සැබෑ විද්‍යාව යනු කුමක්ද?.. වැරදි දත්තයන්..



සැබෑ විද්‍යාව යනු කුමක්ද?
'විද්‍යාව' යන්න විවිධාකාරයෙන් විභජනය වෙනවා. ලෙඩෙකුගේ සිරුරේ ඇතිවන රසායනිකව සිදුවන විපර්යාස ක්‍රියාවලිය විවිධ පරීක්ෂණ ඔස්සේ වටහාගෙන ඊට ප්‍රති ක්‍රියා කොට පිළියම් කිරීමේ වෛද්‍ය විද්‍යාව එකකි.
එසේම හුදු සංකල්පන, නිගමන ඔස්සේම ගොස් භෞතිකවූ ලොව පිළිබඳ මසැසින් බලා ඇතිකරගන්නාවු දැනීමෙන් ජනිත 'නවීණ විද්‍යාව' එකකි. සත්වයා වානර සම්භවයකින් හටගත්තා කියන අවබෝධය ගැනීම එම නවීණ විද්‍යාවේ මිත්‍යා නිගමනයකි. මෙම විද්‍යා නිගමන විපරිනාමයට නිබඳවම භාජනය වෙමින් ඉදිරියට යයි.
එසේම භෞතිකවූත්, අභෞතිකවූත් ලෝකය පිළිබඳ ප්‍රඤ්ඤා නුවණැසින් බලා ඇතිකරගන්නාවු දැනීමෙන් ජනිත 'විද්‍යාව' තවත් එකකි. එම විද්‍යාව නම් බුදු දහමේ 'විජ්ජා' නමින් පෙන්වාදෙන හේතුපල න්‍යාය සම්බන්ධය පිලිබඳ ඇති අවබෝධයයි.
සත්ව ලොව පහළ වීමේ නියම විද්‍යාත්මක ක්‍රමවේදය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් හේතු සහිතවූ විද්‍යාත්මක උප්පත්ති ක්‍රමවේදයමයි.
බුද්ධ ධර්මයේ මූලික හරයවූ මේ හේතූන්ගෙන් සංභූත පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය වටහා ගැනීමට අපොහොසත් අය අන්වූ විද්‍යාවන්ම සරණ ගොස් අවිද්‍යාවේම ගැලී සිටිනවා.
සත්වයා නිර්මාණය වෙන ආකරය දකින්න පුලුවන් වෙන්නෙත් මේ හේතුඵල න්‍යාය වටහා ගතහොත් පමණයි. එම විද්‍යාව කිසිදා වෙනස් නොවන අකාලික සදාතනික සත්‍ය වූවකි. ඉතින් මේ හේතුඵල න්‍යාය නැමති උත්තම විද්‍යාව හරයක් නැති හෑල්ලක් සේ දකින අය සමග විද්‍යාව ගැන කවර කතාද? (අවිජ්ජා පච්චයා සංඛාරා..)
එසේම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් රෝගයේ ස්වරූපයට බාහිරින් ප්‍රතිකාර කරන බවත්, අපගේ දේශීය වෛද්‍ය විද්‍යාවෙන් රෝග නිධානය විනිශ්චය කොට හේතුව සොයා බලා ඊට ප්‍රතිකර්ම කරන බවත් වටහා ගැනීම ඉතා වැදගත්.
උදාහරනයක් හැටියට මෙසේ පෙන්වන්න පුලුවන්. යමෙකුට දියවැඩියාව ඇත්නම් බටහිර ක්‍රමයට අනුව ලේවල ඇති සිනි මට්ටම පහල දැමීමට බාහිරින් ප්‍රතිකාර කරන අතර දේශීය ක්‍රමයට අනුව කරනුයේ අග්න්‍යාසයේ අක්‍රීය වූ ඉන්සියුලින් ක්‍රියාවලී කොටස නැවත ක්‍රියාත්මක තත්වයට පත් කරවීමට කටයුතු කිරීමයි.
එහෙනම් ඵලය සමග ගැටෙනවාද නැතිනම් හේතුව සමග ගැටෙනවාද යන්න අප තීරණය කළ යුතුයි. මේ දේශීය වෛද්‍ය විද්‍යාවද ලෞකික හේතුඵල විද්‍යා න්‍යායේ එක් පැත්තකි.
කෙසේ හෝ සදාතනික නියම විද්‍යාව ඇත්තේ අප බුදුදහම තුලම පමණක් බව නුවනැත්තෝ වටහා ගනිත්වා...


වැරදි දත්තයන්..
    වානර පරිනාමයෙන් මිනිසා නිර්මාණය වී ක්‍රමයෙන් දඩයම් යුග, එඬේරයුග, කෘෂියුග වලින් ඇවිත් මොහොන්ජොදාරෝ, හරප්පා, ඉන්දුනිම්න සිෂ්ඨාචාර වලින් ඇරඹි එන ආර්යයන් ගැන අප කුඩාකළ උගත් වැරදි භයානක මිත්‍යා මතයන් සැබවින්ම අපගේ සිත මුළාකොට අපව විශාල ආධ්‍යාත්මික  පරිහාණියකට ඇද දැමූ බව තරයේ මෙහිදී සිහිතබා ගත යුත්තකි.
     කුඩා කළ අපගේ යටි සිතට ගෙදරින්, පාසලෙන්, සමාජයෙන් ඇතුලත්වී තැන්පත්ව ඇති මේ ආකාරයේ සියලු වැරදි දත්තයන් තිබෙන නිසා ඒවා පහසුවෙන් අකාමකා ගත නොහැකිව අප සියල්ලෝම පාහේ අසරණව ඇතිබව අකමැත්තෙන් වුවද මෙහිදී කිව යුතුමය...
     වෙනත් ලෙසකින් කියනවානම්, බාහිර සමාජයෙන් අපගේ යටිසිත නම්වූ පරිගණකයේ, හාඩ් එකෙහි ඉන්ස්ටෝල් වී ඇති, මිත්‍යාමත නම් වූ වැරදි දත්ත සහිත මෘදුකාංග, ඉවත් කරගැනීමට හෙවත් අන් ඉන්ස්ටෝල් කර ගැනීමට, අපොහොසත්ව අප පීඩා විඳිමු..
   මේවා උදුරා දැමිය නොහැකි කෙළෙස් තත්වයට හෙවත් වෛරස් බවට පත්වී, මේ වනවිට මනස හෙවත් මුලු පරිගණකයම උදාසීන තත්වයට පත්වී හමාරය..
    එසේනම් ප්‍රඤ්ඤාව නැමති වෛරස් ගාඩ් එක දමා, සෙවිල්ලෙන් පිරිසිදු කර, නිසි තත්වයට පත්කර ගන්නවාද? නැතිනම් එලෙසම පවත්වාගෙන යනවාද? කියන එක ඔබටම බාර කරමු..
   එහෙයින් එය, තමන් විසින්ම කරගත හැකි දෙයක් වන අතර, අන්තිමටම ලෙඩේ උත්සන්න වී ඇතිනම්, භාවනාවකින් හෝ ෆෝමැට් කර ගත යුතුමය...
එසේත් කරගත නොහැකිනම් ඉතින්, උමතුවෙන් පිස්සු නටමින්, සමාජයේ අන් අයටත් මහත් හිරිහැර පීඩා නොකර, දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්න එක ඉතාමත් උතුම්මය...
    මක්නිසාද යත් අප කරන කියන සියලුම දේවල්, විශ්වයේ ඇති නොපෙනෙන කැමරා පද්ධතියකින්, ඒවා සියල්ලම නිරතුරුවම නිරීක්ෂණය වී, කර්ම නැමති තොරතුරු ගබඩාවක තැන්පත් කර ගන්නා බැවිනි...
එනිසා සමහරුන් දහම නැමති සර්පයා වැරදියට අල්ලාගෙන, ආත්ම හා අනාත්මවාදී විවිධ මිත්‍යා අදහස් ගෙන මානයෙන් සිටියාට, මරණින් මතු ඒ සියල්ල විභාග කිරීමකට ලක්වන බව සිහිකොට ගත යුතුමය.. මිත්‍යා දෘෂ්ඨිය නම් ඉතා බරපතලම පාපයකි...
 

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive