මාංශ අනුභවය පිළිබඳ බුදුදහමේ සැබෑ මතය කුමක්ද?

මේ ප්‍රශ්නය මහත්වරුන් කීපදෙනෙක්ම මාගෙන් විමසූ නිසායි ලියන්න හිතුනේ. මේකට උත්තර ලියන්නට ගොස් සම්මතයේදී නම් ලොකු ගැටුමක් එන්නත් පුලුවන්. ඒත් සම්මතයෙන් ඔබ්බට ගොස් සිතන කෙනෙකු හැටියට මධ්‍යස්ථව සත්‍ය පෙන්වාදිම මගේ යුතුකමක්..
කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය අකුසල කර්මයක්‌ යෑයි පවසයි. තවත් කෙනෙක්‌ පවසනුයේ මස්‌ මාංශ අනුභවය වරදක්‌ නොවන බවයි. මේ කෙළවරක් නැති ද්විත්ව (උභතෝකෝටික) මතය නිසා ඇතැම්හු ආවේගශීලීව කටයුතු කරන ආකාරයක්‌ද දක්‌නට ලැබේ.
මෙම ප්‍රශ්නයේදී සමහරෙක්‌ බුදුරජාණන් වහන්සේගේ දේශනා තමන්ට රුචි ආකාරයෙන් අර්ථ දක්‌වන ආකාරයක්‌ද පෙනෙන්නට තිබෙනවා. එය කනගාටුවට කරුණකි.

හොඳයි අපි බලමු මේ ගැන බුදුදහමේ කුමක්ද කියන්නේ කියලා.. මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මජ්ඣිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා මාංශ පරිභොගයට සුදුසු තුන් ආකාරයක් ගැනත්. ඒකට තමයි ඔය සමහර කට්ටිය හදාගෙන තිබෙන්නේ 'ත්‍රිකෝටික' පාරිශුද්ධිය ඇති මස් අනුභවය හොඳයි කියලා. හැබැයි එතන ත්‍රිකෝටික කතාවක් නම් නෑ.. මේකත් අර මම කලින් ලිපියක කිව්ව වගේ 'කෝටි' කතාවක් තමයි.
කොහොම හරි කමක් නෑ. එහි තිබෙනවා "අදිට්ඨං, අසුතං, අපරිසඞ්කිතං.." ආදී වශයෙන්.. "කරුණු තුනකින් යුක්තවූ මාංසය පරිභොග කටයුතුයයි කියමි. නොදක්නා ලද්දය, නොඅසන ලද්දය, සැක නොකරන ලද්දය, යන තුනයි" මෙතන වරද්ද ගන්න හොඳ නෑ, මේ කියන්නේ ලෙඩකට, පෝෂණයකට වගේ අවශ්‍යතාවකට 'පවත්ත මාංශය' ගත යුතු ආකාරය ගැනැයි. එසේ නැතුව ඕනිම මසක් ඔය කියන තුන් ආකාරයට කන්න කියලා නොවෙයි. පවත්ත මාංශය කියන එක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරල තියෙනවා. මොකක්ද පවත්ත මාංශය කියන්නේ..?
පවත්ත මාංශය හා සතෙක් මරල ගන්න මාංශය කියන්නේ දෙකක්. යමෙක් යම් සතෙකුව මරණයට පත් කළානම් ඔහුට එය මහත් පාපයක්. වෙන කෙනෙක් කියල නම් එසේ මැරුවේ ඒ දෙදෙනාටම එය පාපයක්.
සතෙක් මරණයට පත් කොට මස් ගත්තනම් ඒක අයුතු අසාධාර්ණ වැඩක්. එවැනි සත්ව මාංශය කැපයි කියල බුදුන් වහන්සේ කොහොමවත් අනුමත කරල නෑ.. එහෙනම් කෙනෙකුට සිතෙන්න පුලුවන් මම මැරුවේ නෑ, මම කවුරු හරි මරපු මස් ටිකක් මේ කන්නේ කියලා.. ඇත්තටම ඔහු මරන්න කියල කිසිම අනුබලයක් දීලත් නෑ.. ඔහු වෙනුවෙන් කියල මරළත් නෑ.. දැන් මොකද වෙන්නේ?
මෙන්න මෙතනදී ඔහු අහඹු ලෙස කඩේකින් මුදලට මස් ගෙන පෙරේත කමකින් තොරව කුස ගින්න නිවා ගැනීමට කෑවා නම් එතනදී ඇත්තටම ඔහුට පවක් වෙන්නේ නෑ. නමුත් එය පවක් නොවුනට බුදුදහමේ එය අනුමත කරන්නේ නෑ. ඒ මොකද?


හේතුව නම් සතෙක් මරණයට පත් කොට මස් ගත්තනම් ඒක අයුතු අසාධාර්ණ වැඩක් වන නිසායි. නවීන විද්‍යානුකූලවත් ඔප්පු වෙනවා සතෙක් මරණයට පත් කිරීමේදී ඇතිවන ද්වේෂාදික සිතුවිලි නිසා එම සතාගේ ශෛල වෙනස් වන ආකාරයත් එම මාංශ අනුභව කරන අයට යම් ලෙසකින් හානි පැමිණෙන බවත්. එහෙනම් මොන මාංශද කන්න කිව්වේ?
කැලේ ඉන්නවා කොටි, සිංහයෝ වගේ සත්තු. උන් සතුන්ව මරල කොටසක් විතරක් කාල දාල යනව. ඒ ඉතුරු මස් ඉස්සර කාලේදී නගරයට ගෙනත් සමහරුන් විකුණනවා. අන්න ඒ මස් වලට තමයි පවත්ත මාංශය කියලා කීවේ. ඒ පවත්ත මාංශය බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අනුදැන වදාරල තියෙනවා. හැබැයි ඒකත් වළඳන්න කීවේ රස තෘෂ්ණාවෙන් තොරව තම සිරුර පවත්වාගෙන යෑමට උපකාරීවන ආහාරයක්, බෙහෙතක් හැටියටයි..
ඉතින් දැන් ඔය පවත්ත මාංශ හොයා ගන්න නම් ටිකක් අමාරුයි නේද? හැබැයි අද කාලේ සමහර වෙලාවට පාරේදී වාහනයකට හැපිලා ඌරන්, හරක්, කුකුලන් වගේ සත්තු මැරෙන්න පුලුවන්. හිතා ඕනෑකමින් නොමැරූ එහෙම සතෙකුගේ මාංශයනුත් පවත්ත මාංශ ගනයට ගැනෙනවා.. ඒ වගේම ගං වතුර ඇවිත් බැස ගියාට පසු මාලුන් මැරී ඉන්නවා. ඒවත් පවත්ත මාංශ ගනයට ගැනෙනවා..
දැන් මොකද කරන්නේ..? දහම් මග යන අයෙකුට මෙහෙම හිතෙන්න පුලුවන්.. මගේ සිරුරත් දුර්වලයි, ඩොක්ටත් කිව්ව මස් මාලු කන්න කියල.. කොහෙන්ද පවත්ත මාංශ හොයන්නේ.. ආදී වශයෙන්.
ඇත්තටම මෙතනදී සිරුර පවත්වාගෙන යෑමේ චෙතනාවෙන් පෙරේත කමෙන් තොරව අහඹු ලෙස කඩේකට ගොස් මස් මාලු ටිකක් ගෙනත් කෑවාට පවක් වෙන්නේ නෑ. ඒත් බිත්තර කඩන එකත්, බිත්තර ආප්ප/රොටී ඇනවුම් කිරීමත් පවක් වන බව මතක තියා ගන්න ඕනි. කවුරු හරි කාපුවාවේ කියල දාල තියෙන බිත්තර ආප්පයක් කෑවට නම් පවක් වන්නේ නෑ. ඒ වගේම ඔය කේක්, අයිස් ක්‍රීම් වගේ ඒව කෑවට පව් සිදු වෙන්නේ නෑ. ඔය කඩේක තියෙන කරවල, හාල්මැස්සො ටිකක් කෑව කියලත් පව් සිදුවෙන්නේ නෑ.
මෙතන නුවණින් වැඩ කිරීමක් විනා සිල් වෘතයකට එළඹීම නොවේ වැදගත් කියලත් තේරුම් ගන්න ඕනි. ඒත් මස් මාංශ නොකන තරමටම උතුම් කියලත් අප දැනගත යුතුයි.

ආර්‍ය මග ගිය උතුමන්ලාට මේ මස් මාංශ වලට කිසිම තෘෂ්ණාවක් ඇතිවන්නේ නෑ. නමුත් ඒ උතුමන්ලාටත් ලෙඩකට බෙහෙතක් හැටියට පවත්ත මාංශ අනුභවය අනුමත කරලා තියෙනවා. පවත්ත මාංශය වුවත් ආකාර තුනකින් පිරිසිදු වෙන්න ඕනි. ඒත් සාමාන්‍ය ලෙසින් යන සමහරුන්ට මේක නැතුවම බෑ. හොඳයි අපි කොහොමද දැන් දානෙට, මගුලට මස් මාලු දෙන්නේ..?
සමහරු හෙට අපේ දානෙට මස් කිලෝ 20ක් තියන්න.. මාලු කිලෝ 15ක් තියන්න කියලා කලින්ම මුදලාලිට ඕඩරයක් දෙනවා.. මුදලාලිත් ඒ ඕඩරේට අනුව කුකුල්ලු ටිකකුත් මරල ගානට වැඩේ කරනවා.. දැන් මොකද..ඕඩර් දීපු අයටයි, මරපු අයටයි ඔක්කොටම සමසමව ඵල හම්බවෙනවා. දානේ වළඳන හාමුදුරුවන්ටත් පොඩි කොටසක් හම්බෙනවා.. ඒ විතරද අර අහිංශක මළගිය ඤාතීන්ටත් නියම පින ගන්නට බැරුව යනවා.. අනේ අපොයි පිං කරන්න ගිහින් පව් කර ගන්නා තරමක මහත.?

එහෙනම් ඔය දානෙට මස් මාලු ඕනිම නම් කොහොමද කරන්න තියෙන්නේ? අහඹු ලෙස කඩේකට ගිහින් අවශ්‍ය ප්‍රමාණ‍ය අරන් ඇවිත් උයල බෙදල දුන්නනම් කන අය කයි, වළඳන අය වළඳයි. නොකන අය නොකයි.. එතකොට පාපයක් එතන වෙලා නෑ. ඒත් ඒ මස් මාලු කෑදර කමින්, පෙරේත කමින් දෙසාබාන අයට නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒකට ඉතින් පෙරේත නැතුව කෑවම ඉවරනේ..
තව එකක්.. ඔය ආරණ්‍ය වල, පන්සල්වල එහෙම ඉන්නවා ඉතා සිල්වත් හාමුදුරුවරුත්.. ඉතින් උන් වහන්සේලාගෙන් ඇහුවොත් දානෙට මස් මාලු ගේන්නද කියල. උන් වහන්සේලා එපා කියනවා.. අපි දැනගන්න ඕනි එහෙම නොඅසා කළ යුත්ත කරන්න. ඔය මාංශ නොකන බොහෝ අයට මේ වගේ කාල වලදී සමහර ලෙඩ වලට මුහුන දෙන්නට වෙනවා.. පෝෂණ ඌනතාවය නිසා හරියට ධර්ම මාර්ගයේ යන්නත් උන් වහන්සේලාට බාධා පැමිණෙනවා. එනිසා නුවණැති යමෙක් මොලේ පාවිච්චි කරලා පවත්ත මාංශ ටිකක් එහෙම පිසලා ගිහින් පූජා කරන එක ලොකු පිනකුත් වෙන බව මතක තියා ගන්න එක හොඳයි. ඇත්ත කියල දුන්නොත් එවිට පිළි ගනීනම් පිළි ගනියි. පිළි නොගත්තත් අපේ චෙතනාව හොඳ නම් අපිට පිනක් සිදු වෙනවා.. චුන්ද කර්මාර පුත්‍රයත් එහෙම බුද්ධිමත් දෙයක් වෙන්න පුලුවන් සූකර මද්දව සහිත දානය දීමෙන් කළේ.. එනිසාම වෙන්න පුලුවන් එම දානයත් මහත් දානයක් හැටියට බුදුන් වහන්සේ අනුදැන වදාලේ.. (යමක් හිතන්න පමණයි ඔය ටික කීවේ..මා සමග ගැටෙන්න එපා..)

තව එකක් කියන්නම ඕනි කෙටියෙන් හරි. ඔය සමහරු අද කාලේ අවමගුල් ගෙවල් මගුල් ගෙවල් බවට පත් කරගෙන ඉන්නව නේද? එයාල ස්ටයිල් එකක් කරගෙන තියෙනව එන අයට මහ ඉහලින්ම මස් මාලු දීල රජ කෑමක් දෙන්නට. ඔතන තම තමන්ගේ මාන්නෙ, ලොකුකම පෙන්නන්න යන එක වෙනම කතාවක්නේ. කොහොම හරි මේ තරඟේ ජයටම එන්න එන්නම යනවා.. හැබැයි ඔය ගොන් මොට්ට තරඟයේ කෙළවර තේරෙන්නේ තමනුත් වල පල්ලට ගිය දවසටම තමයි..
යමෙක් මියගියාට පස්සේ ඔහුට පින් අනුමෝදන් කරවීම පිණිස එන අයට කෑම බීම දානය දෙන එක නම් ගොඩාක් හොඳ දෙයක් තමයි. ඒත් මස් මාංශ දීම ඉතාමත් භයානක නරක වැඩක් බවත්, ඒ කරන්නේ ඔබේ ඤාතියාට කරන ඉතාමත් හතුරු කමක් බවත් පමණක් දැනට මතක තබා ගන්න. අප ඉදිරි ලිපියකින් ඒ ගැන කතා කරමු අවශ්‍ය වුවහොත්...
සියලු දෙනාමටම සත්‍ය අවබෝධවී යහ මගට පිවිසෙන මං විවර වෙත්වා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive