නරසීහයන් වහන්සේ පිළිබඳ අභිමාණික ගැයුම

      සිදුහත් කුමරා බුද්ධත්වයට පත්වීමෙන් පසු අද අප රටේ දිඹුලාගල අවටින් එදා පිහිටා තිබූ කිඹුල්වත් නුවර සුද්ධෝදන රාජ මාළිගයට වැඩියා.. එසේ වඩින විටදී යශෝධරා දේවිය විසින් තම පුත් රාහුළ කුමරාට ඔහුගේ පියාණන් පෙන්වමින් රූප ස්වභාවය වර්ණනා කළ අයුරු ඔප් නම්වමින් කළාත්මකව මේ නරසීහ ගාථා වලින් විස්තර කර ඇති ආකාරය ඉතාමත් මනරම්ය...
    අප රටේම වැඩවාසය කළ ඒ නර සීහයන් වහන්සේගේ හෙවත් බුදු පියාණන් වහන්සේගේ රූප ස්වභාවය කළාත්මකව පෙන්වන්නේ තම සිත බුද්ධප්‍රසාදයෙන් පිබිදෙන අපූර්ව ආකාරයකටය. ඇත්තටම එයින් අපේ රටේ වැඩ සිටි ඒ අපගේ ශ්‍රේෂ්ඨ සීහළ නායකයාණන් වහන්සේ ගැන පැවසෙන ආකාරයට අපටද මහත් අභිමාණයක් මෙන්ම ප්‍රීතියක් නිබඳවම සිතට නැගෙනවා...
    සියලුම ලෝකයා දුකින් මුදවන මග සොයාගෙන එන්නම් කියා යශෝධරා දේවියගේ කැමැත්තද ඇතුව එදා අභිණිෂ්ක්‍රමණය කළ ඒ සීදන්ත, සිද්ධත්ථ, සිද්ධාර්ථ, සිදුහත් යුව රජතුමා අද මුලු තුන් ලෝකයම ජයගෙන ඝාම්භීර සීහ විළාසයෙන් පැමිණෙන විටදී මොන තරම් සතුටක් යශෝධරා දේවියටත්, රාහුළ පුතු, මව පියා ඇතුලු අනෙක් ශාක්‍ය ඤාති අයටත් දැනෙන්නට ඇතිද?

    එය එදා හෙළ වැසි අපගේ මුතුන් මිත්තන්ට උතුම් මංගල ලක්ෂණයක්ම වුනා. මේ අපේ අති උත්තම නායකයා කියන ඝාම්භීර හැඟීම මුසුවූ බුද්ධාලම්ඹනප්‍රීතියක් ඔවුන්ගේ සිතට නිරායාශයෙන්ම ආවා.. ඒ මහත් සතුටින් පිබුදුණු සිත ඇතිකර ගත් අවශ්තාව සියලු සුබ කටයුතු වල ආරම්භයේදී මංගල ලකුණක් සේ යොදා ගත්තා..
ඇත්තටම රටට දැයට ආගමට ආදරය කරන අයට අද ජාතික ගීය ගැයීමේදි ඇතිවන අභිමාණික හැඟීමට වඩා බොහෝ සෙයින් ඉහළ ඝාම්භීර හැඟීමක් මුසුවූ බුද්ධාලම්ඹනප්‍රීතියක් ඔවුන්ට එන්නට ඇතිවාට කිසිම සැකයක් නම් නෑ..

      එනිසා අපේ හෙළ මුතුන් මිත්තන් අනුගමනය කරමින් පැමිණි අපද අදත් උතුම් සුබ කටයතු වලදී (සමහරුන් වටිනාකම නොදැන වුවත්) චාරිත්‍රයක් ලෙසින් හෝ එම නරසීහ ගාථා කියනු ලබනවා.. අප බුදුරදුන්ගේ සත්‍යම ඉතිහාස කතාව දැනගත් අයටනම් මෙම අවශ්ථාව ඉතාමත් වැදගත් වෙනවා නොඅනුමාණයි.


මේ නරසීහ ගාථා හොඳ අවධාණයෙන් අහලම බලන්න කොහොමද එන හැඟීම කියල...


1. චක්කවරංකිත රත්තසුපාදෝ
ලක්ඛණමණ්ඩිත ආයතපණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒස හි තුය්හ පිතා නරසීහො 
 
රත්පැහැයෙන් සිරිපා යුග දිලෙනා
සක් ලකුණින් දික් විළුඹින් සැදුනා
සෙමෙර චත්‍ර සිරියෙන් ද බැබැලෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා

2. සක්‍යකුමාරවරෝ සුකුමාලො
ලක්ඛණචිත්ථිත පුණ්ණසරීරො
ලෝකහිතාය ගතො නරවීරො
ඒස හි තුය්හ පිතා නරසීහො

ශාක්‍ය කුලේ සියුමැලි කුමරාණෝ
සොඳුරු ලකුණු පිරි පින් සිරුරාණෝ
ලොව සෙතටම වැඩි වීර නරාණෝ
අන්න බලන් පුත බුදු සමිඳානෝ



නරසීහ ගාථා සිංහල තේරුම් සහිතවත් අහල බලන්න කොහොමද කියල...


3. පුණ්ණ සසංක නිභො මුඛවණ්ණො
දේවනරානපියෝ නරනාගො
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒස හි තුය්හ පිතා නරසීහො


පුන්සඳ සේ බබලන නිල් අහසේ
දෙව් මිනිසුන් නෙත් සනසන සිත් සේ
වඩින ගමන ඇත් රජුගෙ විලාසේ
නරඹනු පුත සමිඳාණන් සිත් සේ

4. ඛත්තිය සම්භව අග්ගකුලීනො
දෙවමනුස්ස නමස්සිත පාදො
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒස හි තුය්හ පිතා නරසීහො

රජ කුලයේ බුදු සමිඳු උපන්නේ
දෙව්මිනිසුන් පා යුග නමදින්නේ
සිල් සමාධි සිත තුළ පිහිටන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ

නරසීහ ගාථා විදෙස් කාන්තාවකුත් ලස්සනට කියන අපූරුව අහල බලන්න..
 
5. ආයත තුංග සුසණ්ඨිත නාසො
ගෝපඛුමෝ අභිනීල සුනෙත්තො
ඉන්ද ධනූ අභිනීල භමූකෝ
ඒස හි තුය්හ පිතා නරසීහො

නිල්වන් පාටින් නෙත් යුග දිලෙනා
තුන්ග සුඝන්ධිත නාසය තිබෙනා
ඇහිබැම දේදුනු යුගල විලසිනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා

6. වට්ටසුමට්ට සුසණ්ඨිත ගිවො
සීහහනූ මිගරාජ සරීරො
කඤ්චන සුච්ඡවි උත්තම වණ්ණො
ඒස හි තුය්හ පිතා නරසීහො

බබලන තෙද සිහ රජෙකුගෙ වැන්නේ
සියුමැලි බව මුව රජෙකුගෙ වැන්නේ
රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ

7. සිනිද්ධ සුගම්භිර මඤ්ජුසුඝෝසො
හිංගුල බන්ධු සුරත්ත සුජිව්හො
වීසති වීසති සේත සුදන්තො
ඒස හි තුය්හ පිතා නරසීහො

සිනිදු සොඳුරු මිහිරෙන් හඬ නැගෙනා
හිඟුල සුරත් පැහැ දිවකින් සැදෙනා
විස්ස බැගින් සුදු දත් පෙළ දිලෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා



යශෝධරා දේවිය මේ ලොව උතුම්ම කාන්තාව වුන හැටි කියන කවි අහල බලන්න කොහොමද කියල...


8. අඤ්ජන වණ්ණ සුනීල සුකේසො
කඤ්චන පට්ට විසුද්ධ ලලාටො
ඕසධි පණ්ඩර සුද්ධ සුඋණ්ණො
ඒස හි තුය්හ පිතා නරසීහො

නිල් පාටින් සිරසේ කෙස් බැබළේ
රන්වන් රැස් විහිදෙනවා නළලේ
ඌර්ණ රෝම ධාතුව වත කමලේ
බුදු සමිඳුගෙ මුළු සිරුරම බැබළේ

9. ගච්ඡති නීලපථෙ විය චන්දෝ
තාරගණා පරිවේඨිත රූපෝ
සාවකමජ්ඣගතෝ සමණින්දෝ
ඒස හි තුය්හ පිතා නරසීහො

නිල් අහසේ පුන් සඳ පායන්නේ
සඳ වටකොට රන් තරු බැබලෙන්නේ
මුණිසඳ ශ්‍රාවක මැද සුදිලෙන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ
*******************************************************************************

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive