ලොව ජීවත් වන්නන්ටද ලොවෙන් මිදීමට මග සොයන්නන්ටද ලෝකය යනු කුමක්දැයි නිසි අවබෝධයක් තිබිය යුතුමය. බුදුපියාණන්ගේ ඉගැන්වීම වන්නේ අවකාශ ලෝකයේ කෙළවරක් සෙවීමට නොයා යුතු බව මිස කොහෙත්ම ලොව ගැන උගත යුතු නොවේ යන්න නොවේ. උන් වහන්න්සේ සැමවිටම පෙන්වා දෙන්නේ ලෝකයෙන් මිදීමට නම් ලෝකය කුමක්දැයි නියමාකාරව අවබෝධ කරගත යුතුය යන්නයි. ලෞකිකත්වයෙන් මිදී ලෝකෝත්තර වන්නට නම් මේ ලෝකය කවරෙක්දැයි අවබෝධ කරගත යුතුමයි.
මේ
සමස්‌ත ලෝකය ත්‍රිවිධාකාරය. එනම් 1.අවකාශ ලෝකය, 2. සංස්කාර ලෝකය හා 3. සත්ව ලෝකය වශයෙනි.
මේ
විශ්ව ලෝකයේ ඇත්තම තත්වය තමයි හිස් අවකාශය. ලෝකයේ තවත් විදියක් තමයි සකස්‌වීම. ඒ
තමයි සංස්‌කාර ලෝකය කියන්නේ. මේ සුවිශාල සකස්‌වීම් ගොඩට සත්වයාද අයිතියි. ඒ තමයි
සත්ත්ව ලෝකය. ඉතින් මේ සමස්‌ත ලෝකයම අවකාශ ලෝකය,
සංඛාර
ලෝකය, සත්තව ලෝකය යෑයි කියන තුන් විදියම එක්‌වෙලා තමයි නිර්මාණයවී
ඇත්තේ.
මෙම
තුන් ලොවම පිළිබඳව සම්පූර්ණ වශයෙන් ඇතැඹුලක් සේ දැන වදාළ බැවින් බුදුපියාණන්
වහන්සේ ලෝකවිදූ නම් වන්නේය.
1. අවකාශ ලෝකය
අවකාශ
ලෝකය යනු ඉර,
හඳ, පෘථුවි, ග්‍රහ වස්තු, මන්දාකිණි මෙන්ම ගස් ගල්, කඳු හෙළ්, සාගර, ගංගා සහිත වූ මේ විශ්ව ලෝකයෙහි භෞතිකව
නිර්මාණයවී ඇති මේ ඝණ වූ ද්‍රව්‍යයන්ගෙන් සැදි
විශ්ව
ලෝකය
සිසාරා
පවතින අවකාශයයි.
හිස්
අවකාශය ලෝකයේ එක විධියක් පමණයි. නමුත් හිස් බව ද්‍රව්‍යයක් නොවෙයි. ද්‍රව්‍යයක්
නොවෙයි නම් අගක් මුලක් තියෙන්නත් බැහැ. අග මුල තියෙන්න නම් දෙයක් තියෙන්න ඕනි.
එහෙත් මේ අවකාශ ලෝකයේ අගත් නෑ, මුලත් නෑ,
සීමාවක්
නෑ. හැමතැනම හිස් බවකුයි ඇත්තේ..
අද
කාලයේ අප මුළු පෘථුවියටම ලෝකය කියන්නාක් මෙන්ම
අද මෙන් තාක්ෂණයෙන් දියුණු යාන වහන යන්ත්‍ර සූත්‍ර නොතිබුණු,
අවුරුදු
2550 කට පෙර තිබූ බුද්ධකාලීන යුගයේ ජනයා මේ
සිරි ලක් දිවයිනටම ලෝකය යයි කීවේය.
එකල
සක්වල
යනුවෙන්ද මෙය හදුන්වා ඇත. මෙහිදී අප එදා තිබූ නියම තත්වය අවබෝධ කර
ගැනීමට නම් එදා යුගයට සාපේක්ෂව එම ඇසින් ලොව දෙස බැලිය යුතු අතර අද නවීණ යුගයට
සාපේක්ෂව එදා ලොව දෙස නොබැලිය යුතු බව සිහි තබා ගත යුතුයි.
(එදා සිටි සාමාන්‍ය ජනයාගේ අවකාශ ලොව ගැන ඇති දැනුම නවීණ යුගයේ මිනිසාට ඇති දැනුමට වඩා අල්ප බව මෙහිදී සිහියේ තබාගන්න. විශ්වය පිළිබඳ එකල සාමාන්‍ය ජනතාවට අදමෙන් නවීන තාක්ෂණික දැනුම අල්ප වුවත් එකල සිටි සෘෂි වරු, මුණිවරු, විරුවරු ආදීන්ගේ විශ්වය පිළිබඳ දැනුම සම්බන්ධව කිසිම අඩුවක් නොතිබුන බව මෙහි අප තේරුම් ගත යුතුය.)
(එදා සිටි සාමාන්‍ය ජනයාගේ අවකාශ ලොව ගැන ඇති දැනුම නවීණ යුගයේ මිනිසාට ඇති දැනුමට වඩා අල්ප බව මෙහිදී සිහියේ තබාගන්න. විශ්වය පිළිබඳ එකල සාමාන්‍ය ජනතාවට අදමෙන් නවීන තාක්ෂණික දැනුම අල්ප වුවත් එකල සිටි සෘෂි වරු, මුණිවරු, විරුවරු ආදීන්ගේ විශ්වය පිළිබඳ දැනුම සම්බන්ධව කිසිම අඩුවක් නොතිබුන බව මෙහි අප තේරුම් ගත යුතුය.)
'මනු'
පරම්පරාවෙන්
පැවත එන්නා වූ මිනිසුන් සහිත මේ දිවයිනේ එවකට උතුරුකුරු දිවයින,
ජම්බුද්වීපය,
පුබ්බවිදේහ,
අපරගෝයාන
යනුවෙන් කොටස් හතරක් වූහ. එයට සිව් මහා
හෙළය කියාද එදා ව්‍යවහාර විය. මහා නේරු පර්වත,
කඳු,
ගස්,
ගල්,
ගංගා,
සාගර
ආදී භෞතික දේවල් අදටත් මෙහි ඇත.
මෙවැනි
ආකාරයට බොහෝ දුරට සමාන ඉඩ කඩකින් යුත් තවත් ලෝක හෙවත් සක්වල දහසක් පමණ අවට විශ්වයේ
ඇත. චූලනිකා සූත්‍රයේ සහස්සධා ලෝක ධාතුව යැයි මේ කියන්නේ පෘථුවි තලයටම බව
විමසිල්ලෙන් බුද්ධිමත්ව බැලුවොත් ඔබට පසුව හෝ අවබෝධ වනු ඇත. (පසුකාලීනව මෙම
චූලනිකා වැනි සූත්‍රවලට අර්ථ දැක්වූ ආචාරීන් තමන්ගේ විවිධ අදහස් ද
එක්
කර ඇති බව පැහැදිළි වෙයි )
එකම
ඉර හඳ වුවද ඒ ඒ රටවලට වෙලාවන් අනුව වෙනස් බව තේරුම් ගත යුතුයි. මේ මොහොතේ ලංකාවට
ඇති ඉර ඇමරිකාවට නැත. ඕස්ට්‍රේලියාවට ඇත්තේ බැස යන ඉරකි. සඳු
පිලිබඳව ද මෙසේම දත යුතුයි. ලංකාව මෙන් ලොව කීගුණයක් විශාල දැයි ඔබට දත හැකිවනු
ඇත.
එසේනම්
ඉර දහසක්, සඳු දහසක් හා උතුරුකුරු දිවයින ආදී
දහසක් යන්න ගැන විමසා බලන්න. (මේ වෙලාවේ ඔබේ සිත නම් මීට
විරුද්ධ
තර්ක කොතෙකුත් ගෙනෙනු ඇත.) මේ සහස්සධා ලෝක ධාතුව ගැන ඉතා ගැඹුරින්
නොසිතන්න. එවිට සත්‍ය වැටහෙයි. කෙසේ නමුත් මේ සහස්සධා ලෝක ධාතුව නම් මේ සෞරග්‍රහ
මණ්ඩළයමයි.
මේ සෞරග්‍රහ මණ්ඩළයේ මිනිසුන් සිටිනුයේ මේ
පෘතුවි තලයේ පමණයි. මේ සෞරග්‍රහ මණ්ඩළයෙන් පිටතට යෑමට නොහැකි සේ කිසියම් වූ ශක්ති
විශේෂ වලින් අපව ඇද බැඳ තබා ඇත. එය ලෝකයේ පැවැත්මයි.
එමෙන්ම
මේ සහස්සධා ලෝක ධාතුව තුල එක් යුග කාලයකට පහලවන්නේ එක් බුදු වරයෙකුම පමණි.
එයද
සිදුවන්නේ මේ ජම්බුද්වීපය තුලම පමණක් වන අතර අන් කිසිම පෙදෙසක බුදුවරු පහළ නොවෙති.
මෙවැනි
තවත් සහස්සධා ලෝක ධාතු දහසක් පමණ ඇත. එය ද්විසහස්සී ලෝක ධාතුවයි. එනම්
නුතන තාරකා විද්‍යාවට අනුව මන්දාකිණියයි. එහි සෞරග්‍රහ මණ්ඩළ ද
දහසක් පමණ ඇත. ඒවායෙහිද මිනිසුන් සහිත පෘතුවි තල ඇත.
(මෙහි දහසක් යනු හරියටම
දහසක් නොව දහස් ගණනකි. නුතන විද්‍යාඥයන්ද චක්‍රාවාට
පොකුරක දහස් ගණන් චක්‍රාවාට තිබෙන බැව් විද්‍යාත්මකව පහදා දී
ඇත.)
මෙවැනි
ද්විසහස්සී ලෝක ධාතු දහසක් පමණ ඇති තැන ත්‍රිසහස්සී ලෝක ධාතුවයි. එනම් සුපිරි
මන්දාකිණියයි. මෙසේ මෙවැනි ආකාරයට
ලෝක
ධාතු දස දහසක් පමණ ඇති තැන දසසහස්සී ලෝක ධාතුව
හමු
වෙයි.
බුදුරජාණන් වහන්සේ මේ දසසහස්ශ්‍රී ලෝකධාතුවම අතරැඳී නෙල්ලිගෙඩියක් මෙන් මනාව දුටු සේක.
මෙසේ
වන්නාවූ අවකාශ ලෝකය හෙවත්
විශ්ව
ලෝකය ගැන කෙළවරක් නොසෙවිය යුතුබව බුදුපියාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ.
2. සංස්කාර ලෝකය
මේ
සංස්කාර ලෝකය නම් ඒ ඒ සත්ව පුද්ගලයා විසින් යම් යම් දේ එකතු කරමින් රැස් කරමින්
නිර්මාණය කරගනු ලබන්නාවූ ලෝකයයි. මේ හිස් අවකාශයේ නිමක් නැතිව සැකසී තිබෙන දේවල්
අතර ප්‍රබලතම සකස්‌වීම සත්වයායි. මේ සකස්
කරගනු
ලබන්නාවූ ලෝකය නුවණින් වෙන්කර විමසා බැලුවොත් ඉතුරු වන්නේ හිස් අවකාශය විතරයි.
පඨවි, අපෝ, තේජෝ,
වායෝ
යන මේ ස්‌වභාවල් හතර එක්‌වූ කල ඝනයක් මැවෙනවා. මෙසේ සකස් වන ලෝකය සම්පූර්ණ
වශයෙන්ම මායා ලොවක් වන්නේ එනිසාය. මේ ලොව පවතින සියලුම වස්තූන් පදාර්ථ හා
මූලද්‍රව්‍යයන්ගේ එකතුවක් වන අතර එහි කුඩා අංශු පරමාණු වලින් නිර්මාණය වී ඇත.
ලෝක
සත්වයා යමක ගැටී තණ්‌හාවෙන් වෙලී උපාදානය කරගෙන බව ගමනක් හදාගෙන විවිධ ජාතීන්හි
උපත ලබා ජරා, මරණ,
ශෝක,
පරිදේව
දුක්‌ඛ දොම්නස් ගොඩ ගසා ගනියි. හිස් අවකාශයේ සංස්‌කරණය වුණු ලෝක සත්වයා දුක්‌ඛිත
ලොවක් මවාගත්තේ මෙලෙසයි. මේ දුක්‌ඛිත ලෝකයේ නිමාව දැකිය හැක්‌කේ මේ ක්‍රියාදාමයේ
ඇත්ත සත්‍ය දුටුවොත් පමණයි.
සංස්කාර
නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල්ය. එය සවිඤ්ඤාණවූත්,
අවිඤ්ඤාණවූත්
බිඳීම, නැතිවීම වන අනිත්‍ය ස්වභාවය කොට ඇත. ඇස,
කන,
නාසය,
දිව,
ශරීරය
යන ආධ්‍යාත්මක ඉන්ද්‍රියන් පහද ඒවාට ගෝචර වන්නාවූ අරමුණුත් සංස්කාර ලෝකයටම අයත්ය.
සංස්කාර ලෝකය දොළොස් ආකාරයකින් බුදුපියාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළහ.
ඇවිද
ගොස් ලෝකයේ කෙළවරට පැමිණිය නොහැකිය. ලෝකයේ කෙළවරක් නොදැක දුකෙහි කෙළවරක්ද දැකිය
නොහැක. එනිසා මේ බඹයක් පමණ වූ ජීවිතය නමැති සංස්කාර ලෝකයේ කෙළවර දැකීම පිණිස පඤ්ච
උපාදනස්කන්ධයම මනාව අවබෝධ කළ යුතුයයි බුදුපියාණන් වහන්සේ දේශනා කළහ.
මේ
සංස්කාර ලෝකය රඳා පවත්නේ මමත්වය හෙවත් මම' මතයි. මම තමයි අගක් මුලක් නොපෙනෙන මේ
සුවිශාල මුළු තුන් ලෝකයේම ආධ්‍යාත්මය. දෙවිවරුන්,
බ්‍රහ්මයින්
අතුළු අන් සියලුම දෙනා සහ සියලුම දේ ඇත්තේ මා වටාය. හෙවත් මගෙන් පිටතය. එනම් ඒ
බාහිර ලෝකයයි. ලෝකයේ ආධ්‍යාත්මය මම පමණයි. අන් සියල්ලම බාහිරයි.
ආධ්‍යාත්මයේ ඇත්තේ ඇස,
කණ,
නාසය,
දිව,
කය,
මනස
පමණයි. බාහිර ලෝකයේ ඇත්තේ වර්ණ, ශබ්ද,
ගන්ධ,
රස,
පහස
සහ ධම්ම පමණයි. මේ දෙපාර්ශවයම එක්‌වුණාම සංස්‌කරණය වන්නේ සත්‍ය වශයෙන්ම දුක පමණයි.
දුක මතමයි මගේ ලෝකය පවතින්නේ. මේ අභ්‍යන්තර හා බාහිර ආයතන දොළහ හැර මේ
සමස්‌ත තුන් ලෝකයේ වෙන කිසිම දෙයක් නැහැ. නැහැ.. නැහැ... නැහැමයි... වෙන කිසිම
දෙයක් නැහැ. සමස්‌ත ලෝකයේ තියෙන සියලුම දේවල් මේ දොළහට අයිති වෙනවාමයි.
මේ සංස්කාර ලෝකය නැමති නිවස යමෙකු කඩා
බිඳ දැමුයේ නම් ඔහුගේ සසර ගමනද අවසන්ය. එනම් සියලු දුකින් මිදෙනු ලබන ශූන්‍යත්වයයි.
එනම්
ලෝකෝත්තර තත්වයයි.
3.සත්ව ලෝකය
පඨවි,
අපෝ,
තේජෝ,
වායෝ,
ආකාස,
විඤ්ඤාණ
යන සියලුම ස්‌වභාවයන් එක්‌වෙලා තමයි මේ සත්වයා සංස්‌කරණය වෙලා තියෙන්නේ. මෙතන තියන
සුවිශේෂීත්වය තමයි විඤ්ඤාණය කියන ස්‌වභාවයේ එක්‌වීම. විඤ්ඤාණය කියන්නේ චිත්ත
වේගයයි. මේ වේගය, රූප සමග එකතුවෙලා තමයි සමස්‌ත ලෝකය
මැවෙන්නේ. විඤ්ඤාණය රූප එක්‌ක එකතුවෙන්නේ නාම මගිනි. විඤ්ඤාණ වේගයේ ක්‍රියාකාරීත්වය
හඳුන්වන්නේ නාම යනුවෙනි.
මේ හිස් අවකාශයේ නිමක් නැතිව සැකසී තිබෙන දේවල් අතර ප්‍රබලතම සකස්‌වීම
සත්වයායි.
ඉතින්
ඒ ඒ සත්වයා අතරත් විවිධත්වයක් තියෙනවා. මනුස්‌සයා ඉන්නවා,
අපායවල්
තියෙනවා, සදිව්ය ලෝක, බ්‍රහ්ම ලෝක විස්‌සක්,
යනුවෙන්
තිස්‌එක් තලයක්‌ම තියෙනවා. මේ තමයි ත්‍රිවිධ ලෝකයේ ඇති
සත්ව
ලෝකය.
ජීවයක්
සහිත සියලුම ප්‍රාණීහු සත්ව යන්නෙන් විග්‍රහ කෙරෙති. දිව්‍ය,
බ්‍රහ්ම,
මනුශ්‍ය,
අමනුශ්‍ය,
ප්‍රේත,
නිරයේ
සිටින්නන් මෙන්ම පක්ෂි, උරග,
ජලජ,
සිව්පා,
කෘමි,
ශුද්‍ර
ජීවී ආදී සියල්ලෝම සත්වයෝමය. ස්ඛන්ධ පහකින් සකස් වුණු සියල්ලෝම සත්වයින් වන අතර
මොවුන්ගෙන් සැදුණු ලෝකය සත්ව ලෝකයයි.
සත්ත්වයා අතරිනුත් ප්‍රබල වන්නේ මනුස්සයායි. දෙවි,
බබුන්, බුදුන් බිහිවන්නේ ද මිනිසා තුලින්මයි.
මෙසේ
කුසලාකුසල විපාකයන්ට අනුව සතර අපාය, මිනිස්ලොව,
සදිව්ලොව,
රූපී
බඹතල සොලස, අරූපී බඹතල සතර,
වශයෙන්
සත්ත්වයන් වාසය කරන්නා වූ තිස්එක්තලයක් එක් ලෝකධාතුවක ඇති බව ලෝකවිදූ නම්වූ
බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දුන්හ.
මෙසේ
බුදුරජාණන් වහන්සේ විශ්වය නමැති බාහිර ලෝකයත්,
ජීවිතය
නමැති අභ්‍යන්තර ලෝකයත්, එමෙන්ම ප්‍රඥාලෝකය තුලින් සත්ත්වයන්
වාසය කරන ලෝක ධාතු තිස් එකකුත් අවබෝධ කර ඒ සියලු ලෝක ධාතුවලින් නිදහස් වන ලෝකෝත්තර
මගත්
අපට පෙන්වා දුන් සේක.
මෙලෙස
මේ
සමස්‌ත ලෝකයම අවකාශ ලෝකය, සංඛාර ලෝකය,
සත්තව
ලෝකය යෑයි කියන තුන් විදියම එක්‌වෙලා තමයි නිර්මාණයවී ඇත්තේ.
මෙම
තුන් ලොවම පිළිබඳව සම්පූර්ණ වශයෙන් ඇතැඹුලක් සේ දැන වදාළ බැවින් බුදුපියාණන්
වහන්සේ ලෝකවිදූ නම් වන
සේක.
සත්‍ය
පසක් කර ගැනීමට නම් අප සිටිනා තැන පිළිබඳ විමසා බැලීමක් කළ යුතු වෙනව.