ලෝකය විනාශය සහ හටගැන්ම ?

      බුද්ධිමත්ව විමසීමටයි.. කළබල නොවී සෙමින් විමසා බලත්වා..
ලෝකය විනාශ වන ආකාරය පිළිබඳව සත්තසුරියුග්ගමන සූත්‍රයෙන් අපට විස්තර ගන්න පුලුවන්. එහි අවසානයේදී සූර්‍යයන් සතකට සමාන උෂ්ණත්වයකින් මේ පොළෝ තලය දැවී යන ආකාරය මැනවින් පෙන්වා තිබෙනවා. එය අති මහා කාලයක් ගිය පසුව සිදු වන්නක්..
“මහණෙනි, කිසියම් දීර්‍ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍ය්‍යයා පහළවේද, මහණෙනි, එබඳු දීර්‍ඝ කාලයක් වේමය. සත්වෙනි සූර්‍ය්‍යයා පහළවීමෙන් මේ මහා පෘථිවියද, මේරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මේ මහා පෘථුවියේද, මේරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි.''
(මෙතන බ්‍රහ්ම ලෝකය දක්වා විනාශ වන බව දක්වා ඇතිමුත් සියලු බ්‍රහ්ම ලෝක විනාශ වනවා කියා නැත. 31ක් තලයම විනාශ වෙනවා කියාද නැත.)
       ''මහණෙනි, මේරු පර්වතයේද, මේ මහා පෘථුවියේද, දනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කඳින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුළු බිඳීි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුළු බිඳී විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුළු බිඳී විනාශ වෙත්.''
(මෙතන යොදුන යැයි කියන්නේ අද භාවත වන යොදුන ගැන නොවේ. එදා යොදුන කීවේ දුන්නෙන් විදි හීය වැටෙනා දුරකටය.. එසේ නොමැතිව යොදුන= සැතපුම් 16ක් කියා සුද්දාගේ මිම්මෙන් වැරදියට ගතහොත් සියලු දහම අවුල් සහගත වනු ඇත. මන්ද අද කියන විදියට 'සාරසියයක් යොදුන්' කීවොත් සැතපුම් 6400 ක් වන අතර එවැනි කලු ගල් ඇතිය කියා කීවොත් එය විහිලුවක්මය.)
      ''දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මේරු පර්වතයෙහිද, මේ මහා පෘථිවියෙහිද අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අළු නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මේ මහා පෘථිවියේද, මේරු පර්වතයේද, අළු නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, මෙසේම සංස්කාරයෝ අනිච්චයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ.''
       (මෙහිදී කියන්නේද සියලු සංඛත දේවල් අළුවත් ඉතුරු නොවී විනාශ වන බවත්, ඒ සියල්ලම අපගේ කැමත්තට අනුව නොපවතින බවත්, ඒවා අස්ථිර බවත්මය. ('එවං අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා; එවං අධුවා, භික්ඛවෙ, සඞ්ඛාරා'..) මෙතන අනිච්චා කියන්නේ කැමත්තට අනුව නොපවතින බවත්, අධුවං කියන්නේ අස්ථිර බවටත් බව තේරුම් ගත යුතුයි. මෙය බොහෝ දෙනෙක් පටලවාගෙන අනිච්ච කියන්නේ අනිත්‍ය බවට කියා වැරදි අවබෝධ ගෙන ඇත. පිවිතුරු දහම තේරුම් ගැනිමට නම් හෙළ මාගධී බස දැනගත යුතුමයි..)
කෙසේ හෝ ලෝකය යන්න අවකාශ ලෝකය, සංස්කාර ලෝකය, සත්ව ලෝකය යනුවෙන් ත්‍රිවිධාකාරයි කියා අප දන්නවා. කවදා හෝ යම් දිනෙක භෞතික අවකාශ ලෝකය සහ ඒ හා බැඳිව පවතින භෞතික සත්ව ලෝකය විනාශ වී යන්න පුලුවන්. එහෙත් රූප කොටස් විනාශ වුවත් නාම ගෝත්‍ර ඉතිරි වනු ඇත..(රූපං ජීරති මඡ්ඡාණං - නාම ගොත්තං නජීරතී)
        බාහිර ලෝකය ඇසුරු කරගෙනමයි සත්ව ලෝක පවතින්නේත්.. බාහිර ලෝකය විනාශ වූ විට සමහර සත්ව ලෝක පවතින්න හැකියාවකුත් නැති වෙනවා.. එහෙනම් ඒ සත්ව සංඛාර වලට කුමක්ද වෙන්නේ?
ඒ නාම ගෝත්‍ර ආභස්සර කියන බඹ තලයට පිවිසෙනවා යැයි සිතමු.. මෙය ටිකක් ගැඹුරු තැනක් කවුරුවත් පටලවා ගන්න එපා.. ගැටෙන්නත් එපා. සිතා වටහා ගන්නට පමණයි පෙන්වා දෙන්නේ..
හොඳයි ඇයි එහෙනම් ආභස්සර බඹ තලය විනාශ නොවෙන්නේ? ඇත්තටම ආභස්සර වැනි බඹ තල පොළොවට ඉතා ඉහළින් (ඕසෝන් ස්ථරයට ඉතා ඉහළින්) සියුම් මනෝරූපීමය වශයෙන් සකස් වුනු භෞතික නොවන ස්ථරයන් කීවොත් නිවැරදිය.
         එහෙමනම් කොහොමද අනෙකුත් අපාය, දිව්‍ය තල ආදී සියුම් මනෝරූපීමය වශයෙන් සකස් වුනු භෞතික නොවන ස්ථර විනාශ වන්නේ? ඒ ස්ථරයන් සියල්ලම පවතින්නේ පොලෝ තලයට ගුරුත්වය කර ගෙනය. පෘථුවිය දැවී විනාශ වී ගිය කල කෙසේ ඒවාට ගුරුත්වයෙන් බැඳි සිටිනු හැකි වෙත්ද?
සත්තසුරියුග්ගමන සූත්‍රයට අනුව සුනෙත්‍ර නම් ශාස්තෘවරයෙකුගේ උප්පත්තිස්ථාන පිළිබඳ විස්තර කියයි.
''මහණෙනි, ලෝකය විනාශවන කල්හි, ආභස්සර බඹලොවට පිවිසියේය. ලෝකය ඇතිවන කල්හි සූන්‍යවූ බඹ විමනක උපදියි.''
        (භික්ඛවෙ, ලොකෙ ආභස්සරූපගො හොති. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති.)
මෙ අනුවත් පෙනෙනවා ආභස්සර බඹලොවට සත්වයින් පිවිසෙන අයුරුත්, නැවත ඉන් නික්මී හිස්වූ තලයක උපදින ආකාරයත්..
        හොඳයි අපි සිතමු මහා ලෝක විනාශයේදී භෞතික හා භෞතික නොවන අපාය, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක ආදී පොළොව හා බැඳි සියලුම ස්ථරවල සිටින සත්ව සමූහයා දැවී විනාශ වී යනවා කියා.. දැන් නාම කොටස් ටික කොහේට හරි යන්නට ඕනි.. ඒවා සියල්ලම ලෝකයේම අන් ස්ථරයකට යනවා.. එසේ නොවුනොත් ලෝකෝත්තර විය යුතුයි. එනිසා ඒ යන ස්ථානයට ආභස්සර බඹ ලොව කියා කියනවා.. සමහර අයගේ ශක්තීන් අනුව ඉන් ඉහළ ඇති බඹ ලොවකට යන්නත් පුලුවන්..
අපි සිතමු යමෙකුගේ නාම ශක්තිය ආභස්සර බඹ ලොව නතර වුනා කියා.. දැන් ඔහුගේ කර්ම බීජ ටිකට කුමක්ද වෙන්නේ?
       ඊට කලින් මෙන්න මේකත් දැනගෙනම ඉන්න ඕනි. අප සිතින්, වචනයෙන්, කයෙන් කරන කර්ම ශක්තිවල යම් කොටසක් අපගේ අභ්‍යන්තරයේමත්, තව කොටසක් බාහිර විශ්වයේත් තැම්පත් වන බව දැනට තේරුම් ගන්න. (එය වෙනම පසුව කතා කරමු)
හොඳයි අපි හිතමු බාහිරින් තැන්පත්වූ කර්ම ශක්ති ඕසෝන් ස්ථරයේ හෙවත් ඕරම්භ වාත කොටසේ කුමන ක්‍රමයකින් හෝ තැන්පත්ව තිබුනා කියා.. එතකොට පෘතුවි විනාශයේදී ඒවත් විනාශ වෙලා ගොස්.. නමුත් ඒවත් කොහේට හරි ගිහින් තියෙනවා කියා දැනට හිතමු..
       පොඩි උදාහරණයකිනුත් මේක තේරුම් අරගෙනම යමු.. අපි හිතමු පරිගණකයක් සහමුලින්ම දැවී විනාශ වුනා කියා.. දැන් ඩේටා ගබඩා සියල්ල ඉවරයි. නමුත් ඒ පරිගණකයෙන් ඉන්ටනෙට් එකට අප්ලෝඩ් කරපු දෙවල් තියෙනවා. නැවත පරිගණකයක් රැගෙන අර ඉන්න්ටනෙට් එකේ තියෙන දෙවල් ගන්නත් පුලුවන්.. ඉන්ටනෙට් ජාලයත් විනාශ වුනොත් මොකද කරන්නේ? හරි,, දැන් ආයිත් කාලයක් ගිහින් කවුරු හරි අන්තර්ජාලය හදනවා. එතකොට ආයිත් අර තොරතුරු ගන්න පුලුවන් වෙනවා.. මේ වගේ දෙයක් තියෙනව කියල පොඩි අදහසක් ගත්තට කමක් නැහැ. (හැබැයි වැටහෙන අය පමණයි. අනිත් අය මේ පරිගනක කතාව අහකට දාන්න)
        හොඳයි දැන් ආභස්සර බඹලොව අපගේ ශක්ති කොටස් තියෙනවා.. (බඹලොව නොගිය කිසිම සත්වයෙක් නොමැති බව බුදුරදුන් දෙසූ කතාවත් සිහි කරගන්න )
දැන් බඹලොව ඉන්න මේ ශක්ති වලට කෙලෙස් නැති තරම්.. සියල්ල යටපත් වෙලා.. අලුත්ම පරිගනකයක් වගේ කියල හිතමු.. සිතේ ප්‍රභාශ්වරත්වය ඉතා ඉහලයි..
කර්ම ශක්ති වලට පැමිණෙන්නට පරිසරයක් ඇති වන්නේ නැහැ.. නමුත් නාම ගෝත්‍ර ටික පවතිනවා.. ඒ නාම ගෝත්‍ර කියවිය හැකි උත්තමයෙකුට පමණයි දකින්නට පුලුවන් වන්නේ..
        කොහොම හරි ඉතා ශීර්ඝ කාලයක් ගියාට පසු එහි තිබෙන එක්තරා චිත්ත ශක්තියක් වෙනත් නව බඹ තලයකට පිවිසෙනවා.. දැන් ඔහොම ඉන්න අතරෙ අර ප්‍රභාශ්වරව තිබූ ශක්තිය බාහිර පරිශරයට ඇලෙන්න ගන්නවා.. බාහිරින් පැමිණි ක්ලේශ ධර්ම සමග ගැටී තව තවත් ඇලෙනවා.. ඒ ඒ තැන්වලට හා වෙනවා..
මේ තැනටම තවත් ශක්ති එලෙසින්ම එනවා.. මේ ශක්ති එකිනෙක ගැටෙන්නට පටන් ගන්නවා. හරියට පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වගේ.. සංඝටකත් හදා ගන්නවා.. ශක්තිවල බල හීන වීගෙන යනවා.. මේ ශක්ති ක්‍රමයෙන් වෙනස් වෙනස් ආකාර ගන්නවා.....
        සමහර ඒවා ඇලීම්ද, සමහර ඒවා ගැටීම්ද නිර්මාණය කර ගන්නවා.. මුළාවී මමත්වයෙන් අර ගන්නවා... ඒ ඒ චිත්ත ශක්ති වලට ආවේණිකව ශරීරයන්ද සියුම් ඝන වශයෙන් නිර්මාණය වෙනවා... බාහිර පරිශරයත් සමග ඇලෙනවා.. ගැටෙනවා.. කිසියම් චක්‍රයකට හසුවී ගමන් කරනවා... අනන්තර සමනන්තර ප්‍රත්‍යයෙන් බාහිර අභ්‍යන්තර හමුවීම් තුලින් නැවතත් කර්ම විපාක වලට මුහුණ දෙන්නට සිදු වෙනවා..........
සියලු දෙනාටම සත්‍ය අවබෝධ වෙත්වා... තෙරුවන් සරණ පිහිටාවා... නිවන් මග විවර වෙත්වා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive