සිංහලයාව 5 ආකාරයකින් නීච කළ මහාවංශ කතා කරුවා..

මහා වංශ පරපුර නම් ශාක්‍ය සක්විති රාජ පරපුරයි. එහෙත් අද අප මහා ඉහලින් භාවිතා කරන මහාවංශයේ එය පටන් ගන්නේ සිංහයෙකුගෙනි. මොන තරම් නම් පහත් ලෙස එහිදී සිංහලයාව නීච ලෙස හඳුන්වා ඇතිදැයි වැටහෙන්නේ විචාරශීලී බුද්ධිමතුන්ටම පමණයි.
හොඳින් බලන්න මේ මහාවංශය පසුකාලීනව ලියපු ඉන්දියානු ජාතික මහානාම කියන තැනැත්තා කර ඇති දේවල් දිහා..
දැඩි කාමාශාවකින් පෙලුනු, කාමයෙන් මුසපත් වුණු ස්ත්‍රියක්ලු සුප්පාදේවිය කියන්නේ.. ඇය ස්වයං විඳනයේ යෙදුනු කතක්ලු.. ඒ නිසා ඇතිවන ලැජ්ජාව නිසා දෙමව්පියොත් ඇයව අයින් කලාලු.. සුප්පාදේවියගේ හඳහන බලපු නැකත් කරුවන් කීවලු කවදා හරි මැය තිරිසනෙකු සමග සංවාසයේ යෙදෙනව කියල.. එහෙම කිව්වම ඇය බලාපොරොත්තු වෙනවලු ඒ අවශ්තාව ලැබෙන්නේ කවදද කියල.. කොහොම හරි මැය යනකොට සිංහයෙක් එනවලු ඉස්සරහට.. පිරිස බයේ පැනල දිව්වත් සුප්පාදේවි කැමැත්තෙන්ම ඉන්නවලු.. සිංහයත් නගුට වන වනා කෙල්ල ලඟට ඇවිත් ඇඟ අතපත ගාල ඇයව කර උඩ තියාගෙන කැලේ ගල්ලෙනකට අරන් ගිහින් අඹුව වශයෙන් තියාගෙන ඉන්නවලු.. මේ තිරිසන් සතාට දාව ළමයි දෙන්නෙකුත් හම්බ වුනාලු..
දැන් පොඩ්ඩක් හිතල බලන්න මේ ඔප්පු කරන්න හදන්නෙ මොකක්ද කියල..? අපි තිරිසන් සිංහයෙකුට දාව ඉපදුන මිනිස්සු ජාතියක් කියල නේද? ඉතින් සිංහයෙකුට දාව උපන් නිසා සිංභලයො හැදුනලු.. එතකොට අපේ සිංහලයගේ තාත්ත තිරිසනෙක්ද? අම්ම කාමුක වෙසඟනක්ද?
මොන තරම් නීච, කැත, බලු, අමන කතාවක්ද බලන්න මේ ඔප්පු කරවන්න හදන්නේ. මේ වගේ අමන ඉන්දියන් කාරයින්ගේ කතාද අපි මහ ඉහලින් පිළිගත යුත්තේ?


තෙවන නීචයත් බලන්න. මේ දෙන්නට දාව උපන් ළමයි දෙන්නා වන අයිය නගෝ දෙන්න කසාද බඳිනවලු.. කොහොමද වැඩේ. එයින් නැවතුනේ නෑ සිංහලයාව තවත් නීච කරනවා. මේ සිංහයාව මරන්න ඉදිරිපත් වෙන්නේ තම පුතා වන සිංහබාහුලු.. එතකොට තමන්ගේ තාත්ත මරන ආනන්තර්ය පාප කර්ම කරන ජාතියක්ලු අපි..? ඊට පස්සෙ තාත්ත මරපු එකා කියල කොන් කරල වෙනම පොඩි රාජ්‍යක් මිනිස්සු හදල දුන්නලු ලාට රටේ.. ඒ දෙන්නට හම්බවුන විජය කියන පුතත් මහා දාමරික, මං පහරන තක්කඩි හොරෙක්ලු.. ඒ හොරාගෙන් පැවත එන ජාතියලු සිංහල අපි..? අනේද කියන්නේ..

යකෝ ඇයි මේව අපේ සමහර ගිහි පැවිදි මහ අයට පේන්නෙ නැත්තේ..? නායකයින්ට, මහ හූරන්ට ඇයි පේන්නෙ නැත්තේ..? කොහේවත් ඉන්න පජාතිකයො කියපු දේවල්ද අපි මහ ඉහලින් පිළි ගන්නේ..? ඇයි මෙච්චර ඉතිහාස සාධක හමුවෙද්දිත් මේව හොයල බලන්නේ නැතුව පිස්සු නටන්නේ? ඇයි මේවා යට ගහන්න හදන්නේ? බුදුහාමුදුරුවෝත් අපේ හෙළයෙක් කියල ඔප්පු වෙනවට බයේද?
යකුනේ හිතපියව් මොළයෙන්.. නැත්නම් තමන්ගේ බඩ ගැන විතරක්ම හිතල මකබෑවෙන්නද දඟලන්නේ..? පිං සිදුවෙයි මහත්තුරුනේ මේ රට දැය සමයට තව තවත් කැණහිලිකම් කරන්න එපා... බුදුන්ගේ දේශයේ නාමයෙන්..දරුවන්ගේ නාමයෙන් ඉතිහාසය නිවැරදි කරත්වා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive