අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් දවසක්,
එවකට
ලක්දිව කොටසේවූ යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා ඇතුලු වගකිව යුත්තන් තම සේනාවන් ද
සමග බුදුපියාණන් බැහැදකින්නට පැමිණියා.
මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහායි. ඉතා වැදගත් යමක් ප්‍රකාශ
කිරීමටයි.. ඒ එන්නේ බෞද්ධ ජනතාවට යක්ඛ
නාගාදීන්ගෙන් වන හිරිහැර නිසා ඉදිරියට එවන්දේ නොවන්නට සම්මුති ගිවිසුමක් ඇතිකර
ගන්නයි. මොකද යක්කු බෞද්ධයන්ට කරදර හිරිහැර කරනවා කියල පැමිණිලි ගොඩාක් තිබුනා..
ඉතින් බුදුහාමුදුරුවො දිවයිනේ ඒ හිටි ඒ යක්ඛ. නාග ජාතිවල නායකයින්ව
කැඳවනවා.. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ අණට යක්කු අවනත වෙන්න කිසියම් විශෙෂ හේතු
කීපයක් තියෙනවා. ඉන් එක හේතුවක් තමයි ඔවුන් හා තිබුණු ඤාති සම්බන්ධය. (ඒක ඉස්සරහට
කතාකරමු ) කොහොමහරි එදා සිටි හැම ජාතියක්ම පිළිගත්තා බුදුරජුන් ඔවුන්ගේද නායක
රජුන් හැටියට.. ඒ නරසීහයාණන් වහන්සේ තමයි එදා මේ හෙළයේ මහා
සීහළයාණන් වහන්සේ වුනේ...
බුදුරදුන් එදා වැඩසිටි රජගහ නුවරත්, ගිජ්ජකූට නම් පර්වත විහාරයත්,
යක්ඛ
රාජ්‍යයත් පිහිටියේ එකම දීපයක් වූ මේ හෙළදීපයේමය.. ඒ බව මේ ආටානාටිය සූත්‍රයේ
පැහැදිලිවම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකක්ය. (පසු කාලයේදී තමයි මේ දෙකම එකක්
වන්නේ.)
ඉතින් ඒ ලංකා පාළන ප්‍රදේශයේ පිහීටි අනු රාජ්‍ය හතරේම නායක මහා රජු
තමයි වෙසමුණි පෙළපතෙන් එන පණිත රජු කියන්නේ. ඔහුටම කුවේර/වෙසමුණි/වෙස්සවන යන
නාමයනුත් භාවිතා වුනා. ඒ වගේම යක්ඛ කියන ජනතාවගේ මහ රජු නිසා මහ යකා කියලත් සමහරු
ඔහුට කියනවා. ඔය නාග, කුම්භන්ඩ,
ගන්ධබ්බ
කියන අනු රාජ්‍ය නායකයින් හා ඒ වැසියනුත් මොහු යටතේමයි හිටියේ.. කවුරුත් මේ මහා
යකාගේ අණට උඩින් යන්නේ නෑ.
ඉතින් පොදුවේ මේ ජන කොටස් හතරටම කීවේ යක්ඛ හෙවත් අසුර ජනතාව කියායි.
එසේම ඔවුන්ට අමනුස්සයො කියාත් කීවා.. මේ දිවයිනේම එදා මේ අය සිටි රාජ්‍ය කොටසට
කීවේ ලක්දිව හෙවත් යක්ඛ හෙළය කියායි. ඔවුන් එක එක ජාති ආගම් මිශ්‍ර අයයි. (දෙමළ,
මුස්ලිම්
අය වගේ කියල දැනට හිතා ගන්නකෝ.) ඔවුන් බෞද්ධ අයත් නොවේ. ''
මේ
යක්කුත් එක්ක අපිට එකට ඉන්න බෑ'' ''මේ අමනුස්සයොත් එක්ක මොනවත් කරන්න බෑ''
වගේ
පැරණි කියමන් වලින් එන්නේ මේ කතාව තමයි.
ඉතින් ඔය ජන කොටස් එහෙම පැත්තක ඉන්න අතරේ මේ දිවයිනේම වූ දඹදිව කියන
කොටසේ හිටියේ කවුද? ඔවුන් තමයි මනුස්ස හා දේව කියන්නේ. මනු
රජුගෙන් පැවතෙන ජන කොටස තමයි මනුස්ස කියන්නේ. කඳුකර ප්‍රදේශ වල බහුලව සිටියේ දේව
ජනයායි.. ඔය දෙවි, මනුස්ස කියන දෙකොටසත් සමහර කාල වලදී ඇන
කොටා ගන්නවා. යුද්ධ කරනවා. ඔය යුද්ධ ගැටුම් වලදී බොහෝ වෙලාවට යක්ඛ ජනතාව දේව
ජනයාටත්, නාග ජනතාව මනුස්ස ජනතාවටත් සහාය දක්වලා තියෙනවා..
ඉතින් අපි අපේ මහා සීහෙළයාණන්ගේ සුලමුල හරියට
හොයා නොගෙන අන්ධයෝ වගේ වැඩ කරන්න හොඳ නෑ..
අවුරුදු 2600 කට කලින් එදා ජාති කුළ මල වශයෙන් බෙදී
ගිය සිව් හෙළයා එක්සේසත් කල ඒ මහා සීහළයාණන් කවුද කියලා මුලින්ම හරියට දැන ගැනීම
ඉතා වැදගත්. ඒ මුදුන් මුල විනාශ කරල කොහොමද අපි ගහ රැක ගන්නේ..?
ඉතින්
අපේ කොඳු නාරටි කඩපු තැන් දැනගෙන ඒ තැන්වලට මුලින්ම බෙහෙත් කර ගත යුතුයි.. ඒ කියනේ
ඉතිහාසය වෙනස් වුනු තැන් දැන හදා ගන්න ඕනි..
එනිසා මුලින්ම ඇත්ත ඇති
සැටියෙන් හොයමු.. ඒකට ඉතිහාසය හදා නිවැරදි ගන්නම වෙනවා.. ඉතින් අපි අපේ මහා
සීහෙළයා පරදේශයකට තල්ලු කරලා රටක් ජාතියක් සමයක් රකින්නේ කොහොමද..?
අපේත්,
දරුවන්ගෙත්
සතුටුදායී අනාගතයක් හදන්නෙ කොහොමද?
සිංහයෝ කියන අපි හිතන් හිටිය අපේ මහ එක්කෙනා සිංහ
කියන
තිරිසනෙක්ගෙන් පැවත එන විජය කියල.. අපිත් බූරුවෝ වගේ පොතේ තියෙන විදියට එහෙමම පිළි
අරගෙන හිටියා..දැනටත් සමහරු ඉන් එහාට කිසිවක් හොයන්න යන්නෙත් නෑ.. අපි කිව්වට පිළි
ගන්නෙත් නෑ.. එයාල අහන්නේ, පිළිගන්නේ ඉන්දියානුවෙක් හරි සුද්දෙක්
හරි කිව්වනම් විතරයි.. ඉතින් ඒකනේ අපේ බුදුහාමුදුරුවොත් පිට රටකට තල්ලු කරල
හිඟන්නො වගෙ කට ඇරන් බලන් ඉන්නේ..
බුදුහාමුදුරුවෝ කියන්නේ මේ
හෙළ රටේ හිටි අති උත්තම හෙළ රජෙක්.. උන්වහන්සේට කලින් එවැනිම තවත් බුදුවරු තුන්
නමකුත් හිටියේ මේ හෙළ රටේම තමයි.. යුගයෙන් යුගයට එවැනි උත්තමයින් පහලවෙලා
බෙදී ගිය මේ රට එක්සේසත් කරල, ධර්ම මාර්ගය පෙන්වා දීල විමුක්තිය උදා
කරනවා.. ඒක මුලින්ම හරියට තේරුම් ගත යුතුයි...
විවිධ ජන වර්ග එදත් මේ දිවයිනේ හිටිය.. නාග,
යක්ඛ,
මනුස්ස,
දේව
ආදී වශයෙන් කියන්නේ ඒ කට්ටිය තමයි. මෙයාල එදත් දෙතුන් පැත්ත බෙදිල ගහගත්ත,
මරාගත්ත..
ශාක්‍ය,
කෝළීය
කියන්නේත් එහෙම දෙපැත්තක් තමයි.. ඔය ගහ මරා ගැනිල්ල නතර කරන්න ගහපු පොලිටික්ස්
ප්ලෑන් එක තමයි එදා අපේ සුද්ධෝදන රජ්ජුරුවො කලේ.. එතුමා තමන්ගේ ශාක්‍ය වංශික මානය
බිඳ දමල අඩු වංශයක රාජ දියණියක් සරණපාවා ගන්නවා.. ඇය තමයි කෝලීය වංශික මහාමායා
කියන්නේ..
එදා මේ දිවයින ප්‍රධාන කොටස් දෙකයි.. ඒ දෙක තමයි ලක්දිව හා දඹදිව
කියන්නේ.. මේ කියන හෙළ දඹදිව කොටසේ කපිලවස්තු පුර තමයි සුද්ධෝදන රජ්ජුරුවො
හිටියේ.. එතකොට ලක්දිව කොටසේ හිටි ප්‍රබල රජ්ජුරුවො තමයි පණිත හෙවත් වෙසමුණි
කියන්නේ.. ඔහුගේ පුතා සුමන සමන්.. දුව තමයි මහාමායා කියන්නේ.. ඇත්තටම මෙයාලා යක්ඛ
කියන ජන වර්ගයටයි අයිති වුනේ..
ඒ වගේම එදා ලංකා කොටසට අයිතිවුණු කැළණිය,
කල්පිටිය
වගේ ප්‍රදේශ වල හිටියේ නාග ජන වර්ගයායි.. මණි අක්ඛික,
චූලෝදර,
මහෝදරලා
තමයි ඒ නාගයින්.. මේ නාග, යක්ඛ ජාති දෙකම එකම ලංකා කොටසේ
සිටියා.. තව කුම්භන්ඩ, ගන්ධබ්බ වගේ අයත් හිටියා.
එහෙනම් දඹදිව කොටසේ සිටි රජු ලක්දිව කොටසේ හිටි යක්ඛ රාජ දියණියක් හා
විවාහ වන්නේ ඇයි?
ඇත්තටම බෙදුණු මේ දිවයින එක් කරන්නට වෙන ක්‍රමවේදයක් නෑ.. ඒ වංශ දෙකේ
සංකලනයෙන් උපදින දරුවාට සක්විති රාජ පදවිය ලබන්නටත් කිසිම බාධාවක් නොපැමිණෙන බව
ඔවුන් දැන සිටියා.. එතන කාලයද, දීපයද, දේශයද, කුළයද, මවද මනාව ගැලපී තිබුණා..
අන්තිමට මේ බෙදීගිය සියලු ජන කොටස් එක් කරමින් පිංවත් කුමරුවෙක් බිහි
වෙනවා.. ඒ කුමරා සීදන්ත/ සිද්ධත්ත/ සිද්ධාර්ථ/ සිදුහත්/ සීහ යන නම් වලින්
හැඳින්වෙනවා.. පියා ඇතුලු ඤාති පිරිස ඔහුව
සක්විති රජෙක් කරවන්නට බලවත් උත්සාහයක් ගන්නවා..
එහෙත් එතුමා ඒ රජකම පසෙක දමා පැවිදිව පසු කලෙක ලොව්තුරා බුද්ධත්වයට පත්
වේනවා.. ඉන් පසු බෙදී ගිය සියලු ජාති කුල මල කොටස් එක් කොට සීහළ වංශයක් ප්‍රතිනිර්මාණය
කරනවා.. ඒ සිහෙළ වංශයට කිසිම ජාති, කුල, මල භේදයක් නෑ.. සිව්මහ ගංගා වලින් ජලය
ගොස් මහ මුහුදට එක්වූ පසු එකක් වන්නාක් මෙන්ය..
ඉතින් මෙන්න මේක තමයි ඇත්තම කතාව.. ඒ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේ
සිව් හෙලයාට නායකයෙක්, ගුරුවරයෙක්,
පියෙක්,
මවක්
මෙන්ම රජෙක් වන බවත් සියලු දෙනාම දැන ගත යුතුයි...
උන් වහන්සේ ලෞකික, ලෝකෝත්තර කියන දෙමගෙහිම යන අයට යහපත
පෙන්වා දුන්නා.. හරසුන් සසර ගමනින් මිදෙන මග පෙන්වා දුන්නා.. සැමටම සමානාත්මතාවය
මැනවින් පෙන්නා දුන්නා..
උන්වහන්සේ සිව් හෙළයේ රජාණන් වහන්සේ කෙනෙක් හැටියට සෑම රාජ පරිපාළන
ගැටලුවක්ම විසඳුවා.. එක් විටෙක සතුරන් විසින් ආක්‍රමණය කොට තිබුණු මහියංගන හා
හිමගිරට වැඩම කොට එහි ගැටලු විසඳුවා..එහිදී හිමගිර ප්‍රදේශය ආරක්ෂ කරන්නට තම මාමා
වූ සමන් රජුට භාර කළා.. මහියන්ගන සිටි යක්ඛ ජනයාගේ ප්‍රශ්නයත් විසඳුවා..
තවත් විටෙක උන් වහන්සේ කැළණියේ සිටි නාග වැසියන්ගේ රජ පුටු හබය එහි
ගොස් විසඳුවා.. ඒ ගමනේදී කල්පිටිය මොක්කෙම සිටි නාග වැසියන්ගේත් ප්‍රශ්න විසඳා
සිරිපතුල් පිහිටුවා සමගිය උදා කළා.. ඔවුන්ගේ ඤාතීන් අදටත් සවුදි අරාබියේ මක්කම
කියා වන්ඳනා කරන්නේ බුද්ධ සිරි පතුලකටයි.. එය මේ සිරිපතුල එහි ගෙන ගොස් හෝ
නොමැතිනම් පෙර සිටි කාශ්‍යප බුදුන්වහන්සේගෙ සිරිපතුලකි..
ඇත්තටම මේ පෙර හෙළදිව වැඩ සිටි කාශ්‍යප බුදුරදුන්ද හිමගිර සිරිපතුල්
පිහිටුවා තිබෙනවා.. අන්‍යාගමිකයින් අල්හා, ආදම් වගේ නම් හදාගෙන සමන්ගිර වඳින්නට
පුරුද්දට මෙන් අදටත් යන්නේ නොදැනුවත්ව හෝ ඒ අපේ පෙර වැඩ සිටි බුදුවරයින්ගේද සිරිපා
සටහන් වඳින්නටයි..
මේ නාග, යක්ඛ කියන දෙපිරිසම කාශ්‍යප
බුදුන්වහන්සේගේ කාලයේත් වෙන නම් වලින් සිට තිබෙනවා.. ආලවක යකා අප බුදුන්ගෙන් ප්‍රශ්න
හතරක් අහන්නේද ඒ පරපුරේ අය කාශ්‍යප බුදුන්වහන්සේගෙන් උගත් දහම් කොටසක් පරම්පරාවෙන්
කටපාඩම් කර ගෙන තීබූ නිසායි.. අන්තිමට ඒ යකා මෙල්ල වන්නේද අප බුදුන් නියම පිළිතුර
දුන් නිසායි..
එසේම කාශ්‍යප බුදුන්වහන්සේගේ කාළයේ සිට එන නාග අයත් සිටියා..
ඔවුන්ගෙන් තමයි සෙට්ටි වරු හෙවත් සිටුවරු එන්නේ.. ඔවුන් එකල මුදල් පොලියට දුන්
අයයි. ඔය අනේපිඩු සිටු වගේ අයත් ඒ කට්ටියම තමයි..
අප ගොතම බුදුරදුන්ටත් මේ නාග ජනතාව ඉහලින්ම සැලකුවා.. ඇත්තම කියනවනම්
යක්කුන්ට වඩා නාගයින් බුදුරදුන්ට සත්කාර කලා කියන්න පුලුවන්.. මුචළින්ද නා
රජ්ජුරුවො ගොතම බුදුරදුන්ට නොතෙමී ඉන්න ආවසයකුත් හදලා දුන්නා. එසේම මණි අක්ඛික නා
රජ්ජුරුවො සිදුහත් කුමරුට මාළිගයක් හදාගන්නට ඉඩමකුත් කැළණි පුරය පැත්තෙන් තෑගි දීල
තියෙනවා..
ඉතින් ඔය නාග කියන අය අපේ බුදුරදුන්ට ගොඩාක් හිතවත්වයි ඉඳලා
තියෙන්නේ.. ඒක අද ඉන්න බොහෝ අය දන්නෙ නෑ..
මේවායේ සුල මුල හරියට දන්නවනම් මෙච්චර ගහ මරා ගන්නේත් නෑ.. ඒකමයි අපි
මෙච්චර මේ කෑ ගහන්නේ ඉතිහාසය හරියට හොයා නිවැරදි කර ගනිමු කියලා..
එහෙනම් අප කවුරුත් අන්තගාමී
නොවී මධ්‍යස්ථව හිතන්නට අවශ්‍යයි..මේ සිව් හෙළය සිංහ,
නාග,
යක්ක
ආදී කියන ඔක්කොටම අයිතියි කියන එක ඇත්ත.. හැබැයි කුමන ලෙසකින් හරි,
කවදත්
මේ දිවයිනේ මහ ජාතිය වුනේ සිංහලයින්මයි.. කවුරුවත් එය අමතක කරන්නත් හොඳ නෑ.. ඔවුන්
තමයි මේ බුදු දහම රකින්නේත්..
වසර ලක්ෂ ගනනක මේ සංසාර චක්‍රයේ සෑම කාලෙකම පෙරුම් පුරා බුදුවන
හෙළයන්ටද, ඒ බුදුන් වහන්සේලාගේ ශාසනය තුල නිවන් අවබෝධ කරගන්නා හෙළයන්ද,
ඒ
සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන හෙළයන්ටද මිස මේ රටේ සැබෑ අයිතිය වෙන කාටවත්ම නැහැ..
ඒක නොදත් පණ්ඩිතයනුත්, අශිෂ්ඨ පාළකයිනුත් මේ අති උතුම්
හෙළබිමට කරන්නේ මහා විපතක්මය.. මේ දිවයිනේ රජා වෙන කෙනා කවුරු වුනත් ඔහු අනිවාර්‍යයෙන්ම
බෞද්ධයෙක් විය යුතුය.. බුදු දහමටත්, සිංහල ජනතාවටත් මුල් තැන දිය යුතුමය..
හැම යකෙක්ම, නාගයෙක්ම ඊට අවනත විය යුතුය.. එය තෙරුවන් බළයයි.. එය බුද්ධ අණයි.
එසේම යක්ඛ නායකයින්ගේද අණයි.
එනිසා මේක ධර්මද්වීපයම බව සියලු දෙනාම දැන ගත යුතුයි.. බුද්ධ අණට ගරු
කළ යුතුයි.. ආනාටිය සූත්‍රයේ සඳහන් පරිදි එදා යක්ක, නාග ආදී අනෙක් ජාතීන් බුදු වදනට ගරු
කොට බුදුරජුන්ව ඔවුන්ගේද, දිවයිනේද නායකයා ලෙසට ඔවුන්ගේම මුතුන්
මිත්තන් පිළිගත් බව දැන ගත යුතුයි..
යමෙක් බුදු දහමටත්, බුද්ධ ශ්‍රාවකයෙකුටත් හිරිහැර කළොත්
එදා සිටි වෙසමුණි රජු ඇතුලු ඔවුන්ගේ නායක රජවරුන් එම ගොත් වල අයට දෙන දඬුවම වූයේ
හිස ගසා දැමීමයි. (ඔලුව සත්කඩකට පැලීම).
බුදුරදුන් ඉදිරියේ එදා සම්මත කරගත් ඒ මහා
ගිවිසුම, වෙසමුණි රජුගේ ආක්ඤාව කුමක්ද කියා කවුරුත් දැන ගත යුතුයි..
එදා
අනෙකුත් ජාති වල සියලුම නායකයන් වගකීමෙන් භාරගන්නවා බෞද්ධයින්ව ආරක්ෂා කරන්නට. ඒ
වෙනුවෙන් නියෝජිත පිරිසකුත් පත් කරනවා නීතිය ක්‍රියාත්මක කරවන්නට..
ආටානාටිය පිරිත කියන්නේ
නිකම්ම ඉවත දැමිය යුතු පිරිතක් නම් නොවේ.. එහි හරයක් හරියට වටහා නොගෙන කොතරම් රැ
එලිවෙනකම් ජප කළත් ඉන් නියම වටිනා කමක් ගන්නට නම් බැහැ.. මේ උතුම් පිරිත භෞතිකව ඝණ
ශරීර හා අභෞතිකව සියුම් ශරීර වලින් යුත් දෙකොටසටමයි වැදගත් වන්නේ..
අපේ නායක වූ බුදුරජාණන්
වහන්සේ අපිට ඉගැන්නුව, කාත් එක්කත් සහයෝගයෙන්,
සමගියෙන්,
සමානාත්මතාවයෙන්,
කරුණා
මෛත්‍රියෙන් ඉන්න ඕනි ආකාරය. ඒ පරිදි මේ දිවයිනේ කවුරුත් තම සීමා උල්ලංඝනය නොකර
ඉන්නට ඕනි.. අපි අපේ අභිමාණය සහ උරුමය ලෝකයටම පෙන්වාදී සාධාරණ ධාර්මික මිනිසුන් බව
පෙන්වා දිය යුතුයි.. අපි එක ලේ බිඳුවක්වත් නොසලා සියලු සතුරු බලවේග පරාජය කරන්නට
එකමුතු විය යුතුයි..
එනිසා පින් සිදුවෙයි, හාමුදුරුවනේ,
නෝනාවරුනේ,
මහත්වරුනේ,
ඔක්කොටම
කලින් ඔය මිත්‍යා මත පැත්තකින් තියලා බුද්ධිමත් ලෙසින් ඉතිහාසය නිරවුල් කර ගමු..
දැන්වත් ඉන්දියානුවොයි, ජර්මන් කාරයොයි ලියල දීපු බොරු ඉතිහාසය
දොහොත් මුදුනෙන්ම පිළි අරගෙන, ඊට මුළාවෙලා,
ධර්මය
පසෙක තබා සිහි බුද්ධියක් නැතුව දෙවි වරුන්ට බුදුවරුන්ට වන්දො වගේ වැඳ වැඳ ඉන්න
ආගමක් පමණක් කරේ තියාගෙන දිව්‍ය ලෝකෙම
යන්න බලාගෙන ඉන්න අන්ධ භක්තිය පැත්තකින් තබා නුවණින් විමසන්නට පුරුදු විය යුතුයි..
මෙහි කිසිම පුද්ගලික හෝ පටු දේශපාලනික අරමුණක් නැහැ.. කවුරුත් පක්ෂ
භේද අත හැරල එකා වගේ රටක් ජාතියක් හැටියට නැගී සිටිමු. අපත් හැදෙමු.. රටත් හදමු..
සසරින් එතෙර වන නිවැරදි මගත් සොයා ගමු.
අපට වැරදුන තැනක්
තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. මුල වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා
ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ
නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ
ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි…
සියලු දෙනාටම තෙරුවන් සරණයි