විජය හා කුව්වේණියගේ ඇත්ත කතාව මෙන්න..



    මේ අප ඉදිරිපත් කරන්නේ ලක්දිව මෙතෙක් හමුවී ඇති පැරණිතම ලේඛණ වලින් හා මූළාශ්‍ර වලින් සොයා දැනගත්, ජර්මානුවන් විසින් විකුර්ති කරනලද සිංහළේ සැබෑ විජය කුව්වේණි කතා පුවතයි... (මෙය රාවණ සොයුරන් විසින් සොයා ගත් මූළික තොරතුරු වලට අනුව අප විසින් ගොණු කරන ලද්දක් වන අතර එහි පූර්ණ ගරුත්වය ඔවුන්ට හිමිවිය යුතුය)

දැනට අවුරුදු 2500කට පමණ ඉපිටින් විජය නමින් පුද්ගලයෙක් විය. එහෙත් ඔහු අප හෙළ දිවයිනේම සිටි අයෙක් මිස ඉන්දියානුවෙක් නම් නොවේ.
කසී රටේ(එදා හෙළදිව පිහිටි ජම්බුද්වීපයට/දේව හෙළයට අයිති ප්‍රදේශයක) බ්‍රහ්මදත්ත නම් (බ්‍රහ්මයා විසින් දෙනලද) අසුර වංශික රජෙක් සිටියා. ඒ රජුට තේජාන්විත බාල සොයුරෙක් සිටියා.. සිංහයෙකු බඳු බාහු බළ සම්පන්නයෙකු වූ ඔහු සිංහබාහුය. රණ සූරත්වයෙන් හෙබි මේ සිංහබාහු කුමරුන් පඬුවස් නුවර විජිතය ආක්‍රමණය කළා.. පඬුවස් නුවර විජිතය කලින් තිබුණේ අසුර වංශිකයන් යටතේයි. 

ඉතින් මේ සිංහබාහු රජු පඬුවස් නුවර රජකම් කරන කාළයේ නාග ගෝත්‍රික කාන්තාවක් ඇගේ දෙමාපිය විරෝධය මද්‍යයේම බිසව කරගත්තා. (තම ගෝත්‍රයන්ට නොගැලපෙන විවාහයන් සැලකුවේ එක පවුලේ දෙදෙනෙකු සහ සම්බන්ධ වීම හා සමාන ලෙසමය) කෙසේ හෝ ඔහුගේ එම නාග ගෝත්‍රික බිසව පුතුන් 10 දෙනෙකුත්, දියණියන් 5 දෙනෙකුත් බිහි කළා. ඉන් වැඩිමහලු පුතා සුමිත්ත නම් වුනා. දෙවැනියා හිතුවක්කාරයෙකු වූ විජය නම් වුනා. 

මේ හිතුවක්කාර විජය තම අයියාට රජකම ලබාදීමට විරුද්ධව ජනයා එක් රැස් කරමින් කැරළි ගහන්නට වුනා. ඉතින් මේ විජය පුතා ඇතුලු තක්කඩි කොලු රැළ පන්නා දැමීමට එම උරණවූ පියා කටයුතු කළා. විජය ඇතුලු පිරිස තම්මැන්නාව පැත්තට නැව් නැග ගියා.
කොහොම හරි තමන්ගේ විජය මළනුවන් ගියාට පසු අයියාවු සුමිත්ත කුමරු එම පඬුවස් නුවර රජකම් කළා. ඉන් කලකට පසු සුමිත්තගේ පුතා ජෛන ආගම වැළඳ ගෙන තමාට ලැබෙන්නට තිබුනු රජකමත් හැරදමා ගියා. පසුව සුමිත්ත පියාත් තම පුතු අනුගමනය කරමින් ගිහිසැප හැරදමා ගියා.. (සුමිත්තගේ ලෙන් ලිපිය සිලෝන් ජර්නල් දෙවන කාණ්ඩය පිටු අංක 211, අංක 659 යටතේ විමසා බලන්න.)
 
නැව් නැගි විජය කුමරා තම්මැන්නාවෙන් ගොඩ බැස්සා. තම්මැන්නාව යනු තම්මැන්න නම්වූ(මිස්කෝඩෝන් සෙලනිකස්) ගස්වලින් වටවූ වැවක් සහිත ප්‍රදේසයක් මිස තඹ වැල්ලක බොරු කතා පුවතක් නම් නොවේ. කෙසේ හෝ මේ තම්මැන්නාවට පැමිණි විජය යක්ක ගෝත්‍රික ජාතිකයන් සමග යුද කොට විජය ලබා එහි බළය අල්ලා ගත්තේය. එමෙන්ම තම ඤාති නෑනා කෙනෙකුවූ යක්ක ගෝත්‍රික කුවිණිය සමග විවාහද විය. ඒ ඇගේ ඤාතීන්ගේ දැඩි විරෝධය මැදය. විජය හමුවෙන්නට පෙර කුවිණියට අසුර වංශික අයෙකුට දාව උපන් ජීවහත්ථ නම් පුතෙක් විය. විජය විසින් ඔහුව පන්නා දැමීය.  

විජයට දාව කුවිණිය ලද සියලු පුතුන් අසුර වංශිකයින්ට විරුද්ධව කැරළි ගහන්නට පෙලඹුනා. එහෙත් ඉන් බහුතරයක් දෙනා පසුකාලීනව පණ්ඩුකාභය අතින් මැරුම් කෑවා..
මේ අතර විජයගේ අයියාවු සුමිත්තගෙන් සහ ඔහු පුතුගෙන් හිස්වූ පඬුවස්නුවර රාජධානියට පැමිණි විජය එහි බළය පහසුවෙන්ම යුද කොට විජය ගත්තා. කුවිණියගෙන් සියලු දෙයම උදුරා ගත් විජය අවසානයේ හිත්පිත් නැතිව ඇයව පළවා හැරියා.. ඉන්පසු මේ විජය කුමරා 'පඬුවස්දෙව්' නමින් අභිෂේක ලැබුවා.  

අසරණවූ කුවිණිය තම කලින් පුත් ජීවහත්ථ කුමරු සමග අවුත් විජයට විරුද්ධව සටන් දියත් කළා. ඒ සටනින් කුවිණියට ජීවහත්ථයන්ද අහිමි වුණා.. ඇයට විජයගෙන් සිදු වූ මේ අසාධාරණයේ අඳෝනාව දේව හෙළයේ රජවරුන්ටද දන්වා සිටියා. අවසානයේ ඇය ශ්‍රමණ දිවියට ඇතුල් වූවාය. (...ලිලවරී හරිනුයෙ පඨිරාය රොඅඊ බියෙ ච ගයෙ....)

විජය හෙවත් පඬුවස්දෙව් රජු පඬුවස්නුවර ප්‍රදේශයේ රජ කරන කාලයේම සිව් හෙළයේ අනුකුත් ප්‍රදේශ වල තවත් ප්‍රාදේශීය හා මහ රජවරුන් එදා සිටිය බව අප හොඳින් තේරුම් ගත යුතුයි. අද මෙන් යාන වාහන නොතිබුනු එදායුගයේ මේ එකම දිවයිනේ කොටස් වලට බෙදී වෙනම රාජ්‍යයන් කළ බව සිහි තබා ගන්න. අද මේ දිවයිනටම ලංකාව කියා කීවත් එදා ලංකා පුර කියා කීවේ මේ දිවයිනෙන් සුලු කොටසකට බවත් හොදට මතක තියාගන්න. විජය ඔය කියන ලංකා කොටසට පැමිණියේ මේ දිවයිනේම සිට මිසක් ඉන්දියාවේ සිට නොවේ. බුදුරදුනුත් එසේම ඔය කියන ලංකාවට වැඩියේ මේ හෙළබිමේ තිබුණු ජම්බුදීපයේ සිටමයි. මිහිඳු හිමියනුත් එසේමයි. පසුකාලීනවයි මේ ඔක්කොම අවුල් ඇති කරගෙන තියෙන්නේ. 

බුදුරදුන් පිරිණිවී අවුරුදු 850කට පමණ පසු ඉන්දියාවෙන් පැමිණි මහානාම හිමියන් මහාවංශය ලියුවේද මේ ලංකාපුර රාජධානිය පමණක් මුල් කරගෙනයි. එමෙන්ම ඒ ලියූ තොරතුරු වලද සමහර තැන්වල බලවත් වැරදි අඩුපාඩු පවතින බව හොඳින්ම පෙනේ. එම අඩුපාඩු ඇති මහාවංශයම පමණක් මුල් කරගෙන සුදු ජාතිකයන් විසින් අප රට ඔවුන්ට යටත් විජිතයක්ව පැවති සමයේ ලියූ ඉතිහාසයයි අද වන විට සියල්ලන්ම වාගේ පරිශීලණය කරන්නේ. එනිසා එයම ගුරු කොට නොගෙන අනෙකුත් පැරණි පොත පතද ශිලා ලේඛණද ඇතුලු මූලාශ්‍ර මතින් ඉතිහාසය ගවේෂණය කිරීමෙන් සත්‍ය මතුවනවා ඇත.

දීපවංශ මහාවංශ පොත් වල මුල් පිටපත් අපට අහිමි කොට, ජර්මානු සම්භවයක් ඇත්තන්ට වුවමනා පරිදි සකස්කළ පොතක් පරිශීලණය කිරීම නිසා අද පරම්පරා ගනනක් අපි අසරනව සිටිමු..  මේවා විමසනේ නැතිව පොතේ ඇති දේම ඇත්ත යැයි සිතා අපට බැන වැදිමද සිහියෙන් විමසා සත්‍ය දැනගැනීමද ඔබටම බාරයි.

අද අපට සිංහළ රටක් දැයක් නැති වුවහොත් මේ ඉතිහාසයෙන් අනාගතයටද පලක් නැත.  ඔබ කාගෙන්වත් අසන්නේ නැතිව තනිවම ජාතියේ මුදුන් මුල් ගැන සොයා දැනගන්න. අප දන්නාදේ අපම සොයා දැනගත් දෙයක් නම් අප කාගේවත් රූකඩ බවට කවදාවත් පත්වන්නේ නැත. එසේ පැවසිය හැක්කේ සිංහල බෞද්ධයන්ටම පමණක් වනු ඇත...

හෙළ සොයුරනේ, සොයුරියනේ, අපට වැරදුන තැනක් තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. ඉතිහාසය වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි.. අපේ මුතුන් මිත්තන්ගේ අභිමාණය ශ්‍රේෂ්ඨත්වය රැකදිය යුතුයි.. එය රැක ගත යුතුයි.. මතු පරපුරට එය හිමි කර දිය යුතුයි

හෙළ සිංහල මිනිසුනේ, උඹල සිංහයෙකූට දාව පැවතෙන පහත් ජාතියක් කියල කවුද ඔයාලට බොරු ඉගැන්නුවෙ?
රාවණා රාජ පරපුරෙන් පැවත එන සූර්‍ය වංශික හෙවත් ශාක්‍ය වංශික බුදුහාමුදුරුවොත් අපේ ඤාතියෙක් බව කවද හරි දැනගත්තු දාට ඔයාල කවුද කියල ඔයාලටම තේරෙයි.
ඔය මනස්ගාත ලෝක වලම හිරවෙලා අනුන්ගෙ ගුලිකකා අඳුරෙම ගිලිල ඉන්න එපා.
 මේ පටලැවිල්ල හරියට ලිහාගන්න ඕනිනම් එක එක්කෙනාගෙ බොරු කතා අහන්නෙ නැතුව ඉතිහාසය පොඩ්ඩක් හොයල බලන්න...ඔබට සදා ජයවේවා...

 ********************************************************************

මේ රටේ ඉතිහාසය සමහරුන් මුල ඉඳලම අවුල්කරගෙන ඇති බව සෝම හාමුදුරුවන් පෙන්වා දුන් අයුරු..
අද අපේ රටේ සමහරුන් ඉතිහාසය මුල ඉඳලම අවුල් කරගෙනයි තියෙන්නේ... විජය කුවේණිගෙන් සිංහලයා පැවත එනවා කියන කතාව මහාම මුළාවක්.. ඊට කලින් ඉඳලම මේ රටේ ශ්‍රේෂ්ඨ මිනිසුන් හා ර
ාජ්‍යයන් පැවතුනා.. මහානාම හිමියන් ලියූ මහාවංශය ගොඩක් වැරදියි.. ඊට කලින් තිබුනු ඉතිහාස පොත් ගොඩක් විනාශ වෙලයි තියෙන්නේ.. අපි විජයගෙන් පැවත එන අය නොවෙයි.. එදත් අදත් මේ රට පාවාදීම ජරා ජාතියේ හැටි තමයි.. ඉදිරියට යන්න නම් ඉතිහාසෙ මේ මහා අවුල හදාගත යුතුමයි..
මේ වීඩියෝ එකත් බලල අහලම යන්න...
හෙළ රට ජාතිය ආගම වෙනුවෙන් අසහාය මෙහෙයක් සිදු කරමින් යන අතරේ අපවත් වී වදාළ ඒ යතිවරයානන්ට සියලු හෙළයන්ගේ උපහාරය වේවා..




එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive