එදා ගිජ්ජකූටය යනු අද හත්ථිකුච්චියි කීවොත් පිළිගනියිද?
ගිජ්ජකූටය කියපු ගමන් බොහෝ අයට මතක් වෙන්නේ ගිජුලිහිණියෙක් වැනි හැරයක් ඇති ගල් පර්වතයක් ගැනයි. එහෙම හිතට එන්නේ පසුකලෙක පොතට ආ වැරදි දත්තයන් ඔලුවට විගසින් ඒම නිසායි. ඒ වුනත් ගිජිඳා, ගජ, ගිජ්ජ කියා කියන්නේ අලියාටයි, හෙවත් හස්ථියාටයි. ගිජ්ජ කූටය, හත්ථි කුච්චිය වන්නේ එලෙසටයි. කෙසේ වුනත් හස්ථියෙක් වැනි ගලක් සහිත පව්වකුත්, ගිජුලිහිණියෙක් වැනි ගල් පව්වකුත් මෙහි පවතින බැවින් කවුරුවත් මේ වචන පටලවාගෙන වටිනා ස්ථානය අහිමි කර ගන්නට නම් එපා.
හත්ථිකුච්චි විහාරය යනු අද ලංකාවේ වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටි ඓතිහාසික බෞද්ධ පුදබිමකි. මෙම විහාරය අනුරාධපුර-පාදෙණිය මාර්ගයෙහි මහගල්කඩවල කිට්ටුවෙන් පිහිටා තිබේ.
මේ පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය අද ප්‍රචලිතව ඇත්තේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය කියා වුවත් එය වෙනම කතාවක් බැවින් අපට අවශ්‍ය දේ පමණක් දැන් අපි කතා කරමු.
මේ ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද, ඉපැරණි නටඹුන් රැසක් ද දක්නට ඇත. දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.
තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ. ''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් ද පිහිටා ඇත.
මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. අද සිටින පුරාවිද්‍යාඥයන් කුමක් පැවසුවත් මේ ස්ථානය අප බුදු පියානන් වහන්සේ වැඩසිටි සුවිශේෂී ස්ථානයකි.
මේ අසළ මනරම් කඳු ගැටයක්ද, ස්වභාවික මනරම් පොකුණක් ද පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යයත් පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම විශේෂ පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත. සැබවින්ම මෙය සීතල පොකුණකි. මෙම සියළු කරුණු සළකා බැලූ විට අපට එදා අපගේ බුදුපියාණන් වැඩ සිටි ගිජ්ජකූට පර්වතය කුමක්දැයි කියා පහසුවෙන්ම වටහා ගත හැකි වනු ඇත.
ආටානාටා සූත්‍රයේ සඳහන් වන ආකාරයට අනුව අපගේ සම්බුදු පියාණන් වහන්සේ දඹදිව කොටසේ වූ රජගහ නුවරට (බොහෝවිට අද යාපහුවට) නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩ වසනවා. (රාජගහ හෙවත් රාජ ගෘහ පැවති ස්ථාන කීපයකි. රජගල යනුද රාජ ගිරක්/ගලක් හෙවත් තවත් එක් රාජගිරියකි) එක් දවසක්, එවකට උතුරු කුරුවේ වූ යක්ෂ වරම් මහ රජුත් ඇතුලුව අනෙක් පලාත්වල මහ රජවරු තුන් දෙනා (සතර දිශා පළාත් භාර නියෝජිතවරු නැත්නම් ආණ්ඩුකාර වරුන්) තම සේනාවන් ද සමග බුදුපියාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා.
(“ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ අථාකෝ චත්තාරෝ මහාරාජා මහාතියාච යක්ඛ සේනාය..")
බුදුරදුන් එදා වැඩසිටි මේ කියන රජගහ නුවරත්, ගිජ්ජකූට නම් පර්වත විහාරයත්, යක්ක රාජ්‍යයත් පිහිටියේ එකම දීපයක් වූ මේ සිව්හෙළ දීපයේමය. ඒ බව මේ ආටානාටිය සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වේ.
මේ වරම් මහරජවරු හතර දෙනා මේ දිවයිනේම හිටි අය කියල කවුරුත් පිළිගන්නවනේ. මේ වරම් මහරජවරු හතර දෙනා ඉන්දියාවට ගියා කියා කොහේද සඳහන් වෙන්නේ? අනික මේ දිවයිනේ ප්‍රශ්ණයක් විසඳගන්නට ඔවුන්ට ඉන්දියාවට යන්නට ඇති උවමනාව කුමක්ද? ඉන්දියාවේ බෞද්ධයින්ට ආරක්ෂාව සපයන්නට අපේ රජවරු එහේට යන්න ඕනිද? එහේ රජවරුන්ට එහේ ප්‍රශ්න විසඳන්නට බැරිද? වැනි ප්‍රශ්න නැගෙනවා.
ඒ කෙසේ වෙතත් මේ මහ දිවයිනෙන් අඩක් පමණ විශාල ප්‍රදේශයක් එදා මගධ කියන රාජ්‍යයටම අයත් වූ බව මා කලින් ලිපි කීපයකින්මත් පෙන්නුවා. මේ ගිජ්ජකූට පර්වතය පිහිටියේද රජගහ නුවරට (යාපහුවට) කිට්ටුවමය. ගොතම බුදුන් වහන්සේ වැඩසිටි යුගයේ බිම්බිසාර මහ රජු මගධ අධිරාජයා වුනා. පසුව අජාසත් රජු මෙහි රජ බවට පත් විය. මේ ත්‍රිපිටකයේ නම් සඳහන් රජවරුන් රජ කළේ මේ හෙළ දිවයිනේම මිස ඉන්දියාවේ ලියූ කිසිම පොතක පතක ලියවිල්ලක මේ රජවරුන්ගේ නම් සඳහන් වී නම් නැත.
උදුම්බරික සීහනාද සූත්‍රයේද මේසේ සඳහන් වෙයි.
‘‘ඉධ මයං, භන්තෙ, අද්දසාම භගවන්තං සුමාගධාය තීරෙ මොරනිවාපෙ අබ්භොකාසෙ චඞ්කමන්තං, දිස්වාන එවං අවොචුම්හා..''
මෙහි සඳහන් වන ආකාරයට අනුව භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පව්වෙන් බැස සුමාගධා පොකුණ ඉවුරෙහි එළිමහනෙහි සක්මන් කොට ඇත. එහෙනම් සුමාගධා නම් පොකුණ ද මේ ආසන්නයේම පිහිටිය යුතුය. එයද සැබවින්ම මෙහි ඇත.
ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතයේ නිර්මාණය කළ ඇති කුටිය ග්‍රීක හා හින්දු ගෘහ නිර්මාන ශිල්පයේ බලපෑම මත ගඩොලින් නිමවා ඇත. ඒත් සිව්හෙලයේ එසේ නොවේ. ඒවා කලුගල් පදම් කිරීමේ තාක්ෂණයෙන් නිර්මිතය. මේවා නිර්මාණය වී ඇත්තේ අනුරපුර යුගයටත් පෙර සිටය. ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතය නිර්මාණය කළ තැන ගඩොල් වලින් ඇත්තේ ඒවා පසු කාලයේ ඒවා නිසා නොවේද කියා නුවණැත්තෝ විමසා බලත්වා.
ඉන්දියාවෙත් සම්මත ගිජ්ජකූටයක් තියෙනවා තමයි. ඒත් ඒක අපගේ බුදුරදුන් වැඩ සිටි ගිජ්ජකූටය නම් නොවේ. ඒත් කමක් නෑ, වැඩිපුර සල්ලි තියෙන අයට එහෙටත් ගිහින් සල්ලි ටිකක් පූජ කරල එන්නට පුලුවන්.