සුර-අසුර, රාම-රාවණ , දෙවි- මිනිස් හා බුදුහාමුදුරුවෝ ?



අප මෙතෙක් කල් සිතාගෙන සිටිය හැටි හරියටම හරිද? ඇත්තටම මේ සුරයන් සහ අසුරයන් යනු කවුරුන්ද? රාම රාවණ යනු කවුද? දෙවියන් හිටියේ කොහේද? බුදු හාමුදුරුවන් හා මොවුන්ගේ සම්බන්ධය කුමක්ද? කුමක්ද මේ මහා මුළාව? මේවා නොදැනීමෙන් අපට වන හානිය කොතරම්ද? මේවා නොසෙවිය යුතු දේවල්ද? අප මංමුළා වූ තැන්, පටලවාගත් තැන් හඳුනා ගන්නේ කෙසේද? වගේ ගොඩාක් ප්‍රශ්ණ වලට මෙතුලින් නියම පිළිතුරු සැපයෙනවා.
 
ඇත්තටම ඔබට පහලින් ඇති තොරතුරු බුද්ධිය යොමා, ඉවසීමෙන්, ගැටෙන්නට නොයා තේරුම් ගන්න පුලුවන්ද කියා බලන්න. මේ කතා කරන්නේ ඔබේ ජීවිතයම කිසියම් මහා මිත්‍යාවකින් මිදෙන්නට අවතීර්ණ වන ඉතා වැදගත්තැනක් වෙන්න පුලුවන් බව මනාව සිහිතබා ගන්න.. එනිසා කළබල නොවී හෙමින් මේ පටළැවිල්ල ලිහා ගන්න බලන්න…
සාම්ප්‍රදායිකව අන්ධවූ භක්තියෙන් පමණක් ආගම දහම අදහමින් යන්නන් බොහෝ දෙනෙක් වූවත්, ඔබ බුද්ධිමත්ව සත්‍ය ධර්මය පමණක් සොයා යනවා කියා සෘජු අදහස සිහි තබාගන්න.  මිනිසුන් දහසක්, ලක්ෂයක් ඔලුවෙන් හිටගෙන කියාවි 'මේක තමයි හරි ක්‍රමය ඔබත් එසේ ඉන්න' කියා. එහෙත් ඔබ එසේ නොසිටින්න. යම් විටෙක ඔබටම සත්‍ය හරි හැටි දැක වැටහුනා නම් ඔබ අභීතව දෙපයින් ඉන්න.. 
අනුන් කියන, කරන දේ නිසා කිසිවක් නොපිළිගන්න. තමන් විසින්ම සත්‍ය විවිධ කෝණයන්ගෙන් මනාව දැක්කාට පසු එය පිළිගන්නට පුරුදු වෙන්න. කිසි විටෙකත් ඔබ අනුන් විසින් නටවන රූකඩයක් නොවන්න…
ඔබ මෙය හොඳින් අවබෝධ කර ගත්තොත් මෙලොවත්, පරලොවත් දියුණුවට පත් කරගන්නා අති පිරිසිදු මාවතකට යොමුවනවා ඒකාන්තයි. ඔබ මෙතෙක් කල් අමාරුවෙන් කරපින්නා ගෙන ආ සමහර පුහු හරයක් නැති සාම්ප්‍රදායන්, සම්මතයන්, මිත්‍යාවන් සුණු විසුණු වෙළා කැඩී බිඳී යාවි. කිසිසේත් බිය නොවන්න. සරල මාවතක් ඔබට හමු වේවි. සත්‍යට හිස නමන්න. සත්‍යට ගරු කරන්න. කවදා හෝ සත්‍යම විජය ගනීවි. අභීත සිංහයෙකු විලසින් ඉදිරියටම් යන්න. ඔබට විජය වේවා...
ලෝකයේ සෑම දෙයක්ම වාගේ ද්වතාවයකට අනුව ක්‍රියාත්මක වෙනව. මිනිසුන්ද සමහර පිරිසක් වැඩිපුර රාගයට බරව ක්‍රියා කරනව. තවත් පිරිසක් වැඩිපුර ද්වේෂයට බරව ක්‍රියා කරනව. රාගයට බර අය අසීමිතව කාල බීල කම්සැප විඳල විනෝද වෙලා සතුටින් ඉන්න තමයි බලන්නේ. ඔවුන් පංචකාම සම්පත් වලට සාරයි කියල ඇලෙනව.
ද්වේෂයට බර අනෙක් පිරිස සැමවිටම ගැටෙන්නයි බලන්නෙ. ඔවුන් පාලනයට යුද්ධයටත් දක්ෂයි. එසේම පංචකාම සම්පත් අසාරයි කියල ගැටිල ඒවායින් ඈත් වෙන්නත් ඔවුන් කටයුතු කරනවා. කෙසේ වෙතත් මේ දෙපිරිසම තුලම අවිද්‍යා, මෝහ, මුළාවන්ද එකට සම්මිශ්‍රණය වෙලාමයි පවතින්නේ.
කාම (අම හෙවත් පරම සුව කා දමන) දෙවි/මිනිස් බොහෝ අය පංච කාමයන්ට ආස කරනව. ඒවට ඇලිල එයම හොඳයි කියල වර්ණනා කරනව. අප මේ ඉපිද ඇත්තේ කාම භූමියකයි. මේ කාම ලෝකයටම කිසියම් අයිතියක් ඇති අධිපතියෙකු සිටිනවා. මේ කාම ලෝකයෙන් මිදෙන තාක් අප ඉන්නේ ඔහු යටතේයි. අපගේ ශරීරයද ඔහුටමයි අයිති වනුයේ. ඔහු බුදුවරුන්ටත් අභියෝග කරනවා. (කළබල නොවී ඉදිරියට යන්න. හෙමින් සත්‍ය වටහා ගමු)
කාම ලෝකයට අධිපති වසවත් දිව්‍ය පුත්‍රයා මේ කාම ලෝකය සත්වයාගෙන් පුරවා තබන්නමයියි හැම විටම උත්සාහ කරන්නේ. 
මහණ බමුණන් සහ ආර්‍ය උතුමන් සැමවිටම පංච කාමයන් ප්‍රතික්ෂේප කරනව. ඊට නිග්‍රහ කරනව. එනිසා මේ කාම ලොව අතහැර යන්නන්ට(බවුන් වඩන්නන්ට) එරෙහිව කාමලොව අධිපති දෙවියන් විවිධ බාධා ඇති දේ නිබඳවම කරනවා. මායාවන්ට මුළා කරවනවා. කාමයන් පස්සේ යන අයට නම් ඔවුන් ඊට උදව් කරනවා.


මේ වචන ටික පටලවාගන්න එපා.. පැටලුනොත් ගොඩාක් දේ වරදිනවා..

දිව්‍ය = භෞතික නොවන දිව්‍යලෝකවල සිටින ශූක්ෂම ශරීර ඇති දෙවිවරු
දේව = මිහිමත සිටින දෙවිවරු (සම්මත දේව)
දේවතා = අන් අයට යස ඉසුරු ලබාදෙන අය (හිරු,සඳු,වැස්ස,ඉෂ්ඨදේවතා,ගවයින්..වැනි)
මිනිස් = මිහිමත සිටින සියලුම මානව වර්ගයා (ලෝකවාසී සියලුම ජාතීන්)
මනුස්ස = මානව වර්ගයාගෙන් උසස් කොටස (රාජ්‍යපාළන,ගොවිතැන්,රක්ෂා කරන)
අමනුස්ස = මනුස්ස නොවන අනෙකුත් මානව වර්ගයා (යක්ඛ, නාග,කුම්භණ්ඩ,ගාන්ධර්ව වැනි)
මනුෂ්‍ය = භෞතික නොවන ශූක්ෂම ශරීරයක් ඇති මනුස්සභූත කොටස් (භූත,ගන්ධබ්බ,අන්තර්භවික වැනි)
අමනුෂ්‍ය = භෞතික නොවන ශූක්ෂම ශරීරයක් ඇති අමනුස්සභූත කොටස් (පහත් ගතිගුණ ඇති භූත, ගන්ධබ්බ කොටස්)
රාක්ෂ = රාජ්‍ය පාළන හා ගොවිතැන් කරන අය (රජ,ඇමති,ගම්භාර,ගොවි,රාජසේවක ආදීන්)
යක්ෂ = යස ඉසුරු ඇතිව සුවෙන් සිටින අය (සිටු,රදළ- ආළවක,සාතාගිර වැනි)
යක්ඛ = යකඩ තාක්ෂණ වැනි දැඩිදේ කරන (කර්මාන්ත, ලෝහ වැඩ,කම්මල්, කම්කරු) `
නාග =  මුහුදේ හා ගංගාශ්‍රිත වෙළඳ වැනි කටයුතු කරන අය (නාවික, නායක්කාර්,නාගර,වෙළෙඳුන්)
සුර = රාගයට,පංචකාමයට ඇලුනු අය (දෙවියන්,ස්වාධීන,ප්‍රජාතාන්ත්‍රිකයන්)
අසුර = ලිහිල් නැති දැඩි පාළන ප්‍රතිපත්ති ඇති අය (රජුන්, දේව විරෝධීන්)
රා = පංචකාමය, රාගය 
සුරා = පංචකාමය හොඳයි කියා ගැනීම (සු+රා = සුරා)
රාගය = පංචකාමය අග්‍ර කර ගැනීම (රා+අග්‍ර = රාග)
රාම = පංචකාමය අමා සැප කරගැනීම (රා+අම = රාම)
රාවණ = පංචකාමයන් වාරණය කිරීම (රා+වණ = රාවණ)  රාත්‍රිය වනසන සූර්ය වංශය හෙවත් ශාක්‍ය වංශය
මනු = මහාසම්මත මනු රජ පරපුරෙන් පැවත එන (මනුස්ස,අසුර)

 
රා කියන්නාවූ පංච කාම අමයි (උතුම්) කියල, අමෘතයයි කියල ගන්න අය රාම (රා+අම) වෙනව. මොවුන් රාගය අග්‍ර (රා+අග්‍ර = රාග ) කරගෙනයි ඉන්නේ.  රා වල ආදීනව දැකල වාරණය කරන අයට රාවණ (රා+වණ )  කියනව. මෙලෙස රාම කියන පාර්ශවයකුත්, රාවණ කියන පාර්ශවයකුත් ඇති වුනා. රාම කියන පාර්ශවය නියෝජනය කළේ සුර හෙවත් දේව කියන මිනිස් කොටසයි. රාවණ කියන පාර්ශවය නියෝජනය කළේ අසුර හෙවත් මනුස්ස කියන මිනිස් කොටසයි. රාම කියන දෙවිමිනිසුන් රාගයට බරයි, දැඩි නීති රීති නෑ. සතුටින් විනෝදයෙන්ම ඉන්න බලනවා. රාවණ මිනිසුන් රාගයට ඇලීම අඩුයි, භූමි, රාජ‍ය පාළනයට දක්ෂයි. වැරදි කරන්නන්ට දඬුවම් දෙනව. නව නිර්මාණශීලීයි.
රාම-රාවණ යුද්ධයක් කෙසේ හට ගත්දේදැයි නුවණින් දැන් ඔබටම තීරණය කරන්න පුලුවන්.

   දැනට අවුරුදු 2850කට පමණ එහාට දිවෙන රාවණ නමින් සක්විති රාජ පරපුරක් සිටියා. එහි සිටි 7 වන රාවණ රජුන් දක්වාම දසරාජ ධර්මයෙන් මේ මුළු දිවයිනම ධාර්මිකව පාළනය කළා. ඔවුන්ට අහසින් යාමට ගුවන් යානාද(චක්‍ර රත්නය) තිබූ අතර ඉතාමත් සශ්‍රීකව මුළු දිවයිනම දැහැමින් පාළණය කළා. එතුලින් ඉතා පිංවන්ත බුද්ධිමත් මිනිසුන් පිරිසක්ද බිහි වුනා. ඒ බොහෝ මිනිසුන් මේ කාමයන්ගේ ආදීනව දැකල කාමයන්ගෙන් බැහැරවී තපස් රැකළ ජීවතුන් අතරදිත්, මරණින් මතුත් බ්‍රහ්ම තලවලට(බ්‍රහ්ම තත්වයට) පිවිසුනා. 
රාවණ පරපුරේ 8 වෙනියට පහළවූ රජුගේ ධාර්මිකත්වය ටිකක් අඩුවුනා. කිසියම් අධර්මවාදී වූ ක්‍රියාවන් නිසා චක්‍රවර්ති බලයද පිරිහුණා. මෙතැනදී කල් යල් බලා සිටි කාම ලොව අධිපතියා ගේ බලය ක්‍රියාත්මක වුනා. මිනිසුන් ධාර්මිකව සිල්වත්ව සිටිනතාක් කල් වසවත් මාර දිව්‍ය පුත්‍රයාටත් මොනවත් කරන්න පහසු නෑ. කොහොම හරි රාම කියන මේ බලය ගත් සුර දේව රජු සියලු සුරයින්ගේ සහායද ඇතිව යුධ කොට අසුර රාවණ බළය බිඳ දමා ජය ගත්තා... මෙයසුර අසුර එක් යුද්ධයකි.
ඉන්පසු මෙතෙක් තිබූ මේ ඒකීය රාජ්‍යය දේව, යක්ඛ, රක්ඛ, නාග වශයෙන් කොටස් වලට වෙන්ව පාලනය වුනා. සිව් හෙළ වශයෙන් බෙදී වෙන්වුනා.
 
කාළානුරූපීව විවිධ යුගවලදී බෙදී ගොස් සිටි හෙළ ජන වර්ග සම්මිශ්‍රණයෙන් නැවත හෙළයෝ බිහිවෙති..එසේවූ මුණි වරයෙකු 'හෙළ' නම්වූ දැයට අයිති වේ.. හෙළ, හෙළු, එළ, එළු ආදී සමරූපී අරුත් සංකේතාත්මකව සාහිත්‍යමය කළාවේදී නිරූපණය කළේ දිගු කන් මගිනි.. ඊට ලම්බකර්ණ වංශය කියා ව්‍යවහාර විය. සිද්ධත්ත ගෝතම නම් අප මහා මුණීන්ද්‍රයන් හෙළබිම බෙදීගිය ජනවර්ග නැවත එක්කොට හෙළජාතිය ප්‍රතිනිර්මාණය කලෝය..උන්වහන්සේගේ පරිණිර්වාණයෙන් පසු නැවත හෙළයෝ කුළ 28කට බෙදී ගියහ. එය නැවත එකතු කරන ලද්දේ ගාමිණී අභය නම් බෝසත් වරයෙකු විසිනි.. 
රා කියන්නාවූ රාත්‍රී අන්ධකාරය වනසන අර්ථයෙනුත් රාවණ කියනව. කාමය නැමති අවිද්‍යා අන්ධකාරය වනසා  දමන වංශය සූර්‍ය වංශය කියල කියනව. ශාක්‍ය වංශය කියන්නෙත් සූර්‍ය වංශයටමයි. එනිසා මේ උතුම් රාවණ වංශයෙන් පැවත එන නිසා අප බුදු රදුන්ට සූර්‍යවංශාභිධාන කියල කියනව.
රා කියන්නාවූ පංචකාමයන් සුවයි, හොඳයි කියල ගන්න අය සුර (සු+රා ) වෙනව. පංචකාමයන් අසුවයි, අවැඩයි කියන අය අසුර(අ+සුර ) යන් වෙනව. එයාල සුරයො නොවන නිසාත් ඔවුන්ට අසුරයො කියල කියනව. මේ දෙපිරිසම එක හා සමානව බලවත්. විටෙක සුරයනුත්, විටෙක අසුරයනුත් දිනන අවශ්ථා තිබෙනව. මේ අයගෙන් සුර පිරිස දේව කියන ගණයට වැටෙන අතර අසුර කියන ගණය වැටෙනුයේ මනුස්ස හා අමනුස්ස කියන ගණයටයි. වසවත්ති මාර දිව්‍ය පුත්‍රයත් සුරයුන්ට සහය දක්වනව. ඔහුතමයි මේ මුලු කාමලොවම පාලනය කරන්නේ. (කළබල නොවන්න)
 
මනුස්සයන්න්ට සමහර තැනකදී අසුර කියාද කියන බව දැන් ඔබ හොඳින් දන්නවා.. ඇත්ත වශයෙන්ම කියනවනම් මනුස්ස කියා එදා කීවේ ජම්ඹුද්වීපයේ සිටි දේව(සුර) නොවන කොටසටයි. ඔවුන් සුර නොවන නිසා අසුර මනුස්සයන් විය. හරිම දේව හෙළ කොටස තිබුනේ තව්තිසාව තිබුන ප්‍රදේශයේයි. ඉන් පහළ කොටසටයි ජම්බුද්වීපය කියා කීම වඩාත් සුදුසු වනුයේ. ජම්බුද්වීපය තුල ප්‍රධාන මහ රාජ්‍යයන් 4 ක් සහ මහ රජවරුන් සතර දෙනෙක් එහි සිටියා.
තව්තිසාවෙන් පහළ ජම්බුද්වීප කොටසේ සිටි මේ සියලු දෙනාටම කීවේ මනුස්ස(අසුර) කියාය. එවිට අනෙක් හෙළ වල සිටි යක්ක, නාග, කුම්භණ්ඩ ආදීන්ට කීවේ අමනුස්ස(මනුස්ස නොවන) අය කියාය. ඔවුන්ද (අමනුස්ස) අසුරයන්ය. (මනුස්සානං පියෝ හෝතී, අමනුස්සානං පියෝ හෝතී, දේවතා රක්ඛන්තී.. මෙතන කියන්නේ භෞතික ජීවීන් පිරිසක් ගැන මිස අද්භූත පිරිසක් ගැන නොවෙයි) 
 අද මනුස්ස කියන්නේ පොදුවේ සියලුම මිනිස් වර්ගයාටයි. මේවා පටලවා නොගෙන නොගැටී සත්‍ය පමණක් තේරුම් ගැනීමට උත්සාහ කරන්න.
 මෙතන තමයි කවුරුත් වගේ පටලවා ගන්න තැන. මෙය මෙහෙම තේරුම් ගන්න බලන්න. මෙය හරියට තේරුම් ගතහොත් ඔබ මහත් ප්‍රඤ්ඤාවන්තයෙකු වෙනවාමයි.
1.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන මනුස්සයො ඉන්නව. (මනුස්ස(අසුර), රාක්ෂ,යක්ෂ)
2.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන මනුෂ්‍යයො ඉන්නව. (මනුෂ්‍ය(අසුර), රාක්ෂ, යක්ෂ)
3.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන දෙවියෝ ඉන්නව. (සම්මත දේව(සුර), රාම්, සක්කස්ස දේව වැනි)
4.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන දිව්‍යයෝ ඉන්නව. (උප්පත්ති දේව(සුර+අසුර)  - සදිව්‍යලෝක වල ඉන්න දෙවිවරු)
5.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන අමනුස්සයො ඉන්නව. (අමනුස්ස(අසුර), යක්ඛ, නාග, මිනිස් කුම්භණ්ඩ, මිනිස් ගන්ධබ්බ වැනි)
6.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන අමනුෂ්‍යයො ඉන්නව. (අමනුෂ්‍ය(අසුර), යක්ඛ, අමනුෂ්‍ය නාග, අමනුෂ්‍ය කුම්භාණ්ඩ, අමනුෂ්‍ය ගන්ධබ්බ වැනි)
7. භෞතික වශයෙන් සහ මනෝරූපීයමය වශයෙන් යන දෙයාකාරයෙන්ම සකස්වී ඇති දේවලෝක-දිව්‍යලෝක, මනුස්සලෝක-අමනුෂ්‍යලෝක ආදිය තිබෙනවා.
හොඳයි ඔය කරුණු 7 පිළිබඳව ඔබ මනා විශ්ලේශනයක් කළහොත් මහා අවුල් ගොඩකින් මිදෙන්න පුලුවන්. මේ ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම තැනක්. මේතන ලිහා ගත්තොත් ඉන් එහා හරිම සරලයි.
 එක් කලෙක සුරයන් සහ අසුරයන් අතර හටගත් යුද්ධයක් ගැන ධජග්ග සූත්‍රයේද සඳහන් වෙනව. සුවයට සැරිසරන නිසා සුරා ඇසුරු කරන අයට සුරයො කියනව. සුරයන්ගේ පානයට සුරා හෙවත් අමෘතය කියලත් කියනව. මේ සුර කියන මිනිස් අයටම සමහර තැනෙකදී දේව කියාද ව්‍යවහාර කළා. මිහිරියාවෙන් වාසය කරන අයට මෙර වාසීන් කියනව. සුර හෙවත් දේව කියන මිනිස් කයක් ඇති අය වාසය කළේ මේ මහ මෙර පර්වතයට ඉහලින් පිහිටි උස් කඳු භූමිය තුලයි.
 එයට තාවතිංශය කියලත් කියනවා.. (මේ කතා කරන්නේ සම්මුති දේව ගැනයි. සත්වයින් ඕපපාතකව පහළවන කාමාවචර දිව්‍ය ලෝක වෙනම තියෙනවා... එය වෙනම කතා කරනවා) තාවතිංශයෙන් පහළ කොටසේ සිටි මනුස්ස කියන අසුර මිනිස් අය වාසය කළා. එහි සතර මහා රජ්‍යයද පිහිටා තිබුනා. (කළබල වන්නට එපා. සත්‍යයට මුහුණ දෙන්න. ඉදිරියටම යන්න) 
සුර දේවයන් සුරා පානය අමෘතයයි කියා පානය කොට මිහිරියාවෙන් කම්සුව විඳිමින් සිටියද අසුර පිරිස් ඊට විරුද්ධ වූහ. මේ දෙපිරිස අතර පාලනය සම්බන්ධව අනුගමනය කළයුතු නීති රීති සම්බන්ඳ කතා බහකදී සුරයන් විසින් අසුරයන්ට වංචනිකව සුරා (කම්සැපට ලොල් වන) පානය කරවූ හේතුවක් නිසා හටගත් යුද්ධයක් ගැනයි ධජග්ග සූත්‍රයේ කියවෙන්නේ. මෙලෙස හටගත් සුර අසුර යුද්ධයකදී අනන්ත කියන නාග ගෝත්‍ර රජෙකු සමග මුහුදේ හටගත් මහ ගැටුමකදී මහ මුහුද දෙවණක් වූ බවද, විටෙක මහමුහුද ගොඩ ගලා (සුනාමි) අසුර නාග හෙළයෙන් කොටසක් මුහුදට ගිලාබැස ගිය බවද සඳහන්ය. 
එක් කලෙක සුර රජුන්ගෙ නායකය හෙවත් මහරජු සක්කස්ස දේව (සක්‍රදෙවි) විය.  දේවහෙළ වැසියන් තම නායකයාට කීවේ දේවයන් වහන්සේ කියාය. එක් කලෙක අසුර රජුන්ගෙ නායකය හෙවත් මහරජු වේපචිත්ති අසුරේන්ද්‍රයයි (අසුර+ඉන්ද්‍ර ). ඉන්ද්‍ර කියන්නෙ සූර්‍යයාටයි. සූර්ය වංශය නම් රාවණ වංශය හෙවත් අසුර වංශයයි. අසුර කියන මනුස්ස ලොව වැසියන් තම නායකයාට කීවේ රජතුමා කියාය.
පොදුවේ මේ දෙපිරිසම අප හෙළදිවයිනේද සිටි මිනිස් දෙපිරිසක් වන අතර ඔවුන්ගේ ගති පුරුදු ලක්ෂණ වලට අනුව සුරලොව වාසීන්-අසුර ලොව වාසීන්  (දෙව්ලොව වාසීන්- මනුස්සලොව වාසීන්) කියා විග්‍රහ කෙරිණි. සමහර කාළ වලදී මේ සුරයන් හා අසුරයන් අතර යුද්ධ හට ගන්නවා(දෙව්-මිනිස් කෝලාහළ). මේ සුරයන්ගේ අඟනුන්  සුරඟනන්ය(සුරංගනාවියන්ය). ඔවුන් ඉතාමත් ලස්සන පැහැපත් කම්සැපයට කැමති කාන්තා පිරිසකි.
අප සිදුහත් යුවරජුගේ පියා වන සුද්ධෝදන රජු අසුර පාර්ශවයේ වන අතර මව සුර පාර්ශවයේ අයෙකු විය. එනිසා මේ දෙදෙනාටම දාව උපන් කුමරුට සිව්හෙළයේම පාලක සක්විති රජකම ගන්නට සුදුසුකම් තිබෙන බව බොහෝ අය දන්නා නමුදු එයට පයින් ගසා ඒ මහා මුණීන්ද්‍රයන් සියලු ජාතී කුළ මළ එක් කරමින් ගෝතම යන මවගේ නාමය යොදාගනිමින් බුද්ධ වංශය පිහිටුවාලූහ. ඉන්පසු සියලුම දෙවි-මිනිසුන්ට නායකයා වූහ. රජු වූහ.  
කුස රක්ෂා කල හෙවත් ප්‍රධාන වශයෙන් කුඹුරු වැඩ කලේ රකුස්ය.. රාජ්‍ය පාලනයද මැනවින් ඔවුන් කළාහ. රාවණ පාර්ශවයට සමහරුන් රක්ඛ කියා හඳුන්වන්නේද මේ නිසයි. ඒ කියන්නෙ ගොවියන් හෙවත් ගොවිගම අය රාක්ෂ ගණයේ අය තමයි.. ඉතින් සුද්ධෝදන රජ්ජුරුවොත් ක්ෂත්‍රිය(කුඹුර) වංශයෙ ගොවි රජෙක් (රාක්ෂ) තමයි. ඒ කියන්නේ අසුර, රාක්ෂ රාවණ පරපුරේ ශාක්‍ය හෙවත් සූර්ය වංශිකයො තමයි.. උඩඟු වෙන්න එපා.. එත් අභිමාණය තියාගන්න.
කුස රක්ෂා කළවුන් රකුස් බැවින් පසු කාලීන සාහිත්‍ය කළා නිර්මාණ වලදී කුස මගින් රකුස් බව පෙන්වා විශාල බඩක් සහිත රකුස් රූප නිර්මාණය විය. රක්ඛ හරිහැටි තේරුම් නොගත් පසුකාලීනයන් ඔවුන් මහා භයානක කොටසක් කියා සිතූහ. ඇත්තටම සුදොවුන් රජුත් (සිදුහත් කුමාරයගෙ තාත්තත්) මේ වැදගත් පරපුරේම බව ඔවුන් නොදනී.
ගෝතම බුද්ධ කාළයේදී දේව හෙළය පිහිටා තිබුණේ ඉහළ කදු භූමිය ආශ්‍රිතවය. එයිනුත් ඉහළම කොටසේ තව්තිසා දෙව් පුරය නමින් පුරයක් විය. මෙය සීත, වළාකුලු (මීදුම්) සහිත ලස්සන මල්, ඵළතුරු, ගස් වැල් සහිත සශ්‍රීක ප්‍රදේශයක් විය. සැබවින්ම එහි ඉපදුන වැසියන් පිං වන්තයෝය. ඔවුන් ලස්සනට ඇඳ පැළන්ඳාහ.  අවකාශයේ ඉහලින් සිටි ඔවුන් සමහරුන්ට අහසින් යන්නට අහස් යානාද (දඬුමොනර වැනි විමන්) වූහ.
 එක් කලෙක එහි නායක වූ සක්දෙව් රජුගේ යානයෙහි රි‍යැදුරා වූයේ මාතලී නම් කෙනෙකි. දෙවිවරු ලස්සනට රෙදි ආභරණ අඳිනව පළඳිනව. මිහිරි වචන කතා කරනව. අනුන්ට උදව් උපකාර කරන්න කැමතියි. හරි ලස්සනයි. ප්‍රේම කිරීමට කැමතියි. පලතුරු, මල් වලට ආසයි. (මේ කියන්නේ සම්මුති දේව ගැනයි)
අප බුදු පියාණන්ද මෙම තිදස පුරයට වැඩම කොට එහි දේව වැසියන්ට දහම් දෙසූහ. එසේ මෙම තව්තිසාවට වැඩම කොට වස් වැසූ එක් අවස්ථාවක අවසනදී සංකස්ස පුරය (සංඛපාල) පැත්තෙන් ඉනිමගක ආධාරයෙන් යුතුව මනුස්ස වැසියන් සිටි ප්‍රදේශයට වැඩි බවද සඳහන්ය. සිළුමිණි සෑය අදටත් මේ තව්තිසා පුරයේ දක්නට ඇත. (මුළාවන් පසෙක දා සත්‍ය වටහා ගැනීමට උත්සාහ කරන්න)
එදා ලක්දිවෙහි පිහිටි දඹදිව නමින් හැඳින්වූ හෙළයෙන් පරිබාහිරව මිනිසුන් සිටි ප්‍රදේශයේ යක්ඛ, නාග, කුම්භාණ්ඩ, ගන්ධබ්බ නමින් රාජ්‍යයන් සතරක් වූහ. එහි පාළකයින් සතර වරම් රජ දරුවන්ය. එම සතරටම ඉන් ප්‍රධාන රජුවූයේ වෙස්සවණ හෙවත් වෙසමුණි යක් රජුයි. ඔහුටම අයිති කොටසට කීවේ උතුරුකුරු දිවයින කියාය. එය යක්ඛ හෙලයේ සශ්‍රීකම ප්‍රදේශය විය.
 ජම්බුද්වීපයේ වැඩ හිටිය ගෝතම බුදුහාමුදුරුවන්ගෙ අනුගාමිකයන්ට යක්ක, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව කියන අනික් හෙළයන්හි හිටි පුද්ගලයො කරදර හිරිහැර හිංසා කළොත් එහෙම එයාලගෙ ඔලුව හත් කඩකට පළනව කියල මේ වෙසමුණි රජ්ජුරුවො(යක්ක හෙළයේ ප්‍රබලම නායකය) ආක්ඤාවකුත් නිකුත් කළා.
 දිවයිනේ සිටි සියලුම අමනුස්ස රාජ නායකයො ගෙන්නල මහා ලොකු රැස්වීමකුත් බුදුහාමුදුරුවො ඉදිරියේම තිබ්බා. ඒ ගැන සොයා බලන්න නියෝජිත පිරිසකුත් පත් කළා. ඒ එදා සම්මුති ගිවිසුම තමයි ඔය ආටානාටිය පිරිතෙන් අදටත් කියන්නෙ.
 
දෙව්, යක්, රක්, නා ආදී මේ සියලු නායකයෝම පිළිගත්තා බුදුහාමුදුරුවො තමයි එයාල ඔක්කොටම නායක රජාණන් වහන්සේ කියල. බුදුහාමුදුරුවෝ කීප අවශ්ථාවකදීම මේ යක්ඛ, නාග හෙළවැසියන්ගේ හටගත් යුධ ආරවුල් විසඳන්නට ඔය හෙළ ප්‍රදේශවලට වැඩම කළා. එසේ වැඩල බණ දහම් කියල එම ප්‍රශ්ණ සමතයකට පත් කළා. එහෙම ප්‍රශ්නයකට වැඩිය එක් අවශ්ථාවකදි සමනල කන්ඳ මත(හිමවත) තම සිරිපා සලකුණ පිහිටුවල දැනුම් දුන්න මේක දැන් බුදුන්ගෙ දේශය කියල. ඉන්පසු තමයි හටගත් ආරවුල ලිහුනේ. ඉතින් දැන් ඔය හැම ජාතියකම අය එතනට ගිහින් වඳිනව තමන්ගෙ නායකයගෙ සිරිපතුල කියල. 
තව සැරයක් නාග හෙළයේ කැළණි පුරයට(නාගද්වීපයට ) වැඩළ එතනත් රජ පුටුවට තිබුණු ආරවුළක් විසඳුව. ඔවුනුත් අපේ නායකය බුදුන් කියළ පිළි අරගත් නිසා ඒ රජ පුටුව බුදුරදුන්ටම පැවරුවා.  එනිසයි බුදුරජුන් මේ මුළු ලෝකෙටම නායක රජාණන් වන්නේ.  බණ අහල සෝවාන් වුණු හා තෙරුවන් සරණ ගිය ගොඩාක් අයත් ඒ හෙළවල හිටියා.
 
මේ රාජ්‍යන් අවටින් පිහිටි දේව හෙළයේ කොටසකට මහමෙර කියාද කියනව. එහි මහා පර්වත කඳු වැටියක්ද විය. ඒ සුර දෙවිවරුන් මිහිරියාවෙන් සිටි මහමෙර පහලින් තමයි මේ රාජ්‍යන්  පිහිටා තිබුනේ. එය මුහුදටද සම්බන්ධයි. මේ අසුර(අමනුස්ස අසුර) පිරිස් වලින් කොටසක් නාවික කටයුතු කරමින් මුහුදේද වූහ.  
ඒ නාග ගොත්‍රික අසුරයන්ය. කොටින්ම කිවහොත් මේ අසුරයන් කියා කීවේ යක්ඛ, නාග, කුම්භාණ්ඩ, ගන්ධබ්බ හෙළවල සිටි අමනුස්ස පීරිස ඇතුලුව දේව හෙළයේ පහළ කොටසේත්(ජම්බුද්වීපය) සිටි මනුස්ස පිරිසටමය.  ජම්බුද්වීපය තුල සිටි අසුර මනුස්ස කොටස අනෙක් අමනුස්සයින්ට වඩා බල සම්පන්නයි. ඔවුන්ට අසුර රක්ඛ, කියාද කියනවා.  
මේ සුර-අසුර හෙවත් දේව-මනුස්ස කියන දෙපිරිස සමහර තැන් වලදී මේ කවුද මේ කවුද කියා තෝරා බේරා ගන්නත් අපහසු වුනා. හරියට කියනවනම් අද අප රටේ සිටින මුස්ලිම්, දෙමළ, සිංහළ මිනිසුන් සමහර වෙලාවට හඳුනා ගැනීමේදී පැටලෙනව වගේ තමයි. ඒත් අඳින පළඳින ආකාරයෙන්, කතා කරන හැටියෙන් ටිකක් හොයා ගන්න පුලුවන්.
 මේ අය ඇඳුම් පැළඳුම් වලින් වෙස් මාරු කරගෙන (වෙස් වළාගෙන) එහෙමත් සමහර ගමන් බිමන් ගියා.
දෙවි වරුන්ට යක්කු, නාග වගේ මනුස්ස වෙස් ගන්න හරි පහසුයි. මොකද එයාලගෙ ශරීර ලස්සන නිසා අවලස්සන ස්වරූපයක් ආදේස කරගන්න එක පහසු කටයුක්තක්. ඒත් යක්කු ටිකක් කළු පැහැ නපුරු පෙනුමක් තිබුනු නිසා එයාලට දෙවියන්ගෙ රුවට සමානව වෙස් ගන්න ටිකක් දුරට අපහසුයි. ඒත් යක්ෂණියො(යක්ක කාන්තාවො) මේකප් දාල (වෙස්වළාගෙන) ගිහින් මිනිස්සු රවට්ටපු තැන් තියෙනව.
ඒ වගේම මේ නාගයොත් සමහර වෙලාවට මිනිසුන්ගෙ වෙස් වලාගෙන එහෙ මෙහෙ ගිහින් තියෙනව. නාග කන්‍යාවියොත්(නාග කෙල්ලො) වෙස් මාරු කර ගත්තම හොයන්න අමාරුයි. එනිසා ඔය මේකප් දැමිල්ල එදත් අදත් තිබුන බව තේරුම් ගන්න.
ඒ වගේම සමහර වෙලාවට මේ දෙවි මිනිස් අය තම තමන්ගේ ප්‍රදේශ වලින් අනෙක් ප්‍රදේශ වලට තාවකාලිකවත්, ස්ථිරවමත් හුවමාරු වුනා. 
මේ දෙවිවරු තව්තිසාව හැරදමා (චුතවී) මනුස්ස ලෝකයේ ජීවත් වුනා. මනුස්සයනුත් සමහර වෙලාවට තව්තිසා දෙව් ලොවට ගිහින් ආව. ඒත් හැම කෙනාටම යන්න බෑ ඒ පිංවන්ත පරිසරයට යන්න මුදල් හදල් ආදිය තියෙන්නත් ඕනි. ඉස්සර අද මෙන් යාන වාහන නොමැති කාලයේ කඳු තරණය කිරීම අමාරු කාර්‍යයක්. අහස් යානා තිබූ සීමිත පිරිසක් නම් උඩින් ආව ගියා.
එහෙම නැතුව ඔය ඕපපාතිකව සියුම් ශරීර සහිතව පහළ වන දිව්‍ය තල වල ඉන්න දිව්‍ය පිරිස්වත්, ඕපපාතිකව  සියුම් ශරීර සහිතව පහළ වන අසුර ලෝක වල ඉන්න යක්ඛ, භූත අමනුස්ස කොටස් වත් ඝන ශරීර වලින් ඇවිත් මිනිස්සුත් එක්ක ගනු දෙනු කරන්නේ නෑ. හැබැයි ඒ ඕපපාතිකව පහලවන සමහර අය මිනිස්සුන්ගෙ හා සත්තුන්ගෙ ඇඟට ඇතුල් වෙලා  යම් යම් හොඳ/නරක ක්‍රියා කරන බව නම් තේරුම් ගන්න.
 ඒක වෙනම පැත්තක්.
ඉතින් භෞතික වශයෙන් තිබෙන චාතුර්මහාරාජිකය හා තව්තිසාව තියෙන්නෙ මේ හෙළ දිවයින තුලම බව නුවණ තිබෙන අයට දැන් වැටහෙන්න ඕනි. ඒ වගේම මනෝමය වශයෙන් මැවී තිබෙන චාතුර්මහාරාජිකය, තාවතිංස ආදී වෙනම දිව්‍ය තල තිබෙන බවත් අමතක කරන්නත් එපා.. නැත්නම් දිව්‍යලෝක කියල දෙයක් නෑ මේ ඔක්කොම තියෙන්නෙ මේ පෙනෙන ලෝකෙම තමයි කියල වැරදි අවබෝධ ගන්න එපා. මේක ඉතා සියුම්ව ප්‍රවේශමෙන් විසඳා ගත යුතු තැනක්. 
කිසිවක් අවුල් කර ගන්නෙ නැතුව කල්පනාවෙනුයි මේ පටළැවිල්ල ලිහා ගත යුත්තේ. මේව අවුල් කරගත්තු නිසා තමයි සමහරු ධර්මයත් අනාගෙන තියෙන්නෙ. මොකද ත්‍රිපිඨකයෙ කියන දේවල් තේරුම් ගන්න නම් මේ මූලික ගැටලුව ලිහාගන්නම වෙනව. බුදුහාමුදුරුවො දහම් දෙසුවෙ මේ හෙළ පරිසරයෙම ඉඳල, මෙහි ඇති භෞතික දේ, උපමා, කතා ආදිය උපයෝගී කරගෙන හෙළ මාගධී බසින්, හෙළ වැසියන්ටම බව තේරුම් නොගත්තොත් මේ දහම වටහා ගැනීම අවුල් වෙනව. එහෙම වුනොත් වෙන්නෙ ඔක්කොම අනාගෙන ලෞකිකව අනාගාමී වෙන්න විතරයි.(තේරුනාද මන්ද)
අන්ධ මුළාවෙන් මිදී සිහි බුද්ධියෙන් විමසත්වා..
මෝහයෙන් මිදී නිවන් දැකීමට උපකාර කර ගනිත්වා...
මිසදිටුව දහමට ගරහා පව් සිදු කර නොගනිත්වා...
මෙහි දක්වා ඇති කරුණු කාලයක් තිස්සේ පරිශීලනය කරන ලද පොත් පත්, ලිපි ලේඛණ ආදී දෙයින් උගත් දෙයද, කළ්‍යාණ මිතුරන් ඇසුරු කිරීමෙන් උගත් දෙයද, මවිසින්ම හුදෙකලාව බුද්ධිය යොමා තර්කාණුකූලව උගත් දෙයද වනු ඇත.
කාලයක් තිස්සේ බොහෝ ගිහි පැවදි උගත් පිරිසක් විසින් බොහෝ කැප කිරීම් කොට සොයාගත් දේ නිසයි අපට මෙම සත්‍ය දකින්නට උපකාරී වී ඇත්තේ. ඒ සියලූම උතුමන්ටත් මා මෙහෙදී ගෞරව පූර්වකව ස්තුතිය පුදකරනව. සියලු දෙනාටම සත්‍ය තුලින් ධර්මාවබෝධය ලැබෙත්වා...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...

Blog Archive