මෙම
පෝස්ට් එකේ මූලික අරමුණ නම් ලෝකය දෙස භෞතිකවූ ඇසකින් පමණක් බලා මිත්‍යා මත වලට
එල්බගෙන ඒවා කරපින්නා නොයා මධ්‍යස්ථව නුවණැසින් සිතා බලා කුඩා කල සිට ඔලුවට බාහිර
පරිසරයෙන් ඔලුවට ඇතුලුවූ වැරදි මත මුලිනුපුටා විචක්ෂණව ඉදිරියට යා යුතු බව පෙන්වාදීමයි.
එනිසා
සමාජයීය ප්‍රාමාණික තීරන වලින් පමණක් හුදෙක් මේ යථාර්ථය වටහාගත නොහැකි බව මනාව
සිහිකොට ගත යුතුවෙනවා.. අප නිබඳවම සම්මතයෙන් ඔබ්බට සිතා මධ්‍යස්ථව සිට කරුණු කාරණා
වටහා ගැනීමයි වඩාත්ම උචිත වන්නේ.
එනිසා
මා හඳ දෙසට ඇඟිල්ල දිගු කරනා විට ඔබ ඒ දෙස නොබලා මාගේ
ඇගිල්ල දෙස බලා සිටියහොත් මූලික ප්‍රස්තුතය වටහා ගන්නට නොහැකි වෙනවා. ඉතා සංෂිප්ත
ලෙස මේ ලොකාරම්භය ගැන මෙසේ පෙන්වා දෙන්න
පුලුවන්. සියුම්වූ භූත රූපී කොටස් වල එකතුවකින් සකස්වූ අවකාශ ලෝකයේ, අවිද්‍යාව
නිසා ‘මම’ කියා
උපාදාන කර ගන්නාවූ සත්වයෙක් උපතක් ලබනවා. එම සත්ව සිරුරද සකස් වන්නේ ඉතා සියුම්වූ
භූත රූපී කොටස් වල හෝ ඝණවූ භූත රූපී කොටස් වල එකතුවකින්මයි. එම රූපයෙහි හැඩය හෝ
සියුම්/ඝණ ආදී බාවයන් නිර්මාණය වන්නේ කිසියම් චිත්ත
ශක්ති විෂේශයකට අනුකූලවයි. (මෙම හේතුපල ක්‍රියාවලිය
භෞතිකව පමණක් සිතා වටහාගත නොහැක්කකි).
කෙසේ
හෝ මේ නාම හා රූපී කොටස් එකතුවකින් සකස්වන සත්ව ලෝකය තුල පහත සඳහන් සත්වයින් සකස්
වන බව මූලිකව තේරුම් ගන්න ඕනි. මෙය
මෙහෙම තේරුම් ගන්න බලන්න. මෙය හරියට යමෙක් තේරුම් ගතහොත් ඔහු මහත් ප්‍රඤ්ඤාවන්තයෙකු
වෙනවාමයි.
*.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන
මනුස්සයො ඉන්නව. (මනුස්ස(අසුර), රාක්ෂ,යක්ෂ)
*.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන මනුෂ්‍යයො
ඉන්නව. (භූත(අසුර), රාක්ෂ, යක්ෂ)
*.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන දෙවියෝ
ඉන්නව. (සම්මත දේව(සුර), රාම, සක්කස්ස
දේව වැනි)
*.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන දිව්‍යයෝ
ඉන්නව. (උප්පත්ති දේව(සුර+අසුර) - සදිව්‍යලෝක
වල ඉන්න දෙවිවරු)
*.ඝන වූ මාංශ කයක් ඇති සාමන්‍ය අපට පෙනෙන අපා, දෙපා, සිව්පා, බහුපා
ආදී සත්වයෝ ඉන්නව.
*.සියුම් වූ කයක් ඇති සාමන්‍ය අපට නොපෙනෙන අපා, දෙපා, සිව්පා, බහුපා
ආදී සත්වයෝ ඉන්නව.
*. භෞතික වශයෙන් සහ මනෝරූපීයමය වශයෙන් යන
දෙයාකාරයෙන්ම සකස්වී ඇති දේවලෝක-දිව්‍යලෝක, මනුස්සලෝක-අමනුෂ්‍යලෝක ආදිය තිබෙනවා.
හොඳයි
ඔය කරුණු 7 පිළිබඳව ඔබ මනා විශ්ලේශනයක් කළහොත් මහා අවුල්
ගොඩකින් මිදෙන්න පුලුවන්. මේ ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම තැනක්. මේතන ලිහා
ගත්තොත් ඉන් එහා හරිම සරලයි. යමෙක්
මේවා සියල්ලම භෞතිකව පෙන්වන්න කියල කියනවනම් එයාලට ඉතින් අඤ්ඤං සරණං තමයි. තෙරුවන්
සරණක් එයාලට පිහිටීමක් නෑ. මොකද ලෞකික සම්මා දිට්ඨියේවත් පිහිටල නැති නිසායි..
මෙලොව
ජීවත් වන මිනිසුන් මරණින් පසු නැවත උපතක් නියතවම ලබනව (අරහතුන් හැර). ඒ උපදින අය
අතරින් විශාල කොටසක් උපදින්නේ නිරය, තිරිසන්, ප්‍රෙත, අපාඅසුර
කියන සතර අපායේමයි. තව සුළු කොටසක් නැවත මිනිස් ලොවමද, සදිව්‍යලෝක
තල වලද, බ්‍රහ්ම ලෝක තල වලද කර්මානුකූලව උපදිනු ලබනව.
මේ
අයගෙන් ඝන වූ ශරීර ඇතිව (පියවි ඇසට පෙනෙන ආකාරයෙන්) උපදින්නේ මිනිස් ලෝකයේ, සම්මත
දේවලෝකයේ හා තිරිසන්(පක්ෂි උරග ජලජ සිව්පා ඇතුළුව) ලෝකයේ උපදින අය පමණයි. අනෙකුත්
(බ්‍රහ්ම ලෝක තල 4ක හැර) සියල්ලෝම උපදින්නේ අපගේ පියවි මිනිස්
ඇසට නොපෙනෙන ආකාරයෙන් සියුම් වූ ශරීරයක් සහිතවය. මෙසේ සියුම් වූ ශරීර සහිතව උපදින
සියල්ලන්ම උපදිනුයේ ඕපපාතිකවමය. එනම් මව් කුසක් නොමැතිවය.
මෙහිදී
අප සෑම කෙනෙකුම මරණින් මතු උපදින ස්ථානයන් පිළිබඳව නිසි අවබෝධයක් ගත යුතුම වෙනව.
එවිටයි අපට මේ ලෝකය කුමක්දැයි නිසියාකාරව අවබෝධ වන්නේ. මේ මරණින් මතු උපදින අයගෙන්
සමහරෙකු ජීවත්ව සිටිය තත්වයට වඩා පහළ තත්වයකටත්, සමහරෙකු
සම තත්වයකටත්, සමහරෙකු
ඉහළ තත්වයකටත් අනුව උපදිනව. එය සිදුවන්නේ තමන් පෙර කළ හෝ මෙකළ කරන ලද කර්ම
ශක්තීන්ට අනුරූපවමයි.
ලොව
සිටින්නාවූ සියලු දෙනාම සංඛාර කරමින් යන බව ගමන කෙළවර නොකළහොත් මරණින් පසුව පියවි
ඇසට නොපෙනෙන ආකාරයෙන් සියුම් වූ ශරීරයක් සහිතව හෝ ඝන වූ ශරීරයක් සහිතව උසස් පහත්
ස්ථාන භේදයකට අනුව කිසියම් තැනෙක උපදිනු ලබනව. ඝන වූ ශරීරයක් ඇති අය සම්මත දේව ලොව, මිනිස්
ලොව හා තිරිසන් ලොව (පක්ෂි උරග ජලජ සිව්පා සහිත) උපදින අය බවත් අප තේරුම් ගත
යුතුයි. එමෙන්ම සියුම් වූ ශරීර ඇතිව සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන අය නිරය, ප්‍රේත, අසුර, භූත, දිව්‍ය, බ්‍රහ්ම
ලෝකවල ඕපපාතිකව උපදින බවත් තේරුම් ගත යුතුයි.
කෙසේ
හෝ මෙසේ පවතින සත්ව ලෝකය හා අවකාශ ලෝකය කාලයක් යන විට කල්පාවසානයේ ජලයෙන්, ගින්නෙන්, සුළඟින්
ආදී ක්‍රමවලින් විනාශ වී යනවා. එහිදී ඝණවූ ශරීර ඇති එකම සත්වයෙකුදු ඉතුරු වන්නේ
නැහැ.. එනමුත් ඒ සියුම් නාම රූපී ශක්තීන්,
විශ්වයේ කිසියම් සථරයක(ආභස්සර බඹලොව) තැම්පත් වෙනවා.. සියුම් වූ ශරීර ඇති ඔවුන්ට
අපි බ්‍රහ්මයින් කියා කියමු.
මෙසේ
බොහෝ කාලයක් ගිය පසු නැවත පෘථුවි ලෝකය සකස් වෙනවා.. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදි
ආභස්සර බඹ ලොවෙන් සියුම් වූ ශරීර සහිතව පැමිණි බ්‍රහ්මයෙක්, පෘතුවි
පංචකාම රසයට තණ්හා උපාදානය වී ඇලී වාසය කළා. තන්හාව නිසා ඔවුන්ගේ ශරීර ඝණ භාවයට ක්‍රමයෙන්
පත් වී ගියා. කල් යත්ම තවත් අය එලෙසින්ම එක්වුනා. මුලින් තනිව බ්‍රහ්මව සිටි මේ අය, දෙදෙනෙක්
සමග එකතුවී දේව වුනා.. මේ දේව වූවන් පංචකාමයම උසස් කොට උතුම් කොට සැලකුවා..
ඔවුන්ගේ එක්වීමෙන් දරු පරපුරක් හටගත්තා..
කල්
යත්ම මේ පිරිසෙන් සමහර අය තව තවත් රාගයෙන් තන්හා වී අධාර්මික වැඩ කරන්නට වුනා..
සමහරු විෂම ලෝබය,රාගය, ද්වේෂය
නිසා අනුන්ගේ වස්තුව සොරකම් කරන්නටත්, අන්සතු
දේ උදුරා ගන්නටත්, අන් අයට හිංසා කරන්නටත්, බොරු
කියන්නටත්, රාගයෙන් මත්වී කටයුතු කරන්නටත් පුරුදු වුනා..
ඉතින් ධාර්මිකවූ ගුණයහපත් වූ අය එක් රැස්වී මේ
අධාර්මික ක්‍රියා පාළනය කරන්නට අවශ්‍ය නිසා, වැරදි
කරන්නන්ට දඬුවම් කළ යුතුයැයි කවුරුත් ඒකමතිකව සම්මත කොට ගෙන, ප්‍රජාව
පාළනය කරන්නට පුද්ගලයෙකු පත් කළා. රාගය පාළනය කරන්නාවූ ඔහු රාජ වුනා. මහාසම්මතයෙන්
පත් කොටගත් ඒ පළමු රජු මනු නම් වුනා.. ඉන්පසු ඒ දේව වූ අයට අමතරව පාළන තන්ත්‍රයේ
කටයුතු කරන අයට ‘මනුස්ස’ කියා
ව්‍යවහාර කළා.. මෙසේ මහා රාජ යටතේ අනෙකුත් ප්‍රාදේශීය රජවරුද පත් කරනු ලැබුවා.
දැන් දේව හා මනුස්ස කියා දෙපිරිසකි.
මේ දේවවරු 'රා' කියන්නාවූ
පංචකාමයම උතුම් කොට 'සු' කියා
ගත් නිසා 'සුර' වුනා.. මේ පංචකාමය අසුවයි නින්දිතයි කියා ඒවා පාළනය
කරන අය ‘අසුර’ වුනා..
මෙසේ සුර අසුර හෙවත් දේව මනුස්ස පිරිසක් බිහිවූ අතර, මේ
දෙපිරිස අතර අදහස්මය වශයෙන් නොයෙක් අවශ්ථාවල යුධ ගැටුම් හට ගත්තා.. ඇත්තටම
කියනවානම් මේ කියනුයේ රාගයට බර දේව හා
ද්වේෂයට බර අසුර අයගේ රාග ද්වේෂ ගැටුමම නොවේදැයි ඔබම වටහා ගන්න.. මෙම සුර අසුර
ගැටුම කාම භූමියේ සදාකල්ම පවතින්නක්මය.
මෙම
ගැටුම සමතයට පත් කරන්නට කාළාණුරූපීව යුගයෙන් යුගයට සක්විති රජවරු හා බුදුවරු කාම
ලොව පහළ වන්නාහ. යමෙක් මේ සියලූම රාය්‍යයන්ට ප්‍රධානව මේ හෙළ දිවයිනේ ඇති මුළු
මිනිස් ලොවම දසරාජ ධර්මයෙන් පාළනය කරන්නට සමත් වූවානම් ඔහුට ‘සක්විති
මහා රාජ’ කියා එදා කියනු ලැබුවා..
එමෙන්ම කාම ලොව සිටින දෙව් මිනිස්
දෙපිරිසටමත් අමතරව රූපි බඹ ලොවටත් ආධිපතිත්වය දරණු ලබන්නේ බුදුවරුම පමණයි. එහෙනම්
දෙවියන් සහිත, මිනිසුන් සහිත, බඹුන්
සහිත වූ, භෞතික ඝණ රූපීව සකස්වුණු ලෝක වලටත්, අභෞතිකව
සියුම්වූ මනෝරූපීමය වශයෙන් සකස් වුනු ලෝක වලටත් කියන්නාවූ මේ සියලු ලෝක තලයන්ටම
නායක වන්නේ ලොව්තුරා බුදුවරුන්ම පමණක්මයි.. ඒ අති උත්තම බුදුවරු ලෞකිකවූ දුකෙන්
මිදෙන මගත් සියලු ලෝක 31ක් තලයෙන්ම එතෙරවන, ලෝකෝත්තර
මගත් දේශනා කරන්නාහ.. මෙතෙක් ලොව පහළවූ සියලු බුදුවරුන්ගේ සත්‍යයේ ගුණානුභාව
බලයෙන් ඔබට සද්ධර්මය අවබෝධ වේවා...