බුදුදහමේ සඳහන් කෝටිය කුමක්ද?

මේ ටික හරියට නුවණින් දැක්කොත් කෝටියක් ප්‍රශ්න විසඳ ගන්න පුලුවන් වෙයි. අද කාලයේ කෝටිය කියන්නේ එකයි බින්දු හතටනේ (10000000 = කෝටිය/කෙළ/ දස මිලියනය).
හොඳයි බුද්ධ යුගයේදී කෝටියක් කියා කිවේ කීයටද? මේකත් අර ගව්, යොදුන්, කල්ප.. වගේ දේවල් සුද්දගේ මිනුමෙන් පටලවා ගත්තා වගේම තමයි. (ගව්, යොදුන්, කල්ප ගැන මෙ ලිපියෙන් විස්තර ගන්න පුලුවන්. https://budunupanhelabima.blogspot.com/p/blog-page_9.html)
ඇත්තටම එදා කෝටියක් කියා කීවේ ඔය අද කියන සංඛ්‍යාවකට නොවේ. එදා කෝටිය කියා කීවේ ගනන් කළ නොහැකි, කෙළක් නොමැති ප්‍රමාණයක් කියන අර්ථයෙන්මය. කෙළවරක් නොමැති අගය පෙන්වීමට ව්‍යවහාරයේදී කෝටි කියන වචනය යොදා ගත්තා. ත්‍රිපිටකයේ කොතැනකවත් කෝටිය කියන්නේ මෙපමණ ඉලක්කම් සංඛ්‍යාවකට යැයි පෙන්වා නැත. අද ඇති ව්‍යවහාර කෝටිය පසුකාලීනව එක් කර ගත් දේවල්මය.
තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවේ සංසාරො පුබ්බා කෝටි න පඤ්ඤායති” යි පෙන්වාදී ඇත. “මහණෙනි මේ සංසාරය නො දක්නා ලද අගක් ඇත්තේය, එහි මුල පටන්ගැන්මේ කෙළවරක් නො පෙනෙන්නේය” යනු එහි තේරුමයි.
මෙතන "පුබ්බා කෝටි න පඤ්ඤායති” යනුවෙන් කියන්නේ කෙළවරක් නො පෙනෙන්නේ කියාද? නැත්නම් කෝටියක් නො පෙනෙන්නේ කියාද? නුවණින් සිතන්න.. ගිරව දාල කියෙව්වටම මදි නේද? මේ පහත තොරතුරුත් පොඩ්ඩක් නුවණින් විමසා බලමු..
වේපුල්ල සූත්‍ර‍ය - “සම්බුදුවරයෙකුගේ ආඥා ක්ෂේත්‍රය නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශයයි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති”
මෙතන කියන්නේ ආඥා ක්ෂේත්‍රය කෙළවරක් නොමැත කියාද? නැත්නම් හරියටම කෝටි ලක්ෂයක් දුර කියාද? නුවණින් සිතන්න.. තවත් බලමු..
අප 'උභතෝකෝටික ප්‍රශ්ණයක්' කියන තැන කියන්නේ කෝටි දෙකක ප්‍රශ්නයක් කියන එකටද? නැත්නම් කෙළවරක් නැති ද්විත්ව ප්‍රශ්නයක් කියන එකටද?
හොඳයි අපි මෙහෙමත් බලමු. 'අලියෙක් වගේ කෑවා..', 'අලියෙක් විතර ගොඩක්..' වගේ තැන්වලදී අපි කිසියම්වූ විශාල ප්‍රමාණයක් මනසින් උපකල්පනය කර ගන්නවා නේද? එහි ප්‍රමාණයෙහි හරියටම මෙච්චර උස පලල කියල නෑ. නමුත් එතන මහත් ප්‍රමාණයකට කියන්නේ කියල අප දන්නවා. එතකොට අලි හත් දෙනෙක් කිව්වොත් ඒ වගේ විශාල ප්‍රමාණ 7ක් කියල අපි දන්නවා.. ඉතින් ඔය වගේම තමයි කියල තේරුම් ගන්න එදා කෝටිය ගැනත් සැලකුවේ..
එතකොට අපි දන්නවා.. "අසදෘෂ මහා දානය දාහතර කෝටියක් වියදම් කොට දෙන ලදි..", "අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා පනස් හතර කෝටියක ධන පරිත්‍යාග කරන ලදී..", "තාපසයෙකුට දෙන දානයේ විපාක ආත්ම භාව කෝටි ලක්ෂයක් ආයුෂ..", "චිත්තක්‍ෂණ කෝටි ලක්‍ෂයක්.." වැනි තැන්වල මේ කියන්නේ කුමක්ද කියා.
ඇත්තටම එදා කෝටිය කීවේ ගනන් කිරීමට අපහසු කිසියම් ප්‍රමාණයකට විනා ඉලක්කමකට නොවේ. ඉතින් මේ යටගිය තැන් හරියට වටහා නොගෙන කොහොමද මිතුරනේ ධර්මය නිරාකරණය කර ගන්නේ? නිකම් පොතේ දේවල් ගිරව් වගේ කියෙව්වටම මදි නේද?
හොඳයි මේ මොකක්ද කියන්නේ බලන්න.. "බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයෙහි සැවැත් නුවර විසූ ජනගහණය කෝටි හතකට වඩා වැඩි වන අතර ඒ අතරින් කෝටි පහක්ම තෙරුවන් සරණ ගිය අයයි.."
ඉතින් මේක වරදවාගත් සමහරු උඩ පැන පැන කියනව ලංකාවේ මෙච්චර ජනගහනයක් ඉන්න විදියක් නෑ.. ඔය කියන්නේ ඉන්දියාවට තමයි.. දඹදිව කියන්නේ ඉන්දියාවටම තමයි.. කියලා. මෙතන කියන්නේ 10000000 x 7 ද? අනේ මන්ද මෙහෙමත් හිතල අනුන්ටත් මිත්‍යාව වපුරන අය කොහේ යන්නද මේ හදන්නේ කියලා..?
ඉන්දියාවේ එදා කෝටි පහක්ම තෙරුවන් සරණ ගිය අය හිටියනම් අදවන විට එහි(ලංකාවෙන් ගිය අය ඇරුනම) බෞද්ධයෝ කීයද ඉන්නේ කියලවත් පොඩ්ඩක් හොයල හිතල බැලුවොත් පෙනෙයි. අපිට තර්ක නොවෙයි වැදගත් ප්‍රඤාවෙන් මේක තේරුම් ගැනීමයි..
එදා අපේ දේව හෙළ කොටසේත් 33 කෝටියක් ජන ගහනයක් හිටියා. වෙන දිව්‍යතලවල ඉන්න අය ගැන නොවේ මේ කියන්නේ. දැන් ඔක්කොම පටලවාගෙනයි තියෙන්නේ. නුවණත්තන්ට තේරෙනවා මේ මොකක්ද කියන්නේ කියල. සැවැත් නුවර විතරක් 7 කෝටියක් හිටියනම් දේව හෙළයේ 33 කෝටියක් ඉන්න එක ලොකු දෙයක් නොවේනේ. මෙතන කෝටිය කියා කීවේත් ගනන් කළ නොහැකි, කෙළක් නොමැති ප්‍රමාණයකටයි. මේවා තමයි අපි හදා ගන්න ඕනි තැන්. ඒත් මේව කියන කොට දෙවියෝ මහා ඉහලින් ඔලුවේ තියන් ඉන්න අයටයි දෙවියන්ව විකුනන අයටයි අපිව පේන්නේ යක්කු වගේ.. ඒකට අපි මොනවා කරන්නද? මේවා එලිවෙනකොට සියලු මනස්ගාත ලෝඅකවල් කැඩිලා යනවා. ඒත් අපි සත්‍යයටමයි මුහුන දෙන්න ඕනි. නැත්නම් නියම බුදුදහම මග හැරෙනවා..
තව එකක්.. දිව්‍යතලවල වෙනම දිව්‍ය කොටසකුත් ඉන්න බව මතක තබාගත යුතුයි.. නැත්නම් දෙවියෝ කියා කෙනෙක් නෑ කියා වැරදි අදහස් අරගෙන මොනා කෙරෙයිද දන්නේ නෑ. හැබැයි ඒ කියන අය වෙනයි. මේ කියන දෙවියන් වෙනයි. දෙක පටලවා ගන්න එපා...
කෝටියට සංකල්පමය අගයක් තිබෙන්නට පුලුවන්. එය අපි මෙහෙමත් බලමු. 'අලියෙක් වගේ කෑවා..' 'අලියෙක් විතර ගොඩක්..' වගේ තැන්වලදී අපි කිසියම්වූ විශාල ප්‍රමාණයක් මනසින් උපකල්පනය කර ගන්නවා නේද? එහි ප්‍රමාණයෙහි හරියටම මෙච්චර උස පලල කියල නෑ. නමුත් එතන මහත් ප්‍රමාණයකට කියන්නේ කියල අප දන්නවා. එතකොට අලි හත් දෙනෙක් කිව්වොත් ඒ වගේ විශාල ප්‍රමාණ 7ක් කියල අපි දන්නවා.. ඉතින් ඔය වගේම තමයි කියල තේරුම් ගන්නට ඕනි එදා කෝටිය ගැනත් සැලකුවේ..
ඇත්තු සත් දෙනෙක් කිව්වනම් එතන අපට යම් ප්‍රමාණයක් මැවෙනවා. නමුත් එතන හරියටම ප්‍රමාණයක් නෑ. මේක සිතේ ඇතිකර ගන්නා සංකල්පී ප්‍රමාණයක්.
අද භාවිත වන ඉලක්කම් අගයට නම් කෙසේවත් එදා බුද්ධකාලින යුගයේ කෝටිය කියන ප්‍රමාණයට නම් ගැලපීමක් නැහැ. ත්‍රිපිටක දහම් කරුණුත් එක්ක සංසන්ධනාත්මකව විග්‍රහ කොට බැලීමෙන් ඒය මනාව පැහැදිලි වෙනවා. එනමුත් කෝටියට සංකල්පමය අගයක් තිබෙන්නට පුලුවන්. එදා බුද්ධකාලින යුගයේ කෝටි කියන වචනයෙන් අදහස් කළේ කෙලවරක් (කෙළක්) නොමැති කියන අර්ථයෙන් බව "පුබ්බා+කෝටි+න+පඥ්ඥායති" කියන තැනින්ම හොඳින් පේනවා.
අනික නම් අද අප ජනසංඛ්‍යාලේඛන සකස් කලත් බුද්ධකාලයේදී එසේ සිදුකල බවක් කොතැනකවත් සඳහනක් සොයා ගන්නට නැහැ. ඒ වගේම ත්‍රිපිඨකයේ කිසිම තැනක සැවැත් නුවර මෙපමණ ජනගහණයක් සිටියා කියා ලියා නැති බවත් අප විශෙෂයෙන් මතක තබාගත යුතුයි. පසුකාලීනව ලියන ලද පූජාවලිය, බුත්සරණ වැනි සාහිත්‍ය කෘතීන් තුල තමයි ඔය විස්තර සඳහන් වෙන්නේ..
'ඇත්තු හත් දෙනෙකුගේ පමණ විශාල පොත් ගොඩක් එතන තිබුනා' කිව්වම එතන හිතට මැවෙන කිසියම් ප්‍රමාණයක් තිබෙනවා.. 'එම රැස්වීමට රැස්වීමට ලක්ෂ 7ක් විතර සෙනග සිටියා, එයින් ලක්ෂ 5ක් විතර සුදු ඇඳගෙන සිටියා' කියල කියනකොට එහි කිසියම් ප්‍රමාණයක් අප සිතට මැවෙනවා.
ඒ ආකාරයටම කෝටි 7ක් කිව්වමත් ගණන් කළ නොහැකි කිසියම් ප්‍රමාණයක් අප සිතට මැවෙනවා. නමුත් අද සිතට මැවෙන ඒ ප්‍රමාණය හා එදා සිතට මැවෙන ඒ ප්‍රමාණය අතර වෙනසක් තිබෙන්නට පුලුවන් කියා අප වටහා ගත යුතුයි.
එසේම ලක්ෂය කියා කියන්නේ කුමක්ද? "එම ලක්ෂය වෙත අප යා යුතුයි", "නියමිත ලක්ෂය කේන්ද්‍ර කරගත යුතුයි".. මේ තැන්වලදී ලක්ෂය කියන්නේ කිසියම්වූ ස්ථානයකටයි.
එසේනම් මේ 'කෝටි ලක්ෂයක් සක්වල' කියා කියන්නේ 'කෙළවරක් නැති සක්වලස්ථාන' වලට බව මනාව පැහැදිලි වෙනවා.. සම්මත සිතට එකඟ නොවුනත් සත්‍ය කතාව එයයි. තිස්තුන් කොටියක් දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය ඔබට ලැබෙවා..
සියලු දෙනාටම සත්‍ය අවබෝධ වේවා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive