු, අධ්යාත්මික කරුණු ආදී සියලු තොරතුරු වලින් පසක් කොට හමාරයි.
සියළු බුදුවරුන් හා සක්විති රජවරුන් බිහි වී ඇත්තේ මේ හෙළ පොලවේමය. හෙළ දෙරණ යනු වර්තමානයේ ශ්‍රී ලංකාව යනුවෙන් හදුන්වන අප උපන් මේ මව් බිමය.
මීට වසර 2500 කට පමණ පෙර සිටි අප මහා ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ඉපදීම බුදුවීම සහ පරිනිර්වාණය සිදුවුයේ මේ ලක් පොළොව මතයම. එය සත්යයි..සත්යයි...සත්යයි
මෙම සත් හරියට දැකගත හොත් අපට පිරිසිදු  බුදු දහම නිවැරදිව තේරුම් කර ගන්නටත්, එතුලින් නිබඳවම මෙළොව පරළොව දෙළොවම දියුණුවටත්, ඉතා දියුණු රටක් වශයෙන් අප සැමට ඉදිරියට යන්නටත් එක හෙළාම උපකාරී වනු ඇත.
එය මෙහි ඉතා පැහැදිලිව ඔබටම නිරවුල්ව ඔප්පු කර පෙන්වීමට හැකිවීම අප කවුරුත් ලද භාග්යයකි. වාසනාවකි. ඉවසීමෙන් හා මධ්යස්ත සිතින් යුතුව ඔබ මෙය කියවා විමසා බැලීමෙන් ඔබටම මෙම සත් ඉතා ඉක්මනින්ම මනාව පසක් වනු ඇත.  

පිරිසිදු බුදු දහම සොයා යන සියල්ලෝම මෙම පහත වෙබ් අඩවි තොරතුරු වෙත නිහතමානීව ගොස් නිර්මල බුදුදහම  සොයා මතුකර ගනිත්වා...
සදහම් දේශනා 
නිරපේක්ෂත්වයේ මග
පරම සත්‍ය

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive