එය අරහත්වයට හා නිවනට එකහෙළා අත්‍ය අවශ්‍ය නැත යැයි කෙනෙකුට
තර්ක කළ හැකිය. හොඳයි අපි එය එසේ යයි මදකට සිතමු. නමුත් අප මෙයද වටහා ගත යුතුයි.
එනම් බහුතර ජනයා එක පාරටම ලොකෝත්තර මගෙහි නොයන බවත් වැඩි දෙනෙකු අරහත් වන්නේද නැති
බවත්ය. බහුතරය ලෞකික මගෙහිම යන්නන්ය.
බුදුරදුන්ගේ ධර්මය ලෞකික හා ලෝකෝත්තර දෙපිරිසම
උදෙසා මිස එක් පිරිසකට පමණක් පොදු වූවක් නොවේ. මෙය වැරදියට පටලවා නොගත යුත්තක්.
උන්වහන්සේ මුණිවරයෙක්, රජෙක්, පියෙක්, මවක් වගේම
බුදුවරයෙක්... ලෞකික ලෝකයේ සිටිනවුන්ගේ සදාචාරත්වය, ශිෂ්ඨාචාරත්වය, දියුණුව සඳහා
ආගමත් දහමත් දෙකම අවශ්‍යයි. නිවැරදි ආගමක්, දර්ශණයක් තුලින් පුද්ගලයාත්, රටත් නිබඳවම
දියුණු වෙනවා… බුදු
රදුන්ගේ ධර්මය හුදෙක් ආත්මාර්ථකාමී වූවක්ද?. එය සියලු ලෝ වැසියන්ටම පොදු වූවකි.
රාජ්‍ය, පාළනය
එපා කීවානම් උන් වහන්සේ කිසිදා රජවරුන් ඇසුරු නොකරනු ඇත. චක්කවත්ති සීහනාද සූත්‍රයක්, දස රාජ
ධර්මයන් නොදෙසනු ඇත..
අපේ මේ රට ආර්ථික වශයෙන්
දියුණුවෙන් පිරිහුණේ බුද්ධ ධර්මය නිසාවත්, බුද්ධාගම නිසාවත් නොවේ. බුදු දහම
හා ඉතිහාසය වැරදියට අල්ලාගත්දා පටන් සිටය. එදා ලෝකයේ දියුණුම සශ්‍රීකම රට ලක්දිව
නොවෙයිද? ඇත්තටම
ගෝතම බුදුපියාණෝ මේ සිව්හෙළයේ සක්විති රජෙක්ද වූහ.. එයිනුත් නොනැවතී ඉන් එහා ඇති
ශ්‍රේෂ්ඨ බුද්ධත්වයද ලැබූහ...රජෙක් නොවේ නම් රජාණන් වහන්සේ කියා අමතන්නේ ඇයි? අදෘෂමාන
දෙවියෙක් ලෙස සිත් රවටාගෙන ඉන්න අයගේ නම් සිත රිදෙයි.. ඒත් මේවා කිව යුතුයි. උන්වහන්සේ
අදහන අය අදහත්වා... සදහම් මග යන අය එමගෙහි යත්වා...
බුදු රදුන් උපන් ස්ථාන වැදගත් නොවේ
නම් මහා පරිණිර්වාණ සූත්‍රයේ බෞද්ධයන්ට දැක වැඳ පුදාගත යුතු විශේෂ ස්ථාන සතරක්
දේශනා කරන්නේ ඇයි? ආනන්ද
හාමුදුරුවන් අසන ප්‍රශ්නයකටයි බුදුහාමුදුරුවන් එහිදී පිළිතුරු දෙන්නේ. ආනන්ද
හාමුදුරුවන් අහන්නේ හිස් වැඩකට නැති දෙයක් නම් නොවේ. එය ඉතා වැදගත් වන නිසාමයි
පරිණිර්වාණයට සුලු මොහොතකට කලිනුත් ආනන්ද හිමියන් බුදු හාමුදුරුවන්ගෙන් එසේ
විමසන්නේ.
ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක්
කර ඇත. “ චත්තාරි මානි
ආනන්ද, සද්ධස්ස
කුලපුත්තස්ස, දස්සනීයානි, සංවේජනීයානි
ඨානානි, කතමානි
චත්තාරි” ….. ගෞතම
බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන්
මඟ සොයන, ධර්ම
මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත
කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත
ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති
ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක
බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය”
මේ ස්ථාන හතර නම්, 1) සිදුහත්
කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය. 2) ගෞතම
බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය. 3) ගෞතම
බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා. 4) ගෞතම
බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යන හතරයි.
ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා යනු
නිවැරදිව ධර්මය අසා දැන , නියම
බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න
මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව
ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර
පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද
තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ
ස්ථානයන් ආශ්‍රයෙන් ම පමණි. එනිසා අපට පහසුවෙන් උපකාර කරගත හැකි දෙයක් තිබේනම් එය
බැහැර හරින්නේ කුමටද?
එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ
නම්, ශ්‍රාවක
මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ
රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස
කුලපුත්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව
ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා
ගැනීමෙනි.. මෙලොව
මේ දක්වා බිහිවී ඇති සියලුම බුදුන් බුදුවී ඇත්තේ එම ස්ථාන වල ය. බුදුන් බුදුවූ එම
බිමේ පිහිටි ශක්තිය අඩුම වශයෙන් අපහට සෝවාන් ඵලයට හෝ පත්වීමට යොදා ගැනීමට බැරිද?
තමනුත් ධර්මය නැමති සර්පයා වැරදියට
අල්ලාගෙන, අනුන්වත්
නොමග යවන්නේ ඇයිද? දැනටත්
වැරදියට මුළාවෙලා හරි මිනිස්සු දඹදිව කියල හිතාගෙන අමාරුවෙන් ඉන්දියාවට ගිහින්
නිඝණ්ඨ ආරාම වලට හරි වැඳල එන්නෙ මේ ස්ථාන 4 බෞද්ධයින්ට වැදගත් නිසා නොවේද? මහා
පරිණිර්වාණ සූත්‍රයේදී දැක වැඳ පුදා ගතයුතු ස්ථාන 4ක් ගැන
කිව්වේ විහිළුවටද?
ඇත්තටම අප බුදුරදුන් උපන් බිම කියා
අන් තැනකට ගොස් වැඳ පුදාගත්තාට නියම ඵලයක් නොලැබිය හැකිය. එනිසා යා යුත්තේ
බුද්ධිමත්ව හරිහැටි සොයා බලා නියම තැනටමය. දළදා වඳින්න
කතරගම ගිහින් හරියනවද? විශ්ව
ශක්තියට අනුගත වෙන්න ලෝකෙ හැම තැනින්ම පුලුවන්ද? මැණික් කියල
තිරිවාණ ගල් තියාගෙන හිටියට වැඩක් තියෙනවද? බුදුහාමුදුරුවො උපන් තැන වැඩක් නෑ, ධර්මය විතරයි
ඕනි කියන ඔය පණ්ඩිත, දාර්ශනික
ඇත්තො ඔය ගැනත් යිකක් හිතල බලනත්වා...
පෙරුම් පුරල පුරල ඉංදියාවෙ ගිය සමහර අයට නම් මළ (කෙළෙස් මළ) පනිනව බුදුහාමුදුරුවො
ලංකාවෙනෙ ඉඳල තියෙන්නෙ කියල පෙන්නකොට. 'ඇයි
හද්දෙයියනේ කොහොමද ඉතින් මම හිත හදා ගන්නෙ', 'මගෙ සල්ලි ටිකයි පිං ටිකයි ඔක්කොම
අහක යයිනෙ' කියල
ඒ මනස්ගාත ලෝක වලම තම හිතත් රවට්ටගෙන එයාල ඉන්න බලනව. දුක තමයි මහත්තරුනේ... ඒත්
අපි මොනව කරන්නද.. අපිට ඇත්ත කියන්නම වෙනව අපෙ සැමගේම යහපත ගැන හිතල.. අපිට ඔය
බොරුවෙන් ජීවත් වෙලා පුරුදු නෑ..
සත්‍ය ඉතිහාසයම පවතී නම් පමණක් ඒ ගැන සොයමින්
සිටීමට අවශ්ය නොමැත. එහෙත් ගැටලුව නම් එය පටලවා ගෙන ඇති කමයි. එයයි නිවැරදි
කරගත යුත්තෙ. ඉතිහාසය අවුල් නම් පිරිසිදු දර්මය එහි පවතීදැයි කෙසේ නම් කිව හැකිද? නිදානය ගන්නට
අන් තැන් හාරා පලක් නැත. නියම තැනටමයි අප යා යුත්තේ. එනිසයි අපි මේව දැනුවත්
කරන්නේ..
බුදුරදුන් තමන් ගැන සොයන්නට එපා කීවා යැයි කීම
සාවද්‍ය මතයකි. උන්වහනේ කීවේ අවශ්‍ය නම් තමන්ගේ බුද්ධත්වය ගැනද විමසා සොයා සැක හැර
ගත යුතු බවයි. කිසි විටෙකත් සිතීමට, විමසීමට ඇති නිදහස බුදුදහමේ අවහිර
කර නැත. සත්‍ය දැකීමට නම් සියල්ලක්ම පට්ට ගසා (පට්ඨාන ) විමසා බලා මුල, මැද, අග විභාග කර
දත යුතු වෙනව. 'ධර්මය තුල
සැගවුනු බණ නැත. රහස් බණ නැන' යනුවෙන්
බුදු හිමියන් දෙසූ බව සැබෑය. එමෙන්ම මාගේ ඇවෑමෙන් මේ දහම එලෙසින්ම පවතිනු ඇතැයි
කියා බුදු හිමියන් නොදෙසූ බවද සැබෑය.
ඉතින් මේ ඇත්ත සත්‍ය දැක දැකත්..
එය යටපත් කරගෙන මනෝ සංකාර ලෝක වල සැඟවෙන්නට වෙර දරන අය.. කෙසේ නම් ලෝබ ද්වේෂ මෝහ
නැමැති කෙලෙස් මුල් ගලවා දමා සංසාරයෙන් මිදී නිවන දකින්නේ දැයි තමන්ම විමසා
බලත්වා... සත්‍ය
යනු සැමවිට වසාගෙන සිටිය නොහැක්කකි.. අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන්
විමසමුද..? නොමැතිනම්
ඇත්ත වසන් කොට බොරුවෙන් තනාගත් මනස්කල්පිත ලෝකයක මුළාවී සිටින්නෙමු ද..? කිසිවෙක්
අමනාප නොවෙත්වා..
තෙරුවන් සරණයි...