තෙරුවන හෙවත් මැණික් තුන කුමක්ද?

රුවන් හෙවත් රත්න යනු මැණික්ය. තෙරුවන, තුන් රුවන හෙවත් ත්‍රිවිධ රත්නය යනු විශ්වයේ පවතින ප්‍රබළම ශක්ති තුනකි. එනම් බුද්ධ, ධම්ම, සංඝ යන ශක්ති තුනයි. එය මැණික් මෙන් ශක්ති ප්‍රභවයකි. තෙරුවන්හි ශක්තියට අනුගත වීම තිසරණයයි. නැතහොත් තෙරුවන්හි පිහිට පැතීම තෙරුවන් සරණ යෑමයි. අසරණ වූ ලෝක සත්වයාට ඇති එකම පිහිට නම් මේ තුන් සරණයි. (නත්ථි මේ සරණං අංඤ්ඤං) මෙය බුදුදහමේ මූලික හරයයි, අරටුවයි. මෙම ශක්ති තුන සූර්‍යයා, දේදුන්න හා වර්ෂාව මෙන් එකිනෙකට බැඳී පවතී. එනිසා එකක් හෝ දෙකක් පමණක් තිබීම ප්‍රමාණවත් යැයි කීම වැරදි අදහසකි. තෙරුවන ඇති විට එහි බළය තෙගුණයකින් වැඩිය.
තෙරුවන් හරියට නොදැන නොහඳුනා බුදු දහම ගැන කතා කිරීම විහිළුවකි. තෙරුවන් සරණ යාමට නම් තෙරුවන් කවුරුන්දැයි හරියට දැකිය යුතුය. තෙරුවන් යනු බුදු පිළිමය, ත්‍රිපිටකය හා හාමුදුරුවන් නොවේ. හුදෙක්ම ඒවා සංකේතයන් පමණි. සංකේතයන්ට පමණක් වැඳීමෙන් පිදීමෙන් මහත් ඵලයක් නොලැබේ. ඉන් ලැබෙනුයේ අල්ප ඵලයකි.
තෙරුවන් සරණ යනු තම සිතේ හටගන්නාවූ පැහැදීමක් පමණක් යයි ඇතමුන් වැරදි මතයක් ඉදිරිපත් කරයි. නමුත් එය එසේ නොවේ. අභ්‍යන්තර හා බාහිර යන උත්තේජන දෙකම මීට අවශ්‍යයි. එය හරියට අඵල දුරු කර ගැනීමට මැණිකක් පළඳිනවා හා සමානයි.
මෙලෙසින් බුද්ධ, ධම්ම, සංඝ යන ශක්තීන් තැන්පත්ව ඇති විශ්ව කේන්ද්‍රස්ථාන ඇත. විශේෂයෙන්ම බුද්ධ ශක්තිය පවතින ප්‍රධාන කේන්ද්‍රස්ථාන හතරක් බුදුරදුන් මහා පරිනිර්වාණ සූත්‍රයේ පෙන්වාදී තිබෙනව. එනම් සිදුහත් උපත, බුදුවීම, පළමු දම් දෙසුම, පරිනිර්වාණය යන සිදුවීම් සිදුවූ ස්ථාන හතරයි. මෙම කේන්ද්‍රස්ථානයන්හි තැම්පත්ව ඇති ශක්තීන් තමන් වෙත ආරෝපණය කර ගැනීමට නම් එම නියම ස්ථානයන් වෙත ගොස් සිත පහදවාගෙන සිත ඒකාග්‍ර කර ගත යුතුය. එසේ නොමැතිව වෙනත් අනුරූපී තැන් වලට යෑමෙන් මහත් ඵලයක් ලබා ගත නොහැකිය.
කෙසේ හෝ ඔබ අවසානයේ සියලු කරුණු විමසා බලා තමන් විසින්ම සත්‍ය සොයා ගනියි. මා මෙතෙක් කෙතරම් මුළාවක සිටියාදැයි දැක තමන්ම තමන් ගැන ලැජ්ජා වෙයි. දැන් ඔබේ සිත බොහෝ ලෙස පිරිසිදුය. බුදුරජුන් කවුරුන්දැයි හරි හැටි දකියි. සිතෙහි මවාගෙන සිටි බුදුරදුන් බැහැර වෙයි.  බුදුරජුන්, බුදුපියාණන් ගැන මනාව පැහැදෙයි. බුද්ධ ශක්තිය හොඳින් හඳුනා ගනියි. බුදුපියාණන් තමන්ට ඉතාම සමීප බව පෙනෙයි.
උන් වහන්සේ වදාළ සිරි සද්ධර්මය කුමක්දැයි දැන් ඔබට පැහැදිළි වෙයි. දහම නිවැරදිව වැටහෙයි. දැන් ඔබ බුදුන් තුලින් ධර්මය දකී. ධර්මය තුලින් බුදුන් දකී. ('යමෙක් ධර්මය දකී නම් හේ මා දකී. යමෙක් මා දකී නම් හේ ධර්මය දකී’)  මෙම රත්න දෙකම දුටු ඔබ දැන්, ලෝකයෙහි අවිද්‍යා අඳුර නැසූ 'සංඝ' සමූහයාද එමග යන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස ද මනාව දකිනු ඇත. එසේනම් දැන් ඔබ තෙරුවන් කවුරුන්දැයි හරියටම දකී. නිවැරදිව තෙරුවන් දැක්කා නම් ඔබ තෙරුවන් සරණ යයි. ඔබ නිවැරදිව තෙරුවන් සරණ ගිය අයෙකු නම් ඔබට ඇති මහත් වූ අප්‍රමාණ වූ සියලු ප්‍රශ්ණ වලින් මිදීමට මූලික අඩිතාලම දමා ගත්තා වෙයි.
එසේනම් ඔබ දැන් තවත් එකිනෙකා කියන දේවල් අසමින්  වැනෙමින් ලොව යන අතට යන දුර්වලයෙකු නොව කාටවත් මොනැමී තම ඍජු මාවතේ යන අභීත සිංහයෙකු වන් වූ සිව්වණක් පිරිසේ එක් අයෙකි. 
බුද්ධ ධර්මය දේශණා කර බුදු පියාණන් ලෝකයාට පෙන්වා වදාළ විමුක්ති මාර්ගය ඉතාම සරළ, පැහැදිලි ප්‍රතිපත්ති මාර්ගයකි. සෘද්ධි ප්‍රාතිහාරයයන් මවා පා, මැජික් සංදර්ශණ පවත්වා මිනිසුන්ව මුළා කරමින් මිනිසුන්ගේ සිතේ ලෞකික බලාපොරොත්තු උත්පාදයන කරවමින්, බුද්ධ ධර්ම මාර්ගයට මිනිසුන් හරවා ගැනීමේ හෝ බඳවා ගැනීමේ ක්‍රමයක් බුදු පියාණන් කිසිවිටෙකත් අනුගමනය කළේ නැත. බොහෝ ආගම්වල නම්, මේවැනි ළාමක දේ ක්‍රියාත්මක කරනු බව අදටත් දැකගත හැකිය.
ගඟෙන් එගොඩ වෙන්නට අවශ්‍ය කෙනෙකුට ගඟට බසින්නට තොටුපොළවල් කිහිපයක්ම හමු හමුවෙයි. ඔහු ඉන් වඩාත්ම පහසු හා ආරක්ෂිත තැනයි තෝරා ගත යුත්තේ. 
අපි හිතමු අපිට කෙසේ හෝ කොහේ හෝ තිබෙන කිසියම් කෙනෙකුගෙ වටිනා නිධානයක් ගැන සඳහන් විස්තරයක් තිබෙන පැරණි පත්රිකාවක් හමුවුනා කියල. දැන් මේක ලඟ තියාගෙන මට වටිනා වස්තුවක් තියෙනව කිය කියා ඒකට වැඳ වැඳ හිටියට වැඩක් තියෙනවද? නැහැ. අපි මේකෙ නිවැරදිතාවය තහවුරු කර ගන්න නම් මුලින්ම එහි සුළ මුළ සොයාගෙන එතනට යායුතුයි.
එවිට එම ලියකියවිල්ල සත්ය එකක් නම් නියම තැන හමු වෙයි. වැරදි එකක් නම් අන් තැනක් හමුවෙයි. නියම තැන හමුවුණා නම් ඊලඟට තිබෙන්නෙ නියම විශ්වාසයෙන් යුතුව කල් යල් බලල පරිස්සමින් නිධානෙ ගොඩ ගන්න එකයි.
ඉතින් ඔය වගේම තමයි බුදුහාමුදුරුවො හා දහම ගැන කියන්න තියන්නෙත්. නියම බුදු දහම ලබාගන්නට නම්, අවබෝධ කර ගන්නට නම් බුදුරදුන් කුමන ආකාරයේ කෙනෙක්දැයි, කොහේ සිටියේදැයි සත්ය නිවැරදිව දැකගත යුතුමයි

පිරිසිදු බුදු දහම සොයා යන සියල්ලෝම මෙම පහත වෙබ් අඩවි තොරතුරු වෙත නිහතමානීව ගොස් නිර්මල බුදුදහම  සොයා මතුකර ගනිත්වා...
සදහම් දේශනා 
නිරපේක්ෂත්වයේ මග
පරම සත්‍ය

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive