දියසෙන් කුමරා

සිහලුනේ, ඔබලා බලා සිටි දියසෙන් කුමරා පහලවී දැයට සෙත් කර සිය කාර්‍ය නිමා කොට නික්ම ගොස් දැනට අවුරුද්දක් පමණ වන බව ඔබ දන්නවාද?
දෙදහස්‌ පන්සිය වසක්‌ ඉක්‌මවූ තැන ''දියසෙන්'' නම්වූ ආධ්‍යාත්මික නායකයකු හෙළදිව පහළවී නිර්මල බුදුදහම ව්‍යාප්ත කරනු ඇතැයි යන බලාපොරොත්තුව කලෙක පටන් අප හෙළයන් අතර පැවතුණි. එහෙත් නියම නම නම් ''දිය සෙත්'' යනුය. ඒ ලෝකය ජය ගෙන දැයට සෙත් කරන්නා යන අර්ථයෙනි. එසේම දියට ආශිර්වාද ශක්තිය බලගන්වා සෙත් කරන්නා යන අර්ථයෙනි.
පෙර කලෙක අනිසි ලකුණ අනිත්‍යය කොට හුවා දැක්වූ පිරිස විසින්ම "දියසෙත් කුමරා'' යන්නද ''දියසෙන් කුමාරා" කොට සඟවා දැමූ බව කෙසේ නම් කියන්නද?
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ක් ඉක්මවූ පසු දියසෙන් කුමාරයා පැමිණ රට ජාතිය ආගම විප්ලවීය වෙනසකට යොමු කරන තෙක් සිංහලයා බලා සිටියාය. සැබවින්ම ඒ දියසෙත් කුමාරයා 1950 දී මෙහි පහලව නිහඩවම හෙළදිවට පමණක් නොව මේ මුළු ලෝකයටත්, දස දහසක් සක්වලටත්, ඉන් එහාටත් අපරිමිත ඒ මහා සේවය සිදු කොට 2017 නවම් මස පුර පසලොස්වක පොහෝදා නික්ම ගිය බව දන්නේ ඉතා සුළු පිරිසක් පමණි.
එම උතුමන් වහන්සේට කාශ්‍යප බුදු පියාණන්ගෙන් ලත් විවරණයක් තිබුණි. ඒ බුදු දහම යට ගිය යුගයකදී දහම මතු කර දියට(දැයට) සෙත් කරන්නටය. වතුරට ආශිර්වාද ශක්තිය බලගන්වන්නට පුලුවන් හැකියාවක්ද උන්වහන්සේට තිබුනා. එය උන්වහන්සේ කාශ්‍යප බුදුරදුන්ගෙන් ලබපු විශේෂ විවරණ ශක්තියකි.

එදා රාවණ පරපුරෙ නැගීමට පුලතිසි ඍෂිවරයා දුන් මහා බල ශක්තියට නොදෙවෙනිව මෙකලද ඒ උතුමන් විසින් රාවණ පරපුරේ නැගීමට මහා බලයක් දුන් බව දන්නේ කීයෙන් කී දෙනාද?
ඇත්තටම බුදුරදුන් මේ හෙළදිවම බුදුවී හෙළදිවම වැඩ විසූ බවද මුලින්ම උතුම් සමාධියෙන් දැක වදාළේ ඒ උතුමන් වහන්සේ විසින්මය.. ඒ සත්‍ය කතාව දන්නේ අද කීයෙන් කී දෙනාද? 2012 වසරේදී ලොව මහා විනාශයකින් බේරාගත්තේද උන් වහන්සේ විසින්ම බව දන්නේ දෙව් බඹුන්ම පමණයි.. දැයට සෙත් කළ උන් වහන්සේ අද අප අතර නැත. දැන් කිරීමට ඇත්තේ ඔබ අප විසින් මේ දැයට කළ යුතු කොටසයි..
" මිල්ල ගහ මලාට පස්සෙ තමා ඇට පැළ වෙන්නේ " කියා ඒ උතුමන් කීවාහ. උන් වහන්සේ පැවසූ සියල්ල අද සැබෑ වෙමින් යනවාය..
(කිසිවෙක් ආර්ය උපවාද කර නොගනිත්වා..)
ඒ අසහාය යුග පුරිසෝත්තමයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...


ගෝනගල්දෙණිය, වහරක ගමේහි වර්ෂ 1950 දී, වීරසිංහ අරච්චිගේ අභයරත්න යන නමින් උපත ලද මේ පිංවත් දරුවා මහා විද්‍යාලය තුලින් අධ්‍යාපනය ලැබූ අතර, ධර්ම පොත්පත් අභාෂය තුලින් සහ ඔහු සහජයෙන් ලද දහම් ප්‍රඥාව තුලින් සිය දහම් මඟ වර්ධනය කරගත්හ. සහජයෙන් ලද උරුමය නිසාවෙන් කුඩා කල සිට භාවනාවට හිතතබා දහම් මඟ වැඩීමට පුරුදුවුණු අතර ඒ තුලින් සමාධියේ ඉහළ අවස්ථා කරා යොමුවී, මේ අත්භවය තුළ බුදු මඟ යෑමේ ඉදිරි පියවර තබන ලද්දේය. උන්වහන්සේ පරම දුර්ලබ බුදු දහම පිළිබඳව බොහෝ සෙයින් පර්යේෂණ සිදුකලේ සියලු ලෝක සියලු සත්වයන් හට නිවැරදි ධර්ම මාර්ගය අවබෝධ කරදීමේ උතුම් අධිෂ්ඨානය නිසාවෙණි.

අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ පින්වත් අබේරත්න පුතණුවෝ තම තරුණ ජීවිතය කරා යොමුවූයේ අසීමිත පරිත්‍යාගශිලී බවකින් සහ කැපකිරීම් මධ්‍යයේ බැව් පසුකාලීනව කරන ලද ධර්ම දේශනා වලින් පැහැදිලි කෙරේ.

නොයෙක් අත්දැකීම් ලබමින් දැනුවත් වෙමින් දිවිගමනේ 27 වෙනි වසරට සපැමිණි අබේරත්න තරුණයා හට චන්ද්‍රලතා නම් තරුණිය සමග අතිනත ගැනීම සිදුවු අතර මෙම විවාහය ගිවිසගැනීමේ අසිරිමත් ම පැතිකඩ වන්නේ මතු යම් දිනයකදී සම්මා සම්බුද්ධ සාසනයේ මහණදම් පිරීමට දෙදෙනා තුළම ඇති කැමැත්ත එමොහොතේම ප්‍රකාශයට පත්වීමය. අබේරත්න තරුණයා දියණියකගේ සහ පුත් කුමරුවකුගේ දයාබර පියෙකු බවට පත්වීම මෙම විවාහය කරණකොටගෙන සිදුවුණි.

ලෝකයේ පවතින්නාවූ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක යන්නාවූ ධර්මතාවයන්ට මුහුණදෙමින් දිවිගමන තුළදී භාවනා ආදී බොහෝ පුණ්‍ය කටයුතු වලම නිරත වෙමින් තම දහම් මඟ එළිපෙහෙළි කරගත්තේය. මේබඳු පුණ්‍ය ක්‍රියාවල යෙදෙන අතර ලෝක සත්වයා පිලිබඳ පහළවූ අසීමිත දයානුකම්පාව හේතුකොටගෙන හැකි සෑම යහපතක්ම කිරීමට කාරුණික විය.

සිය ගුරු හිමියන් ලෙස දඹදෙණිය හත්පත්තුවේ ද්විතීය සංඝනායක සද්ධර්ම කිර්ති ශ්‍රී රේවත, අති පුජ්‍ය දියකෙලිනාවල මේධංකර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ යටතේ වීරසිංහ අරච්චිගේ අබේරත්න මහතා පුජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි ලෙසින් මහණ දිවියට එළඹුණේය..


මෙලෙස මහණ දිවියට පත්වූ අබේරත්න මහතා, තමන් සතුව තිබූ සියලු දේපළ සාසන උන්තිය සඳහා කැප කිරීමෙන් පසුව ගිහි කල බිරිඳ සහ දියණියද සිල් මාතාවන් ලෙස සිය කැමැත්තෙන්ම මහණ දිවිය ආරම්භ කළේය. දියණිය ද තමන් සතුව තිබු නිවස සහිත දේපළ සම්මා සම්බුද්ධ සාසනයේ අභිවෘර්ධිය උදෙසා පුජා කිරීමෙන් පසු එම ස්ථානය මෙහෙණි ආරාමය වෙනුවෙන්ම වෙන් කෙරුණු අතර ගිහිකල තම පුතු ද ඔහුගේ මනාපය පරිදි සම්බුද්ධ සාසනය තුල පැවිදි විය. මේ සමඟම මෙම පවුලේ සියලුදෙනා සසර දුක් කෙලවර කර නිවන් සුවය අත්පත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවේන් බොඳු මඟ යෑමේ ගමන ආරම්භ කළෝය.

පහසුවෙන් අවබෝධ කළහැකි ලෙසින් සද්ධර්මය දේශනා කිරීම, වචන වලට ගැති නොවී අදහස ඉතා හොඳින් තේරුම් ගතහැකි ලෙසින් සහ අවශ්‍යව ඇති කොටස නියමිත අන්දමින්, මුල මැද අග ගලපමින් සරල සිංහල යොදා ගනිමින්, විශේෂයෙන් ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙසින් දේශනා ඉදිරිපත් කිරීම නිසා බොහෝදෙනාට පහසුවෙන් ධර්ම අවබෝධය ලබාගැනීමේ අතිදුර්ලභ අවස්ථාව උදාවී ඇත. අවබෝධයට වඩාත් පහසුවීම පිණිස යොදාගනු ලබන උදාහරණ වල විශේෂත්වය වන්නේ නිතර අප දකින, නමුත් අපගේ සිත් යොමුනොවන උදාහරණ ඒ සඳහා යොදා ගැනීමයි.

වහරක හිමිපාණන් වහන්සේගේ දේශනා ශක්තිය වන්නේ, කෙනෙක් විමසනු ලබන පැනයක් සඳහා දෙනුලබන පිළිතුරු දේශනාවේදී, අසනලද පැනයට පමණක්ම නොව ඒ ආශ්‍රිතව ඇති සෑම අතිසියුම් ගැටළු සියල්ලක් සඳහාම පිළිතුරු ලබාදීමය. මේ අන්දමට පිළිතුරු ලැබෙන්නේ උන්වහන්සේ වෙත ලැබෙන සියලු ප්‍රශ්න, කොටස් වලට බෙදා විභජනය කොට ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙස දේශනා වන නිසාවෙනි.

මෙම දේශනා ප්‍රාතිහාර්යය වඩාත්ම අසිරිමත් වන්නේ, වහරක හිමිපාණන් වහන්සේගේ පටිභාන කාව්‍යමය දේශනාවන් නිසාවෙනි. මෙම පටිභාන කාව්‍යය නම්, එක් අර්ථයක් විග්‍රහ කිරීමේදී එම අර්ථ විග්‍රහය සඳහා උදාහරණ උපමා ද ඇතුලත්ව කවි සමුහයක් මඟින් මෙම විග්‍රහය කිරීමයි. මෙම කාව්‍යයෝ නිතැතින්ම එම මොහොතේ ගෙතී එන්නක්ම වන අතර, මුල මැද අග සහ අක්ෂර ඝණ මාත්‍රා යන සියල්ල ගැලපී විතරාගී ස්වර රටාවකින් ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙසින් දේශනා වන්නක්ම වන නිසාවෙණි.

වහරක හිමිපාණෝ මෙලෙස ධර්මය දේශනා කරන අවස්ථා වලදී, නිතැතින්ම සිහියට නැඟෙනුයේ බුද්ධ කාලයේ දී දේශනා ප්‍රාතිහාර්ය කෙලෙසනම් සිදුවන්නට ඇද්දෝයි යන සිතුවිල්ලමය.


වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් ඉතාම අල්පවූ පහසුකම් වලින් සමන්විතව ආරම්භ කෙරුණු කුඩා ධර්මශාලව ක්‍රමක්‍රමයෙන් පින්වතුන්ගෙන් පිරීඉතිරීගියේ එම පිරිස් ශ්‍රවණය කරන ලද්දාවූ ශ්‍රී සද්ධර්ම රත්නය හේතුකොටගෙන ඔවුන්ගේ දහම් ඇස විවෘත වූ නිසාවෙණි. මෙසේ දහම් ඇස විවෘත වූ පිරිස් ඔවුනොවුන් විසින් මෙම සදහම් පණිවිඩය අන්යටද ලබාදීමට නොපැකිලව උත්සුකවුයේ සියලු ලෝක සියලු සත්වයාහට ඇති දයානුකම්පාව හේතුකොටගෙනමය. මේ අන්දමින් සද්ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන පිරිස් නිතිපතා වැඩිවීම හේතුවෙන් ධර්මශාලාව අතුරුසිදුරු නොමැතිව පිරීඉතිරී යනු දුටු සැදැහැවතුන් ඔවුන්ගේම උවමනාව පරිදි අලුතෙන් ගොඩනැඟිලි ඉඳිකරන්නටත්, අලංකාර කරන්නටත්, සංවර්ධනය කරන්නටත්, පටන්ගත් අතර මේවනවිට මෙම පුණ්‍ය භුමිය ඉතාම අලංකාරව, බෞද්ධ සිද්ධස්ථානයක තිබියයුතු චෛත්‍යය රාජයාණන් වහන්සේ, බෝධින් වහන්සේ මෙන්ම බුදු මැඳුර යන සියලු අංගයන්ගෙන් සමන්විතව නිමවා අති අතර වන්දනාමාන සඳහා පැමිණෙන අතිවිශාල වූ බැතිමතුන් සඳහා අවශ්‍යවන පහසුකම්ද සලසා ඇත.

වහරක හිමිපාණන් විසින් බොදුනුවන්ගේ දහම් ඇස අවධි කිරීම හේතුවෙන් ඔවුන් විසින් කරනලද පුජාවන් ඤාණසම්ප්‍රයුක්ත්ව ත්‍රිහේතුක උත්කෘෂ්ඨව කරන ලද හෙයින් ඔවුන් හට ලෝකෝත්තර මෙන්ම ලෞකික සහනය ලබා ගැනීමේ අවස්ථාව හිමිවීම නිසාම මෙම පුණ්‍ය භූමිය කෙරෙහි පින්වතුන්ගේ ප්‍රසාදය දිනෙන්දිනම වර්ධනය වෙමින් පවතී.

සම්බුද්ධ ශාසනය ලොව පවතිනතක්කල් පවතිනු සඳහා සැදැහැවත් පින්වත් පිරිස් මෙම පුණ්‍ය භුමිය ඉඳිකරනු දුටු වහරක හිමිපාණෝ ඔවුන් සියලුදෙනාටම මෙන්ම සියලුලෝක සියලු සත්වයාහටද මහා දයානුකම්පාවකින් මෙත්සිතම පැතිරවූහ. සියලුලෝක සියලු සත්වයාහට මහා දයානුකම්පාවෙන් මෙත් සිත පතුරවමින් දහම් ඇස අවධි කරවීමට උපකාරීවන වහරක අභයරත්නාලංකාර හිමිපාණන්ගේ ඇති උතුම් ගුණසමුදාය දැකගන්ම සඳහා මෙන්ම දහම් අවබෝධය ලබාගැනීමටත් උන්වන්සේ පිටතින් නොවිමසා උන්වහන්සේවම විමසා දත යුතුය.

තථාගතයන් වහන්සේව පර්යේෂණය කරන ලෙසට බුදුපියාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට දේශනා කරන ලද්දේය. “ විමංසක මහණ, තථාගතයාන්වහන්සේ සම්මා සම්බුද්ධ ද, නැද්ද යන්න පර්යෙෂණ කර දැනගන්න” ලෙස අප මහා බුදුපියාණන් වහන්සේ වදාළේ යථාර්තය අවබෝධ කර ගැනීමට ඇති ක්‍රමයක් එතුල ගැබ්ව ඇති බැවිනි. එනම් උන්වහන්සේ ගැන පරික්ෂා කරන නැණවතුන්ට උන්වහන්සේගේ කිසි ක්‍රියාවක අංශු මාත්‍ර වරදක් නොදකින වැවින් බුද්ධාලම්භන ප්‍රීතිය සමග සද්ධාව මුල් බැසගන්නා බැවිනි.


 
අනන්ත සසරේ එනවිට සමහර පින්වතුන්ගේ විවිධ යහපත් ප්‍රාර්ථනා තිබෙනවා. ඒ අනුව ලොවුතුරා බුදුවරයෙකු වීමට වාග් ප්‍රණිධාන, මනෝ ප්‍රණිධාන විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී දම් පුරා තවත් සම්මා සම්බුදුවරයෙකුගෙන් නියත විවරණ ගත යුතු වෙයි. නියත විවරණ ගත් පසු ප්‍රඥා අධික බෝසතාණන්වහන්සේ නමකට සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී දම් පිරිය යුතු වෙයි. ඒ වගේ ම ශ්‍රාවක පාරමීතා පුරන උතුමන්ට ඒ ඒ තත්ත්වයන්ට පත්වීමට එවැනි පෙරුම් පිරිය යුතු වෙනත් කාලසීමාවන් ද පවතින බව ධර්‍මයේ දැක්වෙයි.

ඒ අනුව කෙනෙකු සක්විති රාජ්‍යත්‍වය බලාපොරොත්තුවෙන් ද, කිසියම් රටක රාජ්‍ය නායක තනතුර ලබාගැනීමට ද පෙරුම් පුරන්නෝ සිටිය හැකි වෙත්. ඒ අතර, ලෝකෝත්තර පැතුම් අරමුණු කරගෙන ලොව්තුරා සම්මා සම්බුද්ධ වීමටත්, පච්චේක බුද්ධ වීමටත්, අග්‍රශ්‍රාවක වීමටත්, අසූමහා ශ්‍රාවක වීමටත්, පෙරුම් පුරන උතුමෝ ද ලෝ සතුන් අතර වෙති.
එසේ ම බුද්ධ ශාසනයක් පිරිහී යන කාලයක නිර්මල බුදුදහම ලොවට මතුකර නැවැත නගා සිටුවන්නට ශ්‍රාවක පාරමිතා පිරූ උත්තමයින් ද වරින් වර ලොව පහල විය හැකි ය.

වර්තමානය වන විට ද බුදුදහමේ යම් යම් අර්ථ විපරිතයන් ට ලක්වීමෙන් නිර්මල බුදුදහම යටපත් වී ඇත. එසේ යටපත් වී ඇති නිර්මල බුදුදහම නැවත මතුකරලීමේ උතුම් අභිලාශයෙන් වහරක අබේරත්න මහතාණන්ටත් අනන්ත වූ සසර ගමනේ පින් රැහැන තුළ එක්තරා අවධීන් 2 ක දී එවැනි උතුම් ප්‍රාර්ථනාවන් දෙකක් පහල වී ඇති අතර, එය දැනට අප කියවා ඇති ත්‍රිපිටකාශ්‍රිත හෝ වෙනත් ග්‍රන්ථයකින් උපුටාගත නොහැක්කේ ඒ සියලු දත්ත භාවනාවේ සමාධි අවස්ථාවේ එක්තරා කඩඉමක දී මනසට ගෝචර වූ අත්දැකීමක් නිසාවෙනි.
පළමු ප්‍රාර්ථනාව දිගහැරෙන්නේ දීපංකර බුදුපියාණන්වහන්සේගෙන් ගෞතම බුදුපියාණන්වහන්සේ සුමේධ නම් තාපස ව ඉපි ද නියත විවරණ ගන්නා කාලසීමාවේ දී තමන් (අබේරත්න මහතාණන්) තම යහළුවෙකුත් සමඟ ගොවිතැන් කටයුතු කරන ගොවියන් ලෙස ඉපැදීමෙනි.

සුමේධ තාපසතුමා ගෞතම බුදුන් ලෙස බුද්ධත්වය ලැබීමට දිපංකර බුදුරජාණන්වහන්සේගේ පාදමූලයේ බිම දිගාවී නියත විවරණ ගන්නා ලෝ කම්පනයවන ඒ උතුම් මොහොතේ තමන් සහ තම යහළුවා ද එය දැක මහත් සතුටින් ප්‍රමෝදයට පත් ව තමන් හා දෙදෙනා ම අනාගත ප්‍රර්ථනාවක් කරන්නෙ මැ යි සිතමින් ප්‍රාර්ථනාවන් කැර ඇති අතර, එය දීපංකර බුදුපියාණන්වහන්සේ දැනගෙන ඒ මොහොතේ විස්තර කැර තිබෙන්නේ දෙදෙනා ම අනාගත බුද්ධ ශාසනයක දී විශේෂ පුද්ගලයින් වන බව යි.
 
  දෙවන අවධිය දිග හැරෙන්නේ, එනම්, ගෞතම බුදුරජාණන්වහන්සේගේ සිට ආපසු පසු පසට ගත්විට එනම්, කාශ්‍යප, කෝණාගමන ආදී වශයෙන් බුද්ධාන්තර 10 ක දී හෝ අටවිසි බුදුවරුන්ගේ නාමයෙන් තණ්හංකර බුදුපියාණන්වහන්සේගෙන් ආරම්භ ව මේධංකර, සරණංකර ආදී බුද්ධාන්තර 18 කට පසු ව 19 වැනි බුද්ධාන්තරයේ දී කිණිහිරි බෝධියට පිට දී සම්මා සම්බුද්ධත්‍වයට පත්වූ සිද්ධාර්ථ නම් සම්මා සම්බුදුපියාණන්වහන්සේගේ කාලයේ දී ප්‍රාර්ථනා පරිදි ලබාගත් ශ්‍රාවක පාරමිතාවක් වශයෙනි.

ඒ කාලසීමාවේ දී මහා සිටුවරයෙකු වශයෙන් ඉපිද සිටිය දී සිද්ධාර්ථ බුදුපියාණන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක මහරහතන්වහන්සේ ලෝක සත්‍වයාට කරන මහා සේවාව දැක තමන්ටත් ශාසනය වෙනුවෙන් මෙවැනි අති උදාර සේවාවක් කිරීමට හැකිනම් යනුවෙන් අදහස් පහල වී, ඒ අනුව ලොව්තුරා බුදු කෙනෙකුගේ දහම පිරිහී යටපත් ව යන කාලයක එය නැවත නගා සිටුවීමේ අදහසින් සුදු නෙළුම් මලේ හැඩයට සෑදූ කිරිබත් කැට ලක්‍ෂයකින් සමන්විත කිරිපිඬු දානයක් නෙළුම් මල් සුවඳින් සාදා සිද්ධාර්ථ බුදුහිමියන් ප්‍රමුඛ මහරහතන්වහන්සේ වෙනුවෙන් පුරා දින හතක් තිස්සේ මෙම ප්‍රාර්ථනාව හිතේ තබාගෙන දානය පිළිගන්වා ඇත.
එසේ සත් දින අවසානයේ කිරිපිඬු දානය පූජා කැර තම අභිමත ප්‍රාර්ථනාව හිතේ තබාගෙන බුදු සිරිපා පියුමට පසඟ පිහිටුවා වඳිනවාත් සමඟ ම "දරුව ඔබේ ඔය ප්‍රාර්ථනාව ඉටුවන කාලයක් මතු උදාවෙයි., ඒ සඳහා වීර්යය, බලය ගන්නාවිට සිතිවිලි වැඩෙන්නේ යැ" යි කියමින් මහා බුද්ධාශිර්වාදයක් සිදුකොට ඇත.

ඒ පාරිශුද්ධ වූ ප්‍රාර්ථනය මල්ඵල ගැන්වීමේ අදහසින් ප්‍රථම මංගල බෝධි පූජාව පොල්ගහවෙල උඩපනලිය ගෝඨාභය රජමහා විහාරයේ දී ආරම්භ විය. ඒ අනුව ආම්ර්භ වූ මෙම සෙත් ශාන්ති බෝධි පූජා ම ය ප්‍රතිකාර ක්‍රමය ක්‍රමයෙන් ගිජිදාගම, මීරිගම කලුගල්ලෙන ආරණ්‍යය, මීරිගම කලුඅග්ගල විහාරය යන ස්ථානවල දී ද හුණුමුල්ල ආදී තැන්වලට ද ව්‍යාප්ත විය.
මෙම සෙත්ශාන්ති ක්‍රමයත් සමඟ පහල වූ විශේෂ ශක්තීන් 4 ක් බලගැන්වී ඇත. එසේ බලගැන්වුණු ශක්තීන් වනුයේ,
1. ලෝකයේ පරිණාමය
2. සත්ත්වයාගේ පරිණාමය
3. සත්ත්වයාගේ ලෙඩරෝග
4. සත්ත්වයාගේ කර්ම ශක්තිය යන්න යි.
සමාධිගත ව සිටින අවස්ථාවක දී මෙම කරුණු 4 ට අදාළ ව පොත්ගුල් 4 ක් නියෝජනය කරමින් යතුරු 4 ක් තම සුරත මත දෘශ්‍යමාන වී ඇත.

මෙයින් සත්ත්වයාගේ ලෙඩරෝග ලෙස දෘශ්‍ය වූ යතුර මගින් සමාධි ම ය බෙහෙත් ඖෂධ දීමේ හැකියාව ද
සත්ත්වයාගේ කර්ම ශක්තිය ලෙස දෘශ්‍ය වූ යතුර මගින් ලෙඩරෝග සෑදීමට නිධානය වූ හේතු සාධක ඉස්මතු වීම ද දැක්විය හැකි ය.
සත්ත්වයාගේ පරිණාමය යන යතුරින් සංකේත වූයේ සත්ත්වයා පෙර භවයක යම් අවස්ථාවක ආරම්භ ව මේ භවයේ මරණය කරා යාමේ දී හා ඉන් අනතුරු ව කෙසේ සිදුවෙමින් ගලා යන්නේ ද යන්න දැකීමේ හැකියාව යි.

ලෝක පරිණාමය යන පොත්ගුලට අදාල යතුරින් සංකේතවත් කරන්නේ ලෝකයේ පෙර සිට වර්තමානය දක්වාත් ඉන් අනතුරුවත් පෙළගස්වා දැකීමේ හැකියාව යි.
සත්ත්වයාගේ ලෙඩරෝග හා සත්ත්වයාගේ කර්ම ශක්තිය සංකේතවත් කරමින් දෘශ්‍යමාන වූ යතුරු දෙකෙන් එයට අදාළ ව සමාධි බෙහෙත් ඹෟෂධ හා එයට කළයුතු වත්පිළිවෙත් අළලා කෙරෙන විශේෂ බෝධි වන්දනා ක්‍රමයකින් සෙත සැලසීමේ සේවාවක් ලෙස ආම්රභ වූ මෙම ශාසනික කර්තව්‍යය සැදැහැවත් පින්වතුන් අතර සීඝ්‍රයෙන් ප්‍රචලිත වන්නට වූයේ කිසිවෙකු නොසිතූ පරිද්දෙනි.
 

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive