මේක ටිකක් අමුතු මාතෘකාවක්. කාටත් තේරෙන විදියට ගමේ ගොඩේ සරල භාෂාවෙන්ම කියන එක හොඳයි කියල හිතුවා. සරලව
කිව්වට මෙහි වැදගත් කරුනු කාරනා ගොඩාක් තියෙනවා. එනිසා භාෂා ශෛලය ගැන වැරදි
වැටහීම් ගන්නෙ නැතුව අදහස පමණක් උකහා ගන්න බලන්න.
අපේ හෙළ ඉතිහාසෙ වැරදියට දැඩිව අල්ලගෙන අනාගෙන ඉන්න සමහර අයට නම් මේක ඇලජික් වෙන්නත් බැරි
නෑ. ඒත් කියන්න තියෙන ටික කට කෑවත් කමක්
නෑ කියල, කාගෙවත්ම පැත්තක් ගන්නැතුව කියල දානව.
නුනුවණයො
දාහකගෙන් නුවණැති සිය දෙනෙක් තේරුම් ගත්තොත් හොඳටම ඇති..
සුර කියන්නෙ එදා සිව්හෙළයේ ඉහළ කඳුබිම් ආශ්‍රිතව සිටි
සම්මත 'දෙවි' කියන මිනිස් කොටසකට කියල
දැන් බොහෝ අය දන්නවනෙ. (දන්නෙ නැති අය මුලින් මේ
ලිපිය කියවල ආවනම් හොඳයි.) www.budunupanhelabima.blogspot.com/2017/11/blog-post_21.html

අපේ හිටපු ඉන්දීය ආභාෂය ගත් සමහර සාහිත්‍ය කාරයො ටිකත් ඉතින් ලෝබ නැතිව තවත් අතිනුත්
දාල අමුතු සුර ලොවක් මවල පෙන්නුව කියන්නකෝ.. දෙයියෝ සාක්කි..ඉතින් දැන් ඒ විහිලු කතා සමහරුන්ට ඇත්ත
වෙලා.. ඇත්ත පෙන්වල දෙනකොට ඒක විහිලු වෙලා..
ඇත්තටම කියනවනම් මෙතනදී, පොළොවෙ ඉන්න මිනිස් කයක් ඇති ‘සම්මත දේව’යි, අවකාශයේ ඉන්න ශූක්ෂම කයක්
ඇති ‘උප්පත්ති දේව’යි කියන දෙක පටලවාගෙන.. සමහරු හොඳටම
අනාගෙනයි ඉන්නෙ.. ඉතින් මේකෙන් දෙවිවරුන්ව බිස්නස් කරන මණ්ඩලේට නම් ජය මගුල්
කිව්වලු.. ඉතින් සමහර බැතිමතුන්ගෙ මෝඩ
භක්තියත් ඔලුවටත් තවත් උඩින් නැගලලු. දෙවි වරුන්ටත් මේ වැඩේට හරියට හිනහලු.. ඒත් දෙවිවරුත් අනේ මේ ගොන් රැළගෙ මොළේ කවද
පෑදෙයිද දන්නෑ., යහපතක්ම වේවා කියල ආශීර්වාද කරනව
හැරෙන්න වෙන මොනව කරන්නද ඉතින්..


(නියම සම්මා දිට්ඨියට පත් වෙලාද
කියල බලාගන්න නම් මේ වෙබ් අඩවියට ගිහින් බණ ටිකක් අහල බලන්න.) waharaka.com
මේ වචන ටික පටලවාගන්න එපා.. පැටලුනොත් ගොඩාක් දේ වරදිනවා..
දිව්‍ය = භෞතික නොවන දිව්‍යලෝකවල සිටින
ශූක්ෂම ශරීර ඇති දෙවිවරු
දේව = මිහිමත සිටින දෙවිවරු (සම්මත දේව)
දේවතා = අන් අයට යස ඉසුරු ලබාදෙන අය
(හිරු,සඳු,වැස්ස,ඉෂ්ඨදේවතා,ගවයින්..වැනි)
මිනිස් = මිහිමත සිටින සියලුම මානව
වර්ගයා (ලෝකවාසී සියලුම ජාතීන්)
මනු
= මහාසම්මත මනු රජ පරපුරෙන් පැවත එන
(මනුස්ස,අසුර)
මනුස්ස = මානව වර්ගයාගෙන් උසස් කොටස
(මනු රජ පරපුර, රාජ්‍යපාළන,ගොවිතැන්,රක්ෂා කරන)
අමනුස්ස = මනුස්ස නොවන අනෙකුත් මානව
වර්ගයා (යක්ඛ, නාග,කුම්භණ්ඩ,ගාන්ධර්ව වැනි)
මනුෂ්‍ය = භෞතික නොවන ශූක්ෂම ශරීරයක්
ඇති මනුස්සභූත කොටස් (භූත,ගන්ධබ්බ,අන්තර්භවික වැනි)
අමනුෂ්‍ය = භෞතික නොවන ශූක්ෂම ශරීරයක්
ඇති අමනුස්සභූත කොටස් (පහත් ගතිගුණ ඇති භූත,
ගන්ධබ්බ කොටස්)
රාක්ෂ = රාජ්‍ය පාළන හා ගොවිතැන් කරන අය
(රජ,ඇමති,ගම්භාර,ගොවි,රාජසේවක ආදීන්)
යක්ෂ = යස ඉසුරු ඇතිව සුවෙන් සිටින අය
(සිටු,රදළ- ආළවක,සාතාගිර වැනි)
යක්ඛ = යකඩ තාක්ෂණ වැනි දැඩිදේ කරන
(කර්මාන්ත, ලෝහ වැඩ,කම්මල්,
කම්කරු) `
නාග = මුහුදේ හා ගංගාශ්‍රිත වෙළඳ වැනි
කටයුතු කරන අය (නාවික, නායක්කාර්,නාගර,වෙළෙඳුන්)
සුර = රාගයට,පංචකාමයට ඇලුනු අය
(දෙවියන්,ස්වාධීන,ප්‍රජාතාන්ත්‍රිකයන්)
අසුර = ලිහිල් නැති දැඩි පාළන ප්‍රතිපත්ති
ඇති අය (රජුන්, දේව විරෝධීන්)
රා = පංචකාමය, රාගය
සුරා = පංචකාමය හොඳයි කියා ගැනීම (සු+රා
= සුරා)
රාගය = පංචකාමය අග්‍ර කර ගැනීම (රා+අග්‍ර
= රාග)
රාම = පංචකාමය අමා සැප කරගැනීම (රා+අම =
රාම)
රාවණ = පංචකාමයන් වාරණය කිරීම (රා+වණ =
රාවණ) රාත්‍රිය වනසන සූර්ය වංශය හෙවත් ශාක්‍ය වංශය
කොහොම හරි සුරයො(සම්මත දෙවියො) හැම විටම අනුන්ටත් උදව් උපකාරයක් කර ගෙන බොහොම සාමකාමීව
ඉන්න තමයි උත්සාහ කරන්නේ. සුරයො ගාව දැඩි පාළන ප්‍රතිපත්ති
තිබුනෙ නෑ. කවුරු වරදක් කළත් සමාව දුන්න. ඒකනෙ ඔය ‘සමාව දීම දේව ගතියක් ’ කියල අදටත් කියන්නෙ. ඒත් අසුරයො(දේව නොවන මනුස්සයො) නම් කවුරුවත් හුරතල් කර කර
හිටියෙ නෑ, වරදට දැඩි දඬුවම් දුන්නා.. කාටත් එක නීතිය තමයි ඉතින්. ඒත් දෙවි කියන සුරයො නම් හිතවතුන්ටයි, අසරණයන්ටයි අනුකම්පා කරනව. එයාල ටිකක් පක්ෂපාතීයි. ඒකනෙ ඔය
අදටත් කට්ටිය ඒ දෙවිවරුන්ගෙ අවතාර වලටත් පළතුරු වට්ටියක් අරන් ගිහින්
ෂේප් කර ගන්න බලන්නෙ.
නෑ ඉතින් ඒකෙ කිසිම වරදක් නම් නෑ. මොකද අදටත් කාගෙන් හරි
වැඩක් කරගන්න යනකොට බිස්කට් පෙට්ටියක්, බුලත් අතක්, සීනි ටිකක්, බෝතලයක් (පැණි) වගේ මොනව හරි ගෙනියන එක හොඳ ගුණ ධර්මයක්. දොළ පිදේනි නොදී කාගෙන්වත් වැඩක් කරගන්න ටිකක් අමාරුයි.
මෙතන වැරැද්ද වෙන්නෙ සමහරු අවිචාරාත්ව පිස්සුවෙන් වගේ අන්ධ භක්තියෙන් වැඩ කටයුතු කරන එකයි. හොඳයි අපි ඒ කතාව පැත්තකින් තියමුකෝ..
කොටින්ම කියනවනම් දෙවියො ප්‍රජාතාන්ත්‍රිකයි. අසුරයො රාජ්‍ය
තාන්ත්‍රිකයි. ඉතින් මේ සුර අසුරයො අතර නිතරම යුද්ධ තමයි.. දෙපැත්ත බෙදිල
ගහගන්නවා.. දෙගොල්ලොම බළවත්. මාරුවෙන් මාරුවට කලින් කලට එකිනෙකා ජය ගන්නව. අද කාලෙ
වගේම තමයි කියල ඔයාල තේරුම් ගන්න. ධජග්ග සූත්‍රයෙත් ඔය කියන්නෙ එහෙම යුද්ධයක්
තමයි. සාහිත්‍ය කළා කාරයො නම් ඒක අමුතු අද්භූත විදියට තමයි මවල පෙන්වන්නෙ.

ඇත්තටම ඒ දවස් වල දේව හෙළයේ තිබුණු නගර වලට කීවේ 'පුර' කියලයි. ඒ වගේම යක්ක හෙළේ අයටත්
පුරවල් තිබුන බව මතක තියාගන්න. නගර(නා+ගර) තිබුනෙ නාග ගෝත්‍ර
අයටයි. මේ යක්ක අය බොහෝ වෙලාවට සුරයන්ට තමයි සපෝට් කලේ. රාම රාවන
යුද්ධයේදි යක්ක හමුදාව සුරයන්ගෙ පැත්තයි ගත්තේ. ඒ යක්ක කියන වානර හමුදාව (හනුමගෙ කට්ටිය) අසුර රාවනට විරුද්ධව ඇවිත් ගිනි තියලයි
ගියේ. (අද දෙමළ ජාතිකයො ඉංදියාවට සහාය දක්වනව වගේ තමයි කියල හිතාගන්න)

කොහොම හරි සුරයන්ට තිබුනේ සුර පුරවල්ම තමයි. දිව්‍ය පුරයක් කියන්නෙත් ඕකටම තමයි. ඉන් එකක්නෙ ඔය තව්තිසා පුරය කියන්නේ. තව්තිසාව(සම්මත භෞතික දේවලෝක)
තිබුනේ මහා රාජ්‍යවල් හතරට (චාතුර්මහාරාජිකයට) ටිකක් ඉහලින් කියල ඔයාල දන්නවනේ. එක
ගමනක් බුදු හාමුදුරුවො අපේ දඹදිව ඉඳල එහෙට වැඩල මහාමායා මව්ට ධර්මයත් දේශනා කරල
අන්තිමට සංඛපාල පැත්තෙන් ඉණිමගක ආධාරයෙන් කන්දෙන් පහළට වැඩිය බවත් ඔයාල දන්නවනේ.
ඕකටත් අපේ පසුකාලීන කට්ටිය පදයක් හදල කිව්වනේ බුදු හාමුදුරුවො ආකාශෙ තියෙන තව්තිසා
දිව්‍යලෝකෙ ඉඳල ඉනිමගෙන් බැස්ස කියල..

බුදු හාමුදුරුවො නම් කවදාවත් ඔය අභෞතුක වශයෙන් තියෙන
මනෝරූපී දිව්‍යලෝක වලට ඉණිමන් වලින් වැඩියේ නෑ. එදා
අපේ දේව හෙළයේ තිබුණු සම්මත දේව ලෝක නැත්නම් දේව පුර වලටනම් වැඩියා. ඒවයේ හිටිය
දෙවි වරුත් රෑට පන්දම් ආලෝක පත්තු කරගෙන ඇවිත් බණ ඇහුවා. දැන් ඕකටත් බහුභූත විහිලු කතා කියන සමහර ඈයො මොනව හරි කියයි.. ඕං
කොහොමහරි සුරයො හරි ලස්සනයි. ලස්සනට රෙදි ආභරණ අඳිනව
පළඳිනව. මිහිරි වචන කතා කරනව. සැබවින්ම
එහි ඉපදුන වැසියන් පිං වන්තයෝය. සශ්‍රීකයි. අනුන්ට උදව් උපකාර කරන්න කැමතියි. නැටුම්
ගැයුම් වැයුම් වලටත් එයාල හරිම ආසයි. ප්‍රේම කිරීමට කැමතියි. ඒ වගේම සුරයන්ගෙ අංගනාවොත්
හරිම ලස්සනයි. ඒ කියන්නෙ සුර කෙල්ලො සැපට හැදිච්ච අය. වළාකුලු(මීදුම් අතරින්) අතරින් එනකොට හරිම ලස්සන මල්වගේ.


යක්ක හෙළේ නම් හිටියේ යකින්නියො කියල දන්නවනෙ.
යක්ෂණියො ඊට වඩා ගොඩක් උසස් අයයි.
නාග හෙළේ අයට හිටිය කෙල්ලො
තමයි නාග කන්‍යාවියො කියන්නෙ. එයාලගෙ බිරින්ඳෑවරු නාග මාණවිකාවොයි.

ඉතින් ඔය සුර කෙල්ලො මල්වතු වල අද වගේම එදත් හිටියා. ඒ
වගේම මල්වතු වල ඉඳගෙන මලුත් කඩනවා අද වගේම. මල් කඩල ඔලුවෙත්
ගහගන්නව. කොහොමත් ඔය දෙවිවරු මල්වලට, පළතුරු වලට හරි ආසයිනෙ. ඒකනෙ ඔය අදටත් දෙවියො හමුවෙන්න යනකොට මල්, පළතුරු වගේ ඒව අරන් යන්නෙ.
සුරයො(දෙවියො) ඉතින් කොහොමත් කාමයට, විනෝදයට බරයිනෙ. එයාලට ඔය ගහක් යටට වෙලා සුරංගනාවියක්
නැත්නම් දෙවඟනක් එක්ක තුරුල් වෙලා පෙම් කර කර ඉන්න තියෙනවනම් එයිට වඩා දෙයක් නෑ.

සුරයන්ට ඉ+සුරු, යස ඉසුරු ආදී ඔක්කොම වැඩියෙන් තියෙනවා. අසුරයො ඒවට ටිකක් ඊර්ෂියා කළා කියලත් කියනවා.

සිංහල අයට වැඩි වරප්‍රසාද හිමි වෙනකොට අනෙක් ජාතිකයො
ඊර්ෂියා කරනව. සිංහල අය අතරත් එහෙමම තමයි. බුදුහාමුදුරුවන්ගෙ බණ දන්නැති කමක තරම
තමයි ඔය..
ඒ වගේම ඒ පුර වල අද වගේම එදත් පුරඟනනුත්(පුර+අඟනන්)
හිටියා. ඒ කියන්නෙ නගර ශෝබිනියො (නගර+ශෝබනී) කියල ඔයාල
දන්නවනේ. වෙශඟනන් (වෛශ්‍ය+අඟනන්) හිටියේ අසුරයො ලඟයි. එදා නගර(නා+ගර) තිබුනෙ නාග ගෝත්‍ර අයට බවත්, ජනපද තිබුනේ අපෙ ජම්බුද්වීපයේම සිටි අසුර මනුස්ස අයට බවත්
මතක තියා ගන්න. එහි ප්‍රධාන ජනපද 16ක් තිබුන බවත් ඒ ඔක්කොම තිබුනේ අපේ හෙළයේම
කියලත් දන්න අය දන්නවනේ..
ඔය ජනපද කළ්‍යාණියකටනෙ නන්ද කුමාරයත් වශී වෙලා හිටියේ.
ඉතින් නන්ද කුමාරයාව එක්කගෙන බුදුහාමුදුරුවෝ මේ කියන දේව පුරයකට වැඩියා කියල ඔයාල
තේරුම් ගන්න.
එතකොට තමයි නන්ද කුමාරයටත් පෙනුනෙ මෙයාල තමයි නියම සුර කෙල්ලො කියල.
නැතුව වෙන අභෞතුක වශයෙන් තියෙන මනෝරූපී දිව්‍යලෝක වල ඉන්න ශූෂ්ම ශ්‍රීර තියෙන දිව්‍යාංගනාවො
ගෙනත් දෙනව කියල බුදුහාමුදුරුවො මල්ලිව රවට්ටාවිද? මල්ලිත් ඒකට රැවටෙයිද? කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ..
මේව බලල සමහරුන්ට මාත් එක්ක මළ පනියිද දන්නෙත් නෑ. ඒත් ඇත්ත කියන්නම වෙනව. මොකද මළකඩ තියෙන්නෙ මගේ ඔලුවෙ නෙමෙයි
එයාලගෙ ඔලුවෙයි. මේව මෙහෙම කියන්නෙත් ඔලුවල තියෙන
මළකඩ ගැලවිලාම යන්න තමයි. ඒත් කාළයක් තිස්සේ මිත්‍යා මතවලින් ඔලුවෙ පිරිල, පැළපැදියම් වෙලා තිබුනු මළකඩ ගැලවෙලා යනකොට ටිකක් ජර බර
ගායි. ඒත් කමක් නෑ පසුව හරි පිරිසිදු වෙයිනේ.
නැත්නම් බොරු අද්භූත සුරංගනා කතා කිය කියා
ඉන්නකොට තවත් ඔලු මළ කනවා. ඒ හින්ඳ මාත් එක්ක ගැටෙන්න
යන්නෙ නැතුව යථාර්තවාදීව තම ඔලුවත් එක්ක ගැටෙන්න කියල මෙහිදී ඔවුන්ට කියන්න සිදු වෙනවා.. මා හඳ පෙන්වන විට මගේ ඇඟිල්ල දෙස නොබලන්න. හඳ දෙස පමණක්ම
බලත්වා...
යමෙකුට මවාගත් මනෝ සංස්කාර ලෝක වලින් එක පාරටම මිදෙන එක
නම් ලේසි පහසු කටයුත්තක් නම් නොවේ.
සත්‍ය යතාර්ථය දැක්කත් ඒ මායා ලෝකයේම ඉන්නයි
සමහරුන් කැමති වනුයේ. ඒ මිත්‍යා වලින් මිදීමට නම් එහෙට මෙහෙට වැනෙන්නෙ නැති හොඳ
මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕනි. තමන්ටම තමන් බොරු කරගෙන මායා ලොවක මුළා වෙනවාද? නැතිනම් මිත්‍යාවෙන් මිදී යථාර්ථයට මුහුණදී අභීත සිංහයෙකු
මෙන් නැගිටිනවාද? කියා ඔබම තීරණය කරන්න...
හෙළදිව තිබූ සුර පුරවල් වලට අමතරව පෘතුවියේ තවත් රටවල්වලද
පුර, නගර, ජනපද, නාටා ආදිය තිබෙන බවත්, ඒවායෙහිද ඊට අනුකූළව සුර, අසුරයන් සිටින බවත් අපි තේරුම් ගන්න ඕනි. එනමුත් ඒ සියල්ලන්ටම
පෙර මේ හෙළබිමේ මුළම ජනාවාස තිබූ බව අද වනවිට ලෝකයා පිළි අරන් තියෙනවා.
අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදි අපගේ රාජ පරපුර ඇරඹෙන්නේ
මහාසම්මත මනු රජ පරපුරෙනි. රාජ වංශය එසේ ඇරඹුනද දේව වංශය ඊටත් පෙර සිටම පැවතුනි.
බොහෝ විට කතෝලික අය කියන ලොව ආදිම පුද්ගලයා වන ආදම්ද,
හින්දු අය කියන මහා බ්‍රහ්මයාද මේ සිව් හෙළයේම පහල වූවෙක්
බව කියන්නට සාධක ඇත. එනිසා අප සියල්ලෝම එකම තැනකින් ඇරඹී පසුව විවිධාකාරයෙන්
බෙදීගිය බව තේරුම් ගෙන කවුරුත් සමානාත්මතාවයෙන් ඉන්නට වෙර වෑයම් කරනවනම් තමයි හොඳම
දේ වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ දේශනය වන්නේත් මේ මහා සියලු මුළාවන්ගෙන් මිදී හරයක්
නැති අසාර වූ මේ දුක්ඛිත ලෝකයෙන් එතෙර වන්නට වෙර දරන්න කියායි. අපගේ අභ්‍යන්තරවත්, බාහිරවත් ඇති මේ සියලු ලෝකයන්ගෙන් මිදුනු තැන ලෝකෝත්තර වූ
නිවනයි. එයම උතුම් අමා සැපයයි…
තෙරුවන් සරණයි...
මෙහි වැදගත් යම් පණිවුඩයක් තිබේ යැයි වැටහේනම් ඔබේ
හිතමිතුරන්ටත් යවා නියම මිතුරෙකු වන්න.