මම ගැන යමක්...

     'මම' යන වචනයටද ශාප වේවා.. ලොව ඇති සියලුම ගැටලු නිර්මාණය වන්නේ මමත්වය පදනම් කරගෙනයි. සැබවින්ම මම යනු මේ ලෝක ධාතුවේ හිස් අවකාශයේ එක් අවිනිශ්චිත තැනක් හිමි කරගෙන සැරිසරන එක් ශක්තියක් පමණයි. ලොව ඇත්තේ ශක්ති සමූහයක එකතුවක් පමණයි. ඒ ශක්ති සමූහයා අතර ඔබත් එක් කිසියම් ශක්තියක් පමණක්මයි. එනිසා සැමවිටම මෙහි වැදගත් වනුයේ මා නොව 'අප' පමණයි. 

     මේ ලියන මම යනුද මහා සමූහයේ එක් සත්ව පුද්ගල ප්‍රපංචයක් පමණක්මයි. තමන් විසින්ම ඇති කරගනු ලබන්න රාග ද්වේෂ මෝහාදී කෙළේෂයන්ගෙන් යමකට පටිච්ඡ වෙලා අසාරවූ සසර ගමනක් යන එකිනෙක පුද්ගලයාගේ චිත්ත සන්තානයන්ද විවිධයි, විෂමයි, විචිත්‍රයි. එනමුත් මුලින්ම පැවති අප කාගේත් සිත, අඛණ්ඩව ප්‍රභාශ්වර වූ එක් චිත්ත ශක්තියක් පමණක්මයි. අප කවුරුත් සියලු දුකින් නිදහස් වන්නට නම් කවදා හෝ යායුත්තේ නැවතත් ඒ අඛණ්ඩ ප්‍රභාශ්වර චිත්තය වෙතමයි.   

     ඉතින් ඒ ප්‍රභාශ්වර චිත්තය වෙත පිය නගන මහා සමූහයා අතරින් මමද මෙහි එක් පුද්ගලයෙක්ම පමණක්මයි. ඒ පුද්ගලිකත්වයෙන් මට කියා විශේෂත්වයක් නැත. ඔබද මමද සමාන ආත්මතාවයන් ඇත්තෝමය.  
     අප අතරින් සිදුවන මූලික වරදනම් මෙම සමානාත්මතා ධර්මය අවබෝධකර නොගෙන අවිද්‍යා අඳුරෙහිම වෙලී පෞද්ගලිකත්වයෙන් මම කියා ලෝකය අල්ලා ගෙන දුකටම පත්වීමයි. පරමාර්ථ සත්‍ය වශයෙන් මම කියා සොයා ගතහැකි කෙනෙකු නොමැති වුවත් සම්මත ලෝකයේ මම කියා අයෙක් ඇත. එනිසා මෙය ලියන මාද 'මම' යනුවෙන් ව්‍යවහාර කළයුතු වන්නේය.   

      හඳුනාගැනීමේ පහසුව පිණිස සම්මතයෙන් නමක් දමා ඇත. එබැවින් ඔහුට 'ආර්යරත්න' යයි කියනු ලබන්නේය. ඔබට ආර්යරත්නයන් යනු කවුරුන්දැයි නිසියාකාරව වටහාගත හැක්කේ ධර්මතාවය අවබෝධකර ගැනීමෙන්ම පමණයි. ඔබ ආර්යරත්න ගැන නොසොයන්න.. එහෙත් 'මම' ගැන සොයන්න… 'මම' යන මගත් 'මම' මිදෙන මගත් සොයන්න...
 ආර්යරත්න

අපගේ අරමුණ...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...