මහාසම්මත රාජ පරපුර, රාවණ හා ගෝතම බුද්ධ වංශය

මේ ලක්දිව රාජ පරම්පරාව ආරම්භවන්නේ මහාසම්මත මනු රජුගේ සිටයි. අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන මහාසම්මත රජුද ඔහුමය. ඉන්පසු කකුසඳ, කෝණාගම, කාශ්‍යප නමින් බුදුවරු තුන් නමක්ද මේ දිවයිනේ පහල වූහ.  මේ සෑම බුදුවරයෙකුගේම බුද්ධත්වයට කලින් චක්‍රවර්ති රාජ පරපුරක්ද බිහිවූහ. ඒ පිං දහම් කරන ධාර්මික ජන සමාජයක් බිහිකිරීම උදෙසායි.
කාශ්‍යප බුදුන්ගේ ශාසනය අතුරුදහන්වී කාලයක් ගිය පසු නැවතත් රාවණ නමින් චක්‍රවර්ති රාජ පරපුරක් බිහිවූහ. ගෞතම බුදු පියාණන් බුද්ධත්වයට පත් වන්නට පෙර යුගයේ මේ හෙළ බිමේම රාවණා නමින් චක‍්‍රවර්ති රාවණ රජුන් 7 දෙනෙකුම රජ කලේය. බුද්ධත්වයට පත්වන්නට වසර 242 කට පෙර යුගයක මේ හෙළබිමේම ඒ අවසන් චක‍්‍රවර්ති රාවණා රජු රජකම් කළේය. මේ ආකාරයට රාවණ පරම්පරාවටම අයත් වූ චක‍්‍රවර්ති රජවරු 7 දෙනෙක්ම මේ හෙළබිම දීර්ඝ කාලයක් රජ කරමින් ගෞතම බුද්ධ ශාසනයේදී නිවන් දැක ගන්නට තරම් පිංකම් කරගන්නටත් විශාල පිරිසකට අවස්ථාවක් සලසා දුන්හ.
 
එම රාජ්‍ය කාලය අවසන් වීමෙන් පසුව චක‍්‍රවර්ති බලශක්තිය අහිමි වී ගිය 8 වැනි රාවණ රජු රාමායනයේ සඳහන් වන අද අප දන්නා  රාවණා රජුය. බොහෝ තෙරතුරු රාමායනයේද සඳහන් වන මෙම රාවණා රජතුමාද චක‍්‍රවර්ති පරපුරේම කෙනෙකි. නමුත් චක‍්‍රවර්ති බලතල සියල්ලම අහෝසී වී ගිය රාවණා රජ කෙනෙකු හා රාම නම් රජ කෙනෙකු අතරත් යුද්ධය ඇතිවිය. 
චක‍්‍රවර්ති රජ කෙනෙකුට යුද්ධ කර බලය පා රටවල් දිනාගැනීමක් අවශ්‍ය නොවේ. චක‍්‍ර රත්නය භාවිතා කර ධර්මතාවයෙන්ම ලොව සියලු රටවල් හා රජවරුන්ද තම පාලනයට ධර්මතාවයෙන්ම අවනත කර ගැනීමේ හැකියාවක් හා බලයක් චක‍්‍රවර්ති රජුන් සතුව පවති.

 ලංකාවේ අප අසා ඇති රාමායනයේද සඳහන් වන අද බොහෝ දෙනාගේ වාද විවාද වලට භාජනය වූ 8 වැනි රාවණා රජු, අන්තිම හත්වැනි චක‍්‍රවර්ති රාවණා රජුට පසුව රජු වූ ඔහුගේම පුත‍්‍රයාය. දස රාජ ධර්මයන් බිඳීම නිසා ඔහුට චක‍්‍රවර්ති බලය හා සක්විති රජකම අහිමි විය. ඔහු සාමාන්‍ය පාරම්පරික රජ කෙනෙක් පමණි. මේ අනුව රාම රාවණා පුවතේ සඳහන් වන රාවණා රජු සක්විති පරපුරටම අයත් සාමාන්‍යය රජ කෙනෙකි.
8 වන රාවණ රජුගේ කිසියම් අධර්මවාදිත්වයක් නිසා ඔහුගේ බලය පිරිහුණි. සක්විති රජෙකු මෙන් බලසම්පන්න නොවුනත් ඔහුද බලවතෙකි. ඔහුටද අහසින් ගමන් කළ හැකි ගුවන් යානා තිබුණි. වෛද්‍ය විද්‍යාව, ජෝතිෂ්‍ය විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව ආදී විශේෂ විද්‍යා සාශ්ත්‍රයන් 10ක ඤාණයක් තිබූ ඔහුද චක්‍රවර්ති රාජ පරපුරේ තාක්ෂණික වශයෙන් දියුණු දක්ෂ රජෙකි. 
කෙසේ හෝ ජම්බුද්වීප දේව හෙලයේ සිටි රාම රජ කුමරු ලංකා පුරයට පැමිණ රාවණගේ විභීෂණ නම් වූ මලණුවන්ගේ ද සහයෝගය ලබමින් යුද්ධ කොට රාවණාව පරාජය කළේය. 
කෙසේ හෝ ඉන්දියාවේ රාමායණය නැමති පොත ලියූ 'වාල්මිකී' කළේ මේ රාවණාව දුෂ්ටයෙකු ලෙස නම් කොට රාමව වීරයෙකු ලෙස අතිශයෝක්තියෙන් උකහා පෙන්වීමයි.  ඒ කෙසේ වෙතත් මෙම රාවණාගේ කිසියම් දුර්ගුණ තාවයක් නිසා සක්විති බළය පිරිහුණු බවත් සැබෑවකි.  
 දැනට අවුරුදු 2800කට පමණ පෙර යුගයක මේ සිව් හෙළයේ සිටි අසුර ගෝත්‍ර යැයි කියන ලද ඒ රාවණා රජු අපගේ බළවත් රාජ නායකයෙකි. මෙම රාවණා වංශය සූර්‍ය වංශයයි. රාජ්‍ය ලාංඡනය සූර්‍යයායි. සූර්‍යයාට නමස්කාර කරනව.
රාවණා අසුර(රාක්ෂ) රජෙකු ලෙස නම් කෙරිණි. එවිට රාම සුර(දේව) රජෙකි. ඇති වුයේ තවත් එක් සුර අසුර යුද්ධයකි. රාම රජු ලක්දිව සිටි සුරයින්ගේද (දේව) සහය සහිතව යුද්ධය ජයගත්තේය. සුරයින් ජය ගෙන දේව බලය හෙළයේ පැතිරවීය. ඉන් දේව හෙළය ඇති විය. යුද්ධයෙන් පැරදුණු රාවණගේ පිරිස හා අනෙකුත් අයගෙන් අසුර රාජ්‍ය හෙළය ඇති විය.
මේ යුද්ධයට වානර නම් යක්ක හමුදාවකගේ සහායක් ද ඇතිවිය. ඔවුහු කලු පැහැහෙන් යුත් නපුරු ගති ඇති අය වූහ. යුද්ධයෙන් පසුව ඔවුන්ගෙන් පිරිසක්ද මෙහිම පදිංචි වන්නට ඇත.  රාවණගේ සොහොයුරන් වූ කුවේර , කුම්භකර්ණ , විභීෂණ යන අයගේ පරපුරද මේ  දේව හා අසුර රාජ්‍යයන්ටම එකතු විය.
කෙසේ හෝ රාවණාගෙන් පසුව මේ ලක් හෙළ දීපය, දේව(සුර), රක්ඛ(අසුර), යක්ඛ, නාග ආදී වශයෙන් කුල ගෝත්‍ර 4ක් ලෙස විග්‍රහ කෙරිණ.  

ගෝතම බුද්ධ වංශය
මහාසම්මත මනු පරපුරෙන් ඇරඹී රාවණ පරපුරෙන් පැවත එන ශාක්‍ය වංශික සුද්ධෝදන නම්වූ ප්‍රාදේශීය රජෙකු හෙළ ජම්බුද්වීපයේ විය. මේ ශාක්‍යවංශික සුද්ධෝදන රජුගේ පාලන ප්‍රදේශය කපිලවස්තු පුරයයි.
කලක් පටන් මේ අසුර ශාක්‍ය වංශිකයන් හා සුර පාර්ශවයේ කෝලීය වංශිකයන් අතර නිතර යුධ ගැටුම් ඇතිවිය. දෙපැත්තටම සමාන බළයක් විය.
මෙහිදී සුද්ධෝදන රජතුමා තම ශාක්‍යවංශික මානය බිඳදමා අපූරු සූක්ෂම තීරණයක් ගත්තේය. එනම් එතුමා කෝලීය වංශයේ ප්‍රබලම රජුගේ දියණියවූ මායාරටේ දේවිය(මායා දේවිය) වූ ගෝතමී දේවියව සරණපාවා ගත්තේය.
ඊට හේතුව නම් ඒ දෙපළට ලැබෙන දරුවාට සක්විති රජකම ලබාදීමට කිසිඳු බාධාවක් නොවන බව දන්නා නිසාය.
ඔවුනට උපන් පිංවත් කුමරා බිහිවූයේ බෙදීගිය සුර අසුර හෙළ පාර්ශව එකතු කරමිනි. කාලයද, දීපයද, දේශයද, කුළයද, මවද එසේ හොඳින් ගැලපී තිබුණි. වසර 2550 කට පමණ පෙර මේ සිව් හෙළයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම සීහළ පුත්‍රයා සීදන්ත/ සිද්ධත්ථ/ සිද්ධාර්ථ/ සිදුහත් නම් විය.
ඒ සිදුහත් කුමරා පසුකලෙක සක්විතිකමට පයින් ගසා මරු පරදවා අසහාය අසමසම බුද්ධත්වය සාක්ෂාත් කොට මේ උතුම් හෙළදිව ගුරුවරයා බවට පත්වූහ. උන් වහන්සේ මේ සීහලයේ නව නිර්මාතෘ වරයාණන් බවටද පත්වූහ.
මාතෘ මූලික සමාජයේ බුද්ධත්වය ලද සිද්ධාර්ථ බුදුන් වහන්සේ මවට උපහාර පිණිස ගෝතම නාමය යොදා ගත්තේය.
ඉනිඳු නොනැවතී තම අගසව් දෙපළද එසේම කළහ. උපතිස්ස ගාමයේ විසූ පළමුවැන්නාට මවගේ නාමයවූ රූපසාරී නාමයෙන් සාරිපුත්ත යැයි නම් තැබීය. කෝලීය ග්‍රාමයේ විසු දෙවැන්නාට මොග්ගලී බැමිණියගේ පුත් බැවින් මොග්ගලී පුත්ත යැයි නම් තැබීය.
මේ ගෝතම බුද්ධ වංශයේ ඇරඹුමයි.
සිදුහත් කුමරු ගෝතම නමින් බුදු වූයේද, දහම් දෙසුවේද, පිරිණිවන් පෑවේද මෙම උතුම් ජම්බුද්දීපය තුලමයි.
එදා මේ හෙළයම ජම්බුද්වීපය (දඹදිව) ලෙස හැඳින්විය.



සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස් හා බුදුහාමුදුරුවෝ ?

 

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive