සියලු හෙළයන්ම දත යුතුම කතාවක්..
බුදුන් ලක්දිව නොවේ කියන සාවද්‍ය මතයේ තවමත් ඉන්න අයටනම් මේ කතාව
හුදෙක් විහිළුවක් ලෙසටම සිතෙන්න පුලුවන්.. ඒත් මේ සැබෑ ඉතිහාස කතාවයි.. නුවණැත්තෝ
වටහා ගනත්වා..
සමන් දෙවි අයිති වන්නේ, එදා දෙවියන් ලෙස
සිව්හෙළයේ
සම්මතව සිටි, සුර පාර්ශවය හෙවත් කෝලීය වංශයටයි. ඔහුගේ පියා සුමන වන අතර මව සෝමා
දේවී වූහ. සුමනගේ පුතුවූ සුමන සමන් කුමරා මුල්කාලයේ සිටියේ අන්තර්ගිර හෙවත්
අතුරුගිරියේය. ඔහුවිසින් පසුකාලයේ සසුනට පූජාකළ ලෙණ අදටත් කොරතොට පන්සලේ ඇත.
කොරතොට පන්සලේ ඇති අනිත් ලෙණ නම් සමන් කුමරුගේ සොහොයුරිය වන ප්‍රජාපතී දේවිය සසුනට
පුදකළ ලෙණයි.
තරුණ කාලයේ සමන් කුමරු විසින් යුවරජ තනතුර දැරුවේ මවගේ ගමවූ මහියංගණ
රාජධාණියේය. එය නැගෙනහිර අසුර මනුස්ස කොටසට අයත් වූවකි. සමන් රජකුමරුගේ වැඩිමහල්
සොයුරිය වූයේ මහාමායා ප්‍රජාපතී දේවියයි. එනම් සිදුහත් කුමරුගේ මවවූ බුද්ධ
මාතාවමයි.
කෝලීය වංශික මහාමායා ප්‍රජාපතී දේවිය, සුද්ධෝදන ශාක්‍ය රජුට විවාහ කරදෙන
විටදී, මහියංගන රාජධානියද දායාද වශයෙන් දීමට මහාමායා
දියණියගේ
මවවූ සෝමාදේවී තීරණය කළාය.. ඊට සමන් යුවරජු අක්කා සමග හිත් අමනාප වුවත් තමන්ට එහි
රජකම
ලැබෙනු ඇතැයි සිතා නිහඬ විය.
කොහොම හරි සුද්ධෝදන රජු තමන්ගේ ඤාති සොයුරෙක් වන වසවර්ති නම්වූ
රජෙකුට තමන්ට දායාද ලෙස ලැබුණු මහියංගන රාජධානියේ බළය පැවරීය. එයින් තම මළණුවූ
සමන්ට ලොකු අසාධාරණයක් වූ නිසා මහාමායා ප්‍රජාපතී දේවි සුදොවුන් රජුත් සමග විරසක
විය.
(සිදුහත් කුමරු ඉපදී සත්දිනකින් පමණ
කිසියම් ධර්මතාවයකට අනුව, මහාමායා දේවියගේ ස්ත්‍රී බවය අහෝසි වූ
බව බොහෝ අය නොදනී. මෙහිදී ඇය මිය යාමක් කොහෙත්ම සිදුවී නොමැත. කලු+රිය කළා යනු මිය
යාමක් නොවේ. මෙය රිය ගමන අන් බවකට පත් වුනා කියා තේරුම් ගත යුතුයි. එතනදී අන් බවකට
පත්වීම අලුත් ඉපදීමක් හැටියටයි සලකන්නේ. මේවා හරිහැටි දැනීමට නම් හේතුඵල දහම
නිවැරදිව අවබෝධ කළ යුතු වෙනවා. මෙලෙස පසුකාලීනව විවිධ අය වැරදි අවිචාර අදහස් ගැනීම
නිසා දහමද පටලවාගෙන ඇති බව නම් කිව යුතුමය.)
කෙසේ හෝ තම මල්ලීට සුදොවුන් රජු සිදු කල හානියෙන් කළකිරුනු මහාමායා
ප්‍රජාපතී දෙවියන් අරගල කිරීම පසෙකලා, සියල්ලන්ගෙන්ම වෙන්ව සලුකන්දට ගොස් එහි
විසුවාය. මහාමායා ප්‍රජාපතී දෙවියන්ව මහියංගන වැසියන් එවකට හැඳින්වූයේ මාලොකු
දේවියන් නමින්ය.
ඉන්පසුව ඇය විසූ ප්‍රදේශයට තව්තිසා පුර කියා එදා ව්‍යවහාර විය. එය
එදා බොහෝ යස ඉසුරින් පිරුණු ලස්සන මනරම් සුර පුරයකි. බුද්ධත්වයෙන් පසු බුදුරදුනුත්
මේ තාවතිංශ පුරයට වැඩියා. (සමහරු මේව කොයි විදිහකට තේරුම් ගනියිද මන්ද?
ඒත්
මුළාවන්ගෙන්
මිදීමට නම් මේ යථාර්ථයට කවදා හෝ මුහුණ දෙන්නටම වෙනවා.)
කෙසේ හෝ මේ වසවර්ති රජුගෙන් සිදුහත් බෝසතුන්ට මෙන්ම සමන් මාමාටත් තම අභිලාශයන් ඉටුකර ගැනීමට බොහෝ කරදර පැමිණියා. එදා බෝධිමූළය ගාවදිත් මොහු මහා සෙනගක් සමග බෝසතුන්ට විරුද්ධව එන වෙලාවේදී දැඩිමුණ්ඩ කුමාරයා පමණයි අන්තිම මොහොත දක්වා බෝසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ..
අන්තිමට කරුණාවේ සංකේතය වූ සුමන සමන් රජ කුමරු, සියලු රාජ්‍ය තනතුරු අතහැර දමා තම බිසවද සමගින් සපරගමුවේ පදිංචියට ගියේය.
අන්තිමට කරුණාවේ සංකේතය වූ සුමන සමන් රජ කුමරු, සියලු රාජ්‍ය තනතුරු අතහැර දමා තම බිසවද සමගින් සපරගමුවේ පදිංචියට ගියේය.
පසු කාළයේදී මෙම ශාක්‍ය, කෝලීය අර්බුධය නැවැත්වීමට බුදුරදුන්ද
උපරිම උත්සාහයක් ගත් සේක. උන් වහන්සේ, වසවර්ති රජු විසින් ආක්‍රමණය කොට තිබූ,
සමනොල
ගිරට වැඩම කොට තම සිරිපා සළකුණ තැබා.. (පෙර කළ මායිම් ලකුණු කිරීමට යොදා ගත්තේ පාද
සළකුණුය) මෙය දැන් බුද්ධ දේශයක් පමණක් බව සිව්හෙළ සැමට දැන්වූහ..
එය ආරක්ෂා කිරීමේ අයිතිය කරුණාවේ ප්‍රතිමූර්තිය වූ තම සමන් මාමාටම
පැවරූහ. එතැන් පටන් දේව, මනුස්ස, යක්ක, නාග ආදී සියලු සිව්හෙළ වැසියෝ ඒ මහ අණට
ගරු කරමින් සමගියෙන් විසූහ...
සුමන සමන් දෙවි සෝතාපන්න වූ උතුමෙකි. ධර්මාවබෝධයට පහසුවන්නාවූ,
මොළයට
පෝෂණය සපයන්නාවූ, කහවණු සහ මසුරන් යන වී දෙවර්ගය
සපරගමුවේ ව්‍යාප්ත කළේද මේ සමන් රජුමය. සුමන සමන් දෙව් රජ මියගිය පසු දේවත්වයෙන්
අදහන්නට හෙළවැසියන් පුරුදු වූහ,
කරුණාවේ ප්‍රතිමූර්තිය බඳුවූ සමන් දෙවිඳුගේ ගුණ සුවඳ අදටත් සමනොල
කරුණා කරද්දී හෙළයන්ට දැනෙනවා බඳුය. නිරතුරුවම එතුමන්ගේ ආශීර්වාදය හෙළවැසි සැමට
ලැබෙනු ඇතැයි සිතිය හැක.
මේ ලිපිය ලියන පුද්ගලායද සමන් දෙවියන්ගෙන් ආශීර්වාද ලත් අයෙකු වීම
සතුටට කරුණකි.