බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් ධර්මාවබෝධයට ඇති ඵලය කුමක්ද?

මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.
චත්තාරි මානි ආනන්ද,
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
කතමානි චත්තාරි” …..
ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත.ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමටචිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු යමේ ස්ථාන හතර නම්,
1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
2)
ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
3) 
ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
4) 
ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
යන හතරයි.
ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්‍රයෙන් ම පමණි. 

සත්‍ය වශයෙන්ම චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට, සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට, බලවත් ලෙසින්ම උපකාර වන, උපකාර කර ගත හැකි දෙයක් වනවා මිස එය අනිවාර්යෙන්ම සිදු කල යුතු දෙයක් කියා ම් නැත.
එතනදී ආනන්ද හාමුදුරුවන් අසන ප්‍රශ්නයකටයි බුදුහාමුදුරුවන් එලෙසින් පිළිතුරු දෙන්නේ. ආනන්ද හාමුදුරුවන් අහන්නේ හිස් වැඩකට නැති දෙයක්
ම් නොවේ. එය ඉතා වැදගත් වන නිසාමයි පරිණිර්වාණයට සුලු මොහොතකට කලිනුත් ආනන්ද හිමියන් එසේ විමසන්නේ.
එනිසා අපට පහසුවෙන් උපකාර කරගත හැකි දෙයක් තිබේනම් එය බැහැර හරින්නේ කුමටද?


එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය , එදා සද්ධස්ස කුලපුත්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි.
මෙලොව මේ දක්වා බිහිවී ඇති සියලුම බුදුන් බුදුවී ඇත්තේ එම ස්ථාන වල ය. බුදුන් බුදුවූ එම බිමේ පිහිටි ශක්තිය අඩුම වශයෙන් අපහට සෝවාන් ඵලයට හෝ පත්වීමට යොදා ගැනීමට බැරිද?
සත්‍ය ඉතිහාසයම පවතී නම් පමණක් ඒ ගැන සොයමින් සිටීමට අවශ්ය නොමැත. එහෙත් ගැටලුව නම් එය පටලවා ගෙන ඇති කමයි.
එයයි නිවැරදි කරගත යුත්තෙ. ඉතිහාසය අවුල් නම් පිරිසිදු දර්මය එහි පවතීදැයි කෙසේ නම් කිව හැකිද? නිදානය ගන්නට අන් තැන් හාරා පලක් නැත. නියම තැනටමයි අප යා යුත්තේ.
චක්ඛලී යමෙක් ධර්මය දකී නම් හේ මා දකී මා දකී නම් හේ ධර්මය දකී
උපක ආජීවකයා හට බුදුන් වහන්සේ හමු වූ අවස්ථාවේ දී උපක බුදුන් වහන්සේ කවුරුන්දැයි ප්‍රශ්න කරයි. එහිදී බුදුන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වා දෙන්නේ,
 න මෙ ආවරියො අත්ථි -  සදිසො මෙ න විජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං - නත්ථි මෙ පටිපුග්ගලො
යනුවෙනි. තමන් වහන්සේට ආචාර්ය වරයකු නැති බවත්, තමන් වහන්සේ ලොව කිසි සත්වයෙකුට (දෙවි, බඹුන්, මිනිසුන්,සහිත ලෝකයේ) සමාන කළ නොහැකි බවත් පෙන්වා දෙති. තවත් එක් අවස්ථාවකදී බුදුන් වහන්සේ ට හමුවන ද්‍රෝණ බමුණා, බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ ඔබ දෙවියෙක් ද? බ්‍රහ්මයෙක් ද? යක්‍ෂයෙක්ද? ගාන්ධර්වයෙක්ද? නැතහොත් මනුෂ්‍යයෙක් ද? ආදී ලෙසිනි. එහිදි ද බුදුන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වා දෙන්නේ තමන් ඒ කිසිවකුටත් සමාන කළ නොහැකි බවත්, තමන් වහන්සේ හැඳින්වීමට ඇති සුදුසුම වචනය බුද්ධයන්න බවත් ය.
ඇත්තටම අප බුදුරදුන් උපන් බිම කියා අන් තැනකට ගොස් වැඳ පුදාගත්තාට නියම ඵලයක් නොලැබිය හැකිය. එනිසා යා යුත්තේ බුද්ධිමත්ව හරිහැටි සොයා බලා නියම තැනටමය. එය හෙළදිව උපන් අපට වැඩි ඈතක් නොවනු ඇත.

බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන ) විමසා බලා මුල, මැද, අග විභාග කර දත යුතු වෙනව.
ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්.. එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා බලත්වා...
සත්‍ය යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසමුද..? නොමැතිනම් ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු..?
'ධර්මය තුල සැගවුනු බණ නැත. රහස් බණ නැන' යනුවෙන් බුදු හිමියන් දෙසූ බව සැබෑය. එහෙත් මාගේ ඇවෑමෙන් මේ දහම එලෙසින්ම පවතිනු ඇතැයි කියා බුදු හිමියන් නොදෙසූ බවද සැබෑය.

ඇත්තටම කියනවනම් බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 2500කට වැඩිවූ අද කාලයේදී පිරිසිදු ධර්මය නිරාකරණය කර ගැනීමට නම් ඔහු ඉතිහාසය පිළිබඳව මූලික දැනුමක් ලබා ගත යුතුම වෙනවා. එය නොදැන බුදු දහම කුමක්දැයි නිසියාකාරව තේරුම් ගත නොහැකියි.. මක් නිසාද යත් මාගදී බස් වහර හරියට කුමක්දැයි නොදැන ත්‍රිපිඨකයේ ඇති අර්ථ ධර්ම නිරුත්ති වටහා ගත නොහැකි නිසයි.. එසේම යමෙක් මාගදී භාෂාව යනු ඉන්දියාවේ මගධ භාෂාවක් ලෙස වැරදියට වටහා ගතහොත් ඔහුට ධර්මය වරදිනවාය.. ඒසේම බුදුරදුන් ත්‍රිපිටකයේ සඳහන් උපමා කතා ආදිය පෙන්වා දුන්නේද මේ හෙළදිවයිනේම පාරිසරික දේවල් සම්බන්න්ධව බවත් තේරුම් ගත යුතුම වෙනවා. එනිසයි මෙය එතරම්ම ධර්මය පැත්තෙන් වටිනුයේ. සියල්ලෝම මධ්‍යස්ථ සිතින් විමසා බලත්වා.. 

බුදුහාමුදුරුවො උපන් තැන වැඩක් නෑ, ධර්මය විතරයි ඕනි කියන ඔය පණ්ඩිත, දාර්ශනික ඇත්තො පොඩ්ඩක් මේ ගැනත් හිතල බලනවද?
ඇයි බුදුවෙන්න කලින් පස්මහ බැලුම් බලන්නෙ?
ඇයි බුදුවරු මධ්‍ය දේශයේ විතරක් උපදින්නේ?
විශ්ව ශක්තියට අනුගත වෙන්න ලෝකෙ හැම තැනින්ම පුලුවන්ද?
මහා පරිණිර්වාණ සූත්‍රයේදී දැක වැඳ පුදා ගතයුතු ස්ථාන 4ක් ගැන කිව්වේ විහිළුවටද?
දළදා වඳින්න කතරගම ගිහින් හරියනවද?
මැණික් කියල තිරිවාණ ගල් තියාගෙන හිටියට වැඩක් තියෙනවද?
තැන දන්නැතුව සූත්‍ර, විනය පිටකයේ කියන සමහර කතා තේරුම් ගන්නෙ කොහොමද මන්ද?



බුද්ධ ලෝකය නොදැන ධර්මය පමනක් සෙවීමේ මුළාව



පිරිසිදු බුදු දහම සොයා යන සියල්ලෝම මෙම පහත වෙබ් අඩවි තොරතුරු වෙත නිහතමානීව ගොස් නිර්මල බුදුදහම  සොයා මතුකර ගනිත්වා...
සදහම් දේශනා 
නිරපේක්ෂත්වයේ මග


එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive