සැබෑ දඹදිවට මොකද උනේ?

(මේ කියන දේවල් එකපාරටම් ඔබේ සිතට දරාගත නොහැකි වනු ඇත... උපන්දා සිටම බුදුන් උපන් රට ඉන්දියාව යැයිද, අප පැවතෙන්නේ විජය රජුගෙන්ය යැයිද කී ඔබේ යටි සිත මේවා පිළිගැනීමට ලෙහෙසියෙන් ඉඩ නොදෙනු ඇත... තමන් මවාගත් සංස්කාරික ලෝකය කැඩී බිඳී යන විට කෙසේ නම් ඉවසන්නද..? එහෙත් ඔබට සැබෑ ලෝකයට පිවිසෙන්නට නම් මේ සත්‍යට මුහුණ දෙන්නටම වනවා ඇත... මේවා හොයන්නට එපා, ඕනි නෑ, වැඩක් නෑ, අපිට මොකද කොහේ හිටියත් කියමින් නොයෙක් හේතු පාමින් පැන යාමට කටයුතු කරනුයේද අපගේම මෝහ සහගත යටි සිතමයි..
මේ සියල්ලක්ම කියන්නේ ඔබට ඔප්පු කිරීමට පුලුවන් සම්පූර්ණ සාක්ෂි ද සහිතවමය. ඒවා ඉදිරියට ඔබට මෙහිදීම හමුවනු ඇත. සත්‍ය දැනගැනීමට අවශ්ය නම් අනලස්ව දිගටම කියවාගෙන යන්න. තමන් තමන්ටම වංචා කර නොගන්න).
එදා ඉන්දීයාවේ සිටි අශෝක යැයි කියන මහ රජු විසින් ලක්දිව ධර්ම රාජ්‍යට අනුරූපීව වෙහෙර විහාර ගොඩනංවා ඉන්දීයාවේ ඉදි කළ කෘතිම ධර්ම රාජ්‍යයට  ජන්බුද්වීපය’ (දඹදිව ) යන නම පසු කාලයක දී ආරූඪ කළ බවක් ද ඉතිහාසයෙහි පෙනෙන්නට ඇත. (අශෝක නම් වෙනත් මහ රජෙකු අපගේ ලක්දිවද සිටි බව පුරාණ සෙල්ලිපි සාක්ෂි දරයි)
කෙසේ හෝ එම අශෝක ලෙස හඳුන්වන ඉන්දීය අධිරාජ්‍යයාගේ පාලන කාලයෙන් පසුව පැමිණි යුගයේ දී මේ විකෘති කිරීම කළේ මේ හෙල දිවයින තුළදීම ඉතිහාසය ලියන ලද හා බුද්ධ සාහිත්‍යයට අදාළ දෙස් විදෙස් ගත් කතුවරුන් විසින්මය.
සමහරවිට විවිධාකාරයෙන් සිදුහත් කුමරුන්ගේ චරිත ලක්ෂනයන්ට සමාන කම් ඇති ඉන්දියාවේ සිටි ජෛන මහාවීරයන් හා බුදුරදුන් පටලවාගෙන (දැන හෝ නොදැන ) මෙම තත්වය ඇති වූවා දැයි හරියටම කිව නොහැක.
ලක්දිව හෙළ භාෂාවෙන් ත්‍රිපිටක පොත්  ලියුවේ මාතුල අළුලෙණ විහාරයේදීය. ඒ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 450කට පමණ පසුව අප රටේම සිටි අරහතුන් වහන්සේලා විසිනි.  පසුව මෙම හෙළ භාෂිත පොත් පත් අනුසාරයෙන් පාළි බසින්  ලියු පාළි ත්‍රපිටක පොත් හා පාළි මහාවංශය ලියුවේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 900කට පමණ පසුවය.  ඒ බුද්ධඝෝෂ, මහානාම වැනි ඉන්දීය හිමිවරුන් විසින්ය.
ඉන් අනතුරුව හෙළ භාෂිත ඉතිහාස හා හෙළ අටුවා සහිත ත්‍රිපිටක පොත් පත් ඇතුලුව ඇතුන් හත් දෙනෙකුගේ බරට සමාන තවත් පොත් පත් මහා විහාරයට ගෙන්වා ගොඩ ගසා ගිනිතබා විනාශ කළේය. මෙය එවකට කිසියම් දේශපාලනික අරමුණක් තකා හෝ අන් බළපෑමක් නිසා සිදු වන්නට පුලුවණි.
කෙසේ හෝ ඉන් පසු අප රටේ ඉතිහාසයට හා දහමට ඉතිරි වූයේ මහානාම, ඝෝෂ වැනි ඉන්දීය හිමිවරුන් ලියන ලද පාළි(පෙළ )  පොත් ටික පමණි. (එහෙත් විනාශ කිරීමට නොහැකිවූ හෙළ භාෂිත පොත් කිහිපයක් පමණක් සමහර තැනෙක සැඟව නොතිබුණි යැයි මින් අදහස් නොකෙරේ.)
පාළි(පෙළ) බසින් පොත් ලියූ බුද්ධඝෝෂ වැනි හිමිවරු අරහත්වයට පත්වූ උතුමන් නොවේ.
මේ හිමිවරුන් ඉන්දියාවේ නිඝන්ඨ හා දේවවාදී අදහස් දරණ අය වූ අතර හෙළ අටුවා පාළියට පෙරලීමේදී තම අදහස්ද මේ පොත් වලට එක් කළේය.
හෙළ භාෂාවේ ඇති මාගධී වචනාර්ථ පාළි භාෂාවට පරිවර්ථනය කිරීමේදී බොහෝ සෙයින්ම පිරිසිදු දහමෙහි ඇති වචන වල අර්ථය විකෘති විය. එනිසා අපට බුදු දහම තේරුම් ගැනීමට නොහැකි විය.  එනිසාම දහමෙන් ඈත්වී යැදීම් ඇදහීම් වලට මුල් තැන දෙන ආගමක් අදහන්නට  පුරුදු විය. මේ ආකාරයට බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 1000ක් පමණ පසු වනවිට පිරිසිදු බුදුදහම හා ඉතිහාසය සම්පූර්ණයෙන්ම යටපත්වී ඒ වෙනුවට දේව ඇදහිලි මූලික කරගත් ආගමක් ලෙස බුද්ධාගම බිහිවිය. ඊට ආවේණිකව මිශ්‍ර වූ සංස්කෘතියක් ද බිහිවිය.
එනිසාම දහමෙන් ඈත්වී යැදීම් ඇදහීම් වලට මුල් තැන දෙන්නට මෙරට ජනයා පුරුදු විය. ජාතියක් වශයෙන්ද රටක් වශයෙන්ද අප ක්‍රමයෙන් පිරිහෙන්නට විය. අපේ ශ්‍රෙෂ්ඨ නායකයන් හා ඉතිහාසය අපට අමතක වී උදාසීන ජාතියක් විය. අනුන්ගේ රටවල් හා ආගම් පස්සේ දිව යන නිවට ජාතියක් වශයෙන් සිතන්නට පුරුදු විය. අපගේ ව්ටිනා ගුණ ධර්ම ගිළිහී අසමගි සම්පන්න විය. එනිසාම විදේශිකයින් විටින් විට අපව ආක්‍රමණය කළේය. ඔවුන්ගේ ආගම් ගති සිරිත් වලට හුරුවූ අප තව තවත් ආද්ධ්‍යාත්මිකව පිරිහුණි.
දැනට අවුරුදු 200කට පමණ පෙර සිට අවුරුදු 130ක් පමණ වූ කාළයක් අප යුරෝපා රටවලට යටත්ව සිටියාය. එම කාළය තුල අප විවිධාකාරයෙන් බොහෝ විපර්යාශ වලට ලක්විය. බොහෝ දෙනා පවසන පරිදි එම අවධියේදී කිසියම් භෞතිකවූ තාක්ෂණික දියුණුවක් ලැබූ බව නම් සැබෑය. එනමුත් දැනට අවුරුදු 1500කට උඩදී අවුරුදු දහස්, පන්දහස් ගනනකටත් එහා දක්වා මේ ලෝකයේ සිටි සියලුම ආකාරයෙන් දියුණුම රටත්, ජාතියත් අපම බව අමතක නොකළ යුතුයි.  අහස් යානා, කෘෂිකර්ම, වාරිමාර්ග, වෛද්‍ය විද්‍යා, ලේඛණ කළා, යුද ශිල්ප ආදී සෑම ක්ෂේත්‍රයකම නිපුණයින් අපම වූහ.
කෙසේ වෙතත් මෙම යුරෝපා ජාතික සුදු මහතුන් අපේ ඉතිහාසයත් වෙනස් කර ලියුවේය. ඔවුන් හිතාමතා හෝ නොදැන අපේ බුදුරදුන් උපන්නේ ඉන්දියාවේ බවත්, දඹදිව යනු ඉන්දියාව බවත් පෙන්වා දුන්නේය.  සමහර විටෙක ඉන්දීය ධර්මාශෝක රජු ගොඩ නැගූ කෘතිම ධර්ම රාජ්‍ය හා බුදුරදුන්ට බොහෝ සමාන කම් ඇති ඉන්දීය ශාස්තෘවරයා වු ජෛන මහාවීරයන් මේ විදෙස් ඉතිහාස ගවේශකයින්ට පැටලුනා වන්නටද ඉඩ ඇත. 
ඔවුන්ගේ අදහසට හසුව මෙම මතය පිළිගත් අපගේ ධර්මපාල තුමාද දැනට අවුරුදු 75කට පමණ ඉහතදී බොහෝ වෙහෙස මහන්සිවී නඩු කියා ඉන්දියාවේ ඇති බුද්ධගයාව ඇතුලු සිද්ධස්ථාන බෞද්ධන්ගේ පූජනීය උරුමයන් ලෙස නම් කළහ. එහෙත් අවසන් කාල භාගයේදී හෝ එතුමා මේ නියම දඹදිව නොවන බවත්, මේවා ජෛනමහාවීරගේ නිඝන්ඨාරාම බවත්, මේ ධර්මාශෝක රජු ඇතිකළ කෘතිම ධර්ම රාජ් දඹදිව බවත් නොදැන සිටියා යයි හරියටම කිව නොහැක.
කෙසේ නමුත් අප ලක් වැසියන්ද ඉන්පසු ඉවක් බවක් නොදැන අමාරුවෙන් මුදල් එකතු කරමින්, තම රටේ විනිමයද මහත් සේ නාස්ති කරමින්, දඹදිව යනවා යැයි මහත් උජාරුවෙන් හා ශ්රද්ධාවෙන් ගොස්, නිඝන්ඨාරාම වැඳ පුදා ගෙන පැමිණෙයි. අවසන එයින් තමන්ට ලැබුණු වටිනා දෙයක් නම් නැත්තේමය. තම රටේ වැඩ සිටිනා බුදුරදුන් නොදකින අය කෙසේ නම් තෙරුවන් ගුණ දකීවිදැයි කාට නම් කිව හැකිද. ඔබට හා රටට කෙසේ වෙතත් වන්දනා නඩ ගෙනියන ගිහි පැවිදි ව්යාපාරිකයින්ටත් ඉන්දියාවේ සිටින ව්යාපාරිකයින්ටත් නම් මෙය මහත් තෝතැන්නකි. මෙහි කිසිම පටු පුද්ගලික, දේශපාලනික අරමුණක් නැහැ.. කවුරුත් පක්ෂ භේද අත හැරල එකා වගේ රටක් ජාතියක් හැටියට නැගී සිටිමු. අපත් හැදෙමු.. රටත් හදමු.. සසරින් එතෙර වන නිවැරදි මගත් සොයා ගමු.

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive