එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..


අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් දවසක්, එවකට ලක්දිව කොටසේවූ යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා ඇතුලු වගකිව යුත්තන් තම සේනාවන් ද සමග බුදුපියාණන් බැහැදකින්නට පැමිණියා.
මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහායි. ඉතා වැදගත් යමක් ප්‍රකාශ කිරීමටයි..  ඒ එන්නේ බෞද්ධ ජනතාවට යක්ඛ නාගාදීන්ගෙන් වන හිරිහැර නිසා ඉදිරියට එවන්දේ නොවන්නට සම්මුති ගිවිසුමක් ඇතිකර ගන්නයි. මොකද යක්කු බෞද්ධයන්ට කරදර හිරිහැර කරනවා කියල පැමිණිලි ගොඩාක් තිබුනා..

ඉතින් බුදුහාමුදුරුවො දිවයිනේ ඒ හිටි ඒ යක්ඛ. නාග ජාතිවල නායකයින්ව කැඳවනවා.. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ අණට යක්කු අවනත වෙන්න කිසියම් විශෙෂ හේතු කීපයක් තියෙනවා. ඉන් එක හේතුවක් තමයි ඔවුන් හා තිබුණු ඤාති සම්බන්ධය. (ඒක ඉස්සරහට කතාකරමු ) කොහොමහරි එදා සිටි හැම ජාතියක්ම පිළිගත්තා බුදුරජුන් ඔවුන්ගේද නායක රජුන් හැටියට.. ඒ නරසීහයාණන් වහන්සේ තමයි එදා මේ හෙළයේ මහා සීහළයාණන් වහන්සේ වුනේ...
බුදුරදුන් එදා වැඩසිටි රජගහ නුවරත්, ගිජ්ජකූට නම් පර්වත විහාරයත්, යක්ඛ රාජ්‍යයත් පිහිටියේ එකම දීපයක් වූ මේ හෙළදීපයේමය.. ඒ බව මේ ආටානාටිය සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකක්ය. (පසු කාලයේදී තමයි මේ දෙකම එකක් වන්නේ.)
ඉතින් ඒ ලංකා පාළන ප්‍රදේශයේ පිහීටි අනු රාජ්‍ය හතරේම නායක මහා රජු තමයි වෙසමුණි පෙළපතෙන් එන පණිත රජු කියන්නේ. ඔහුටම කුවේර/වෙසමුණි/වෙස්සවන යන නාමයනුත් භාවිතා වුනා. ඒ වගේම යක්ඛ කියන ජනතාවගේ මහ රජු නිසා මහ යකා කියලත් සමහරු ඔහුට කියනවා. ඔය නාග, කුම්භන්ඩ, ගන්ධබ්බ කියන අනු රාජ්‍ය නායකයින් හා ඒ වැසියනුත් මොහු යටතේමයි හිටියේ.. කවුරුත් මේ මහා යකාගේ අණට උඩින් යන්නේ නෑ. 

ඉතින් පොදුවේ මේ ජන කොටස් හතරටම කීවේ යක්ඛ හෙවත් අසුර ජනතාව කියායි. එසේම ඔවුන්ට අමනුස්සයො කියාත් කීවා.. මේ දිවයිනේම එදා මේ අය සිටි රාජ්‍ය කොටසට කීවේ ලක්දිව හෙවත් යක්ඛ හෙළය කියායි. ඔවුන් එක එක ජාති ආගම් මිශ්‍ර අයයි. (දෙමළ, මුස්ලිම් අය වගේ කියල දැනට හිතා ගන්නකෝ.) ඔවුන් බෞද්ධ අයත් නොවේ. '' මේ යක්කුත් එක්ක අපිට එකට ඉන්න බෑ'' ''මේ අමනුස්සයොත් එක්ක මොනවත් කරන්න බෑ'' වගේ පැරණි කියමන් වලින් එන්නේ මේ කතාව තමයි.
ඉතින් ඔය ජන කොටස් එහෙම පැත්තක ඉන්න අතරේ මේ දිවයිනේම වූ දඹදිව කියන කොටසේ හිටියේ කවුද? ඔවුන් තමයි මනුස්ස හා දේව කියන්නේ. මනු රජුගෙන් පැවතෙන ජන කොටස තමයි මනුස්ස කියන්නේ. කඳුකර ප්‍රදේශ වල බහුලව සිටියේ දේව ජනයායි.. ඔය දෙවි, මනුස්ස කියන දෙකොටසත් සමහර කාල වලදී ඇන කොටා ගන්නවා. යුද්ධ කරනවා. ඔය යුද්ධ ගැටුම් වලදී බොහෝ වෙලාවට යක්ඛ ජනතාව දේව ජනයාටත්, නාග ජනතාව මනුස්ස ජනතාවටත් සහාය දක්වලා තියෙනවා..

ඉතින් අපි අපේ මහා සීහෙළයාණන්ගේ සුලමුල හරියට හොයා නොගෙන අන්ධයෝ වගේ වැඩ කරන්න හොඳ නෑ..  අවුරුදු 2600 කට කලින් එදා ජාති කුළ මල වශයෙන් බෙදී ගිය සිව් හෙළයා එක්සේසත් කල ඒ මහා සීහළයාණන් කවුද කියලා මුලින්ම හරියට දැන ගැනීම ඉතා වැදගත්. ඒ මුදුන් මුල විනාශ කරල කොහොමද අපි ගහ රැක ගන්නේ..? ඉතින් අපේ කොඳු නාරටි කඩපු තැන් දැනගෙන ඒ තැන්වලට මුලින්ම බෙහෙත් කර ගත යුතුයි.. ඒ කියනේ ඉතිහාසය වෙනස් වුනු තැන් දැන හදා ගන්න ඕනි..
 එනිසා මුලින්ම ඇත්ත ඇති සැටියෙන් හොයමු.. ඒකට ඉතිහාසය හදා නිවැරදි ගන්නම වෙනවා.. ඉතින් අපි අපේ මහා සීහෙළයා පරදේශයකට තල්ලු කරලා රටක් ජාතියක් සමයක් රකින්නේ කොහොමද..? අපේත්, දරුවන්ගෙත් සතුටුදායී අනාගතයක් හදන්නෙ කොහොමද?
සිංහයෝ කියන අපි හිතන් හිටිය අපේ මහ එක්කෙනා සිංහ කියන තිරිසනෙක්ගෙන් පැවත එන විජය කියල.. අපිත් බූරුවෝ වගේ පොතේ තියෙන විදියට එහෙමම පිළි අරගෙන හිටියා..දැනටත් සමහරු ඉන් එහාට කිසිවක් හොයන්න යන්නෙත් නෑ.. අපි කිව්වට පිළි ගන්නෙත් නෑ..  එයාල අහන්නේ, පිළිගන්නේ ඉන්දියානුවෙක් හරි සුද්දෙක් හරි කිව්වනම් විතරයි.. ඉතින් ඒකනේ අපේ බුදුහාමුදුරුවොත් පිට රටකට තල්ලු කරල හිඟන්නො වගෙ කට ඇරන් බලන් ඉන්නේ..
 
 බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හෙළ රටේ හිටි අති උත්තම හෙළ රජෙක්.. උන්වහන්සේට කලින් එවැනිම තවත් බුදුවරු තුන් නමකුත් හිටියේ මේ හෙළ රටේම තමයි.. යුගයෙන් යුගයට එවැනි උත්තමයින් පහලවෙලා බෙදී ගිය මේ රට එක්සේසත් කරල, ධර්ම මාර්ගය පෙන්වා දීල විමුක්තිය උදා කරනවා.. ඒක මුලින්ම හරියට තේරුම් ගත යුතුයි...
විවිධ ජන වර්ග එදත් මේ දිවයිනේ හිටිය.. නාග, යක්ඛ, මනුස්ස, දේව ආදී වශයෙන් කියන්නේ ඒ කට්ටිය තමයි. මෙයාල එදත් දෙතුන් පැත්ත බෙදිල ගහගත්ත, මරාගත්ත..
    ශාක්‍ය, කෝළීය කියන්නේත් එහෙම දෙපැත්තක් තමයි.. ඔය ගහ මරා ගැනිල්ල නතර කරන්න ගහපු පොලිටික්ස් ප්ලෑන් එක තමයි එදා අපේ සුද්ධෝදන රජ්ජුරුවො කලේ.. එතුමා තමන්ගේ ශාක්‍ය වංශික මානය බිඳ දමල අඩු වංශයක රාජ දියණියක් සරණපාවා ගන්නවා.. ඇය තමයි කෝලීය වංශික මහාමායා කියන්නේ..
එදා මේ දිවයින ප්‍රධාන කොටස් දෙකයි.. ඒ දෙක තමයි ලක්දිව හා දඹදිව කියන්නේ.. මේ කියන හෙළ දඹදිව කොටසේ කපිලවස්තු පුර තමයි සුද්ධෝදන රජ්ජුරුවො හිටියේ.. එතකොට ලක්දිව කොටසේ හිටි ප්‍රබල රජ්ජුරුවො තමයි පණිත හෙවත් වෙසමුණි කියන්නේ.. ඔහුගේ පුතා සුමන සමන්.. දුව තමයි මහාමායා කියන්නේ.. ඇත්තටම මෙයාලා යක්ඛ කියන ජන වර්ගයටයි අයිති වුනේ.. 

ඒ වගේම එදා ලංකා කොටසට අයිතිවුණු කැළණිය, කල්පිටිය වගේ ප්‍රදේශ වල හිටියේ නාග ජන වර්ගයායි.. මණි අක්ඛික, චූලෝදර, මහෝදරලා තමයි ඒ නාගයින්.. මේ නාග, යක්ඛ ජාති දෙකම එකම ලංකා කොටසේ සිටියා.. තව කුම්භන්ඩ, ගන්ධබ්බ වගේ අයත් හිටියා.
එහෙනම් දඹදිව කොටසේ සිටි රජු ලක්දිව කොටසේ හිටි යක්ඛ රාජ දියණියක් හා විවාහ වන්නේ ඇයි?
ඇත්තටම බෙදුණු මේ දිවයින එක් කරන්නට වෙන ක්‍රමවේදයක් නෑ.. ඒ වංශ දෙකේ සංකලනයෙන් උපදින දරුවාට සක්විති රාජ පදවිය ලබන්නටත් කිසිම බාධාවක් නොපැමිණෙන බව ඔවුන් දැන සිටියා.. එතන කාලයද, දීපයද, දේශයද, කුළයද, මවද මනාව ගැලපී තිබුණා..
අන්තිමට මේ බෙදීගිය සියලු ජන කොටස් එක් කරමින් පිංවත් කුමරුවෙක් බිහි වෙනවා.. ඒ කුමරා සීදන්ත/ සිද්ධත්ත/ සිද්ධාර්ථ/ සිදුහත්/ සීහ යන නම් වලින් හැඳින්වෙනවා..  පියා ඇතුලු ඤාති පිරිස ඔහුව සක්විති රජෙක් කරවන්නට බලවත් උත්සාහයක් ගන්නවා..  එහෙත් එතුමා ඒ රජකම පසෙක දමා පැවිදිව පසු කලෙක ලොව්තුරා බුද්ධත්වයට පත් වේනවා.. ඉන් පසු බෙදී ගිය සියලු ජාති කුල මල කොටස් එක් කොට සීහළ වංශයක් ප්‍රතිනිර්මාණය කරනවා.. ඒ සිහෙළ වංශයට කිසිම ජාති, කුල, මල භේදයක් නෑ.. සිව්මහ ගංගා වලින් ජලය ගොස් මහ මුහුදට එක්වූ පසු එකක් වන්නාක් මෙන්ය..
ඉතින් මෙන්න මේක තමයි ඇත්තම කතාව.. ඒ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේ සිව් හෙලයාට නායකයෙක්, ගුරුවරයෙක්, පියෙක්, මවක් මෙන්ම රජෙක් වන බවත් සියලු දෙනාම දැන ගත යුතුයි...

උන් වහන්සේ ලෞකික, ලෝකෝත්තර කියන දෙමගෙහිම යන අයට යහපත පෙන්වා දුන්නා.. හරසුන් සසර ගමනින් මිදෙන මග පෙන්වා දුන්නා.. සැමටම සමානාත්මතාවය මැනවින් පෙන්නා දුන්නා..
උන්වහන්සේ සිව් හෙළයේ රජාණන් වහන්සේ කෙනෙක් හැටියට සෑම රාජ පරිපාළන ගැටලුවක්ම විසඳුවා.. එක් විටෙක සතුරන් විසින් ආක්‍රමණය කොට තිබුණු මහියංගන හා හිමගිරට වැඩම කොට එහි ගැටලු විසඳුවා..එහිදී හිමගිර ප්‍රදේශය ආරක්ෂ කරන්නට තම මාමා වූ සමන් රජුට භාර කළා.. මහියන්ගන සිටි යක්ඛ ජනයාගේ ප්‍රශ්නයත් විසඳුවා..
තවත් විටෙක උන් වහන්සේ කැළණියේ සිටි නාග වැසියන්ගේ රජ පුටු හබය එහි ගොස් විසඳුවා.. ඒ ගමනේදී කල්පිටිය මොක්කෙම සිටි නාග වැසියන්ගේත් ප්‍රශ්න විසඳා සිරිපතුල් පිහිටුවා සමගිය උදා කළා.. ඔවුන්ගේ ඤාතීන් අදටත් සවුදි අරාබියේ මක්කම කියා වන්ඳනා කරන්නේ බුද්ධ සිරි පතුලකටයි.. එය මේ සිරිපතුල එහි ගෙන ගොස් හෝ නොමැතිනම් පෙර සිටි කාශ්‍යප බුදුන්වහන්සේගෙ සිරිපතුලකි..  

ඇත්තටම මේ පෙර හෙළදිව වැඩ සිටි කාශ්‍යප බුදුරදුන්ද හිමගිර සිරිපතුල් පිහිටුවා තිබෙනවා.. අන්‍යාගමිකයින් අල්හා, ආදම් වගේ නම් හදාගෙන සමන්ගිර වඳින්නට පුරුද්දට මෙන් අදටත් යන්නේ නොදැනුවත්ව හෝ ඒ අපේ පෙර වැඩ සිටි බුදුවරයින්ගේද සිරිපා සටහන් වඳින්නටයි..
මේ නාග, යක්ඛ කියන දෙපිරිසම කාශ්‍යප බුදුන්වහන්සේගේ කාලයේත් වෙන නම් වලින් සිට තිබෙනවා.. ආලවක යකා අප බුදුන්ගෙන් ප්‍රශ්න හතරක් අහන්නේද ඒ පරපුරේ අය කාශ්‍යප බුදුන්වහන්සේගෙන් උගත් දහම් කොටසක් පරම්පරාවෙන් කටපාඩම් කර ගෙන තීබූ නිසායි.. අන්තිමට ඒ යකා මෙල්ල වන්නේද අප බුදුන් නියම පිළිතුර දුන් නිසායි..
එසේම කාශ්‍යප බුදුන්වහන්සේගේ කාළයේ සිට එන නාග අයත් සිටියා.. ඔවුන්ගෙන් තමයි සෙට්ටි වරු හෙවත් සිටුවරු එන්නේ.. ඔවුන් එකල මුදල් පොලියට දුන් අයයි. ඔය අනේපිඩු සිටු වගේ අයත් ඒ කට්ටියම තමයි.. 

අප ගොතම බුදුරදුන්ටත් මේ නාග ජනතාව ඉහලින්ම සැලකුවා.. ඇත්තම කියනවනම් යක්කුන්ට වඩා නාගයින් බුදුරදුන්ට සත්කාර කලා කියන්න පුලුවන්.. මුචළින්ද නා රජ්ජුරුවො ගොතම බුදුරදුන්ට නොතෙමී ඉන්න ආවසයකුත් හදලා දුන්නා. එසේම මණි අක්ඛික නා රජ්ජුරුවො සිදුහත් කුමරුට මාළිගයක් හදාගන්නට ඉඩමකුත් කැළණි පුරය පැත්තෙන් තෑගි දීල තියෙනවා..
ඉතින් ඔය නාග කියන අය අපේ බුදුරදුන්ට ගොඩාක් හිතවත්වයි ඉඳලා තියෙන්නේ.. ඒක අද ඉන්න බොහෝ අය දන්නෙ නෑ..  මේවායේ සුල මුල හරියට දන්නවනම් මෙච්චර ගහ මරා ගන්නේත් නෑ.. ඒකමයි අපි මෙච්චර මේ කෑ ගහන්නේ ඉතිහාසය හරියට හොයා නිවැරදි කර ගනිමු කියලා..
 එහෙනම් අප කවුරුත් අන්තගාමී නොවී මධ්‍යස්ථව හිතන්නට අවශ්‍යයි..මේ සිව් හෙළය සිංහ, නාග, යක්ක ආදී කියන ඔක්කොටම අයිතියි කියන එක ඇත්ත.. හැබැ‍යි කුමන ලෙසකින් හරි, කවදත් මේ දිවයිනේ මහ ජාතිය වුනේ සිංහලයින්මයි.. කවුරුවත් එය අමතක කරන්නත් හොඳ නෑ.. ඔවුන් තමයි මේ බුදු දහම රකින්නේත්..

වසර ලක්ෂ ගනනක මේ සංසාර චක්‍රයේ සෑම කාලෙකම පෙරුම් පුරා බුදුවන හෙළයන්ටද, ඒ බුදුන් වහන්සේලාගේ ශාසනය තුල නිවන් අවබෝධ කරගන්නා හෙළයන්ද, ඒ සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන හෙළයන්ටද මිස මේ රටේ සැබෑ අයිතිය වෙන කාටවත්ම නැහැ..
ඒක නොදත් පණ්ඩිතයනුත්, අශිෂ්ඨ පාළකයිනුත් මේ අති උතුම් හෙළබිමට කරන්නේ මහා විපතක්මය.. මේ දිවයිනේ රජා වෙන කෙනා කවුරු වුනත් ඔහු අනිවාර්‍යයෙන්ම බෞද්ධයෙක් විය යුතුය.. බුදු දහමටත්, සිංහල ජනතාවටත් මුල් තැන දිය යුතුමය.. හැම යකෙක්ම, නාගයෙක්ම ඊට අවනත විය යුතුය.. එය තෙරුවන් බළයයි.. එය බුද්ධ අණයි. එසේම යක්ඛ නායකයින්ගේද අණයි.
එනිසා මේක ධර්මද්වීපයම බව සියලු දෙනාම දැන ගත යුතුයි.. බුද්ධ අණට ගරු කළ යුතුයි.. ආනාටිය සූත්‍රයේ සඳහන් පරිදි එදා යක්ක, නාග ආදී අනෙක් ජාතීන් බුදු වදනට ගරු කොට බුදුරජුන්ව ඔවුන්ගේද, දිවයිනේද නායකයා ලෙසට ඔවුන්ගේම මුතුන් මිත්තන් පිළිගත් බව දැන ගත යුතුයි.. 

යමෙක් බුදු දහමටත්, බුද්ධ ශ්‍රාවකයෙකුටත් හිරිහැර කළොත් එදා සිටි වෙසමුණි රජු ඇතුලු ඔවුන්ගේ නායක රජවරුන් එම ගොත් වල අයට දෙන දඬුවම වූයේ හිස ගසා දැමීමයි. (ඔලුව සත්කඩකට පැලීම).  බුදුරදුන් ඉදිරියේ එදා සම්මත කරගත් ඒ මහා ගිවිසුම, වෙසමුණි රජුගේ ආක්ඤාව කුමක්ද කියා කවුරුත් දැන ගත යුතුයි.. එදා අනෙකුත් ජාති වල සියලුම නායකයන් වගකීමෙන් භාරගන්නවා බෞද්ධයින්ව ආරක්ෂා කරන්නට. ඒ වෙනුවෙන් නියෝජිත පිරිසකුත් පත් කරනවා නීතිය ක්‍රියාත්මක කරවන්නට..
     ආටානාටිය පිරිත කියන්නේ නිකම්ම ඉවත දැමිය යුතු පිරිතක් නම් නොවේ.. එහි හරයක් හරියට වටහා නොගෙන කොතරම් රැ එලිවෙනකම් ජප කළත් ඉන් නියම වටිනා කමක් ගන්නට නම් බැහැ.. මේ උතුම් පිරිත භෞතිකව ඝණ ශරීර හා අභෞතිකව සියුම් ශරීර වලින් යුත් දෙකොටසටමයි වැදගත් වන්නේ..

      අපේ නායක වූ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුව, කාත් එක්කත් සහයෝගයෙන්, සමගියෙන්, සමානාත්මතාවයෙන්, කරුණා මෛත්‍රියෙන් ඉන්න ඕනි ආකාරය. ඒ පරිදි මේ දිවයිනේ කවුරුත් තම සීමා උල්ලංඝනය නොකර ඉන්නට ඕනි.. අපි අපේ අභිමාණය සහ උරුමය ලෝකයටම පෙන්වාදී සාධාරණ ධාර්මික මිනිසුන් බව පෙන්වා දිය යුතුයි.. අපි එක ලේ බිඳුවක්වත් නොසලා සියලු සතුරු බලවේග පරාජය කරන්නට එකමුතු විය යුතුයි..
එනිසා පින් සිදුවෙයි, හාමුදුරුවනේ, නෝනාවරුනේ, මහත්වරුනේ, ඔක්කොටම කලින් ඔය මිත්‍යා මත පැත්තකින් තියලා බුද්ධිමත් ලෙසින් ඉතිහාසය නිරවුල් කර ගමු..

දැන්වත් ඉන්දියානුවොයි, ජර්මන් කාරයොයි ලියල දීපු බොරු ඉතිහාසය දොහොත් මුදුනෙන්ම පිළි අරගෙන, ඊට මුළාවෙලා, ධර්මය පසෙක තබා සිහි බුද්ධියක් නැතුව දෙවි වරුන්ට බුදුවරුන්ට වන්දො වගේ වැඳ වැඳ ඉන්න ආගමක්  පමණක් කරේ තියාගෙන දිව්‍ය ලෝකෙම යන්න බලාගෙන ඉන්න අන්ධ භක්තිය පැත්තකින් තබා නුවණින් විමසන්නට පුරුදු විය යුතුයි..
මෙහි කිසිම පුද්ගලික හෝ පටු දේශපාලනික අරමුණක් නැහැ.. කවුරුත් පක්ෂ භේද අත හැරල එකා වගේ රටක් ජාතියක් හැටියට නැගී සිටිමු. අපත් හැදෙමු.. රටත් හදමු.. සසරින් එතෙර වන නිවැරදි මගත් සොයා ගමු.

    අපට වැරදුන තැනක් තියෙනවා.. අප රැවටුන තැනක් තියෙනවා.. මුල වරද්දාගෙන අප මුළා වෙලයි ඉන්නෙ.. ඒක හදා ගන්නෙ නැතිව රටටත්, දැයටත්, අපටත් අපේ දරුවන්ටත් යහපතක් වෙන්නෙ නෑ.. තවත් මෝඩ නොවෙමු.. දැන්වත් තේරුම් ගමු.. දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු.. මේ ඊට නිසි කාළයයි.. මේ ඊට නිසි සමයයි
සියලු දෙනාටම තෙරුවන් සරණයි

ගිජ්ජකූට පබ්බතය කොහේදැයි?


එදා ගිජ්ජකූටය යනු අද හත්ථිකුච්චියි කීවොත් පිළිගනියිද?
ගිජ්ජකූටය කියපු ගමන් බොහෝ අයට මතක් වෙන්නේ ගිජුලිහිණියෙක් වැනි හැරයක් ඇති ගල් පර්වතයක් ගැනයි. එහෙම හිතට එන්නේ පසුකලෙක පොතට ආ වැරදි දත්තයන් ඔලුවට විගසින් ඒම නිසායි. ඒ වුනත් ගිජිඳා, ගජ, ගිජ්ජ කියා කියන්නේ අලියාටයි, හෙවත් හස්ථියාටයි. ගිජ්ජ කූටය, හත්ථි කුච්චිය වන්නේ එලෙසටයි. කෙසේ වුනත් හස්ථියෙක් වැනි ගලක් සහිත පව්වකුත්, ගිජුලිහිණියෙක් වැනි ගල් පව්වකුත් මෙහි පවතින බැවින් කවුරුවත් මේ වචන පටලවාගෙන වටිනා ස්ථානය අහිමි කර ගන්නට නම් එපා.
හත්ථිකුච්චි විහාරය යනු අද ලංකාවේ වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටි ඓතිහාසික බෞද්ධ පුදබිමකි. මෙම විහාරය අනුරාධපුර-පාදෙණිය මාර්ගයෙහි මහගල්කඩවල කිට්ටුවෙන් පිහිටා තිබේ.
මේ පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය අද ප්‍රචලිතව ඇත්තේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය කියා වුවත් එය වෙනම කතාවක් බැවින් අපට අවශ්‍ය දේ පමණක් දැන් අපි කතා කරමු.
මේ ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද, ඉපැරණි නටඹුන් රැසක් ද දක්නට ඇත. දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.
තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ. ''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් ද පිහිටා ඇත.
මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. අද සිටින පුරාවිද්‍යාඥයන් කුමක් පැවසුවත් මේ ස්ථානය අප බුදු පියානන් වහන්සේ වැඩසිටි සුවිශේෂී ස්ථානයකි.
මේ අසළ මනරම් කඳු ගැටයක්ද, ස්වභාවික මනරම් පොකුණක් ද පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යයත් පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම විශේෂ පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත. සැබවින්ම මෙය සීතල පොකුණකි. මෙම සියළු කරුණු සළකා බැලූ විට අපට එදා අපගේ බුදුපියාණන් වැඩ සිටි ගිජ්ජකූට පර්වතය කුමක්දැයි කියා පහසුවෙන්ම වටහා ගත හැකි වනු ඇත.

ආටානාටා සූත්‍රයේ සඳහන් වන ආකාරයට අනුව අපගේ සම්බුදු පියාණන් වහන්සේ දඹදිව කොටසේ වූ රජගහ නුවරට (බොහෝවිට අද යාපහුවට) නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩ වසනවා. (රාජගහ හෙවත් රාජ ගෘහ පැවති ස්ථාන කීපයකි. රජගල යනුද රාජ ගිරක්/ගලක් හෙවත් තවත් එක් රාජගිරියකි) එක් දවසක්, එවකට උතුරු කුරුවේ වූ යක්ෂ වරම් මහ රජුත් ඇතුලුව අනෙක් පලාත්වල මහ රජවරු තුන් දෙනා (සතර දිශා පළාත් භාර නියෝජිතවරු නැත්නම් ආණ්ඩුකාර වරුන්) තම සේනාවන් ද සමග බුදුපියාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා.
(“ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ අථාකෝ චත්තාරෝ මහාරාජා මහාතියාච යක්ඛ සේනාය..")
බුදුරදුන් එදා වැඩසිටි මේ කියන රජගහ නුවරත්, ගිජ්ජකූට නම් පර්වත විහාරයත්, යක්ක රාජ්‍යයත් පිහිටියේ එකම දීපයක් වූ මේ සිව්හෙළ දීපයේමය. ඒ බව මේ ආටානාටිය සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වේ.
මේ වරම් මහරජවරු හතර දෙනා මේ දිවයිනේම හිටි අය කියල කවුරුත් පිළිගන්නවනේ. මේ වරම් මහරජවරු හතර දෙනා ඉන්දියාවට ගියා කියා කොහේද සඳහන් වෙන්නේ? අනික මේ දිවයිනේ ප්‍රශ්ණයක් විසඳගන්නට ඔවුන්ට ඉන්දියාවට යන්නට ඇති උවමනාව කුමක්ද? ඉන්දියාවේ බෞද්ධයින්ට ආරක්ෂාව සපයන්නට අපේ රජවරු එහේට යන්න ඕනිද? එහේ රජවරුන්ට එහේ ප්‍රශ්න විසඳන්නට බැරිද? වැනි ප්‍රශ්න නැගෙනවා.

ඒ කෙසේ වෙතත් මේ මහ දිවයිනෙන් අඩක් පමණ විශාල ප්‍රදේශයක් එදා මගධ කියන රාජ්‍යයටම අයත් වූ බව මා කලින් ලිපි කීපයකින්මත් පෙන්නුවා. මේ ගිජ්ජකූට පර්වතය පිහිටියේද රජගහ නුවරට (යාපහුවට) කිට්ටුවමය. ගොතම බුදුන් වහන්සේ වැඩසිටි යුගයේ බිම්බිසාර මහ රජු මගධ අධිරාජයා වුනා. පසුව අජාසත් රජු මෙහි රජ බවට පත් විය. මේ ත්‍රිපිටකයේ නම් සඳහන් රජවරුන් රජ කළේ මේ හෙළ දිවයිනේම මිස ඉන්දියාවේ ලියූ කිසිම පොතක පතක ලියවිල්ලක මේ රජවරුන්ගේ නම් සඳහන් වී නම් නැත.

 උදුම්බරික සීහනාද සූත්‍රයේද මේසේ සඳහන් වෙයි.
‘‘ඉධ මයං, භන්තෙ, අද්දසාම භගවන්තං සුමාගධාය තීරෙ මොරනිවාපෙ අබ්භොකාසෙ චඞ්කමන්තං, දිස්වාන එවං අවොචුම්හා..''
මෙහි සඳහන් වන ආකාරයට අනුව භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පව්වෙන් බැස සුමාගධා පොකුණ ඉවුරෙහි එළිමහනෙහි සක්මන් කොට ඇත. එහෙනම් සුමාගධා නම් පොකුණ ද මේ ආසන්නයේම පිහිටිය යුතුය. එයද සැබවින්ම මෙහි ඇත.

ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතයේ නිර්මාණය කළ ඇති කුටිය ග්‍රීක හා හින්දු ගෘහ නිර්මාන ශිල්පයේ බලපෑම මත ගඩොලින් නිමවා ඇත. ඒත් සිව්හෙලයේ එසේ නොවේ. ඒවා කලුගල් පදම් කිරීමේ තාක්ෂණයෙන් නිර්මිතය. මේවා නිර්මාණය වී ඇත්තේ අනුරපුර යුගයටත් පෙර සිටය. ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතය නිර්මාණය කළ තැන ගඩොල් වලින් ඇත්තේ ඒවා පසු කාලයේ ඒවා නිසා නොවේද කියා නුවණැත්තෝ විමසා බලත්වා.
 ඉන්දියාවෙත් සම්මත ගිජ්ජකූටයක් තියෙනවා තමයි. ඒත් ඒක අපගේ බුදුරදුන් වැඩ සිටි ගිජ්ජකූටය නම් නොවේ. ඒත් කමක් නෑ, වැඩිපුර සල්ලි තියෙන අයට එහෙටත් ගිහින් සල්ලි ටිකක් පූජ කරල එන්නට පුලුවන්. 

හෙළයේ මහා සම්මත මනු පරපුර, ගෝතම බුදු සසුන දක්වා...


ඔන්න එහෙනම් අපේ ඉතිහාස අවුලේ අමාරුම ගැටය මෙතනින් හෙමින් ලිහාගන්න..
විශේෂ දැන්වීම - මෙම ඉතිහාස කතාව සම්මත පාසල් විෂය නිර්දේශයට වෙනස් කතාවක් වන බැවින් විභාග වලට පෙනී සිටින සිසුන් උත්තර හැටියට මෙහි අන්තර්ගත දේ නොලියන ලෙස දන්වා සිටින අතර සම්මතයෙන් ඔබ්බට සිතා පිරිසිදු බුදුදහම හා සත්‍ය ඉතිහාසය සොයා යන නැවණැති අයට පමණක් ඉතා වැදගත් වන බව සඳහන් කරමු.
     මහා මුනීන්ද්‍ර වූ අපගේ සර්වඥයන් වහන්සේ මහා සම්මත රාජවංශයෙහි මෙම කල්පය ආරම්භයෙහිදී මහා සම්මත නම් රජුව සිටියාහ. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් සත්ව ලොව පහළ වීමේ කතාවට අනුවද හෙළ බිමේ පළමු රජු ලෙස හැදින්වෙන්නේ මහා සම්මත මනු රජුය. පංචකාමයට ඇලුනු සුර කියන දේව ජනයන්ගෙන් සමහර පිරිස් පහත් අයුරින් විෂමාචාරීව කටයුතු කරන්නට ටිකෙන් ටික  පෙළඹුනා. ඔවුන් පංච ශීලය ආරක්ෂා කළේ නෑ. එනිසා ධර්මවාදි කවුරුත් එකතු වෙලා මොවුන්ගේ අධර්මවාදි කම් පාළණය කරන්නට පාළකයෙක් පත් කරන්නට තීරණය කළා.  
      මහා සම්මතයෙන් රටට රජ කෙනක් තෝරන අවස්ථාවේ, මනු නැමැත්තා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කීවා. ඔහු අංගම් සටනේ සුරයෙක් බවටද සඳහන් වෙනවා. එතැනින් ඇරඹි මේ මනු රජ පරපුර ක්ෂත්‍රිය වංශිකයන් බවට පත්වූහ. මේ අයටම මනුස්ස කියාද තවත් තැනකදී අසුර කියාද කියනවා.
    රෝජ, වරරෝජ, කල්‍යාණ.. ආදී ලෙසින් මේ මනුරජ පරපුර ඉදිරියට පැමිණියා.  බ්‍රහ්මදත්ත, මඛාදේව, නාගසේන, කුස, දසරථ, ඔක්කාක, වෙස්සන්තර, කනශ ආදී රජවරුද මෙම මනුරජ පරපුරෙන්ම පැමිණි අය වූවාහ. මෙසේ පැමිණි රජවරු අතරින් කාශ්‍යප බුදුරදුන් පහළවී කාළයක් යනවිට ජයසේන(දෙව්දහ) නම් රජෙක් මේ හෙළදිවේම පිහිටි ජම්බුද්වීපයේ සිටියේය. ඔහුගෙන් ශාක්‍ය වංශයේ ආරම්භ විය. ඔහුගේ රාජධානිය වූයේ දෙව්දහ නුවර හා කපිලවස්තු පුරයි. ජයසේන රජුගේ පියා කුම්බා රජු වූ අතර සීයා කනශ රජු විය.
      මේ ජයසේන රජුට සීහහනු නම් පුතෙක්ද මහා යශෝධරා නම් දුවෙක්ද විය. ජයසේන රජුගේ පුත්වූ මෙම ක්ෂත්‍රිය හෙවත් ශාක්‍ය වංශික සීහහනු රජු රාජ්‍ය මෙන්ම නාවික වැනි වෙළඳ කටයුතු වලදී සිංහ රූප ලාන්ඡන යොදාගෙන ඇත. කෙසේ හෝ මේ සීහහනු රජුගේ රාජධානිය වූයේ කපිල වස්තුපුර හෙවත් කිඹුල්වත් පුරයයි. (කිඹුලෙකුගේ හැඩය ගත් පර්වතයක් නිසා එම නුවරට එනම් විය)
        සීහහනු රජුගේ සොයුරිය වූ මහා යශෝධරා දේවිය අංජන රජු හා විවාහවී දෙව්දහ නුවරම රජකම් කරමින් විසීය.   
        සීහහනු රජුගේ බිසව කාංචනා හෙවත් කච්චායනා නම් විය. එසේම ඔහුට සුද්ධෝදන, ශුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන නමින් පුතුන් පස් දෙනෙක්ද අමිතා, ප්‍රමිතා නමින් දූවරු දෙදෙනෙක්ද විය.

         ඉතින් මේ සීහහනු රජුගේ එක් මුණුපුරෙකු සීදන්ත හෙවත් සිද්ධාර්ථ කුමරු විය. එනම් සිද්ධාර්ථ කුමරුගේ පියා සුද්ධෝදන රජු විය.
සිද්ධාර්ථ යුවරජ කුමරු තම අමිතා නැන්දනියගේ දුවණියවූ ගෝපා කුමරිය හෙවත් යශෝධරා කුමරිය සමග විවාහ විය. තම සීයා වූ සීහහනු රජුගේ නාමයෙන් අනුවර්ත සීහ යන නමද මේ සීදන්ත රජ කුමරුට ආදේශ විය. සක්විති රජකමටද සුදුසුකම් තිබූ මේ සීදන්ත රජ කුමරු එය පසෙක දමා පසුකලෙක මේ හෙළ ධරණි තලයේදී උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්වී සීහළ වංශයේ නව නිර්මාතෘවරයාණන් බවටද පත්වී වදාළහ.
       ගෝතම බුදුරජාණන් වහන්සේ සක්විති රජ කෙනෙකුන් මෙන්ම ඉන් එහා ගිය බුදුවරයෙකුද වූ බැවින් දිවයිනේ සිටි සියලු දේව, මනුස්ස, අමනුස්ස රජවරුන්ගේ නොහොත් සුර අසුර රජවරුන්ගේ නායක මහ රජුන් බවට ඒකමතිකව සියල්ලෝම එදා පිළිගත්තාහ. එතෙක් කලක් බෙදී තිබුනු සියලු ජන කොටස් එක් සේසත් කළේ ඒ ශාක්‍ය මහා මුණීන්ද්‍රයාණන් වහන්සේමය.
       එසේම මේ බුද්ධ කාළයේදී කිඹුල්වත් පුර හා දෙව්දහ නුවර රාජධානි දෙකට අමතරව අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල.. ආදී වශයෙන් තවත් ජනපද දහසයක් පමණ වෙනත් රජවරුන් යටතේ මේ ජම්බුද්වීප කොටසේ රාජ්‍ය පාළනයන් ගෙන ගිය බවද මෙහි අප මතක තබා ගත යුත්තකි. එහිදී මගධයේ සිටි බිම්බිසාර රජු හා කෝසලයේ සිටි පසේනදී රජු බලවන්තයින් වූහ. එසේම ජම්බුද්වීප කොටසේ ඉහළ භූමි භාගවල දේව ජනයා සිටි දේවහෙළ කොටසක්ද විය.
       ඉන් පරිබාහිරව යක්ක, නාග, කුම්භණ්ඩ, ගන්ධබ්බ නමින් තවත් ජන කොටස් 4ක් රාජ්‍ය පාළනයන් ගෙන ගිය බවද දත යුතුයි. එහි ප්‍රධාන මහරජු වෙසමුණි හෙවත් වෛශ්‍රවණ රජුවූ අතර, ඔහුගේ රාජධානිය වූයේ උතුරුකුරු දිවයින නම් වූ ආලක මන්දාව නම්වූ යක්ක පුරයයි. අලංකාර පුරය නමින්ද හැඳින්වූ මෙයටම පසුව ලංකා පුරය කියාද කියන ලදහ. අද ලංකාව කියා අප මුළු දිවයිනටම කියන්නාක් මෙන්ම සමහරුන් එදා පොදුවේ මේ වෙසමුණි මහ රජුගේ මුළු රාජධානියටම ලංකා පුරය කියා කීවාහුය.
      එවකට ලංකා පුර කොටසේ පිහිටි මහියංගණ රාජධාණියද පනිත රජුගේ පාළනය යටතේ පැවති අතර එහි භාණ්ඩාගාරිකා වශයෙන් ප්‍රාදේශීය පාලකයෙකු වූ සමන් දේවයන් කටයුතු කර තිබෙනවා. පසුව ඇතිවූ දේශපාළන ආරවුල් නිසා ඔහු සබරගමුවට ගොස් වාසය කලා. බුද්ධත්වයෙන් 9 වන මස බුදුරදුන් මහියංගනයට වැඩම කොට එහි තිබූ යුධ ගැටුම් මෙල්ල කොට සමන්ගිරට වැඩ සිරිපතුල් පිහිටුවා මෙය බුද්ධ භූමිය බවට සියල්ලන්ට දන්වා තම මාමා වූ සමන් දෙව්ට එම ප්‍රදේශය බලාකියා ගැනීමට බාර කළ බවද සඳහන්ය.
      සුමන සමන් රජුගේ දෙටුපුත් දමරජ(යමරජු) වූ අතර ඔහුගේ පුතු මහාතිස්ස නම් විය. මහාතිස්ස රජුගේ දියණිය වූයේ අබිසවෙර දේවියයි. ඇය දඹදිව කොටසේ සිටි ගෝඨාබය රජුගේ පුත් තිස්ස රජු හා විවාහ වූවාය..
      සුද්ධෝදන රජුගෙන් පසු එම රජකමට උරුමකම් කියන සියලු දෙනාම පැවිදිවූ බැවින් රජ කිරුළ සඳහා කිසිවෙක් නොවීය. එහෙත් සුද්ධෝදන රජුගේ මළනුවන් වූ අමිතෝදන රජුට පණ්ඩුශාක්‍ය යයි පුතෙකු සිටි බව අප දනිමු. මේ පණ්ඩුශාක්‍ය රජුට දීඝායු ඇතුලු පුතුන් සත් දෙනෙක්ද, භද්දකච්චායනා නමින් එක් දියණියක්ද විය.
       භද්දකච්චායනා කුමරිය තම පරපුරට ඤාති සම්බන්දයක් ඇති පණ්ඩුවාසදේව නම් රජෙකු සමග විවාහ වූවාය.  මේ පණ්ඩුවාසදේව නමින් අභිෂේක ලැබුවේ ලංකාපුරයේ පිහිටි තම්මැන්නාවේ සිටි  විජය නම් වූ රජුමයි. පණ්ඩුවිජයාගම හෙවත් පඬුවස්නුවරදී භද්දකච්චායනා දේවිය හා විවාහවී පණ්ඩුවාසදේව නමින් රාජාභිෂේක ලබන්නට අවුරුදු 38කට පමණ කලින් මේ හිතුවක්කාර විජය කුමරුවා තම්මැන්නාව ආක්‍රමණය කලා. ඔහු එහි සිටි වෙසමුණි පරපුරේ යක්ක ගෝත්‍රික රැජිණියකගේ(කුවිණියගේ) ද සහාය ඇතිවයි විජයග්‍රහණය කොට එහි රජකම් කළේ.  එසේ යක්ක ජාතිකයින් ඝාතනය කොට එහි රජකම් කරමින් සිටි ඔහු නැවතත් තම පියාගේ නගරයවූ මේ පණ්ඩුවිජයාගමට ආවේ තම වඩිමල් සොහොයුරා හා ඔහුගේ පුතු පැවිදි වූ පසුවයි. 
       මේ විජය හෙවත් පණ්ඩුවාසදේව රජුගේ සීයා සිංහහනු නම්වූ සීහ වංශයේ ආරම්භකවරයා විය හැකි අතර ඔහුගේ දෙමව්පියන් සිංහහනු පරපුරේම අයයි. නෑනා සහ මස්සිනා විවාහය මේ පරපුරේ විශේෂ ලක්ෂණයකි. සුද්ධෝදන-ප්‍රජාපතී, අමිතා-සුප්පබුද්ද, සිදුහත්-යශෝධරා වැනි නෑනා මස්සිනාලාගේ විවාහයන් ගැන ඔබ දන්නවා. ඉතින් ඒ පරපුරෙන්ම ආ මේ විජයගේ දෙමාපියන් වූ සිංහබාහු හා සිංහසීවලී ද එසේම වූ අය විය යුතුය.
       අප මේ සිංහ වංශයේ හෙළ ඉතිහාස පටලැවිල්ල බොහෝ ප්‍රවේශමෙන් ලිහාගත යුතුයි. මන්ද යත් එදා එකම හෙළ දිවයිනේ වෙන්ව පැවති ලංකාපුර රාජධාණිය හා ජම්බුද්වීපය දෙකක් සේ නොගෙන ජම්බුද්වීපය යනු ඉන්දියාව කියා වැරදියට ආරෝපණය කොට පසුකාලීනව ඉතිහාසය ලියන්නට ගොස් ඔවුන් දැන හෝ නොදැන අවුල් ජාලයක් සිදු කළ නිසයි.
      බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 950කට පමණ පසු මහානාම හිමියන් විසින් ලංකාපුර රාජ නාමාවලියෙන් පමනක් පටන් ගෙන ලියූ ලංකා මහාවංශ කතාව වැරදියට ග්‍රහණය කර ගැනීම අද ගැටලු රාශියකට හේතුප්පන්නවී ඇත. එම මහාවංශ කතාව තුලද යම් යම් අඩුපාඩු සහගත තැන් පැවතීම වෙනම විසඳා ගත යුතු දෙයකි. අපගේ ජම්බුද්වීපය අලලා ලියූ රාජ නාමාවලිය දීප වංශයයි. දීප වංශ රාජාවලිය මහාසම්මත මනු රජුගෙන් පටන් ගෙන ලියන ලදී.
       එහෙත් යක්ක හෙළයේ ලංකාපුර සිටි අධ්‍යාත්මිකව එතරම් දියුණු තත්වයක නොසිටි ජනයාට ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් නොවූවාහ. පසු කල ජම්බුදීපයේ(රජගහනුවර ) සිටි මිහිඳු මාහිමියන් එහි වැඩ රාජ්‍යානුග්‍රහය සහිතව බුදුදහම හා බුද්ධාගම එහි ස්ථාපිත කොට දියුණු ජන සමාජයක් බවට පත් කළාහ.
අප ගෝතම බුදුරදුන් පිරිනිවී ටික කාලයකට පසු ක්‍රමයෙන් ජම්බුද්වීපයේ හා දේව හෙලයේ සිටි රජ පරපුර අතුරුදන් වී ගියා. ඊට බළපාන ලද හේතුන් අතර පාළන තන්ත්‍රයේ බොහෝ දෙනෙකුන් ප්‍රවුජ්‍යා දිවියට යොමු වීමත්, සොළී වැනි ආක්‍රමණත්, අජාසත්ත වැනි පීතෲ ඝාතක පරපුරවල් සමූළ ඝාතනයට ලක්විමත් වැනි දේ විෂේශ හේතුන් ලෙස දැක්විය හැකිය.
      කෙසේ හෝ පඬුවස්නුවර රජකම් කල පණ්ඩුවාසදෙව් රජු හා භද්දකච්චායනා දෙදෙනාට ගිරිකණ්ඩශිව ඇතුලු පුතුන් 10 දෙනෙක්ද උන්මාදචිත්‍රා නමින් දුවක් ද වූවා. මේ උන්මාදචිත්‍රා කුමරිය තම දීඝායු මාමාගේ පුතුවූ දීඝගාමිනී අයියා සමග විවාහ වුනා. මේ දෙදෙනාට දාව උපන් පණ්ඩු කුමරා අභය නම් වුනා. කුඩා කළ සිටම සැඟවී සිටි මේ අභය කුමරා පසු කලෙක තම මාමාවරුන් ඝාතනය කොට පණ්ඩුකාභය නමින් රාජාභිෂේක ලැබ අනුරාධපුරයේ රාජධාණිය කරගෙන විසුවා.
      ඔහුට මුටසීව නම් පුතෙක්ද ඉන්පසු දේවානම්පිය තිස්ස කියා මුණුපුරෙක්ද වුනා.
එම කාළ සීමාවේදී දඹදිවට අයිති කොටසේ අබිසවෙර දේවිය හා තිස්ස රජුගේ පුත්වූ මහරජ අභය හෙවත් අශෝක නම් ප්‍රබල ධාර්මික රජෙකු සිටියා. බුදු සසුන නගා සිටුවිමට මහත් මෙහෙවරක් සිදුකල එම මහරජුගේ අනුග්‍රහයෙන්      මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන්  තුන්වන ධර්ම සංගායනාවක්ද පවත්වා ශාසන සංශෝධනයක් කළා. එතෙක් ධර්මය ව්‍යාප්ත නොවූ අනෙකුත් ප්‍රදේශ, රටවල් සඳහාද ධර්මප්‍රචාරක කණ්ඩායම් පිටත්කර හරිමින් වෙහෙර විහාරද ගොඩ නගමින් මුළු දිවයිනම ධර්මද්විපයක් බවට පත්කළා. එහිදී එම අශෝක රජුගේ පැවිදි පුතුවූ මහින්ද මහරහතුන් වහන්සේ ලංකාපුරයට වැඩ එහි ධර්මය ස්ථාපිත කොට දියුණු ජන සමාජයක් බවට පත් කළා.
      අප හෙළබිමේ සිටි මේ ධර්මාශෝක රජතුමා රජතුමා මුළු දිවයිනම දැහැමින් පාළනය කළ නිසා සමහරුන් එතුමා සක්විති රජෙකු වශයෙන්ද හැඳින්වූවා. ඉන්පසු මුලු දිවයිනම එකම ධජයක් යටතේ පාළණය වූ අතර දඹදිව හා ලංකාපුර කියා වෙන් වශයෙන් නැතිව මේ දිවයිනටම ලක්දිව නොහොත් හෙළදිව කියා ව්‍යවහාර කළා..
     මෙම කාළයට සමගාමීව මෙන් භාරත දේශය හෙවත් සින්ධු දේශයේදේවානම්පියදස්සී නම් ඇති යුධ කිරීමට ශූරයෙකු වූ චණ්ඩ වූ ප්‍රබල රජෙකු සිටියා. ඔහුගේ පියා බින්දුසාර නම් වූ අතර ඔහුගේ සීයා චන්ද්‍රගුත්ත නම් විය. එම කාලයේ භාරත දේශය මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ වූ ග්‍රීකවරුන්ගේ අධිරාජ්‍යයක් විය. සෙලියුකස් නිකේටර් නම් ග්‍රීක සෙම්පතියාගේ දුවණිය වූ හෙලේනා විවාහ කරගත් චන්ද්‍රගුත්ත රජු භාරතයේ බලය නැවත ලබාගත් නමුදු නිතර යුධ ගැටුම් එහි දිගටම පැවතියා.
       මේ චන්ද්‍රගුත්ත රජුගේ මුණුපුරුවූ එමෙන්ම බින්දුසාර රජුගේ පුත්වූ දේවානම්පියදස්සී රජු චණ්ඩ යුධ ශූරයෙකුවූ අතර ඔහු කාලිංග වැනි මහා යුද්ධ ජනසංහාර කොට යුධ ජයග්‍රහණය කොට භාරත අධිරාජයා බවට පත්වුනා. එහෙත් ඔහුතුල කිසිඳු තෘප්තියක් නොවීය. මේ දේවානම්පියදස්සී රජුට හෙළදිව ජම්බුද්වීපයේ සිටි අශෝක රජුගේ ධර්මප්‍රචාරක පණිවුඩය ලැබුණා. යුද්ධ කොට කළකිරී සිටි දේවානම්පියදස්සී (දේවානම්පියතිස්ස) අධිරජු එම බුදුදහම ඉහළින්ම පිළිගත්තා..
         බුදුදහම වැළඳගත් මේ භාරත දේවානම්පියතිස්ස අධිරජු තම චණ්ඩත්වය පසෙක දමා දැහැමින් රාජ්‍ය පාළනය කරන්නට සිතා ගත්තා.. ඉන්පසු එතුමා භාරතය පුරා වෙහෙර විහාර සාදවා හෙළදිවට අනුරූපීව දඹදිවක් එහි නිර්මාණය කොට ජනතාවට වඳින්න පුදන්නට අවශ්ථාව උදා කළා. හෙළදිව පැවැති බුදුදහම ඇතුලු සියලු දේම වාගේ අනුකරණය කරමින් ධාර්මිකවූ එතුමාට පසුකලෙක ජනතාව කීවේ ධර්මාශෝක රජු කියායි.
       කෙසේ හෝ භාරතයට බුදුදහම පැමිනීමත් සමග විශාල වෙනස්කම් රැසක් එහි ඇතිවුනා. එවකට අධ්‍යාත්මිකව එතරම් දියුණු තත්වයක නොසිටි එරට දියුණු ජන සමාජයක් බවට ක්‍රමයෙන් පත් වුණා. ක්‍රමාණුකූළව ලියූ ඉතිහාසයක්වත් නොතිබූ ඔවුන් ග්‍රන්ථ සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් ඇති වුණා. ඔවුන් ඉන්පසු අධ්‍යාපන පැත්තෙන් කොතරම් දියුණු වූවාද කිවහොත් පසුව නාලන්දා වැනි විශාල අධ්‍යාපන ආයතන බිහිවුණා. විදෙස් රටවලින් පවා එහි අධ්‍යාපනය ලබන්නට බොහෝ අය පැමිණියා.  බු.ව. 900 පමණ වනවිට නාලන්දාවේ අධ්‍යාපනය ලබා මෙහි පැමිණි බුද්ධඝෝෂ වැනි ඉන්දීය භික්ෂුන් වහන්සේලා අපගේ හෙළ අටුවා ත්‍රිපිටක පොත්පත් පවා පාළියට පරිවර්ථනක කර ලියා තැබුවා. එසේම ඉන්පසු පැමිණි මහානාම වැනි හිමිවරුන්ද ඉතිහාස පොත් මෙහි පැමිණ ලියා තැබුවා.
       ඉන් සුලු කලකට පසු ඇතිවූ මහාවිහාර අභයගිරි ගැටුමේදී අභයගිරිකයන් විසින් දේශපාළන සහායද ඇතිව දිවයිනේ තිබූ සියලුම ත්‍රිපිඨක හා ඉතිහාසගත පොත්පත් ගෙන්වා මහාසෑය අභියස ඇතුන් හත් දෙනෙකුගේ උසට ගොඩ ගසා ගිනිතබා විනාශ කර දමන ලදී.. ඇත්තටම මෙය දේශපාළණික කුමන්ත්‍රණ යක්ද නැතිනම් අන් දෙයක්ද කියා සිතා ගන්නට තවමත් අපහසුය. කෙසේ හෝ ඉන් අනතුරුව බෞද්ධ අපට ඉතිරි වූයේ බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද පෙළ පොත්පත් ටික හා පතංජලී, වෛදික භාෂා පොත්පත් ටිකයි. ඉන්පසුවයි සියල්ල අවුල් සහගත තත්වයට පත්වූයේ..
       මේ ලංකාපුර දේශය ගෝතම බුද්ධ කාලීනව අදට වඩා තරමක් විශාල භූමිභාගව තිබුණා. ඉන්දියාව පැත්තට වෙන්නට විශාලව තිබූ එම භූමිය බුද්ධ පරිණිර්වාණයෙන් පසු කාලයක ඇතිවූ මහා මුහුදු ගොඩ ගැලීමකින්(සුනාමියකින්) පසු නාග හෙළ දීපයට අයිති කොටසක් මුහුදට යට වුනා. අප බුදුරදුන් පහල වන්නට අවුරුදු 250කට පමණ ප්‍රථමත් ඊටත් වඩා විශාලව තිබූ ලංකාපුර තවත් විශාල කොටසක් මුහුදු ගොඩ ගැලීමකින් යටවී ගියා. එනම් ඒ රාම රාවණ යුධ ගැටුම් පැවති කාලයේදීයි.
        කාශ්‍යප බුදුරදුන් පිරිණිවී කාලයක් ගියපසු රාවණ නමින් චක්‍රවර්ති රජ පරපුරක් ලංකාපුර සිටියා. එහි විශ්‍රවස් මුණිවරයා අවසන් සක්විති රජු වුනා. විශ්‍රවස් මුණිවරයාගේ පියා පුලස්ති සෘෂිවරයා වූ අතර එතුමන්ගේ පුතු වූයේ 8 වන රාවණ රජුයි. ඔහුගේ චක්‍රවර්ති බලය පිරිහී ගියා..
         එවකට මේ විශාල හෙළ දිවයින දේවහෙළ හා ලංකාපුර වශයෙන් කොටස් දෙකකින් යුත්ත වූවා. දේවහෙළයේ දසරථ රජු අයෝද්‍යා නුවර රජකම් කළ අතර මේ රාවණ පරපුරේ 8 වන රාවණ රජු සිටියේ ලංකාපුර කියන කොටසේයි. එවකට දකුණු ඉන්දියාවට කිට්ටු වෙනකම්ම වාගේ මේ ලංකාපුර හෙළ භූමිය පැවතියා. ඒ සීයල්ලේම පාළකයා වූයේ එම රාවණ අසුර රජුමයි.
      එවිට රාම රජු සිටියේ කොහේද? ඇත්තම කියනවනම් රාම රජු සිටියේ අප දිවයිනේ දේවහෙළ කොටසේ පිහිටි අයෝද්‍යා නුවරයි. ඔහුගේ පියා දසරථ රජුයි. රාම කුමරා ලංකා කොටසට ගොස් ඒ අසුර රාවණ රජු සමග යුධ වැදුනා. ප්‍රදේශ දෙකේ ඇතුවූ කිසියම් දේශපාළනික ගැටලුවක් නිසා රාවණ රජු විසින් රාම කුමරුගේ පෙම්වතිය වූ සීතා කුමරියව පැහැරගෙන ප්‍රාණ ඇපයක් වශයෙන් සිරකොට තබා ගැනීමයි යුද්ධයට මූළික හේතුවක් වූයේ.
      එම යුද්ධයේදී රාම කුමරුට සහාය දැක්විමට ඉන්දියාවේ සිට වානර නම් යක්ක හමුදාවක්ද මුහුදෙන් පාළමක් සාදාගෙන ලංකාපුරට ආවා. රාවණ රජුගේ සොයුරෙකු වූ කැළණිය ප්‍රදේශයේ සිටි විභීෂන රජුගේ සහායද රාම කුමරුට හිමි වුනා. එම ලංකාවේ කොටසක් තමයි ඒ කාළයේ මුහුදට ගිලා බැස්සේ.  
කෙසේ හෝ එම රාවණ අසුර රජුගේ වියෝවෙන් පසු ඉන්ද්‍රජිත් රජු ලංකා අසුර කොටසේ පාළනය කළා. එහිදී එම රාවණ රජුන්ගේ සොයුරන් වන කුවේර, විභීෂණ, කුම්භකර්ණ ආදීන්ගෙන් යක්ක, නාග, කුම්භණ්ඩ ආදී වෙනම රාජ්‍යයන් බිහිවී වෙනම පාළණය වුනා. ජම්බුද්වීපය හා දේවහෙළය වෙනම එකට පිහිටියා. 
      කෙසේ හෝ අප ගෝතම බුදුන් වහන්සේගේ කාළය වන විට යක්ක හෙළ හෙවත් ලංකාපුර කොටස වෙස්සවන මහ රජුගේ පාළණය යටතේ පැවති අතර ජම්බුද්වීපයේ ජනපද 16ක් පමණ වෙන වෙනම රජ වරුන් යටතේ පාළනය වුනා. එහි තිබූ කිඹුල්වත් පුරයේ තමයි සිදුහත් කුමරුගේ පියාවූ සුද්ධෝදන රජුත් සිටියේ. ඉන් ඉහළ දේව හෙළයේ පුරවල දේවයන් වහන්සේලා සිටියා..
      එහෙනම් මේ සියලු රජවරු හිටියේ ඉන්දියාවේද? නැත. මේ අප උපන් හෙළබිම සියලු බුදුවරු උපන් දේශයමයි… අද අපේ සමහර අය විවිධ මනස්ගාත හේතූන් නිසා දැන හෝ නොදැන මුළාවී අපේ මහා වීර මීමුත්තන්ට පයින් ගසමින් ඔවුන්ව ඉන්දියාවට තල්ලු කරමින් සිටිති.
      මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
මේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි
උතුම් ලක් මවගෙන් ජනිතවූ  සුජාත, අතිජාත, සජාත, අනුජාත වැදගත් හොඳ දරුවන් මෙන්ම පාළක වරුත්, පූජක වරුත් නින්දෙන් නැගිට ඇස් ඇර බලත්වා...
        මටත් අනෙක් අයටත් ටික දෙනෙක් බනියි. ඒත් ගොඩාක් දෙනෙක් මෙතනින් ගොඩ යයි. කාලයක් පටන් ලියන්න කියා හිතන් සිටි දේවල් ගොඩක් මේ වන විට මා හෙළ සමාජයට කියල පෙන්වල දීල තියෙනවා.. මේ උතුම් හෙළ මව් රටට මා නය ගැති නෑ කියා සිතෙන මගේ සිත දැන් ටිකක් නිදහස්.. මේ හෙළ රටට හොඳ හෙළ පරපුරක් නැවතත් ඉක්මනින්ම බිහිවනු ඇතයි මා විශ්වාස කරනවා... තෙරුවන් සරණයි...

එදා හෙළදිව ගිජ්ජකූටයේදී ඇතිකරගත් මහා සම්මත ගිවිසුම..

අපගේ සම්බුදු පියාණන් වහන්සේ අපේ දඹදිව කොටසේවූ රජගහ නුවරට  නුදුරෙහි වු , ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ , පර්වත විහාරයෙහි වැඩ වසනවා. එක් ...